Monday, January 16, 2012

මුල අමතක නොවීම..හා. පෞද්ගලික විශ්වවිද්‍යාල.....


   රටේ ආන්දොලනයක් ඇතිකරවමින් උසස්පෙල ප්‍රතිඵල නිකුත් විය...කවුරුන් මොනදේ පැවසුවද..විභාහගය සමත්වු සිසුන් මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ද පස්වනක් ප්‍රිතියෙන් උද්දාමයට පත්වුවො වෙති..කාන්ති තම සැමියාගේ බේබදු හැසිරිම සමග ඔට්ටුවෙමින් ජිවිකාව ගෙන ගිය ගැහැනියකි.තමන් සහ තම එකම පුත්‍රයාගේ ජිවිකාව උදේසා ඇය පෞද්ගලික ආයතනයක තේ සැදීමේ ආදි සුලු සේවා කටයුත්තක නිරතවිය...

    මේවර උසස්පෙළ කඩ ඉම සඳහා ගණිතය අංශයෙන් මුහුන දුන් ශිෂ්‍යයින් අතර ඇගේ පුත්‍රයාද විය. කොතෙක් කම්කටොලු වින්දද මේ පුත්‍රයා ඒ කඩයිම ජය ගත්තේ ඒ සාමාර්ථ දෙකක් සහ බි සාමාර්ථයක් සමගිනි.වර්ථමාන ලාංකීය ජන සමාජයේ බොහො ලමුන්ට මෙන්... මොහුට සැපසම්පත් හිමිව තිබුනේ නැත.පඳුරකට තැලුවත් කොපියුටර එක දෙක විසිවෙන වර්ථමානයේ...කොපියුටරයක් නැති සොවින් පෙළුන ලමුන් අතර අරකී පුත්‍රයාද එකෙකි.

    තම පුත්‍රයාගේ ආශාවන් ගැන හොඳහැටි දැන උන්නද කාන්ති මහත්මියට ඒවා ඉටුකිරිමට වඩා ජිවිකාව ගෙනයැමේ මහා ගැටලුවට මුහුන දිමට සිදුවී තිබින. මේ හෙතු නිසා පුත්‍රයාගේ කම්පියුටර් සිහිනය දිනෙන් දින බොඳවෙමින් පැවතුනි.

   නමුත් මේ සිහිනය නැවත ඉස්මතුවන්නේ...පුත්‍රයා විශීෂ්ඨ ලේස උසස්පෙළ කඩයිම ජයගන්නවාත් සමගයි... තම අතැවු මුදල ඒ සඳහා ප්‍රමාණවත් නොවු හෙයින් කාන්ති මේ පිළිඹඳව තම ආයතන ප්‍රධානියාගේ ලේකම් වරිය සමග කතබහක යෙදෙන්නේ මේඅතර තුරය.

  " මිස් අපේ පුතා ඒ.ලෙවල්.හොඳට පාස් නේ...."

" මොනවද  රිසාල්ට් කාන්ති..."

" ඒ දෙකයි බි එකයි මිස්.."

" ෂා නියමයිනේ එහේනං කැම්පස් යන්ඩ පුලුවන් වෙයි..."

" ඔවු මිස්..ඒ උනාට ඌ කම්පියුටරේකට හරි ආසාවෙන් ඉන්නේ..."

" ඉතින්..."

" මිස් මං එකතුකරපු සල්ලි පොඩ්ඩක් තියෙනව ඒත් ඒටික මදිමිස්...අනේ මන්දා...."

" ඉතිං ලොකු සර්ට කියල බලන්ඩ සර් උදවුකරයි....ලියුමක් ලියල දෙන්ඩ...."

   මේ අදහස තරයේ හිතේ තබාගෙන දිනයේ ඉතිරි වැඩ කොටස අවසන් කරමින් සිටින කාන්තීට  ආයතනයේ විදුලි ඉංජිනේරු වරයා හමුවන්නේ අහම්බෙනි.....ලේකම් වරිය හා වු දෙබස ඇය ඉන්ජිනෙරුවරයා සමගද පවසයි....එවිට ඉංජිනෙරුවරයාද උත්සහ කර බලන  මෙන්  පවසා නික්ම යයි...
  නමුත් පසු දින කාන්ති තම පුරුදු සේවා කටයුත්ත සිදුකරමින් සිටින විට හදිසියේ එතැනට පැමිනේන විදුලි ඉංජීනෙරු වරයා රුපියල් 40 000 ක මුදලක් ඇය ඉදිරියේ තබා කාරනාව ඉටුකර ගන්නා ලේස පවසා නික්ම යයි

    සංතොෂය ඉහ වහා යන කාන්ති විදුලි ඉංජීනෙරු වරයා වෙත යන්නේ තම හද පත්ලෙන්ම ස්තුතීය පුදකිරිමටයි.....

 " අනේ මහත්තයා මේ කරපු උපකාරයට මහත්තයට පිං ..."

 " නෑ නෑ කාන්ති .., කාන්තිගේ පුතා දක්ෂයෙක් ඒ වගේ දක්ෂයන්ට උදවු කරන්ඩ ඔන... අද මමත් මේ තත්වේ ඉන්නේ ඔයවගේ මට ලැබුන උපකාර නිසා..."

කාන්ති මේ පිළිබඳ ආයතනය පුරාම තම සංතොෂය ජනක ආරංචිය  සහ ස්තුතිය පළකර තිබුනි...

  ඇත්තේන්ම මේ සත්‍ය සිදුවීමකී....ඒ විදුලි ඉංජීනෙරු වරයා නිදහස් අද්‍යාපනයේ සහ සමාජයේන් ලද උපකාරයේන් ජිවිතය සාර්ථක කරගත්තා සේම අසරණ පුද්ගලයන්ට තමාට හැකි අයුරින් උපකාර කීරිමට තරම් සිත් ඇත්තේකු විය ...ඔහුට තිබුනේ කාරුණික හදවතකි....
 
නමුත්..හිතන්න

  පුද්ගලික විශ්වවිද්‍යාල තුලින් බිහිවන පුද්ගලයින් වැඩිදෙනා තවෙකෙකුගේ දුක් ගැනවිල්ල අසනා අයවලුන් වේවිද..බොහොකොට ඔවුන් මිලක් මත තම සිතුම් පැතුම් තීරණය කරනා අය බවට පත්වීමට ඇති ඉඩකඩ සාපෙක්ෂව වැඩිය...

