Thursday, August 23, 2012

තවම උනු උනු බඩු….



කලකට ඉහතදි සිදුවෙච්චි සිදුවිමක් නම් ගම් ඔනන නෑ හරිය. කිට්ටුවටම කියනවනම් භාරත ලක්ෂ්මන් සහ දුමින්ද සිල්වා සිද්දිය සිදුවෙච්චි ප්‍රදේශය කිට්ටුව තමයි කස්ටිය නැවතිලා හිටියේ. සෙට් එකම ගියේ කොළඹ තියෙන ඉහලම පිරිමි බෞද්ධ පාසලට.
 
 හරි එව්වා වැඩක් නෑ සින් එකට බහිමුකො............

දුර බැහැර ගම්වලින් මේ ඉස්කොලෙට ආව යාලුවො කිපදෙනෙක්ම අහවල් ගෙදර නැවතිලා ඉස්කොලේ ගියා. ඒකාලේ කරපු කුජීත වැඩ ජොලි වැඩ හොඳ වැඩ පොදු වැඩ කස්ටියම සෙට්වෙලා තමයි කොලේ. සමාජේ හොඳ හොඳ තැන්වල රැකියා කරන සහ රටේ නමගිය පුද්ගලයො මොවුන් අතරින් බිහිවෙයි කියලා සෙට් එකම වල බැහැපු කෙල්ලෙක් වත් හිතන්ඩ නැතුව ඇති  ඒකාලේ හික්ස්.

ලංකාවේ නමගිය පවුලකට තමයි ඔය කිව්ව ගෙදර අයිතිවෙලා තිබ්බේ. තට්ටු දෙකකට හදලා තිබ්බ මේ ගෙදර යාලුවො සෙට් එකම හිටියේ උඩ තට්ටුවේ මොකෑ පාරෙ යන කෙලි පැංචියෙක් උනත් රහට දකින්ට පුලුවන් උඩ තට්ටුවෙ හිටියොත් ඇයි දන්නවද ගේ වටේම තඩි තාප්පයකින් වටවෙලයි තිබුනේ.
හැබැයි ගෙදර එක පැත්තක මායිම ගෙදෙට්ට කිට්ටුවෙන්මයි ගමන්කලේ අන්න ඒ මායිම ඉවර වෙන්නේ තවත් ලෙන් එකකින් අපේ කොල්ලො සෙට් එක උන්න උඩ තට්ටුවේ ජනෙල් කවුළුවක් මුන දාල තිබ්බේ ඔය ලෙන් එක පැත්තට.

ඔන්න දවසක් කස්ටිය ඉස්කොලේ ගොහින් ඇවිදිල්ලා ගෙදර සාලෙට වෙලා පොඩි චැටක් දාගෙන ඉන්නව. අනින් වැඩ වගේම මෙයාල හදාගත්ත පොඩි මියුසික් බැන්ඩ් එකකුත් තිබ්බා... ඉතින් එතන හිටපු එක යාලුවෙක් බොක්ස් ගිටාර් එකකුත් අතේ තියන් සිංදුවකුත් මුමුන මුමුන උන්නේ..

එකපාරටම ගෙදර වහලෙට ගල් වදින්ට පටන්ගත්තා. තක්කු බුක්කු වෙච්චි කොල්ලො සෙට් එක මිදුලට බැස්සා. බලන කොට ගෙයි අර කිව්ව ලෙන් එක පැත්තෙන් තමයි ගල් එන්නේ. ඔන්න අපේ යාලුවො සෙට් එකම ඉක්මනට ගියා අර ලෙන් එකට මොකැ ගෙදර මහ මිනිස්සු එලියට ආවොත් මොනවගේ දෙයක් සිද්ද වෙයිද දන්නැනේ.... ඇරත් පාරෙ යන කෙල්ලන්ට විහිලු කරන නිසා ඒවයේ ආනිසන්ස ලැබෙන්ට පටන් අරන්ද කියන සැකෙත් අපේ යාලුවන්ගෙ ඔලු කටු ඇතුලට දැනෙන්න පටන් අරන් තිබුනේ.

ලෙන් එකට බහින කොටම දන්න කියන අයියා කෙනෙක් තමයි වැඩේ කරන්නේ කියල සෙට් එකම දැක්ක. ඔය අස්සේ පොඩි ලමයි කට්ටියක් ලෙන් එක ක්‍රිකට් පිට්ටනියක් කරගෙන බොල ගහනව

අපේ යාලුවො සෙට් එකම ගියා අර අයියා ගාවට.හැබැ පොර ටිකක් කෙන්තියෙන් හිටියේ...ඔන්න අපේ එක යාලුවෙක්

යාලුවා : ඇයි ඇයි මොකද අපේ ගෙදෙට්ට ගල්ගහන්නේ...?

