රන්තැඹිලි ගසේ
අත්තකට වී මෙතෙක් කරච්චලයක් වූ කපූටු තෙමේ ක්ෂනයෙන් නික්ම ගියේය.. උදැසන සිට වහින්නද
පායන්නදැයි සිතමින් දෙලොවක් අතර සිරවී සිටි අහස හඬා වැටෙන්නට පටන්ගෙනය.... වසරක්
පමණ ඉහල පරිසරයක දිවීගෙවු අප නැවත පහල වටාපිටාවකින් අලුත් අවුරුද්ද අරඹන්නට සියල්ල
සැලසුම් කර අවසන්නය. වසරක් පමණ තරප්පු පඩි නගිමින් බසිමින් ගෙවූ අවදියට සමුදෙන්නට
කාලය එළඹ ඇත. විසල් ගස්වලින් හෙබි පහළ වටාපිටාව අප පිළිගන්නට සැරසෙමින් සිටිනා
අයුරු ඊයේ උදැසන එහි ගිය මාහට දැකගත හැකිවිය.
හරිත මඩුලු අතරින් උස්වී පෙනුන කොන්ක්‍රිට්
කුළුනු, නෙත් මානයෙන්
ඔබ්බට බොඳවී යන අයුරු... උදැසන ළහිරු රැසින් වර්ණ ගැන්වු නැගෙනහිර අහස..... වළා
රහිත නීල අහසේ දුටු දිදුලන තරු රටා....නෙතට හුරුවී තිබු මේ සියල්ල නෙතින්
ගිලිහෙන්නටත්.., නීල අහස්තලය වසාගත් හරීත ගොන්නක් තුල කිමිදෙන්නටත්.. ඇත්තේ අතැඟිලි
වලටත් වඩා අඩු දින ගනනකි. විසල් තණ පිටිය පුරා දිවයන්නටත් රූස්ස තුරු වදුළු අතරින්
පිය මනින්නටත් සුපුරුදු රටාවෙන් මදකට මිදෙන්නටත් අවැසි සියල්ල දැන් සැකසී
හමාරය .
නව වසර ලබන්නට ඔන්න මෙන්න කියා.... ජිවන රටාව
තරමක් වෙනස් වීමම, සිතගත නැවුම්ව
උද්දාමයෙන් ඉපිල යාමට ඉවල්වී ඇත....තවත් රහසකි, ඒ කැදැල්ලට අලුත් අමුත්තලු පහල විමේ
නිමිත්තයි……
නව වසරේ
අභියොගයන් බොහෝ හමුවනු ඇත. ඒවා සැහැල්ලුවෙන් ජයගත යුතුය…. දිය බුබුලකින් හටගෙන
මහ මුහුද හමුවන තෙක් නෙක කඩයිම් පසුකරමින් ගලායන ගඟක් මෙන් ... මුහුද නැමති
නිර්වානය.. සැනසුම හමුවන තෙක් ගලා යායුතුය… මනුස්ස ජිවිතයේ අපුර්‍යත්වය එයයි...නැවුම්
වසරකට පාතැබු පසු ඊලඟ වසරට ද අරමුනු සකසා ගත යුතුම වන්නේය… මන්ද පා තැබු සැනින්
නව වසර ගෙවී යන්නට පටන්ගන්නා බැවිනි.
2012ක් ගතවී 13ක් උපදින නව වසර.., සියලුම ලෝවාසින්ට මෙන්ම හිතමිත්‍ර ඔබ සැමට...,
නැවුම් අරමුනු ඉපැදෙන.. පෑතු අරමුනු සපිරෙන සැනසුමෙන් සපිරි….
නැවුම් අරමුනු ඉපැදෙන.. පෑතු අරමුනු සපිරෙන සැනසුමෙන් සපිරි….
වාසනාවන්ත ජීවන රටාවක්
උරුම වේවායි... පතමි ...!!!
ප/ලි
ඔබ මේ ලිපිය කියවන මොහොතේ අප එහි ගොසින්ය....!
Raj ට සහ පවුලේ සැමට, සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරක් වේවා !!!
ReplyDeleteඔබ සහ ඔබේ පවුලේ සැමටත් සුබම වේවා....!
