ඒ 1994 රේ අගොස්තු මසට නුදුරු දිනයකි. මේවනවිට උතුරේ යුධ්ධය දේපිලේ සාකච්ජා මැද පවතින යුගයකි. අපහට පැවරිතිබුනේ උතුරේ තොරාගත් පාසැල් කිහිපයක තොරතුරු තාක්ෂණික ජාල පද්දතියක් සැකසිමටයි.
යාපනය හන්දියෙන් ඔමන්ත දෙසට හැරවු අප රැගත් රිය හැල්මේ ඉදිරියට ඇදේ. නමුත් එකකාරි වෙගයකින් රථ පෙලට ගමන් කලනොහැක මර්ගය බොහො සෙයින් කඩතොලු වී ඇත. වැන් රථ 4 කින් සහ බඩු පැටවු කන්ටෙනරයක්, මධ්‍යම ප්‍රමානයේ ලොරි රථ දෙකක් අප සතුවිය.
අනුරාදපුරයෙන් පසු හමුවන විශාල නගරය වන වවුනියා වෙත අප උදැසන 10.30 පමන වන්විට ලඟාවිමු. එහිදි දහවල සඳහා අවශ්‍ය ආහාර අප පාර්සල් කරගතිමු. යුධ්ධය වියැකි නොමැති හෙයින්දො නැවතත් ගමන් ආරම්භ කල අපගේ සිත් මඳ චකිතයකින් යුක්තය. අවට පරිසරය බොහො කර්කශ බවින් යුක්තය ජනයා අල්ප වශයේන් ගැවසුන අතර මහා පාලු මුසල බවක් හත්පස පැතිර පවති.
පෙරවරු 11.30 පමන වන විට අප ඔමන්ත අපගේ හමුදා කඳවුර වෙත පැමිනිමු.ඉතා සහයොගයෙන් අපසමග කටයුතුකල ඔවුන් සියලුම සොදිසි කිරිම් වලින් පසු අප පිටත්කර හැරියේය..., කොළඹින් මෙහි පැමිනෙන විට අවශය කරන සියලුම අවසර පත්‍ර අප රැගෙන විත් තිබු බැවින් කරදර කාරිබවින් මිදීන. ඔමන්ත හමුදා සීමාවෙන් පිටත් වූ අප මිටර 500 පමන පසුකර එවකට ඒල්ටිටීයේ ග්‍රහනයෙන් යුක්ත වූ කඳවුරු භූමියට පැමිනිමු.
මෙහි තත්වය අප හමුදා මුරපලට වඩා බොහො සෙයින් වෙනස්වුනි,.... හත්පස තන්හි තන්හි පොල් අතු සෙවිලිකල ගොඩනැගිලි සාදා ඇත. බඩු බාහිරාදියෙන් තොර මඟින් ගමන් ගත් රථ එක් තැනක ගාල් කලයුතු වූ අතර කන්ටෙනරය සහ අනෙක් ලොරි රථ ඔවුන් වෙන්කල ජැටියක් ලඟ නවතා සියලුම බඩු බාහිරාදිය නැවතත් රථ වලින් පිටතට ගෙන පරික්ශා කරන්නට යෙදුනි.
මේ අතර වාරයේ ඔවුන්ගේ සාමජිකයකු අප පිරිස තනිතනිව ගෙන සම්මුක පරික්ෂනයකට භාජනය කරන ලදී. එමෙන්ම එක් තැනෙක හැදුන්පතේ සිට වාහන චැසී අන්කය දක්වා තොරතුරු පිටපත් ලබාගන්නා ලදී. මෙ අයුරින් අධික සොදිසි කිරිමකට භාජනය කරනු ලැබු අප සැම සවස 3.30 පමන වනවිටදී නිදහස් කර හරින ලදී.අපට මෙන්ම මේ භූමිය හරහා යන සැම කෙනේකුටම මේ ඉරනමට ගොදුරු වීමට සිදුවිය.
එල්ටිටී ඔමන්ත භූමියෙ සිට යාපනය දක්වාවු මාර්ගය හොදින් සකසා ඇත.සවස 6.30 ට පෙර අප මුහමලේ කොටි අවසන් මුරපල පසුකල යුතුය නැතහොත් අපගේ හමුදා මුරපලින් අප යාපනය දෙසට බාර නොගනි. වෙලාව බොහොසෙයින් ගෙවී ගොසින්ය...ඔමන්ත කොටි පොලේ සිදු වූයේ මහා රස්තියාදුවකි....
දෙපස වරෙක ලඳු කැලැ ද විටෙක තරමක වනගහනයෙන් යුක්තය, යාපනය දක්වා දිවෙන මග හියක්සේ ඇතට ඇදිගොස් මිරිඟුව සමග බොඳව යයි..ඇතැම් විට රථයක් අප පසුකර ඔමන්ත දෙසට දිවෙයි..එසේ යන ඇතැම් ඒවායේ වා කවුලු ඝන කලු පාටින් ආවරනය කොට ඇත ඒ එල්ටිටී වාහන විය යුතුය. අප පිරිස හැරුනුකල හත්පස මිනිස් පුලුටක් නැත්තේමය, මේ වනවිට අප රැගත් වාහන තරමක වේගයක් ගෙන තිබේ...
