Monday, March 3, 2014

සිරා ලමයගේ ඡ්න්ද සටන..............




ආරොං අයියගේ බාල  පුතන්ඩියා
කසිප්පු පෙරලා ගමට  බෙදන්නියා
පොලොසියෙන් පැන කුදලන් යන්නියා
දහ මාසයකට හිරේ ලගින්නියා

මහර මහගෙදර සැමදා පොලිමකි
ජම්පර ගැසූ මහතුන් වෙති තැටි අතැති
හොඳ හොඳ විසිට් ඒ අතරින් ඇතුල් වෙති
මුට්ටිය අඩියේ බඩු මිටි සහ ජංගමෙකි

මහගෙදරට සිරා ඇවිත් මාස පහක් ගතවුනා
ගහට ගහක් මොරටුවේ මෙන් ගජ මිතුරන් හමුවුනා
අලුත් ගේම් එකක් දෙන්න කස්ටිය කතිකා උනා
මේදා සැරේ එලියට විත් සත්ගුනවත් වෙමි මෙමා

කොයි කාටත් හොර රහසේ දහමාසය ගතවුනා
නැෂනල් කිට් එකට බැහැපු සිරා ලමයා පැමිනියා
අලුත් ඡ්න්දේ අතලඟ බැව් වැර්ලසේ මොරදෙනා
හිනා කටයි සිරාගේ වත බොක්කුවල ඇලවුනා

හරක් පට්ටිවල හරකුන් අතුරුදහන් කෙරුවේ කවුද
කැකිරි පිපිඤ්ඤා කැව්වට බඩගින්දර නිවෙනවාද
රට රස්සාවල් දුන්නට ගමේ උන්ට හරි ගියාද
අබිලින්ගේ කෙප්ප වලට මේ පාරත් අහුවෙනවද

හොරකසිප්පු ජාවාරම ගමෙන් තුරං කරනවා මං
බිඩි සුරුට්ටුයි අබිනුයි අතුගාලා දානවා මං
ලෝකේ පැරණි රස්සාවට නංගිලාව දෙන්නෑ මං
කුඩු පැනි ටැබ්ලට් අරක්කු ගමට ගෙන්නෙත් නෑ මං

අම්මේ තාත්තේ මාමේ නංගි මල්ලි මේ   අහන්න
මා දිනුවොත් ඔබත් දිනුම් එපා දෙපාරක් හිතන්න
අටේ ඉලක්කමට කෙලින් කතිර ලකුන දමා යන්න
සත්ගුනවත් සිරා ලමයා කවුන්සලේටම අරින්න




Tuesday, February 11, 2014

අඬන සීන්...........




හවස 4ට ආපු..

රුහුනේ නැගලා

සුදු පෙනකැටි පිපිරෙන

මුහුදු හුලඟේ දැවටි දැවටි

ඉස්සර..

නන්දලා පියල්ලා හිටපු

කොග්ගල පැත්ත

පහුකරාන

ගොම්මන් කලුවර

ඉහිං කනින් පෙරෙන

වෙලාවක...

මාතර ස්ටෙෂමෙන්

බැහැපු

මං...

එකල අප පාසැල් යන වියෙහි පසුවූවො විමු, කියවිමෙහි සාපිපාසාවෙන් පෙලෙන්නන් වූ අප මාටින් වික්‍රමසිංහයන් ගේ නවකතාවන්හි ඇලුනේ පැනි කෝවක දැවටෙන කුහුඹුවන් සේ යැයි විටෙක මට සිතේ. එතකුදු නොවි අප අතරට පැමිනි කතාපෙට්ටියෙන් එදා අප පොත්වලින් මවාගත් රූ සිහින සජීවිකරනය වී දැස් ඉදිරිපිට මැවූ අපූරු රිදිපට දැකුම්හි වාසනාවන්තයෝ වූයේ යැයි කීම, අද පරම්පරාවට නීයවීමකැයි ද නොසිතමි. 