Deleteනිවසට එන අලුත් අමුත්තා පිලිගන්ට වටාපිටාවත් සැකසිලා ඉන්නවා වගේ. රාජ්, ඇතුලු පවුලේ හැමට (ඒ එන පුංචි අමුත්තා අතුලුව ) සුබම සුබ අලුත් අවුරුද්දක්!!!
ReplyDeleteපොඩ්ඩිටත් අලුත් අවුරුද්ද සුබම වේවා
Deleteසුභනව වසරක් වෙවා....
ReplyDeleteඉන්ද්‍රජිත් ඔබටත් එසේම වේවා
Deleteසුභම සුභ වේවා රාජ්...
ReplyDeleteඅළුත් අවුරුද්දෙ අමුත්තෙක් එනව නේද ;0)
රාජ් මාමා...
සැම් මලේ සුබ නව වසරක්..ඔන්න උඹ තමයි මාමා වෙන්නේ
Deleteසුබ නව වසරක් වේවා..!
ReplyDeleteබලාපොරොත්තු ඉටුවේවා...දරුවාට හා මවට නිදුක්,නිරෝගී සුව ලැබේවා..!
වියා ස්තුතී කියන ගමන්ම ඔබටත් සුබ නව වසරක් පතනවා
Deleteසුභ නව වසරක් වේවා...
ReplyDeleteඔබටත් එසේම වේවා
Deleteඅලේ.... අලුත් අමුත්තෙකුත් එනවලු...මොන තරම් සතුටක්ද... ලැබුවාවූ මේ අලුත් අවුරුද්ද හුඟාක් සුබවාදී වේවී.... ! ඒ බලාපොරොත්තුව එක්ක සුබ පැතුම් !
ReplyDeleteස්තුතී ළිහිණි ඔබටත් නව අවුරුද්ද සාර්ථක වෙන්න කියලා පතනවා
Deleteසියලු පැතුමන් මේ නව වසරේ ඉටුවේවා....
ReplyDeleteඔබටත් එසේම වේවා
Deleteසියළු පැතුමන් ඉටු වේවා!!!
ReplyDeleteස්තුතී වෙද මහත්තයා ඔබටත් අවුරුද්ද සුබ වෙන්න කියලා ප්‍රර්ථනා
Deleteකරනවා
අලුත් අවුරුද්ද සුභ වේවා! සියළු බලාපොරොත්තු ඉටු වේවා!
ReplyDeleteඔබටත් සුබ අලුත් අවුරුද්දක් මචං
Deleteසුභ අළුත් අවුරුද්දක් වේවා..
ReplyDeleteඔබටත් සුබම වෙන්න කියල පතනවා රූ
Deleteසුබම සුබ 13ක් වේවා !!!
ReplyDeleteමම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්
ලොකු ජොන් ඉතින් 13න ඔබටත් සුබ වෙන්න කියලා පතනවා
Deleteසියළුම පැතුම් ඒ අයුරින්ම ඉටු වේවා රාජ්.....!!!
ReplyDeleteකරපු උපකාර වලට ස්තුතී කරන ගමන් ඔබගේ අරමුනු මේ අවුරුද්දේ ඉටුවේවා කියල ප්‍රර්ථනා කරනවා
Deleteරාජ්ටත් පවුලෙ සියළු දෙනාටත් මේ 2013 අවුරුද්ද සියළු පැතුම් ඉටුවන යස ඉසුරෙන් පිරුණු නිදුක් නිරෝගී සුව ලැබෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා !
ReplyDeleteනව වසර DDT ටත් සුබම වෙන්න කියලා ප්‍රර්ථනා කරමි..
Deleteසුභම සුභ නව වසරක් වේවා...!!! සියලු සිතුම් පැතුම් ඉටුවෙන වාසනාවන්ත වේවා !!
ReplyDeleteඔබටත් සුබ නව වසරක් පැතුම්..සියලු අරමුනු ඉටුවේවා...
Deleteඑහෙනම් 2013 ඒ අළුත් අමුත්තා එක්කම අපි හමු වෙමුකෝ !
ReplyDeleteඅනිවා වෙනි අයියේ ජය...
Deleteස්තුතී ඔබටත් නව වසර සුබ වේවා
ReplyDeleteඔයාටත් පවුලේ සියලුම දෙනාටත් සුභම සුභ නව වසරක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා......!!