  ඒසේම අවධානය යොමුකල යුතු අනේත් කරුනක් වන්නේ..මේවන් ආයතන හරහා එලියට එන වෘතීකයන්ගේන් සමාජයට ලැබෙන සේවයේ ඇති ප්‍රමිතිය කෙතරම් ගුනාත්මකද යන්නයි...උදාහරනයක් ලෙස වෛද්‍ය වෘතිය ගතහොත්  යම් අතපසු වීමකින් ජීවිතයක් නැතිවිමේ තත්වයක් උද්ගත වියහැකිය

    එසේම මේහි තවත් පැත්තක් තිබේ මේවන් ආයතන ඔස්සේ එලියට එන සැම සියලු දෙනාටම රටේ රැකියා වෙලඳපලක් බිහිවෙද යන්න ගැටලුවට තුඩු දෙන්නකි...දේශීය ඥානය විදේශයන් කරා ඇදියාම නොවැලැක්විය හැකි කරුනක් විම, මින්..නැවැත්විය හැකි වේද.........

   මතවාදය සියල්ලන්ටම විවෘතය....කුමක් කෙසේ වියතුද.....?

 

53 comments:

  1. සහතික ඇත්ත කතාවක්.
    පවුද්ගලික විශ්වවිද්‍යාල වල තත්වයකින් තොර වූ බවට මගේ බලවත් විරෝදය..
    කතාව ගොඩාක් සංවේදී..

    ReplyDelete
  2. මෙකේ හොද පැත්ත සහ නරක පැත්ත කියන දෙකම තියෙනවා රාජ් අයියා..
    ඉස්සෙල්ලම හොද පැත්ත ගැන කියන්නම්
    ලංකාවෙ උසස් පෙළ ලියන සිසුන් සංඛයාව ලක්ෂ 2 පනිනවා. කොහොම කෑ ගැහුවත් තාම ලංකාවෙ බිහිවෙලා තියෙන්නෙ විශ්ව විද්‍යාල 14ක්.. මේක ඔය කියන ලක්ෂ දෙකටට වැඩි පිරිසට හැරෙන්නවත් මදි. පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කලොත් යමක් කමක් තිබෙන පිරිස මේවාට යොමු වීම නිසා දුප්පත් තවත් පිරිසකට රජයේ විශ්වවිද්‍යාල වල ඉගෙනුම ලබන්න අවස්ථාව ලැබෙනවා.

    හැබැයි මේ ලංකාවනෙ.. කොයි අතට පෙරලේවිද මන්දා.. සමහර විට පෞද්ගලික විශ්වවිද්‍යාල ප්ටින් දාලා නිදහස් අධ්‍යාපනය නැති කරලම දාවිද මංදා.. ඒක ඇතුලු අයියා කියලා තියෙන ටික තමා නරක පැත්ත. අපි ලංකාවෙ මිනිස්සු හැටියට මේ ගැන හැම පැත්තෙන්ම බුද්ධිමත්ව බලලා තීරණයකට එළබෙන්න ඕනි කියන එකයි මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. Oba kiyana vidiyata private campus walin enne kukokalo vtarada ehema naha ona tanaka hoda saha naraka minissu innawa .mataka tiyaganna godak lankawata winakarapu hama anduwakama inna 70% vtara mehe nidahas adayapanaya labapu aya tama.

      Anith eka lankawe posath aya inne 10% anith.namuth duppath campus yanawath salli nathi ayath job kara kara DEGREE GANNAWA via private campus etakota egollanta mokada wenne.

      Delete
  3. පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ගියා කියල හැම කෙනාගෙම මිණිස්කම් නැතිවේවි කියල නං හිතන්න බෑ. එහෙම බැලුවොත් "සුදු සහ කලු" අය හැමතැනම ඉන්නව. නමුත් පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන මගේනං එච්චර කැමැත්තක් නැත්තෙ ඒ සංකල්පයෙ තියන වැරැද්දකටත් වඩා ඔයවගේ දේවල් අපේ රටේ ඉතිහාසයෙ අසාර්ථක වෙච්ච දේවල් නිසා. "පෞද්ගලික අංශයටත්" ඉඩදී ඇති ක්ෂේත්‍රවල අනිවාර්ය අංගයක් තමයි ඊට සමගාමී රාජ්‍ය අංශය කඩාවැටීමකට ලක්වීම. අනිත් කාරණාවක් තමයි වගකිවයුත්තන් කොච්චර කෑගැහුවත් මේවායේ ප්‍රමිතියක් ඇතිකරන්න පුළුවන් වේවිද කියන එක. එංගලන්තය වගේ රටවල්වල රාජ්‍ය විශ්වවිද්‍යාල පෞද්ගලික වි.වි. තරමටම තරගකාරී මට්ටමක් තියෙන්නෙ. මෙහේ ඒ දේ සිදුවේද?
    අනිත් වැදගත්ම කාරණාව තමයි ආණ්ඩුව මේක ගේන්නෙ පිටරටවලට ඇදියන ලාංකික ශිෂ්‍යයන්ගෙත්, දැනට රටකට ගිහිල්ල ඉගනගන්න වත්කමක් නැති එහෙත් මෙහේ වි.වි.ක් පිහිටෙව්වොත් එයි කියල අපේක්ෂිත ශිෂ්‍යයන්ගෙත්, තියන සල්ලිටික හූරගෙන කන්න මිසක් ‍වි.වි. අධ්‍යාපනය නොලබන සිසුන්ට ඒ අවස්තාව ලබාදීමේ චේතනාවෙන් නම් නෙවේ.

    ReplyDelete
  4. යම් කිසි නියමාකාර රාජ්‍ය පාලිත නියාමන ආයථන වල අගැයීමට යටත්ව පුද්ගලික විශ්ව විද්‍යාල පිහිටු වීමට මම එකඟයි. නමුත් අපේ සාරවත් නිදහස් අධ්‍යාපනය නිදහස් සෞක්‍ය සේවය වැනි දෑ නැති කිරීමට එකහෙලා විරුද්ධයි. විය යුත්තේ අරවාගෙන් ලැබෙන ආදායම රාජ්ය විශ්ව විද්‍යාල දියුනුවට යොදා ගැනීමයි. නමුත් මේ රටේ මෙවැනි දෙයක් හරියට වේදැයි සිසුන්ගේ ඇති සැකය ගැන මම එකඟයි. ඒ නිසා කළ යුතු දේ පැත්තක තිබියදී දරදඩු වී තවත් අගාධයකට අධ්‍යාපනය තල්ලු කිරීම මම නම් හෙලා ද්කිමි. සිසුන්ගේ සැකය සාධාරන බව නැවතද කියමි. කළ යුත්ත වහා කළ යුතුය. ඔබ කිව් ලෙස අපට ඇත්තේ අධ්‍යාපනය පමනි. මා වුවත් නිදහස් අධ්‍යාපනයෙන් මෙතැනට පැමිණියෙකි. නැති නම් මමත් අද කොහේ මෝ කුලී වැඩක් කරන තවත් එක් අසරණයෙක් වීමට හොදටම ඉඩ තිබිනි. අධ්‍යාපනය රැක ගන්න අප සියළු දෙනාට බුද්ධිය පහල වේවා. හැමගේ සිත් මොලොක් වේවා!!