නමුත්

දඹදිව්කරණයට මෙන්ම වානිජ්‍යමය සොදාපාලුවකට ලක්වූ  නවීන කතාපෙට්ටිය ලමා වැඩිහිටි කාගේත් මැදසාලයට බලෙන්ම පැමින සල්ලි බෙදන යන්ත්‍රයක් බවට පත්වීම තුල, විදීම සහ විඳවීම අතර කලා කෘතීන් දෝලනය වෙමින් පවතින බැව් මාගේ හැඟීමයි..!

එසේම කුඩාවුන්වු අප වටා එකල මහා තාක්ෂනික පරිනාමයක් සිදුවි නොතිබීමම, අප සිත්සතන් පොත්පත් හි ඇඳබැඳ තබා ගැන්මට වඩා ඉඩප්‍රස්තාවක් සැලසිනැයි යන සියුම් සිතිවිල්ල විටෙක මසිතේහි ඇඳේ.

නමුත් වර්ථමාන ලමයාගේ රුචි අරුචිකම් සහ ඔවුන්ගේ විඳිමෙහි නව හැඩය ලඝුකොට තැකීම ඔවුන් කෙරෙහි වැඩිහිටි අප දැක්වූ හුදු ඊර්ෂ්‍යයාවකැයි කීමටද මා පසුබට නොවෙමි.

එහේත් පසුගිය සතියක රාජකාරිනිමාවු එක් සැඳැවක, මා ගමන් ගත් බස් රථයෙහිම රැඳිසිටි පාසැල් ලමුන් දෙදෙනකුගේ මේ දෙබස අපගේ සිංහල සාහිත්‍ය සහ කලාව පිළිබඳව මොහොතක් නැවති සිතීමට තරම් නොවන්නේදැයි සිතීම ඔබේ කාරියකි...

"   මංගාව සින්දු 450 ක් විතර තියෙනවා..."

" මොනාද තියෙන්නේ...."

" ඩ්ජ් මික්ෂ් ඉංග්ලීෂ් එව්වා ගොඩක් තියෙනව ..සිංහල එව්වනම් දෙකයි බං...."

"අඬන සීන් නේ බං  එව්වැ තියෙන්නේ

ඔව් බං.......







Monday, January 27, 2014

බාලිකා බස් රිය......



අරලියගහ අද්දර

තාර පාරේ

කලු දුඹුරු බොරපාට දූලි කැටි

මකාලමින් ගොරහැඬි බව

තැන තැන විසිර ඇති

බාගෙට පරවුනු

කහ අරලීයා මල්

සුවඳ........

නාස්පුඬු කිතිකවද්දි

තාර උනුවී ගලන

මහ පාරේ ඈතින්

මිරිඟුවට නලියන දුම් වලා විනිවිදි..

රිදුම් දෙන නෙත් කෙවෙනි

පැතුම් පොදි මොරදෙද්දී

ඇයි ද..!

අද තව නැත්තේ

බාලිකා බස් රිය..........




Tuesday, December 24, 2013

මගේ කතාව ආච්චිගේ කතාව සහ පොලීසියේ කතාව.............



 කතා තුනම ඇත්තය තුන්‍යා කාරයකට සිදුවෙච්චි ඒව්වාය.

 නමුත් මතක් කලයුතු එකක් ඇත ඒ  ගිය සතියේ අපේ එකාලා පට්ට ෆන් එකක් ගත් ගල්කිස්සේ බ්ලොග් සාජ්ජෙය...මා නොගියත් ගිය එකාලා වෙනුවෙන් සංවිධායක සෙට්ටුවට ස්තුතීය. වෙනත් ෆන් එකක් කලින් බුක්කර තිබු බැවින් මා හට අම්බලන්තොට යෑමට සිදුවිය. අර කියමනේ හැටියට ගසට ගසක් මොරටුවෙදි හමුවෙන්නාක් මෙන් Raj ට එහිදි  රාජ්  හමුවීමද සතුටට කාරනාවක් විය. රයිට් බැක්ටුද කතාවට එමු.
  