අයියා : ගල්ගහන්ඩ ඔන වැඩනේ ඔයාල කරන්නේ..

යාලුවා : ඇයි දැන් මොකද වෙලා තියෙන්නේ

අයියා: මං එද්දි අර පොඩි උන් ඔක්කොම වටවෙලා බලනවා...

යාලුවා:මොනාද බලන්නේ..?

අයියා: මේ බලන්ඩ මල්ලි ආදරේ විතරයි ඉතුරු තවම උනු උනු බඩු... ඔව්වා මේපැත්තට විසිකරලා හරියනවද ?

එකසැරෙම යාලුවො සෙට් එකට උඩ බැලුනා මොනාද ඉතින් කෙලින්ම තියෙන්නේ ජනෙලේ තමයි..

එතකොට තමයි වෙච්චි දේ යාලුවන්ට තෙරුම් ගියේ. කට්ටියම බැලුව කවුද සෙට් එකෙන් එතන අඩු කියලා.යාලුවො පහලට බැහැල ඉන්න අතර එක්කෙනෙක් උඩ තට්ටුවට වෙලා අත්වැඩ කරල නේව

ඒ විතරක්නං බැරියැ මූ ලවු ලෙටර් එකකට අහවල් එව්වා දාලා ජනෙලෙන් විසිකොරලා... වැටිලා තියෙන්නේ අර පොඩි ලමයි සෙල්ලං කර කර හිටපු තැනට. වෙලාවට අර අයියා එතනට ඇවිත් හික්ස්..!!!


ප/ලි

අපිත් එක්ක එකතුවේන්න ඔබත් එන්න


56 comments:

  1. නියම කතාව. අපේ 4 දෙනෙක් හිටපු බෝඩිමකට දවසක් ආපු වෙන අපේ බැච් එකේම එකෙක් උඩ තට්ටුවෙ ඉදලා පහල තිබුනු වැලි ගොඩට මුත්‍රා කරලා කට්ටියටම බෝඩිමෙන් යන්න වුනා. අපි දැනගන්න ඕන ඉන්න තැන ඒ විදියට ඉන්න. ජය...!

    ReplyDelete
  2. ආදරේ දෝරෙ ගලලා..

    මේ පලිය තේරුනේ නැහැ බං !

    ReplyDelete
    Replies
    1. ආ ඒ බං අර සමාජ සත්කාර වැඩේට යන ලින්ක් එක. ආදරේ අනාත සාගරේ වෙලා නේව

      Delete
  3. අපොයි දෙයියනේ. අපි කැම්පස් ඉද්දී මලාට පිරිමි හොස්ටල් දිහා බලන්නෙ නෑ ඒ අහලින් යද්දී. බැලුවොත් විනාසයිනේ. තැනක ඉද්දී අහල පහල ගැනත් සැලකිලිමත් වෙන්න ඕනෙ කියන්නෙ ඕකට තමා

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ කොහේද මදන ඇතුන්ට බ්‍රෙක් නෑලුනේ

      Delete
  4. අයියෝ ජාතිය දරුවන්ට මුන් කරන්නාවූ විනාසේ.. ඕවා බැංකුවේ දැම්මනම් අහවරයිනේ...

    ReplyDelete
    Replies
    1. ජාතික අපරාද කාරයෝ...

      Delete
  5. අත් වැඩ කියන්නේ මොනවද මචං... මේසන් බාස් කෙනෙක්ට අත් උදව් වෙනවාද?

    ReplyDelete
    Replies
    1. මෙසං බාස්ට විතරද බං අත් වැඩ දෙන්නේ

      Delete
    2. මේ ඉතිං තේරෙන්න කියපන්කො බං ..ඇත්තටම මම දන්නේ නැහැ . පැහැදිලි කරපංකෝ සරලවම

      Delete
    3. එකා ස්ව්‍යං වින්දනයේ යෙදිලා බං තමන්ගේ ලිංගය සමග අත පාවිච්චි කොරල කරන වැඩේ මුත්‍රා කොරන එක නෙමෙ ඔන්න

      Delete
    4. ආන් එහෙම කියපන්කො ඕක ඉතිං හැමදාම උදේට කොරන රාජකාරියනේ..හිකිස්‌

      Delete
  6. අර අයියා හරිම ඩීසන්ට් බුවෙක් වගේ.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ බොපැලයක් ලුනේව

      Delete
  7. අයියෝ සල්ලි! නියම සීන් තමයි මේව. කියාගෙන ආව විදියට මම හිතුවෙ බඩුත් එක්ක රේන්කෝට් විසි කරල කියල.