    ReplyDelete
  5. මේක සෑහෙන්න බරපතල ප්‍රශ්නයක් පිටරට විශ්ව විද්‍යාල දැනටමත් තියෙනවානේ මේ ප්‍රශ්නේ මතුවෙන්නේ වෛද්‍ය අංශයට විතරක් කියලයි මට පේන්නේ ඊට හේතුව මම නම් දන්නේ නෑ.හැබැයි විශ්ව විද්‍යාල වරම් නොලබන දුප්පත් සිසුන්ට යා හැකි පරිදි අඩු මුදලක් යටතේ විශ්ව විද්‍යාල බිහිවෙනවනම් මම විරුද්ධ නෑ

    ReplyDelete
  6. ඔය වගේම.. රාජ්‍ය විශ්වවිද්‍යාල වලට කෙළවන්නත් මුල්වෙලා ඉන්නෙ නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉගෙන ගත්ත එවුන් කියල පේනකොට නං මරං කන්න හිකෙන්නේ..

    ReplyDelete
  7. ලිපිය නම් කියෙව්වා.. කමෙන්ට් නෑ.. දේශපාලනයට බර ලිපියක්..නිසා..

    ReplyDelete
    Replies
    1. නමුත් වෙනී අයියා වගේ පරිපාලන ශේත්‍රය ගැන හොඳ වැටහිමක් ඇතිකෙනේක් ගේන් පාඨකයා වීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙනව..මේකේ දේශපාලනය ඇති නමුත් ඉලක්කය තරුණ පරපුර කරුණාකර ඔබේ අදහස පුලුල්ව විග්‍රහ කරනමේන් ඉල්ලමි

      Delete
    2. වෙනියො ඒ උත්තරේ හරියට කැස්බෑවෙක්ද මොකෙද්ද එකෙක් මූන වැල්ලෙ හංගගෙන ඌ සේෆ් කියල හිතුව වගේ. හැබැයි මූන හැන්ගුනාට කඳ එලියෙනේ බං. තරහෙන් කිව්ව කියල බැරි වෙලාවත් හිතන්න එපා, ඒ වුනාට ලංකාවෙ දේසපාලනේ අපි හැමෝටම බලපානව කියල මට හිතෙන්නෙ. මම ලංකාවෙන් පිට හිටියත්, යාළුවො නෑයො ඔක්කොම ඉන්නෙ ලංකාවෙනෙ බං. දේසපාලන මාතෘකා මටත් අප්‍රසන්නයි, නොදන්නා දේවල් කතා කොරන්නත් අකමැතියි. ඒ වුනත් මාතලන්, බුවා, W3 ලංකා, එහෙම කියන දේවල් කියවන්නෙ අඩු ගානෙ මොකද වෙන්නෙ කියලවත් දැන ගෙන ඉන්න ඕනෙ කියල හිතෙන නිසා.

      Delete
  8. ලංගම දියුණු කරන්නෙ නැතුව ඒ වෙනුවට පොදු මගී ප්‍රවාහනය පුද්ගලික අංශයට දුන්න කියල යහපතක් වුනාද?

    ReplyDelete
    Replies
    1. ඔය උදාහරණෙ මගේ කොමෙන්ටුව දානකොට මට මතක් වුනා ඒත් මම ඒගැන සදහන් නොකලෙ එක කාරණාවක් ගැන දැනුවත් නැති නිසා.
      පෞද්ගලික අංශයට පොදු ප්‍රවාහණය විවෘත කලාට පස්සෙද ලංගම කඩාවැටුනෙ? ඊට කලින් ලංගම පාඩු ලැබුවෙ නැත්ද? ඔබා මේගැන දන්නව ඇතිනේද? පැහැදිලි කිරීමක් කරන්න.
      (පුද්ගලික ප්‍රවාහණ ක්ෂේත්‍රයේ තියන ගුණාත්මක පැත්ත ගැන නං කතාකරල වැඩක් නෑනෙ)

      Delete
    2. රාජ්, ලෝකෙ දියුණුම රටක වත් පොදු ප්‍රවාහනේ කවදාවත් ලාබ ලබන ව්‍යාපාරයක් නෙමේ. පොදු ප්‍රවාහන පාසුකම් සැලසීමෙන් අපේ රට වගේ රටක ඉතුරු කොරන්න පුළුවන් ඉන්ධන ප්‍රමාණය, වායු ගෝලෙට එක්කහු නොවෙන කාබන් ඩයොක්සයිඩ් සහ ට්‍රයොක්සයිඩ් ප්‍රමාණය, ඒ වගේම නැතිවෙන මාර්ග තද බදය ගැන විතරක් හිතුවොත් පොදු ප්‍රවාහන සේවයෙන් සිද්ධ වෙන වාසිය ගැන හිතා ගන්න පුළුවන්. ඒක රුපියල් සත වලින් මනින්න බැහැ.

      ලංගමට තිබුන හැම දුවන බස් එකටම එන්ජින් තුනක්, ගියර් පෙට්ටි තුනක්, ඒ වගේ කට්ටල්, උප කට්ටල්, [ units & sub units ] ඕනෙ තරං. ඒ කියන්නේ උදාහණයක් හැටියට, එක එන්ජිමක් බස් එකේ දුවද්දි තව එකක් වේරහැර හෝ ලඟම ඩිපෝවෙ ඉස්ටෝරුවෙ තියෙනව දුවන එක ෆේල් වුනොත් ඒක වෙනුවට සවි කරන්න. ඒ වගේම තව එකක් ඒ අතරෙ ප්‍රධාන වැඩපොලවල් එකක අලුත්වැඩියා වෙමින් පවතිනව.
      ඔය කට්ටල් උප කට්ටල් විතරක් නෙමේ බස් පවා විකුනන්න පටන් ගත්ත ඇලුමිනියම් වලට, පරණ යකඩ සහ චීනච්චට්ටි වලට
      .