රැගෙනවිත් විත් තිබු කැම පාර්සල් පමාවිම හෙතුවෙන් නරක් වී තිබින, එබැවින් දහවල් ආහරය බිස්කට්වලට සීමාවිය.දැන් දැන් කුසගින්න නොසන්සුන් බව අප වෙලාපැතිරි පවති. සවස 5.30 පමන වනවිට කොටින්ගේ හදවත බඳු වූ කිලිනොච්චි වෙත පැමිනිමට හැකිවිය. එම නගරය පසුකිරිම දී අපගේ වේගය සැලකියයුතු ලෙස බාලවිය, මන්ද යත් නගර හරහා ගමන්කිරිමෙදී උපරිම වෙගය පැ.සැ 20 පමන විමය.
නගරය තරමක් කලබල කාරි බවින් යුක්ත වූ අතර තැන් තැන් වල විශාල ගොඩනැගිලි ස්මාරක දැකිය හැක.කොටි පොලොසිය මාර්ගය පුරා රැදිසිට වාහන මෙහෙයවයි. සවස 6 පමන වූ කල අප අලි මන්කඩ පසුකලේමු... ඒ මග පසුකිරිම තරමක් ශොකය දනවන කාරියකින් යුක්තය පෙර අප හමුදාවට අයත් බල කඳවුරක් වු එතැන මෙකල අප හමුදාවේ නටබුන් වූ යුධ ටැංකි ශොබර ස්මාරක සේ තන්හි තන්හි රැදි ඇති ස්ථානයක් බවට පත්ව ඇත.
දැන්නම් මුහමලේන් රින්ගා යැමට බැරිබව සක්සුදක් සේ පැහැදිලිය. ඉදිරියෙන් පැමිනෙන සාමන්‍ය වාහන ප්‍රධාන එලි දල්වමින් අපට සන්ඤා කරයි.නමුත් දෛයිවය එසේ විසඳි ඇත සවස 6.30 ට අප මුහමලේ ට පැමිනියද, කොටින් අප එ තැනින් මුදා හැරිමට කැමති වුවද අප හමුදාව අකමැත්ත පල කරනලදී., මන්ද යත් අඳුරට මුවාවි අප සමග කොටි බිල්ලක් හමුදාව වෙත එවිය හැකි බැවින.
අද දින අප මුහමලේ පොල් අතු පැල්කොට අතර ගතකල යුතුය, ජන්ගම දුරකතන සංඥා පද්දතීන් ද ක්‍රියා විරහිතවී ඇත. වැල්ලෙන් ඝහන වු ඒ බිමෙහි රථ ගාල්කරවු අප සැම කොටි බිමේ ඇති කුඩා ලිඳකින් අතපය සොදා ගතිමු.පොල් අතු පැල්කොට අතර සදා තිබු කුඩා කඩයෙහි කැමට තිබුනේ රොටි සහ බිස්කට් පමනි. නමුත් නොයෙක් මාදිලියේ පැනි බිම වර්ග බොහො විය. රොටි සමග තිබු කට්ට සම්බොලයකින් කුසගින්න නිවාගැනිමට අපට සිදුවිය. පොල් අතු මඩු බිමෙහි සිමෙන්තියෙන් සකසා තිබුනද වැලිපොලොංගුන්ගෙන් ආරක්ෂා වියයුතු බැවින් එහි නිදාගත නොහැක. රාත්‍රි අඳුර මොරා එන්නට වූ කල අපෙන් කිහිප දෙනෙකු වැන් රථ තුලද සමහරෙක් ලොරි රථ දෙකද තම සයනය කරගත්තොය.
විටින් විට එල්ටිටීයට අයත් වාහන ගමන් කරන හඬ අඳුර පීරාගෙන දෙසවන වැකිනි. නින්දත් නොනින්දත් අතර සිටි ඒ රාත්‍රියේ කිහිප වතාවක් විදුලි පන්දම් එලි ඒමේ අත ගලාගියේය.අසහනකාරිවූ ..කාලය පහව යමින් ටිකෙන් ටික එලිය වැටෙන්නට විය. උදැසන 7.00 පසු අප හමුදා එකකය ඔමන්තේ සිට එන්නන් යාපන සීමාවට ඇතුල් කරනා බැවින් ඉක්මනින් සුදානම් වී මුහමලේ කොටි කඳවුර පසුකලේමු.
වැරදිමකි සමාවන්න වර්ෂය 2004 විය යුතුය
ReplyDeleteහ්ම්ම්ම්!
ReplyDeleteභායානක අවස්ථා කීපයක් නේද රාජ්.....අඳුරු කාලවකවානුවක අඳුරු මතක කියලයි මට හිතෙන්නේ...
(රාජ් ට දිල්ගෙන් ආයෙමත් චූටි අවවාදයක්....හිතවත් කමත් සහ දිරිමත් කිරීමක් විදිහට....මොකද රාජ් වගේ සංචාරකයෝ බ්ලොග් කලාවේ ඉන්න ඕනේ.ලියපු දේ ආයෙම එක පාරක් හරි කියවලා බලන්න රාජ් බ්ලොග් අඩවියේ පල කරන්න කලින්. කියවන් යද්දී අඩු පාඩු බොහෝමයක් හමුවෙයි...)
ඇත්තේන්ම ස්තුති දිල්...
ReplyDeletenice blog ayya. Cannot type in Sinhala at the moment. Digatama me wage liyanna. All the very best
ReplyDeleteස්තුතී පූස් මලේ...
ReplyDelete