Monday, July 18, 2011

කොච්චියෙන්..වාලච්චෙනේට..කඳවුරු ක්‍රිඩා...4..ර..(අවසන් කොටස...)


උදැසන සිට වසින වැස්ස තවමත් නොනවත්වා ඇදහැලේ.....නැවතුම් පල වෙත ආපසු එනගමනේ දී ගෙන එන ලද ඉස්සො, කුකුල් මස්, මාලු යනාදී කලමනා රාත්‍රි ආහාරය සඳහා පිසගතිමු... ඇත්තෙන්ම මේ ප්‍රදෙශයේ ඉස්සන් ඉතා රසවත්ය.

රසවත් රාත්‍රි ආහාර යකින්ද....සැහැල්ලු මානසිකත්වයකින් යුක්ත වූ අප කරා නින්ද ඉක්මනින් පැමිනියේය. පෙර දින තිබු මදුරු කරදරය මෙදින නැතුවා සෙය....දීර්ඝ නින්දකින් පසු උදැසනම අවදී වු අපසැම,දමිල සහුර්දයන්ගෙන් සමුගෙන ඉක්මනින්ම පිටත් විමු....

දුම් රිය පල කරා අප පයින් ගමන් ගතිමු..යන අතර මගදී මඟ වූ කඩයකින් තොසේ,පරාටා යනදිය උදැසන හාහරය සඳහා කැමට ගතිමු. ඇත්තෙන්ම අගනුවර කඩ කැමට වඩා මෙම ආහාර රසවත්ය.වලච්චෙන දුම් රිය පලට පැමිනි අප උදැසන 9.00 ට පමන කොළඹ බලා දිවෙන දුම් රියෙහි නැගගතිමු.
රාත්‍රියේ මෙන් නොව දහවලේ ගමන් කරන බැවින් අවට රුසිරි මනාව දර්ශනය වේ, පූනැව දුම් රිය පල සමිපයට පැමිනෙන තෙක් මග දෙපස බොහො තැන් හී විශාල වෙල්යාය වල් දක්නට ලැබින.
අප නැගි දුම් රිය පෙට්ට්යේ වෙනත් මගින් නොමැති වු හෙයින් නිදහස
බොහොවිය.....ඇතැම්විට අප පිරිස ගීත ගායනාකරමින් ගමන් ගතිමු. පූනැව ප්‍රදෙශය පසුකරත්ම දුම් රිය වනගොමු අතරින් ගමන් ගත්තේය. නැවතත් පොලොන්නරුව නගරය කලබල කාරි බවින් යුක්ත වුවද...ඉන් පසු කුරුනැගල දක්වාවු ගමන් මග වන අසිරියෙන් පරිපුර්න වූ වක් විය.

ගමන් ගත් පලමු දිනයේ මෙන්.....රාත්‍රිය....කොලොම් තොට සිපගනිද්දී අප රැගත් දුම් රිය අගනුවරට ලඟාවිය...තවත් සුන්දර චාරිකාවකින් සන්තුපත වු අප සැම තාවකලිකව එකිනේකාගෙන් සමුගතිමු...............

3 comments:

  1. තවත් අපූරු චාරිකාවක නිමාව. විවේක ඇති වෙලාවේදි කතාව කියෙව්වත් කොමෙන්ට්ටුවක් දාන්න බැරි උනානෙ.

    අපේ ජීවිතේම නොනවතින චාරිකාවක් නිසා ආයේම රාජ් චාරිකාවක් නිරත වනු ඇතැයි සිතමි

    ReplyDelete
  2. @ කිරි...ස්තුති..සහො...

    @ දිල්....ඇත්තෙන්ම, ජිවිතේම චාරිකාවක්...
    කොහොමද ඔයාගේ නංගියා...,මං හිතනව ඇය බොහොදුරට නිරොගිව ඇති කියල...

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...