      ලංගමට බටහිර ජර්මන් රජයෙන් ලැබුන පුහුණු ආයතනයක් නිසා [මමත් 71 - 75 එතන ආධුනිකයෙක්, ආඩම්බරෙන් කියන්නෙ ] සහ ලංකාවෙ මිනිස්සුන්ගෙ උපතින් ලැබිච්ච දස්කම් නිසා බිහි වුන
      ඉතාම දක්ෂ කාර්මිකයන් සහ පරිපාලකයන් පිරිසක් හිටිය. හොරකම් නැති ආයතන ලංකාවෙ කවදාවත් තිබ්බෙ නෑ. ඒ වුනාට සේවකයන් ඒ කියන්නේ කොන්දොස්තර කෙනෙක් මිකැනික් කෙනෙක් හොරකං කොරපු දෙකයි පනහෙන් නෙමේ ලංගම නැති වුනේ.

      මෙහෙම කියන්නද, තමන්ගෙ තාත්තට අයිතිව තිබ්බ බස් කොම්පැනිය ජනසතු වෙලා, ලංගමට අයිති වුනාම කෙනෙක් ලංගම දිහා බලන්නෙ රටට සේවයක් කොරන ආයතනයක් කියල ආදරෙන්ද, එහෙම නැත්තන් අපේ පරම්පරාවටම හම්බු කොරන් කන්න තිබ්බ එකක් නැති කොරපු හතුරෙක් දිහා බලන විදියටද? එහෙම බලන කෙනෙක් ප්‍රවාහන ඇමති තනතුරට පත් වුනොත් එයාට ඕනෙ ලංගම දියුණු කොරන්නද, එහෙම නැත්තන් ආයෙමත් මගී ප්‍රවාහනේ පුද්ගලික අංශෙට ගන්නද?

      කියන්න තව හුඟාක් දේ තියෙනව රාජ්, ඔයාගෙ පෝස්ට් එකට වඩා දිග වෙයි කොමෙන්ට් එක, අනික අපේ වෙලාව රෑ 11.40 යි මං නිදා ගන්නම්.

      Delete
  9. හොදම උදාහරනේ දුන්නේ ඔබ්සවර් අයියා,එක පේලියයි කියන්න ඕන ඔක්කොම එතන තියන්වා....ලිපිකරු සමග සම්පුර්නයෙන් එකගයි.

    ReplyDelete
  10. මිනිසුන් සංවේදී මිනිසුන් විය යුතුයි.. එසේ සංවේදී වන්නේ කුමකටද යන්න තමයි මෙතනදි තීරණය වෙන්නෙ කියලයි මගේ පුද්ගලික මතය. එය තවත් අයකුගේ දුක, අසරණකකම, එහෙම නැත්නම් දැවෙන අවශ්‍යතාවයක් වෙනුවෙන් පැන නගිනවාද, නැත්නම් මෙතෙක් තමන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කල මුදල නැවත සොයා ගැනීමේ දැවෙන අවශ්‍යතාවය මත සංවේදී වෙනවාද කියන එක තමයි ප්‍රශ්ණය.
    සමාවෙන්න සොයුර මගේ පෙර කමෙන්ට් එක ගැන. මම සාමාන්‍යයෙන් දේශපාලන කරුණු අඩංගු ලිපි කියෙව්වත් මගේ අදහස ප්‍රකාශ කරන්නෙ නෑ. අතීතයේ එහෙම කරලා බිඳ ගත්ත මිතුරු කම් ආයි ගොඩ නගා ගන්න වුනු අමාරුව මතක තියෙන තාක් කල් !

    ReplyDelete
    Replies
    1. //අතීතයේ එහෙම කරලා බිඳ ගත්ත මිතුරු කම් ආයි ගොඩ නගා ගන්න වුනු අමාරුව//
      ඒ මොකක්ද බං? තර්කයක පැටළුන පමණින් හිත් බිදගන්න යාළුවොද ඉන්නෙ? මම නං එහෙම යාළුවො ආශ්‍රය කරන්නෙ නෑ. හැබැයි ඩේල් කානගී නං ඔය කතාව කියල තියනව.

      Delete
    2. දේශපාලනය කියන මාතෘකාව යටතේ විතරක් මන් තර්ක කරන්න හෝ කමෙන්ට් කරන්නෙ නෑ. මොකද එක් එක් පුද්ගලයාගේ අභ්‍යන්තරයට දේශපාලනය කොච්චර කාවැදිලද කියලා දන්නෙ නැතුව අපි තර්ක කරන්න යාමෙන් වෙන්න පුළුවන් තුවාල හරි ගැඹුරුයි.ඔබ දන්නවනෙ සමහර අයගේ ලේ පවා රතු පාට නොවන බව ! ඒ හැර අනිත් මාතෘකා ගැන නම් එහෙම වාරනයක් දමා ගෙන නෑ...

      Delete
    3. ඒක ඇත්ත කතාව වෙනි අයියා! මමත් දැන් තේරුම් ගත්තෙ, මම පොඩි එකා නොවැ. මාත් කමෙන්ට් කරන එක නවත්තනවා. :)

      Delete
    4. අනවශ්‍ය තර්කයෙන් මිතුරාත් ජයත් දෙකම නැතිවේ!

      ඔය නිසා නෙමෙයි, ඒත් ආන්ඩුවෙ විශ්වවිද්‍යාල වලට යනතුරු පුද්ගලික හරි නෑ කියන පිරිස පස්සෙ පුද්ගලික විශ්වවිද්‍යාල පටන් ගන්න ඉල්ලුම්පත්තර එවන රටේ ඔය ගැන කතාව පලකට ඇති දෙයක් නොවෙන නිසා මමනං ඔය දෙක ගැන කිසි දෙයක් කියන්නෙ නෑ. හැබැයි හොඳ බෞද්ධයො එන්නෙ ආනන්දෙන් සහ රාජකීයන්ගෙ විනය හොඳයි කියනව වගේ මිත්‍යාවක් තමයි ඔය පුද්ගලිකෙන් මනුස්සකම නැතිවෙයි කියන එකත්.

      Delete
    5. @ පිටසක්වලයා
      මොකද්ද බං ඒ හරුප කතාව...

      Delete
    6. @Raj: :O උඩ යසයා කියල කමෙන්ට් කලේ මම අයියා! හිකිස්.. අද මම ආරූඩ නම වෙනස් කලා පිටසක්වලයා කියලා. ඒ වෙනස් කලාට පස්සෙ දැම්ම කමෙන්ට් එක මේක. :D :D

      Delete
    7. @ පිටසක්වලයා
      එලස්

      Delete
  11. නවලෝක මුදලාලි පුද්ගලික රෝහල ගොඩනංවලා කිව්වා මම රජයේ රෝහලේ ඇදක් නැතිව බිම නිදාගෙන ඉන්න රෝගියාට ඇදක් ලබාගන්න උදව්වුනා කියලා. මොකද ඇති හැකි අය පුද්ගලික රෝහලට යනකොට රජයේ රෝහලේ තදබදය අඩුවෙන නිසා.

