Tuesday, August 28, 2012

බිංදු - අවසන් කොටස




මූසල රාත්‍රියේ අහුකොන් අකා මකා දමා වෑ කන්ඩිය උඩින් ලා හිරු රැස් මීකිරි යායම වෙලාගෙන තිබුනි. උදැසන ලා මිදුම අතරින් ඈතට දිස්වෙන ගම්මානය නෙතට ගෙන දුන්නේ ගුප්ත බවක්.සැඳැ අඳුරත් සමග ගේ බිත්ති අතර සිරවන ගැමි ජිවිත උදයට පිල් කඩට බසින්නේ කොතැන තම ලේ නැයකු මරා දමා ඇත්දොයි යන බිය මුසුවුන සිතිවිල්ලෙනි.
   
එවන් ගුජුප්තා සහගත සිතිවිලි වලින් බමන වූ සිත් ඇති සියදොරිස් ද, තම පුත්‍රයා නැති සොවින් ඔද්දල් වු බිසෝ මැනිකාද පින්නේන් තෙත්බරිවූ කරත්ත පාරේන් පන්සල වෙත පියමැන්නෝය. මිනිමස් රසට වහ වැටුන මිනිසුන්ගේ බළල් අත්ලින් කිලිටි වූ මාතෘ භූමිය තවත් අදුරු කාල වකවානුවක උච්චතම අවස්ථාවට පැමිනෙමිත් තිබිනි.

" සියදොරිස් උදැහැනැක්කේම ඇවිත් නොවැ.."

දැහැටි කුරකින් තම මුව අමැදමින් සිටි නායක ස්වාමින් වහන්සේ පන්සල් භූමියට ඇතුලුවූ උපාසක මහතා ඇමතීය.

" අනේ ලොකු හාමුදුරුවනේ අපේ කෙලී හිතේ පත්තුවෙන ගින්දරෙන් නොවැ ඉන්නේ..රෑ එලිවෙන්නේ කොයිවෙලේදෝ කියාල බලාන උන්නේ.."

" ම්.. පොලොසියේ ලොකු මහත්තැන් උදේ ටෙලිෆොන් කොල් එකක් දුන්නා උන්දැ තව ටිකකින් මෙපැත්තට එයි ඔහොම පොඩ්ඩක් හිටපලකෝ..."

උදැසන නා පිරිසිදු වීම සඳහා ලොකු හමුදුරුවෝ ආවාසගෙට වැඩියේය.

----------------------------------------------------------------------------------------------


ජීප් රියට තමන්ව නන්වාගත් පොලිස් නිලධාරීන් ගම ඉහත්තාවට පැමින වන රොද අසලදී වාහනය නැවැත්වූයේ ඇයිදැයි යන්න ගැන කුහුලෙන් සිටි බිංදුට, කිසිවක් සිතාගැන්මට නොතියා දැස් සහ අතපය බැඳ දැමීමට පොලිස් නිලදරුවන් උත්සුක විය..දැස් අඳුරුවනවාත් සමගම තමන්ව රැගෙන යන්නේ කුමන දිසාවට දැයි යන්න පිළිබඳ බිංදුට නිනව්වක් නොමැති විය. එක් තැනකදි ජීප් රියෙන් තමුන්ව බැස්සූ බවත් වරෙක මිනිසුන් පිරි ගත් ශාලාවක් ඔස්සේ රැගෙන යන බවත් ඉන්පසු නිහඬ කුටියක් තුලට තමන්ව ගෙනැවිත් දැමු බවත් බිංදුට පසක් විය.දැඩි කලුවරක් තමන් වෙලාගන ඇති බවක් දැනුනද තමන් දැන් ගතකරන්නේ රාත්‍රියද දහවලද යන්න ගැන බිංදුට නිච්චියක් නොවීය.

                    දිගුකාලයක් ගතවිමෙන් පසු රැගෙන ආ තැනින් තමන්ව නැවත ඉවතට රැගෙන යන බවත් නැවත වාහනයකට නන්වනවාත් ටික දුරක් රැගෙන විත් මිනිසුන් පිරි භූමියකට ඇතුලු වී.. රථයෙන් එලියට ගන්නවාත් බිංදුගේ ගතට මෙන්ම සිතටත් දැනෙන්නට විය

" හෙම් ගලවනවා මේ ලමයව බැඳලා තියෙන රෙදි පටි "

ගැඹුරු ස්වරයෙන් යමෙකු තවකෙකුට විධානය කරන බවක් බිංදුට ඇසින, ඒ සමගම තම දැස් බැඳි රෙදිපට ලිහිල්වනවාත්, පිටත ආලෝක කදම්ඹ යන්ගෙන් තම දැස් රිදුම් දෙන්නටත් වූයෙන්…. බිංදු ඇසි පිය තදකරගත්තේය.

" දැන් ඔක්කොම හරි බිංදු හෙමිහිට ඇස් අරින්න..."

තරමක වෙලාවක් ගත් බිංදු සෙමින් ඇස ආලොකයට හුරු කරගනිමිත් අවට බැලූවේ තමන් සිටින්නේ කොතැනකදැයි නිශ්චය කරගැනිමටය.