අපේ ලොකු මාමාගේ එරියල් එකෙන් ඡ්න්ද හිමි නාමලේඛනයට නම ඔබ්බවා ගැනිමේ සටනක මා නියැලි සිටියේ මේ අල්ලපනල්ලේය. හේතුනම් අහන්ඩ එපා පුතෝ දන්නා උන් දන්නේය නැත්නම් තාත්තා කෙනෙක් උනායින් පහු දැනගන්නේය. කෙසේ හෝ මා ප්‍රොජෙක්ටුවට කරගහන විට සාමාන්‍ය ක්‍රමයට නාමලේඛනය පිරවී අවසන්ය. ඉතින් ඇපැලක් දැමුවෙමි කාලය පියාඹා ගියේය. කිහිප දෙනකුටම සම්මුඛ පර්යෙෂන කැඳවුවත් මට එවන් එකකට ලිපියක් ලැබුනේ නැත. නැතහොත් මාමාගේ ගෙදරට ලියුම් කරු පැමිනිම නවතා ඇත. නමුත් ගිය බුරහස්පතින්දා මාමා කියන පරිදි ලියුමක් ලැබී තිබින.

පස්වනක් ප්‍රිතිය කරේගසාගත් මා කුකුලාත් අතින්ගෙන මාමාගේ ගෙදරට පාත්විමි. ලිපිය පැමින ඇත්තේ මැතිවරණ කාර්යාලයෙනි අහෝ ඛේදයකි " ඔබ පරික්ෂණයට නොපැමිනි බැවින් ඇපැල ඉවත දමන ලදි" මොන මගුලක් ද මේ, මා හට එහෙව් කැඳවීමක් ලැබුනේ නැත. ඇරත් එහේව් එකක් ආවේ නැතිබවට මාමා ආචිචි අම්මා මතක් කොට දිවුරා තිබින . වරම අතටගත් මා රාජගිරියේ මැතිවරණ කාර්‍යාලය බලා පියැඹිමි. අම්මපා නියොජ්‍ය කොමාට හෝ දෙකක් කියා එමියි තිර අදිටනින් එහි ගියෙමි.

නමුත් සිදුවි තිබුනේ අනේකකි ආච්චි අම්මා දිව්‍යලොකේ හිටං කිවිසුම් අම්බානක අරින්නට ඇත. මාමා ගෙදර නොමැති වෙලේ පියුම් මාමා පැමින ලියුම ආපහු ගෙනැවිත් මැතිවරණ කාර්‍යලයට දි ඇත. අර ලියුම ලැබුනේත් මේ ලියුම නොලැබුනේත් පියුම් මාමා ආපහු ගෙනා ලියුම ලෙජිස්ටාර් පොස්ට් එකේ එවා තිබූ බැවිනි.
සටනේ හොඳම හරිය දැන්ය. මැතිවරණ කාර්‍යාලයේ සෙවක පිරිසනම් පට්ටය එතැන දැන් වැඩකරන්නේ බොහොමයක් තරුණ කාන්ඩේ අයවලුන්ය. සෙනසුරාදා දහවල් වීමට ප්‍රථමයෙන් සියලු ලිපිලේඛන සකස්කොට බාරදීමේ පොරොන්දුව පිට මාහට අදලා ලියුම නැවත ලැබින.

දැන් ග්‍රාම සෙවක උන්දැ සොයාගත යුතුය. සොයා බැලුවිට ඉන්නේ ග්‍රාම නිලධාරිණියකි. නැවත මාමා සමග සෙට්වි ඈ සොයා ගියෙමි  කාර්යාලය තිබුනත් ඈ සිටියේ නැත. බුරහස්පතින්දාට පැමින හමුවන ලෙසට එහි දැන්වීමක් දමා ඇත. තවත් අපූරු පොතක්ද එතැන දමා ඇත " ඔබේ අවශ්‍යතාව මෙහි ලියා තබන්න නිවසටම පැමින ඉටුකර දෙමි " අප්පට සිරි පිස්සු පීකදුය මට නම් සුවර් එහේම වැඩ ලංකාවෙ වෙන්නේ නැත උනොත් එංගලන්තේ තමයිය.