    ඒ කාරණයට එකගවෙන්න පුළුවන්....

    ඒත් පුද්ගලික විශ්වවිද්‍යාල ගැන ඒ විදිහට හිතන්න බැහැ. මොකද මේකෙන් පිටවන උදවියත් එකතුවෙන්නේ එකම රැකියා වෙලදපලකට නිසා. මේ යන විදිහට ඒ වෙලදලලේදී ගුණාත්මක භාවයට වඩා වෙනත් වෙනත් සාධක වලට ප්‍රමුඛතාව ලැබේවි. කොහොම වුවත් අවසාන විග්‍රහයේදී ලමුන්ගේ දක්ෂතාවයන් පසෙකට විසිවෙලා "ඇති හැකි" දෙමාපියන්ගේ දරුවන්ට පමණක් සියළු දේ හිමිවන සමාජයක් ඇතිවේවි.

    ජාත්‍යාන්තර පාසලකින් පිටවන දරුවකුගේ මාපිය දූදරු සබදතා ගැන පොඩ්ඩක් හොයලා බලන්නකෝ. එතකොට අපේ අනාගතය කොයිබටද කියලා ‍පොඩි අදහසක් ගන්න පුළුවන්.

    ReplyDelete
  12. කොහොම වුණත් පෞද්ගලික විශ්වවිද්‍යාල දාන්න හදන එක මේ රටට ගැළපෙන්නේ නෑ.ලාභය පිටුපස ගිය හැම විටම ගුණාත්මක භාවය නැතිවෙනවා.අනික අධ්‍යාපනය වගේ සංවේදී කාරණයක් ලාභය මත පදනම් කිරීම වැරදියි.

    ReplyDelete
  13. මගේ අදහස් මං පෝස්ටුවක ලියලා තියනවා...හිතන්න අද SLIIT,NIBM නිසා තරුණයෝ කී දාහක් රස්සාවක් කරගෙන කාල ඇඳලා ඉන්නවද..ක්‍රමවත් හා පූර්ණ අධීක්ෂනයක් තුල මේ දේවල් කරගෙන යනවනම් ඔය කියන ප්‍රශ්න ඇතිවෙන්නේ නෑ...මං ඉන්න දුප්පත් රටේ ඇතුලුව සාක් රටවල් ඔක්කොකම වාගේ පෞ.වි.වි තියනවා.එහෙම උනා කියල ඒ කියන රටවල් වල අද්‍යාපනයට හෝ රැකියා තත්ත්ව වලට කෙල වෙලා ගිහින් නෑ!

    ReplyDelete
  14. මම මුදලට උසස් අධ්‍යාපනය දෙනවට කැමතියි, බ්‍රිතාන්‍යයේ විදිහට රාජ්‍ය විශ්ව විද්‍යාල ලාභ ඉපයීමේ අරමුණින් නැතුව , වියදම් ආවරණය කිරීමේ අරමුණින් මුදල් අය කරල දෙන උසස් අධ්‍යාපන ක්‍රමයයි මම අනුමත කරන්නේ . ඒක බැරි නම් පෞද්ගලික උසස් අධ්‍යාපනය වුනත් කමක් නැ . මුලු අදහසම ලිපියක ලියල තියෙයි . තැන් ගොඩක වාද කරලත් තියෙයි ඒ නිසා මීට වඩා දෙයක් සටහන් කරන්න කම්මැලියි

    ReplyDelete
  15. අනේ මන්ද බං රැවුලත් ඕනෙ කැඳත් ඕනෙ.හැබැයි නිදහස් අධ්‍යාපනේ වටිනාකම තේරෙන්නේ මේවගේ රටවලට ආවම තමයි.මම හිතන්නේ නෑ ලංකාවෙ උන්ට ඒකෙ වටිනාකම හරියට තේරෙනව ඇති කියල.මොකද ඉගෙනගන්න සල්ලි හොයන්න වැසිකිළි හෝදන්න, කුනු අදින්න,බර අදින්න වෙලා නෑනෙ තාම.

    ReplyDelete
  16. ඔව් නිදහස් අද්‍යපනේ දැනෙන්නේ රටෙන් පිට ඉද්දි.එක වටිනාම දැනෙන්නේ මද්‍යම පන්තියේ මිනිස්සුන්ට.පෞද්ගලික වී.වී. ආවොත් දැනට තියෙන ඇති නැති පරතරය වැඩියෙන් ඉස්මතුවෙලා පේනවා.හැබැයි ඒ ලංකාවේ තියෙන ඇතැම් මින්සුන්ගේ පුහු ආකල්ප නිසා.ඒත් එක පිහිටවීම ගැන මගේ කිසිම විරොදයක් නැහැ.

    ReplyDelete
  17. මිනිසත්කම නැතිවෙනවා නම් කොහේ ගියත් ඒක නැතිවෙනවා කියන එකයි මගේ අදහස.ඒකට උපාධිය ගත්තේ රජයේ විශ්ව විද්‍යාලයකින්ද / පුද්ගලික එහෙකින්ද කියන ඒක වැදගත් නැහැ.අපි දන්නා අදුරන දොස්තරවරු කි දෙනෙක් ඉන්නවද සල්ලි පස්සෙම යන.
    මගේ අදහස නිසි ප්‍රමිතියකින් යුතුව , ගුණාත්මකව ඕන දෙයක් කරනවානම් ප්‍රශ්නයක් නැහැ , අවුල තියෙන්නේ අපේ රටේ එහෙම වෙන්නේ නැති එකයි.

    ReplyDelete
  18. ඔකේ දෙපැත්තම තිනවා ඉතින්.. රජයේ එවට තින වරප්‍රසාද වල ගැටළුව තමයි අවුල.

    ReplyDelete
  19. මට නම් ලංකාවෙ ඔය ප්‍රශ්නෙ ගැන කිසිම දෙයක් කියන්න තේරුමක් නැහැ....ගොඩාක් බුද්ධිමත් දක්ෂ ලමයි එක ලකුනක් දෙකක් අඩු කමින් විශ්වවිද්‍යාල වලට යන්න වරම අහිමි කර ගන්නව නේද?ඉතින් එයාලට සල්ලි තියනවා නම් අර වගේ පෞද්ගලික ඒවලින් ඉගෙන ගත්තට වරදක් වෙනවද?