    ReplyDelete
    Replies
    1. හික්ස්...ගොඩින් බෙරිලා අතක් පයක් නොකැඩි

      Delete
    2. මටත් හිතුනේ එහෙම දෙයක් තමා.... හක්ක හක්ක හක්ක

      Delete
  8. කසල ප්‍රතිචක්‍රීයකරණය හරියට කොරල නෑ නෙව.

    ReplyDelete
  9. හෆ්ෆා....... කුජීතයි :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  10. ඕකට වෙන්නට ඇති කියන්නේ.. අදරේ පල නෙලුවට කමක් නෑ ලෙලි බිම දාන්න එපාය කියලා

    ReplyDelete
    Replies
    1. ඉතිහාසෙන් පාඩං ඉගෙන ගන්නැ බං එකනෙ වෙලා තියෙන්නේ

      Delete
    2. ඒ කථාව උබ අහල තියෙනවද ඇම්ඩගෙ කතාවක් තියෙනවා එහෙම

      Delete
  11. ඔහොම සීන් කෝන් එකක් කලිනුත් කියවල තිබුණ වගේ, ඔය මී ගොඩය ලියල තියෙන්නෙ ආදරේ ඵල නෙලල ලෙලි අල්ලපු වත්තට විසිකරල ඒ ගෙදර හිටපු කුකුල්ලු එව්ව ගිලල මැරිච්ච කතාවක්.
    කරන මඟුලක් ඔය බාත්රූම් එකට රිංගල කරගත්ත නම් ඉවරනේ, අනිත් එවුනුත් පජාත කරන්නෙ නැතුව.

    ReplyDelete
  12. විලිලැජ්ජයි.... කූජිතයි.....

    ReplyDelete
  13. සිකේ විලිලජ්ජාවේ බැහැනේ.අර යකා කාඩ් කුඩු කරගෙන එ මදිවට ඔතනටම එන්න ඕන වුනාද හෑන්ඩ් ෆයිට් කරන්න ;D

    ReplyDelete
  14. හික් හික් කොල්ලො ඔහොම තමයි! කොල්ලො ඔහොම තමයි!!

    ReplyDelete
    Replies
    1. උබට තෙරුනා මචං...

      Delete
  15. අපොයි.... මාර වැඩනේ කරලා තියෙන්නේ..

    ReplyDelete
  16. නම ගිය අයගෙ නම් ටික කියලා නෑනෙ...

    ReplyDelete
    Replies
    1. උඹ මාව හිරේදාන්නද හදන්නේ ඒපාර...

      Delete
  17. අඩේ ආදරේ උඩට අත්වැඩ කරන්න තරං හේතු උන ලිපියේ මොනාද දන්නෑ ලීලා තිබ්බේ නේ????

    ReplyDelete
    Replies
    1. අහවල් එව්වා දාන්න හදිස්සියට ඌට ලව්ලෙටර් එකක් නෙව අතට අහුවෙලා තියෙන්නේ

      Delete
  18. හෙහ්... ගල් ගහන එක සාදාරණයිනේ.. ඕක පාරටම දාන්න ඕනද ඉතින්...

    ReplyDelete
    Replies
    1. එකා වත්තට විඩිකරපු එක පාරට වැටිලා තියෙන්නේ හික්ස් මොනා උනත් පිලිවෙලකට නොන්ඩි නෙව

      Delete
  19. මදැයි පරසිද්දියේ නිරුවත් වුනා වගෙයි. හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete
  20. අප්පොච්චියේ....පොඩි ගෑල්ලමයොත් එනව නේද මේ දිහාවෙ...!!

    ReplyDelete
    Replies
    1. පොඩි ගැල්ලමයි අප්පුච්චේ

      Delete
  21. වල්පොල හන්දියේද ? පටුමගේද ? විජිත පුරේද ?නතරවෙලා හිටියේ ? ඔය අර නළුවාගේ ගෙදර මට හිතෙන්නේ ....

    ReplyDelete
    Replies
    1. ඔය පැත්තේ මචං කලා කාරයො ගොඩක් ඉන්නවනේ

      Delete
  22. සිද්ධිය කුජීත වැඩි කමටද මන්දා ගෑණු දරුවො ඇවිල්ලා තියෙන්නෙ අඩුවෙන්...

    අපි නම් ඉතිං ධාතු ඉතා ගරු සරු ඇතිව කවුරුත් නැති වෙලාවක ලොවට රහසෙන් පිහලා දැම්මා...

    ReplyDelete
  23. ආනන්දෙ කොල්ලො එහෙම තමයි බන්

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...