"ත්‍රිකුනාමලේ යන අය පිටිපස්සේ පෙට්ටි වලට නගින්න...."
මහවෙන් පිටත් වූ තැන්පටන් සන්සුන්ව පැමිනි දුම් රිය තුල මහා ගාලගොට්ටියකි.....ඒ ගල් ඔය දුම් රිය මන්සන්දියයි..... මෙතෙක් එකම දුම් රියක එක් මගක ගමන් ගත් ජනකොට්ඨාශයක් දෙකට බෙදෙන අවස්තාවකි මේ....මන්ද මඩකලපු දුම් රිය ගල් ඔයෙදී එක් කොටසක් ත්‍රිකුනාමලයට ද අනෙක් කොටස මඩකලපුව බලා ගමන්ගන්නා බැවිනි.
දුම් රිය ජෙලර් වරයකු මෙහිදි මහා හඩින් කැගසමින් ...මිනිසුන් දැනුවත් කරයි....අඩ නින්දේ පැමිනිනේන බොහො මඟින් අන්දුන් කුන්දුන්වී තමන් යායුතු මග පසක් කරගැනිමට වෙහෙසෙයි. පැය කාලක පමන කාලයක් නවතාතිබු දුම් රිය නැවතත් මඩකලපුව බලා ඉදිරියට ඇදින.....
රාත්‍රිය තරුණය....දුමිරියේ මලානික අලොකයෙන් අවට පරිසරය හඳුනා ගැනිම දුෂ්කරය...කවුලුවෙන් පිටත පරිසරය ග්‍රහනය කිරිමට තාතණන දැස් දැන් දැන් පොපියයි...මහා වන අරනක් මැදින් දුම් රිය දිවෙන බවට දුම් රිය වට ලන්නට මෙන් නැගිසිටින මහා අදුරු සෙවනැලි පසක් කරයි.
වනයේ සතුන් ඝහන ප්‍රදේශයක් බැවින් හො සංඥා එලි වල දොෂයක් බැවින් දො වරෙක දුම් රිය ඉතා සෙමින් දාවනයේ යෙදින.රැ මැදියම පසුවී හොරාවකට පමන පසු අප රැගත් දුම් රිය පොලොන්නරුව වෙත සැපත්විය.
දිවාකල මෙන් මහාකලබලයක් නොතිබුනද දුම් රිය පල හා වෙදිකාව මත මඟින් කිහිප දෙනකු ඒමේ අත ඇවිදිනු දක්නට ලැබින...නැවත දුම් රිය සෙමෙන් තම ගමන අරඹා ඉදිරියට යනවිට හුලු එලි කිහිපයක් මග දෙපස ගමන් කරනු පෙනේ...ඒ හොල්මන් නොව..දුම් රියෙන් බැසගිය මඟින් බව සක්සුදක් සේ පැහැදිලිය.
ප්‍රසිද්ද මනම්පිටිය පාලම පසුකල දුම් රිය තැනිතලා බිමෙහි වෙගයෙන් ඉදිරියට ඇදෙයි.......මහවැලි නදිය තරනය කර සැතපුම් කිහිපයක් ගමන් කල අපහට අප යන දිශාවෙහි අහස රත්පැහැයෙන් ආලොකමත් වි දර්ශනය වන්නට විය. වැසි මඳ කලක් බැවින් වලාකුලෙන් තොර අහස තරු රටා වලින් සන්නද්ධව පවති. නමුත් මේ රත්පැහැය අපහට අමුත්තකි. මන්ද අරුනළු වැටෙන්නට තව බොහො වෙලා ඇතිබැවිනි.
ඉක්මනින්ම අපගේ කුහුල සන්සිඳුවිමට දුම් රිය සමත් විය ...ඒ පූනැව නාවික කඳවුරින් නැගෙන ආලොකයයි...පූනැව දුම් රිය පල පෙනෙනෙ මානයට සේන්දුවෙත්ම...බොහො ඇතින් කඳවුර දර්ශනය වෙයි...කඳෑවුරේ ආලොක කදම්භ දසත විහිදේ...ඒ මගින් අහස රත්පෑ ගැන්වි ඇත....
පූනැව පසුකර පැමිනි අප වාලච්චෙනේට බොහො ලංවනවිට ......මඳ වැස්සක් කඩාහැලෙන්නට විය.... වාලච්චෙනේ දුම් රිය පලින් අප බැසගත් කල පාන්දර 4.30 කනිසම දුම් රිය පලෙහි සටහන් වි තිබින...
ඔය මනම්පිටිය පාලම නම් මට හුරු පුරුදු තැනක් රාජ්. මගෙ බාප්පා හිටපු යුද හමුදා නිළධාරියෙක්.ඉතින් මඩකලපුවට යන එන එක යුද්ධ කාලයේදීත් අපට හුරු දෙයක්. මම ආසම තැන තමා මනම්පිටිය පාලම. කෝච්චි පාරත්....මහා පාරත් එකට ..හරිම ලස්සනයි.
ReplyDeleteහැබැයි රාජ් දන්නෙ නැති තවත් දුක හිතෙන සිද්ධියකුත් ඔය හරියෙ සිදු උනා. ඒ තමා ඔය පාලම හරියෙ තිබුනා විශාල කුණු ගොඩක්. එතනට එන අලි රන්චු ඔය කුණු ගොඩේ පත්තර කොළ හිටන් කනවා මම දැකලා තියෙනවා....
ඔව් දිල්..ඔය සිදුවිම මම අත්විඳලා තියෙනව......කලින් මම රැකියාව කරපු ආයතනයේ ඇතැම් වැඩවලට මම පොලොන්නරුව ප්‍රදෙශයේන් ගමන් කරන කොට ඔය දසුන් දැක තිබෙනවා
ReplyDeleteදිල්... දැන් ඒ අලි රංචුව නෑ.... ඒ පැත්තේ තඩි විදුලි වැටක් ගහල ගඟෙන් වැලි කපනවා.. දැන් හානි ගොඩයි.. ගඟෙන් සීමාවක් නැතුව වැලි කැපීම නිසා ගං ඉවුරු වලට වෙන හානිය, අලි පාර හරස් කරලා විදුලි වැට ගහල නිසා අලි තමන්ගෙ සුපුරුදු පාරට වටේ තියන ගම් හරහා එන එක.. අලි ගම් වැදීම නිසා සිදුවන බෝග හා ජීවත හානි, ගම් වලට එන අලින්ට මිනිස්සු සිදු කරන හානි.... කව්ද මේවට වග කියන්නේ....
ReplyDelete