    ReplyDelete
  20. අනේ මංදා... නිදහස් අධ්‍යාපනයෙන් ඉගනගත්තා කියලා හැම කෙනෙක්ම, පරිපූර්ණ, මනුස්සකම් දන්න, සාර්ධර්ම වලින් පිරිච්ච අය වෙන්නෙ නෑ.. පෞද්ගලික ආයතන, විශ්වවිද්‍යාල වලට ගිහින් ඉගනගත්තා කියලත් එහෙම වෙන්නෙ නෑ.. හැම තැනම, හොඳ නරක, කළු සුදු දෙපැර්ත්තක් තියෙනවනෙ.. මන්දා.. මම හිතන්නෙ, ප්‍රමිතියක් ඇතිව ලංකාවෙ ලකුණෙන් දෙකෙන් වි.වි යන්න බැරි ව්උන ලමයින්ට, ඉගන්ගන්න කැමති අයට සාධාරණ මුදලකට ඉගනගන්න අව්ස්ථාව දුන්නාට කමක් නෑ කියලා.

    මොකද සල්ලි තියන අය, කොහොම කලත්, පිටරට ගිහින් හරි ඉගනගන්නවා. මධ්‍යම පන්තියෙ සාමාන්‍ය අයටත් යන්න එහෙම වි.වි හදන එක අවුලක් නැතිවෙයි.. හැබැයි මේක ලංකාවෙ සිද්ධ වෙන දෙයක් නිසා, වගකීම පිළිබඳව ප්‍රශ්නයක් ඇතිවෙයි.. අපේ රටේ ඉතින් පොඩ්ඩක් ප්‍රශ්න නෙ ඔව්වට..;)

    ReplyDelete
  21. අද ලෝකයේ තියෙන හොදම විශ්ව විද්‍යාලය වන ඇමරිකාවේ MIT එක පවා පුද්ගලික විශ්ව විද්‍යාලයක් නේද? අනිත් අතට දැනටමත් යමක් කමක් තියෙන අය ඉන්දියවේ,චීනේ විතරක් නෙමෙයි බංගලාදේශයේ විශ්ව විද්‍යාලවලට ගිහින් නැවතත් අපේ රැකියා වෙළදපලට එනවා නේද? පගා ගන්න අල්ලස් ගන්න ඒ විතරක්ද ලෙඩ්ඩු මලත් වර්ජනය කරන අයත් බිහිවුනේ උසස් අධ්‍යාපනයෙන් නේද? අනික අවුරුදු 50ක් තිස්සේ නිදහස් අධ්‍යාපනයෙන් රටේ හැමෝටම උගන්නලත් අපි තාම එක තැන පල් වෙන රටක් වුනේ ඇයි දන්නේ නෑ නේද? පවතින ක්‍රමය දිගටම පවත්වාගෙන යෑමෙන් රටට වන සෙතක් නැත. වෙනසක් අවශ්‍යය

    ReplyDelete
  22. මම කියන්නේ රජයේ විශ්ව විද්‍යාල වලින් එලියට එන පිරිසටවත් රැකියා නැතිව, සල්ලිවලට ඩිග්‍රිය ගන්න අයට කොහොම රැකියා දෙන්නද?

    අනික මේ කතාව බැලුවම අමාරැවෙන් ඉගෙන ගන්න ලමයි පව් !

    ReplyDelete
  23. ඕක කැම්පස් වල අවුලටත් වඩා මිනිස්සු හිතන විදියේ අවුල මම හිතන්නේ!

    ReplyDelete
  24. ඔය වං කකුල කපන්න ඔ්න තැනටදකුනු කකුල කපන්නේත් (නොකපා බේරන්න පුලුවන්කම තිබියදී), ගැහැණුන් දූශණය කර උඩ තට්ටු වලින් බිම අතඅරින්නේත්, බේත් overdose දී මිනී මරන්නේත් (දැනුවත්ව හෝ නොදැනවත්ව) පෞද්ගලික වෛද්‍ය විධ්‍යාල වල සිසුන් ව සිටි වෙදුන්ය.

    වෛද්‍ය විද්‍යාව හැදෑරීමට හෞතික විද්‍යාව, භොතික රසායනය, ජෛවවිවිධත්වය, ක්‍රියාකාරී ශාකය අාදී සියලු පල්හෑලි(වෛද්‍ය විද්‍යාවට සාපේකෂව) අවශ්‍යය

    UGCය නිකුත් කරන අත්පොතෙහි සඳහන් පරිදි එහි බෝහෝමයක් පාඨමාලා සඳහා අවම සුදුසු කම s 3 නොවේ!
    අනේ මන්ද.
    කිව්ව! ගියා! මට වෙලා නෑ :(