තාත්තා දන්නා උන්දැලා කිහිප දෙනෙකු අමතා ග්‍රාම නිලධාරිණිය ඉන්නා ඉසව්ව දැන ගතිමි. උන්දෑ සොයා ගියපසු ඇගේ උෂ්නේට අසුවිමෙන් අතපයද පිච්චි ගියේය. ඒකට කමක් නැත ග්‍රාම රැජින ලිපිය සීල් ගසා වැඩේ බැලන්ස් කර දුන්නේය.  ඇයට තාන්න මාන්න දුන්නේ නම් රැස්පට් නොබලාම වැඩේ කොරගන්නට තිබුන බව පසුව දැනගන්නට ලැබින. පසු කලේක ඈය මුනගැසි තූටු පඬුරු දිය යුතුය නැතිනම් අනාගතය අඳුරුවන්නේමය.

හම්මේ වෙලාව සවස 5හ පසුවී තිබුනත් මැතිවරණ කාර්‍යාලයේ තරුණ ඈයන් රෑ වන තුරු සිටිනා බව දත් හෙයින් නැවත එහි ගියෙමි. ආ මගදි අපේ වැප් උන්නැහේත් මුන ගැසින. ගෙට්ටුවේ සිකියුරිටි තරුණ මහතාට පින්සිදු වන්නට යාන්තම් ඇතුලට රිංගා ගත හැකිවිය. අහෝ ඛෙදයකි සියලු ලිපි පරික්ෂාකිරිමෙන් පසු මාගේ අයිඩින්ටියෙන් කොම්පිතරයද පරික්ෂාකල පිංවත් සෙවක මහතුන්, දැනටමත් අපේ ග්‍රාම නිලධාරි තැන මා ඡ්න්දදායකයකු ලෙසට ගමේ රෙජිස්ටර් කර තිබෙන බැවින් මෙවර මාමගේ එරියල් එකට රෙජිස්ටර් කරගත නොහැකි බව පැවසීමත් සමග උදැසන සිට කොරන ලද සියලූ වැයම් ගඟට කැපු ඉනිමෙන් හුලඟේ ගසා යන සැටි බලාසිට ගෙදර ගියෙමි.

    තාත්තා කියු පරිදි මෙවර ගෙදර ඡන්ද ලේඛනයට මාගේ නම සටහන් කර නොයැවූවත් අපේ ග්‍රාම සෙවක තැන වැඩි පරිස්සමට ගියවර ලේඛනය බලා මෙවරත් අපූරුවට පුරවා යවා ඇත. කවුරුන් හෝ පැමිනි පසු මුලින්ම අයිඩින්ටිය කොම්පීතරයේ ඔබා තොරතුරු දැනගැනිමේ නුවන මැතිවරණ කාර්‍යාල තරුණ ඈයන්ට පහලවේවායි මා ප්‍රාර්ථනා කරමි.