ReplyDeleteඔබටත් සුබ නව වසරක් වේවා අග්නි
Deleteකැදැල්ල සතුටින් පිරී ඉතිරෙන අලුත් අවුරුද්දක් වේවා!
ReplyDeleteඅරුනි අක්කටත් පවුලේ හැමොටමත් සුබ නව වසරක් වේවා...
Deleteඅලුත් ගේ තනි මහලෙ එකක් ද...? එහෙනම් නියමයි, තනි මහළේ නිවසක පවුලේ සමගිය - සහජීවනය රැක ගැනීමේ හැකියාව දෙමහල් නිවසකට වඩා වැඩියි....
ReplyDelete2013 සියලු පැතුම් ඒ අයුරින්ම ඉටුවන සුබ නව වසරක් වේවා....!
සුමිත් අයියා ඔව් තනි මහලේ ගෙයක් තමයි අයියටයි පවුලේ සැමටයි සුබ නව වසරක් වේවා..!
Deleteසුභම සුභ අලුත් අවුරුද්දක් වේවා රාජ් අයියේ !!!
ReplyDeleteදිනේෂ් & මදාරා :)
ඔබ දෙපලටත් අරමුනු ඉටුවෙන සතුට සපිරි සුබ නව වසරක් වේවා
Deleteහොදා. පොල් ගහේ කරටි දිහා බලන එක නවත්තල මුල තියෙන තැනට ආපු එකට. අනාගතය ගැන හිතා කරපු වැඩක්.. සතුටු නැත්ද රාජෝ අලුත් දෙයක් දැනගත්තම. එහෙනං හැමෝටම නිරෝගි සැප. පුංචි පැටියෙක් එන සුවද දැනෙන කොට තාත්ත කෙනෙක් විදියට මගේ හිතත් පිම්බෙනවා සතුටට. ජය වේවා රාජ්. ආයි අහන්න දෙයක් නෑ නෙව හොදම අවුරුද්දක් තමා මේ.
ReplyDeleteඔව් ඔබතුමාටත් නව අවුරුද්ද සුබම වේවා..!
Deleteසුභ නව වසරක්ම වේවා!
ReplyDeleteඔබටත් සුබ නව වසරක් වේවා...
Deleteසියලු සුභ ප්‍රාර්ථනාවන් ඉටු වේවා !
ReplyDeleteමේ අලුත් අවුරුද්දේ සීරා මලයගේ අරමුනු ඉෂ්ඨ වෙන්න කියලා ප්‍රර්ථනා කරමි.
Deleteසුභ අළුත් අවුරුද්දක් වේවා!!
ReplyDeleteලොක්කා සුබ අලුත් අවුරුද්දක් මචං
Deleteඅඩේ එලනේ...සුබ අළුත් අවුරුද්දක් වේවා....
ReplyDeleteතරුවා සුබ අලුත් අවුරුද්දක් මචං...
Deleteසුබ අලුත් අවුරුද්දක් වේවා මචං !!! පමා වුනාට සමා වෙයන්.
ReplyDeleteමොන පමාවක්ද සුදික සුබ අලුත් අවුරුද්දක් ඔබේ පවුලේ හැමොටමත්
Deleteසුභ නව වසරක්ම වේවා
ReplyDeleteසුබ නව වසරක් මචං...
Deleteතව සාමාජිකයෙක් මග එනවා කිව්වා? එලනෙ බං! ජය වේවා!
ReplyDeleteඋඹලගෙ මුළු පවුලටම වාසනාවන්ත නව වසරක්!
මේ පාර උඹව දකින්න හිතා හිටියත් වෙලාව හොයාගන්න බැරිවුනා.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මටත් ගමේ එන්න බැරිඋනා... සර් ඇතුලු පවුලේ හැමොටම සුබ නව වසරක් වේවා
Deleteඅනිවා හැපි 2013 ක් මලේ...
ReplyDeleteයහපත් චේතනා සියල්ල ඉටුවන සුබම සුබ නව වසරක් වේවා.....
ReplyDeleteඔබටත් එසේම වේවා
Deleteපරක්කු උනාට සමාවෙන්න රාජ් අයියා! සුභ නව වසරක් වේවා!!
ReplyDeleteමොන පරක්කුවක්ද ජයවේවා මල්ලි...
Delete