    ReplyDelete
  25. මේ ගැන ලිපි කියෙව්වා අම්බානකම..පක්ෂ විරුද්ද අදහස් තියෙන දෙජාතියෙන්ම.කොමෙන්ටු ඊටත් හපන්.. ඒත් කිසි තැනක මගේ අදහස ප්රනකාශ නොකලට මෙතනදී මම මට හිතෙන දේ කියන්න හිතුවා..
    මම ඉන්නේ පෞද්ගලික වි.වි රටක තිබුනාට කමක් නෑ කියන මතයේ.ඔය කියන තරම් යකා කලු නෑ කියලා මට හිතෙනවා.පු.වි.වි දාලා ලමයින්ට ඒවට ඇතුළු වෙන්න නියමිත අධ්යුපන සුදුසුකම් මුලින්ම තීරණය කරන්න ඕනේ.එතකොට ඔය කියන විදියට සල්ලි තිබුනු පලියටම ඒවට යන්න බැරි වෙනවා.ඒවට යන්නත් කැප කිරීමක් කරන්න වෙනවා.එතකොට ඔය ලකුනින් දෙකෙන් කැම්පස් යන්න බැරි වෙන අයටත් අසාධාරණයක් වෙන් නෑ. අනික ඔය කියන විදියට දොස්තරලා වෙලා ඒවගෙන් එළියට ඇවිත් ඒ මිනිස්සු ලෙඩ්ඩු මරයි කියන තර්කය හරිම බොළද එකක්. එහෙම මරන්න නම් සල්ලිත් දීලා ඉගෙන ගන්න ඕනෙයැ. වැරදීමකින් එහෙම වෙන්න පුළුවන්. මොකෝ ලංකාවෙ නිදහස් අධ්යසපනෙන් බිහිවුන දොස්තරලට වැරදිලා මීට කලින් මිනිස්සු මැරිලා නැද්ද? ඕවානම් අර කොරහෙත් මොක්කුද දකිනවා කියන කතා තමා මට හිතෙන හැටියට.
    අධ්යාාපනේ සල්ලි වලට ලබා ගත්තම එවුනගේ මොළේ විකාර වෙනවා කියන අයගෙන් කී දෙනෙක් නිදහස් අධ්යාාපනේම පිහිටෙන් කැම්පස් ඉන්නවද කියලා හොයලා බලන්න පුළුවන් නම් වටිනවා. මම නම් හිතන්නේ ඔය දැන් කැම්පස් ඉන්න අයත් ඉන්නේ සල්ලි වලින් ගිහින් තමා.මොකද ඔය හැම කෙනෙක්ම වගේ ටියුෂන් ක්ලාස් යන්න ඇතිනේ.ඉතින් එහෙම බැළුවම ඒ මින්ස්සුත් සල්ලි දීලා තමා ඔය පස්සෙ ගන්න ඩිග්රියයේ මුල් පරිච්ඡ්දය කවර් කරලා තියෙන්නේ.ඉතින් අනික් අය ඉතුරු ටිකත් සල්ලි දීලම කවර් කර ගන්නවට ඔය මිනිස්සු අකමැති ඇයි?
    මම මේ කියන්නේ නිකම් ඉදලා ආචාර්යහ පට්ටම් ගහගන්න ඒවා ගැන නෙමේ.ඒවට තියෙන ඉඩ උපරිමෙන්ම අහුරන්න ඕනේ.දක්ෂ උගත් ළමයින්ට නොමිලේ අධ්යාහපනය ලබන්න තේරෙන්න නූලෙන් බැරි වුන අයට, අත් සල්ලි තියෙනවනම් ඒවා වියදම් කරලා හරි ඉහලට ඉගෙන ගන්න දෙන්න ඕනේ.සල්ලි නැති අයට ඉතින් කරන්න දෙයක් නෑ. මොකෝ "ඔයාට සල්ලි නෑනේ.ඔයා දුප්පත්නේ" කියලා ඒක සාධකයක් කරගෙන කැම්පස් වලට කොහොමත් ගන් නෑනේ. ඒ වගේ අය එතකොට වැඩක් කරන ගමන් උපාධිය ගන්න පෙළඹෙනවා. දැනටත් එහෙම ඉගෙන ගන්න අය ඕනෙ තරම් ඉන්නවා රා.වි.වි වලත්.
    අනික ඔය අපි නිදහස් අධ්යාතපනයට පින් සිද්ධ වෙන් නොමිලේනෙ ඉගෙන ගත්තෙ කියලා,එළියට ඇවිත් නොමිලේ සේවය කරනවද කට්ටිය.රාජ්ට හරි හමන් අත්දැකීමක් ලැබිලා නෑ රජයේ ඉස්පිරිතාලෙක දොස්තරලාගෙන්.(හැමොම ගැන නෙවේ මේ.හැබැයි බහුතරයක් ගැන.) ලොකේ මිනිස්සුන් හිතන විදිය කලුද සුදුද කියලා තීරණය කරන්නේ අධ්යේපනය ලැබු ක්රකමයෙන් නෙවේ සහොධරයා.
    රැකියා වෙළදපොල ගැනත් කියන්න දෙවල් තිබේ. ඒත් මේක පොස්ටුවක් වෙන නිසා නවතිමි.
    කාලීන ලිපියක් රාජ්.. අර ඉහත සදහන් කළ ඉංජිනේරුවරයාට මගේ ගෞරවය මුසු ස්තූතිය ප්රනකාශ කරන්නත් මම මේක අවස්තාවක් කර ගන්නවා.ඒවගේ මිනිස්සු ඉන්න නිසා තමා මේ ලොකේ තවමත් ටිකක් හරි ලස්සන. මට කොම්පීතරයක් තියෙනවනේ.උඹෙ පුතාට නැති වුනාට මට මොකෝ කියලා හිතන්නේ නැතුව ඒ මනුස්සයා කොච්චරක් නම් වටින දෙයක්ද ඒ කරලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මාත් අර වෙනි අයියගේ ක්‍රමේ තමා අනුගමනය කරන්නේ වෙන මොනවත් නිසා නෙමේ,
      තර්කයකට පැටළුනාම ඒක පුද්ගලික කොන්තරයකට හරව ගන්න තරම් අපේ මිනිසුන් අතිශය කාරුණික ,නිහතමානී මිනිසුන් වන නිසා.

      Delete
  26. සල්ලි වලට අම්ම අප්පත් ගන්න පුළුවං දැං....

    ReplyDelete
    Replies
    1. හැම දේකම දෙපැත්තක් තියෙනවා,එක වෙලාවකදි අසාධාරන වෙන්නත් තව වෙලාවකදී සාධාරන වෙන්නත් පුලුවන්.
      කෙනෙකුගෙ ගති ගුන මිල මුදල් වලින් මනින්න බෑ ඒ හැදියාව, කොහොම ඉගෙන ගත්තත්....

      Delete
    2. මම අදහස්කරේ සල්ලි වලට ගොඩක් දේවල් ගන්න තිබුනත් ඒවා ගුනාත්මක අතින් හොඳ නෑ කියලා....

      Delete
  27. මෙතන තියෙන්නේ නිදහස් අධ්‍යාපනයද පුද්ගලික අධ්‍යාපනයද කියන සාධකය නොවේ.... මනුස්සකම පිළිබඳව කාරණයක්....
    නිදහස් අධ්‍යාපනය ලබපු කුහකයෝත්....පුද්ගලික අධ්‍යාපනය ලබපු ත්‍යාගශීලිනුත් අපේ සමාජයේ ඕන තරම් ඉන්නවා...

    ReplyDelete
  28. අනේ මන්දා විශ්ව විද්‍යාල ගැන නම් කතා කරන්න අකමැතියි ..ඒත් අර විදුලි ඉන්ජිනේරු මහත්මයා කරපු උතුම් වැඩේ නම් අගය කරනවා..මනුස්සකම හදුනන කෙනෙක්ගෙ දුකට පිහිට වෙන හොඳ මිනිස්සු තාම අපි අතර ඉන්නවා..

    ReplyDelete
  29. A/L ඇන ගත්ත පොරවල් වලටත් උසස් අධ්‍යාපනයක් ලැබීමට වරම් තිබේනම් උපරිමය. නමුත් එය මුදල්මය සාධකයක් මත පමණක් තීරණය වෙනවා නම් අභාග්‍යයකි.