ආච්චීගේ කතාව පටන්ගන්නේ මේසේය

 ඒ කෙසේද යත් අපේ ඔෆිසියේ ලකියාගේ ගම මහනුවරය. ඇගේ ආච්චි ගියවර පිච්චමල් පුජාවට අනුරාධපුරයේ යැමට ලකලැහැස්ති විය. ඈ සමග යාමට ගමේ නඩයක්ද සෙට්වි සිටියේය. නමුත් ගමන පිටත්වන දින උදයේ ආච්චිගේ පමාව හේතුවෙන් නඩය පිටත් වී තිබින. ආච්චි අම්මාද වැඩේ අතඇරියේ නැත තනිවම අනුරාධපුරය බලා පිටත් විය. ආච්චි පිච්චමල් පුජාවට සහභාගිවිය. පිංකම් පොළේ සෙනග අතර තෙරපෙමින් ආච්චි ඇවිදින විට එහි පැමින සිටි  වෙනත් නඩයක් ඔවුන් සිටි තැනින් ඉඩක් ආච්චිට අසුන් ගැනිමට ලබා දින. ඔය අල්ල පනල්ලේ ගමේ සිට පැමිනි නඩය පිංකම් පොළේ සිටින අයුරු දකීමෙන් ආච්චි නැවත ඔවුන් අතරට එක්විය. පිංකම අවසන්වීමෙන් පසු නැවත ගෙදර ඒමට සැරසි ආච්චි අම්මාට, තමන්ගේ නඩය සුපුරුදු පරිදි මගහැරිනි.

ඔය අතර කලින් හිඳගැනිමට ඉඩක් ලබාදුන් නඩය නැවත ආච්චි අම්මාට මුලිච්චි විය. පොඩි දොෂාරොපනයක්ද එල්ල කිරිමෙන් අනතුරුව ඔවුන් ආච්චි අම්මාව නුවර බසයකට නැංවූයේය. නමුත් ඈ මග හැරුන ගමේ නඩය ගමට පැමිනියේ පසුදා සවසය. සිදුවිඇත්තේ අනේකකි ආච්චි බසයක නැගුනද, අරකී නඩය කොච්චියේ පැමින ඇත. ගමන් මහන්සියට දෝ කොච්චියෙදි නඩය හොඳහැටි නින්දගියෝය. ඉදින් පොල්ගහවෙලින් බැසිමට අමතකවිය, නින්දෙන්ම කොළඹට පැමියේය. පසුව නැවත නුවර කොච්චියක ගමට පැමිනිමට නඩයට සුදුවින.

දැන් පොලොසීයේ කතාවය

මේත් අපේ  මිතුරෙකි වඳින්නට ගිය දේවාලය ඔලුවට පාත්විමෙන් සිදුවුන නස්පැත්තියකි. අධිවෙගි මගේ එක්තරා දවසක රාතියේ අපේ කතා නායකයාගේ පියා පොදු ප්‍රවාහන සෙවයෙන් ගාල්ල බලා ගමන් කරතිබින. බසයෙන් බසින විටදි ගැලැක්සි ෆොනයක් බසයේ තිබි සම්බවී ඇත . පසුව ඔහු එම ජංගම දුරකථනය අපේ කතානායකයාට ලබාදින.

ඒ වනවිටත් දුරකථනය හිමිකරු දුරකථන අංකය ක්‍රියා විරහිත කොට තිබින. නමුත් ඒහි තිබු එක් අංකයකට අපේ මිතුරා කතාකර දුරකථනය තමාට ලැබි ඇති බැවින් ඒය අයිති කරුට පැමින ලබාගන්නා ලෙසට පනිවිඩයක් තැබිය.

දුරකථනය ලබාගැමට හිමිකරු පැමිනෙන බව කිවත් ඔහු පැමිනියේ නැත. ඒ වෙනුවට බොරැල්ලට පැමින දුරකථනය ලබාදෙන මෙන් අපේ මිතුරාට විධානයක්ද පනවන ලදි. අවසානයේ ඇතිවු දුරකථන සංවාදයෙන් පසුව මිතුරාට සිදුවූයේ දුරකථනයත් රැගෙන බොරැල්ල පොලිසියේ පෙනිසිටිමටය.

ඒ වන විටත් අදාල දුරකථන හිමිකරු බොරැල්ල පොලිසීයේ ඇන්ට්‍රියක් දමා තිබින. පැය දෙකක පමන වෙලාවක් කට උත්තර දීමෙන් පසුව ලොක්කෙකුගේ පිහිටෙන් උසාවි නොගොස් බේරීයෑමට අපේ මිතුරාට හැකිව තිබින.