" හොඳයි බිංදු දැන් ගෙදර යන්න ලැස්තිවෙන්න.. බයවෙන්ඩ දෙයක් නෑ මමයි මේ පොලිසියේ ඔ.අයි.සී "

උසස් පොලිස් නිලධාරියා තමන් ඉදිරියේ සිටින පාසල් සිසුවා දෙස එක එල්ලේ බැලීය.

" හෙම්...අපි යමු.."

අසුනෙන් නැගි සිටි නිලධාරියා බිංදුට, තමා පසුපස එනලෙස සන් කරමින් තම කුටියෙන් ඉවතට ගියේය..."

------------------------------------------------------------------------------------------

පොහොය දවක මෙන් පංසල් භූමිය තරමක් ජනයාගෙන් ගැවසිගත්තේය සියදොරිස් ඇතුලු පවුලේ උදවියත්, ලොකු ඉස්කොලේ මහත්තයා මෙන්ම බිංදුගේ ගජ මිතුරා වන බණ්ඩා සමගින් තවත් කොලු කුරුට්ටන් කිහිප දෙනකුම අපේක්ෂා සහගත සිතිවිලි සහිතව සල්ලාපයේ යෙදි සිටියොය. නොසිතූ මොහොතක ඈතින් මතුවූ ජීප් රිය දුවිල්ල කපාගන පැමින පංසල් භූමියට ඇතුලු විය.

" ඉන්ස්පෙක්ටර් මහත්තයා,...අපි එත් බැලුවා මොකද තරමක් සුනංගු කියලා.."

පැමිනි සිටි පිරිස පරයමින් ඉදිරියට වැඩිය ලොකු හාමුදුරුවෝ පොලිස් පරික්ෂක වරයා පිළිගත්තේය.

" දන්නැද්ද ලොකු හාමුදුරුවනේ මේ එක එක වැඩවල කෙලවරක් නැහැනේ..."

සංවාදය යන අතර තුර පැමිනි පොලිස් සහයකයින් බිංදුව රථයෙන් පිටතට බැස්සීය

" ප්..පුතේ....අනේ උඹට කරදරයක් නෑ නේද......"

ධාරක ස්නේහයෙන් ලය පිරි  ඉතිරුන බිසොමැනිකාගේ සොම්නස නෙත් දෙකින් දෙගොඩ තලා දොරේ ගැලීය...

"හෙම්...හරි හරි බිංදුලයි අම්මේ දැන් ඉතින් බිංදු ලමයට කරදරක් නැහැ නොවැ කලබල වෙන්ට කාරියක් නැහැ ම්..."

පොලිස් පරික්ෂක වරයා සමහින් සංවාදයේ යෙදෙමින් සිටි නායක ස්වාමින් වහන්සේ තරමක් බර හඬින් පැවසුවේය.

"එහේනම් ලොකු හාමුදුරුවනේ අපට යන්ට අවසර..."

නිලධාරියා වැඳ නමස්කාර කලේය

" සුවපත් වේවා..."

" ල් ....ලොකු.. හාමුදුරුවනේ....හාමුදුරුවනේ.............."

පිරිස මධ්‍යට පැමිනි අමුත්තාගේ කලබලයෙන් පංසල් මිදුලේ සිටි සැම තුස්නීම්භූත විය. සුපුරුදු පරිදි කලබල නොවු නායක ස්වාමින් වහන්නේ අමුත්තා ඇමතීය

"මොකද තෙපානිස් කලබොලේ...මොකද්ද සිද්ද වෙලා තියෙන්නේ.."

" ජ්..ජෙමිස් මුදලාලිව මරාදාලා.........."

                                                                                
නිමි.

පසු වදන.....

   1988 ලාංකීය ජන සමාජය උඩුයටිකුරු කල කාල පරිච්චේදයකි. එවකට පැවති රාජ්‍ය යාන්ත්‍රනය හා තරුණ කන්ඩායම් අතර දෙශපාලනික ගැටිම් මත ඇතිවු සිවිල් අරගල හමුවේ ඇතැම් පාර්ශවයන් විසින් තම පුද්ගලික න්‍යපත්‍රයන් ඉටු කරගැනිමට උත්සුක විය. එවන් අවදියක සිවිල් සමාජය තුල සිදුවිය හැකිව තිබු එක් කේද වාචකයක අලු දුහුවිලි සයිබරයේ සුවහසක් පාඨක කැළ උදෙසා මෙසේ ලියවුන වගයි.
   පටන් ගැන්මේ සිට අවසානය තෙක් බිංදු වටා එක් රොක් වී සිටි සයිබරයේ මිතුරන්ට මාගේ ආචාරය සහ අප්‍රමාණ ස්තුතීය පුද කරමි . 



ප/ලි

පොත් ප්‍රදර්ශණය ලඟම එනවා සමාජ සත්කාරයට ඔබගේත් සපොර්ට් එක දෙන්න










37 comments:

  1. ලස්සන කතාවක්. අදනේ දැක්කේ...ඉතුරු ටික හිමින් බලන්නම්. කොහොම හරි බිංදු බේරුනානේ. ඒ ඇති දැනට.