    ReplyDelete
  30. ලිපියත් කමෙන්ට් ටිකත් කියෙව්වා. ඔය පුද්ගලික විශ්ව විද්‍යාල ගේනවට මම අකමැති නෑ. ඒත් ලංකාවෙ කොයි දේත් නරක පැත්තට යොදා ගන්න නිසා මොනව වෙයිද මන්දා.

    සල්ලි තියෙන එවුන් රට ගිහින් ඉගෙන ගන්නවා.
    ටිකක් තියෙන එවුන් ඉඩමක් කඩමක් හරි විකුනල රට යනවා.

    ඉතින් රට යන සල්ලි රටේ ඉතිරි වෙනවා යම් දුරකට ඔය පුද්ගලික විශ්ව විද්‍යාල දැම්මොත්.

    හැම දේම සුදු කලු දෙපැත්තාම තියෙනවා ඉතින්

    ReplyDelete
  31. මයෙ අදහස නම් ටිකක් වෙනස්... පෞද්ගලික විශ්වවිද්යා්ල ඇති කරන එක හොඳයි..... ඒකෙ නරක පැත්තක් නෑ කියලම මම කියන්නෙ නෑ.
    හොඳ ප්රමමිතියක් යටතේ ලංකාව තුල පෞද්ගලික විශ්වවිද්යා‍ල ඇති කරන එකේ වරදක් නෑ. අනිත් එක ඔය ජාතික විශ්වවිද්යාමල වල ඉගෙනගන්න අය කියන විදියට සල්ලි වලට විතරක් උපාධිය ගන්න බෑ පෞද්ගලික විශ්වවිද්යාවල වල. ඒක මම හොඳට අත්විඳපු දෙයක්... උසස්පෙළ කොයි තරම් සමත් වුනත් ඒ හැමෝටම කැම්පස් යන්ඩ බෑ නෙ.... එහෙම සමත් වෙච්ච අයට පෞද්ගලික විශ්වවිද්යාඋලයකට ගිහින් උපාධිය ගන්න එපා කියනව නම් ඒක මහ පටු ආත්මාර්ථකාමී අදහසක්... නිදහස් අධ්යාදපනයට පින් සිද්ද වෙන්න ඉගෙන ගත්ත කියල මොකද දොස්තරල රජයේ රෝහල් වල විතරක් ප්රවථිකාර කරන්න නෑ නෙ... එයාල පෞද්ගලික රෝහල් වලත් වැඩ කරනව.... අන්න එතනදි ගැටලුවක් එනව නිදහස් අධ්යා පනයට පින් සිද්ද වෙන්න දොස්තර කෙනෙක් වුනා නම් එයාලට වැඩ කරන්න රජයේ රෝහල් විතරක් තිබුනම ඇති නේද කියල? එහෙම කියන්න බෑ නේද? පෞද්ගලික රෝහලුත් ඕන නෙ.. ඒ වගේ තමයි පෞද්ගලික විශ්වවිද්යායලත්... එහෙමයි මට හිතෙන්නෙ...

    ReplyDelete
  32. සිරාවට , ආණ්ඩුව ගමේ අහිංසක මිනිස්සු අන්දලා තියාගන්නෙ ප්‍රයිවට් කැම්පස් වලින් එන ඩොක්කු ( කවදාහරි ආවොත්) හින්දා තමන්ගෙ ගමේ ඩිස්පෙන්සරියටත් දොස්තර මහත්තයෙක් පත්වෙලා ඒවි කියලයි . ඇත්ත කතාව මේ ප්‍රයිවට් කැම්පස් වලින් කවදා හරි ඩොක්කු අච්චු ගැහුවොත් ඒ උන්දැලා කැමති වෙයිද ආණ්ඩුවෙ සොච්චම් පඩියට ගොහිං ගමේ මිනිස්සුන්ට බේත් දෙන්න ? උන්දැලා බලන්නේ වියදම් කරපු කෝටි ගාණ ඉක්මනට හොයාගන්න නේද . අණ්ඩුවෙ කැම්පස් එකක ගොයියෙක්ට නෙවෙයිද හිතෙන්නෙ යකෝ අපි ඉගෙනගත්තෙ මේ මනුස්සයන්ගෙ සල්ලිවලින් නේ ඉතින් මෙයාලට මොනා හරි කරන්න ඕනි කියලා. ගමට දොස්තරලා නෑ කියලා ප්‍රයිවට් කැම්ප්ස් දාන එක අතීසාරෙට අමුඩ ගහනවට එහා !

    ReplyDelete
  33. අදහස් දැක්වු සියලු දෙනාටම බෙහෙවින් ස්තුතී වෙමි.ලාංකීය දෙශපාලනය නැතහොත් රට පාලනය කරන ඇත්තන්..පටු මතදාරින් නොවි..බහුතර ජනමතය විමසා..මේවන්වූ..තීරනාත්මක තින්දු තිරන ගන්නේනම් සමාජ සුබසිද්ධියට ඒය විශාල පිටුවහලක් වේවි.....

    ReplyDelete
  34. මින්සත්කම සහ විශ්වවිද්‍යාල යන්න තනිකරම වෙනත් මාතෘකා දෙකකි.
    නමුත් මෙම කතාවේ සිටින කාන්ති මහත්මියගේ පුතා වැන්නෙක් රජයේ වී.වී. ට යාමට නොහැකිව දශම ගානක අඩු ලකුණු ඇතුව විභාගය පාස් වීනම් ඔහුට පෞද්ගලික වී.වී. වල පිහිට ලබාගත නොහැකි වනු ඇත.
    එනෙම පු.වී.වී. ඇති හැකි අයට බව පැහැදිළිය. දැනටත් පිටරට වී.වී. සිසුන්ට ඇති ඉහළ රැකියා අවස්ථා අනුව සැළකීමේදී එවන් වී.වී. ලංකාවේ ආරම්භ වී අඩු ලකුණු ගත පිරිස එහි යාමෙන් පසුව ඔවුනට හොඳ රැකියා වෙළඳ පොලක් ඇති වී වැඩි ලකුණු ගත් රජය වී.වී. සිසුන්ට නිකම් බලාගෙන සිටීමට නොවෙනවානම් පු.වී.වී. දැම්මාට කම්නැත.
    නමුත්..

    ReplyDelete
  35. මේ ක්‍රමයේ හොඳ නරක දෙකම තියෙනවා..අපේ රටේ උසස් අධ්‍යාපනය නිකන් උනාට අපි ඉන්න මේ රටවල නම් ඒකට ගෙවීමක් කරන්න ඕනේ..

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...