අපේ කතානායක කියන පරිදි  මැරෙන්න වැටි සිටින එකෙකුවත් ඉස්පිරිතාලයකට ගිහින් දැමීම අමන වැඩකි මන්ද පොලොසියෙන් තොන්ඩුව දමන්නේ උපකාර කල එකාටය.


හේම් එහේනම් ලබන්නාවු අලුත් අවුරුද්ද සැමට සුබ වේවායි පතන්නේමි. දවසක් ගතවු පසු එයද පරණ වෙන්නේමය. නැවත ලබන අවුරුද්දේ පරණ දවසක සෙට්වෙමු එතෙක් ජය...!!!







Wednesday, November 27, 2013

ඉවරයි



ඒක ඉවර උනේ හිතාගන්ඩවත් බැරි වේගෙකින්. ලෝයර් හරි විදිහට තර්ක ගොඩනගපු නිසා නඩුකාරතුමාට තින්දුව දෙන්න ලේසි උනා කියල උසාවියෙන් එලියට එන අය කියනවා මටත් යන්තමට වගේ ඇහුනා.

අවුරුද්දක් විතර අපි ඇතිවෙන්න රංඩු උනා. මුලින් වචනවලින් විතරක් උනාට අන්තිම හරියට එනකොට අතට අහුවෙන දෙකින් දමලා ගහන්න තරම් තත්වේ නරක අතට හැරිලයි තිබුනේ.

අන්තිමට චූටි පුතා අම්මලගේ ගෙදර නතරකරලා එන්න සිද්ද උනේ කවදාහරි එයත් මේවගේ තත්වෙකට පත්වෙයි කියන බය හිතේ දෝංකාර දෙන්ඩ පටන්ගත්තට පස්සෙයි

අපි ආදරේ කරන්න පටන්ගත්ත කාලේ ඉඳන්ම දිගටම තිබ්බේ රංඩුම තමයි කියල මට දැන් හිතෙනවා. හැබැයි ඒවා එච්චර් සීරියස් උනේ නෑ

" ඔය අයිස්ක්‍රීම් එකෙන් බාගයක් මට ඔනේ..."

" ඇයි දැං එකක් කෑවේ.."

" හරි ඔයාට ඔය ඔක්කොම කන්ඩ ඔන්නැනේ මට දෙන්න..."

වැඩේ කියන්නේ දෙන්නටම බඳින්න ඔන උන වෙලාවේ අම්මලාට ඔන උනා දෙන්නගේම කෙන්දර බලවන්න. ඒ වෙනකොටත් අපි ඔක කම්පියුටරෙන් බලවගෙනයි තිබුනේ, වැඩේ තීතට ගැලපිලා තිබුන හින්දා අපිට සතපහක බයක් තිබුනේ නෑ, අන්තිමට එයාලත් ඒ ගැන මුකුත් කතාකලේ නෑ.

කොහොම හරි මගුල් ගෙදර වැඩ ටිකත් රංඩුවකින් දෙකකින් ඉවරයක් කරගන්න අපට පුලුවං උනා. සීරියස් කියලා හිතන්ඩ පුලුවන් කේස් එකකට තිබ්බේ වෙඩිං ඉන්විටෙෂන් කාඩ් එකක් ඉරාගත්ත දවස විතරයි කියලයි මට මතක.

" ඔයා කියන්නේ මේක හොඳයි කියලද..."

" ඔව්, ඇයි මේකේ ගානත් ෂේප් අනික ලුක් එකත් පට්ටනේ..."

" ඊයා.. ඔයාටනම් කිසිම දේක ටෙෂ්ට් එකක් නෑ...කෝ දෙනව ඔක මෙහාට…. බ්‍රාස්..!@#$% ..."

අන්තිමට මටත් මේක ඇතිවෙලයි තිබුනේ. හොඳයි කියල එහේකට තිබුනේ චූටි පුතා ඉපදිච්චි එක විතරයි. මම හිතන්නෑ අම්මා ගාවයි තාත්තා ගාවයි සතියකට සැරයක් වෙනම ඉන්න වෙන එක, ඒයාට මහ ලොකුවට දැනේවී කියල.. , මොකද ඒයාට ලැබෙන ලොකුම සැනසීම තමයි කනක් ඇහිලා ඉන්න පුලුවන් වෙන එක..