    ReplyDelete
    Replies
    1. හරි, ස්තුතී පොඩ්ඩි

      Delete
  2. කියවපු කතා අතරින් හොදම එකක්

    ReplyDelete
  3. සතුටුදායක අවසානයක්... කථා පෙලම ඉතා හොදින් ලියැවී තිබුනා... වැඩි පිරිසකගේ ඇස නොගැටුන තවත් සමාජ පැතිකඩක් අප හමුවේ ගෙන හැර පෑවාට ස්තූතියි...

    ReplyDelete
  4. ටිකක් හදිසියෙන් ඉවර කරා වගේ දැනුනෙ. පටන් ගැනීමෙදි තිබුණු සුන්දර ගම වැනිල්ල, නිවී නිස්කලංක ගතිය එකපාරටම අධිවේගීමාර්ගෙකට වැටුණ වගේ. :)
    අපරාදෙ තව ටිකක් දුර ලියන්ට තිබුණ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඊගාව උත්සහය මීට වඩා හොඳ එකක් කරන්නම්. ස්තුතී ඔබට

      Delete
  5. යන්තං ඇති. කොල්ලා බේරුණානේ. ඒ වුනාට තව කී දෙනෙක්ට ඔය විදියට බේරෙන්න බැරුව යන්න ඇතිද? ජය...!

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත මල්ලි..

      Delete
  6. එවැනි ඕ අයි සී ලත් ඉදහිට හිටියා.....

    ReplyDelete
    Replies
    1. හෙම්..එහේම අය කිහිප දෙනෙක් හෝ සිටිම සමාජයට යහපතක්

      Delete
  7. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  8. කතාව එල...
    කොල්ලා බේරුනානේ...

    ReplyDelete
  9. පොලිසිය දැක්කොත් සතුටු හිතෙයි මේ කතාව :)

    ජය මචං !

    ReplyDelete
  10. කතාව අන්තිමේ හොද අවසානයක් දීලා තියෙනවා.. පළවෙනි එකේ ඉදන් අන්තිම එක වෙනකන්ම කියෙවුවේ ආසාවෙන්..

    ReplyDelete
  11. හැමදේකදිම අවසානය යහපත් නම් කොයි තරම් හොඳද.මම කැමතියි මේ කතාවට.
    ඔබට ජය! :)

    ReplyDelete
    Replies
    1. හැමදෙම හොඳින් කෙලවර කරගන්න අපි උත්සහ කල යුතුයි නමුත් නොහැකි අවස්තා එමටයි ස්තුතී ඔබට..

      Delete
  12. මම ආසාවෙන් කියවපු කතාවක්..... අවසානයෙදි දුකක් සහ සතුටක් දැනුනා.... මේ වගේ දේවල් ලියවෙන්නෙ නැති විදියේ අතීතයක් තිබුණ නම් කොච්චර හොදද අප්පා.....

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත නමුත් අපි අතිතයෙන් පාඩම් ඉගෙන ගෙන වර්ථමානය සහ අනගතය යහපත් කරගන්නවා නම් තමා හරි. ස්තුතී කතාව කියෙව්වට

      Delete
  13. මේක ගොතපු කතාවක් නොවෙයි කියල මම විශ්වාස කරනවා. එහෙමනම් ලක්ෂ ගණනක් ජීවිත අතරින් දිවි බේරා ගත් එක් අයෙක්. මොනවා වුනත් හොඳ පොලිස් නිළධාරියෙක්. ඒ වගේම හොඳ ලිවිල්ලක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ගොතපු කතාවක් නමුත් ඔය වකවානුව මාගේ ජිවිතයටත් යම් යම් ආකරයේ බලපැම් සිදුකලා. නමුත් ඔවැනි සිද්දින් සමාජය තුල සිදු නොවුනා කියන්න බැහැ නෙද ස්තුතී ඔබට

      Delete
  14. අන්තිම කොටස දානකන් බලාගෙන හිටියේ.. බිංදු බේරිච්ච 1ක ගැන නම් සතුටුයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතී කතාව කියෙව්වට

      Delete
  15. ඔහොම බේරිච්ච අය ඉන්නව මමත් දන්න..!!

    ReplyDelete
  16. අම්මේ,,, මම මේ පැත්තේ ආවේ කාලෙකින්. ඉස්සර හරිම ආසාවෙන් කියවපු කථාව මෙන්න ඉවර වෙලා... හෙමින් සැරේ ඔක්කොම කියවන්න ඕනේ...

    ReplyDelete
  17. බ්ංදු යහතින් ආව එක නම් ලොකු දෙයක්...

    ReplyDelete
  18. මචො මේ අන්තිම එකේ මුල දිග හැරුම්වල ලින්ක් එක දානවට වඩා කියවන කෙනාට ලේසියි මුල කොටසේ අන්තිම ඊළඟ කොටසේ ලින්කුව දානවනම් . මාර ගේමක් දුන්නා කියවන්න පුලුවන්නම් යාවත් කාලීන කරහන් ඉස්සරහට කියවන අයගේ පහසුවට

    ……..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...