හේම් එකත් ඉවරයි එහේනම්.......


                                                                       ඉවරයි.

ප.ලි

  ඔන්න ඊයේ හවස අම්මගෙන් කොල් එකක් එනව...

"  කවුද ඉංග්‍රිසි Raj  කියල එතකොට සිංහල රාජ් කවුද..."

මම බැලුව අම්ම කොහෙන්ද මෙව්වා දන්නේ කියල 

" ඉංග්‍රිසි Raj  මම සිංහල එක්කෙනා ඉන්නේ හම්බන්තොට "

" එතකොට මාල දිවයිනේ ඉන්නේ කවුද..."

අන්න එතකොට තමයි මීටරේට වැටුනේ අපේ ඩියුඩ් ව තාත්තට හම්බෙලා නේව, තාත්තා තමයි ගින්න දිලා තියෙන්නේ අම්මට...

පස්සේ ඉතින් මම විස්තරේ පැහැදිලි කොරල දුන්නා 

" මොනවද බ්ලොග් කියන්නේ..."

" ආ ඒ මේ අර පත්තර ...ම් එතකොට ඩයරි...ඩයරි ලියනව වගේ එකක් අම්මේ..."

" හෆෝ යන්තම් ගොඩදාගත්තා ..ඔව්ව කියල දෙනව කියන්නේ පනයන වැඩක් නේව...හික්ස්.."




.

Tuesday, November 12, 2013

සෙම් කුනාටුව.......



උගුරු බඳේ පැටලෙමින්...

නාස් කුහරේ දැවටෙමින්..

කන් අඩි දෙක පහුරමින්..

මොල කුහරය තෙරපමින්..

හතරහන්දි අඹරමින්..

සිදුවුන මහ නස්පැත්තිය..

යන්තම්වත් ගොඩ ගන්නට...!

ගත්තෙමි සමහන් එකක්..

පස්පංගුවේ බාගයක්..

කොත්තමල්ලි හැඳි දෙකක්..

පේයාවෙන් ඇබිංදක්..

පිරිටන් ටැබ්ලට් එකක්..

පැනඩොල් පෙති දෙකතුනක්..

විටමින් සී කැබැල්ලක්...

පෙරදිගත්.. බටහිරත්....!

කලවම් වී.. කුරුවල් වී..


හම්මෝ.....!!!


Thursday, October 3, 2013

අත් පටලා යමු ආයේ....


අපේ ලොකු රාජ් එතකොට සිරා මලයා එහේම සින්දු ගැන බ්ලොගේ ලෑටි ගාන කොට මටත් හීනියට හිතුනා ආපහු සිංදු කොත්තුවක් ලිව්වොත් හොඳා කියලා ඒත් ඒ අදහස පැත්තකට දලා මෙන්න මෙහේම ලියන්න හිතුනා...
  ආදරෙන් වෙලිච්ච පෙම්වතුන් ඉන්න වටපිටාවටත් හරියට වසන්තකාලේ එළැඹිලාවගේ හරි අපුරුයි නේව අන්න එහේම වෙලාවක පරිසරයත් සතුටින් බලාන ඉන්නේ මේ පෙම්වතුන්ගේ සතුට දිහා
මේගීයත් හරියට ආන්න ඒවගේ කියලයි මට හිතුනේ....

ගහ කොළ මල් කඳු වැටි නිසොල්මනේ....
          අසා සිටිනවා අපේ පෙම් පිළිසඳරේ...............
රසවැහේන සිලෝ ගීතිකා රහසේ....
          දැස්වලින් කතාකරමු...,  දැස් වලින් රහසේ.......

ආදරයක් හටගන්නත් සිතිවිලි හැඟුමන් පිබිදෙන්ට එපායැ.. ආදරෙන් කුල්මත් වෙච්චි පෙම්වතුන් යුවලකට  එකට මුනගැහිලා කල්පයක් පෙම්බස් දෙඩුවත් හරියට එක විනාඩියක් ගතවුනා වගේ තමයි ඉතින් දැනෙන්නේ මේ ගීයෙන් කියැවෙන්නේත් එහේම කතාවක් කියලයි මට හිතුනේ........

අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්...
ඉඩ ලබාගනිමු තරමින් වියතක්..
හඳපානේ මඳ අඳුරේ
අත් පටලා යමු ආයේ....

වෙලාවකට මොනදේ ලැබුනත් සැනහෙන්න බැරිගතියක් තියෙනව නේව ඒ අපේ මනුස්ස ජාතියේ හැටි කොච්චර ආදරෙන් වෙලීපටැලී සිටිය යුවලක් උනත් මොහොතකින් සිතිවිලි කැඩිබිඳි ඉගිලි යන්න තියෙන අවස්තාවන් බොහොම වැඩියි. තනි තරුවටත්, වික්ටර් රත්නායකයන් කියන්න ඇත්තේ ඒ ටික නේද...

මහද අරනේ ලතැවි ලතැවි...
රැඳෙනු බැරිව ඉගිලි ඉගිලි...
මගෙන් ඉවත ඇදිලා සැනහී....
තනි තරුවේ......

ඔහොම ටිකෙන් ටික කැඩිලා බිඳිලා හැල හැප්පීම් වෙච්චි පෙම් කුඩුවෙන් එක්තරා දිනෙක කිරිල්ලි එක පැත්තකටත්, කුරුල්ලා තවපැත්තකටත් ඉගිලිලා යනකොට පරිසරයට උනත් එක දරාගන්ට බැරිවෙන්නේ හරියට වසන්තයෙන් පස්සේ කටුක ශීතලෙන් ගහකොල හැකිලෙන්නාක් වාගේ නොවෙද.. මේ ගියෙන් කියැවෙන්නේත් එවැනි කතාවක් ද....?

එපා හිරු පායන්න...
   අදින් පසු මගේ ලොවට...
අදයි අවසන් දවස..
   ඇගෙන් මා...
     මගෙන් ඈ සමුගන්න.........

මම හිතන්නේ කාලය තමයි බොහෝ ගැටළු වලට පිළිතුරු සපයන හොඳම බෙහෙත කියලයි වසර කිහිපයක් ගෙවිලා ගිහින් පැරණි සිතිවිලි වියැකිලා අලුත් සිතිවිලි පිබිදිලා ජිවිතේ වෙනස් වෙලා කාලය ගතවෙලා යන්නේ හරිම පුදුම විදිහටනේ.. ඔහොම ගෙවෙන ජිවිතේ ගිමන්හරින්නට නවතින තත්පර කිහිපයකදි අර පරණ මතක හිටිගමන් සිතිවිලි අතර හොල්මන් කරන එක සක්කරයටවත් නවත්වන්ට බැහැ කියලයි මගේ හැඟීම. අන්න එහේව් වෙලාවකට අපූරුවට ගැලපෙන ගීයක් නොවෙද මේ ගැයෙන්නේ.........!

දිනෙක හිරු බැස යන වෙලාවක...
සයුරු වෙරළක හුදෙකලාවක...
කල්පනාවේ සිටින මොහොතක...
මතක් විය සිතිවිලි අතීතෙක....

වික්ටර් රත්නායකයන්ගේ මෙවන් අපූර්ව ගීත ගොන්නක කිමිදිලා හිටිය මට ඇතිවුන සිතිවිලි මේවිදිහට බ්ලොගේ ලැටිගාන්න හිතුනා, එහේව් ගීත ඔබට කොහොමද දැනුනේ...?  ඉඩහරින්න ඔබේ සිතිවිලි වලට ඉගිලෙන්නට….!!!