ආරොං අයියගේ
බාල පුතන්ඩියා
කසිප්පු පෙරලා
ගමට බෙදන්නියා
පොලොසියෙන්
පැන කුදලන් යන්නියා
දහ මාසයකට
හිරේ ලගින්නියා
මහර මහගෙදර
සැමදා පොලිමකි
ජම්පර ගැසූ
මහතුන් වෙති තැටි අතැති
හොඳ හොඳ
විසිට් ඒ අතරින් ඇතුල් වෙති
මුට්ටිය අඩියේ
බඩු මිටි සහ ජංගමෙකි
මහගෙදරට සිරා
ඇවිත් මාස පහක් ගතවුනා
ගහට ගහක්
මොරටුවේ මෙන් ගජ මිතුරන් හමුවුනා
අලුත් ගේම්
එකක් දෙන්න කස්ටිය කතිකා උනා
මේදා සැරේ
එලියට විත් සත්ගුනවත් වෙමි මෙමා
කොයි කාටත්
හොර රහසේ දහමාසය ගතවුනා
නැෂනල් කිට්
එකට බැහැපු සිරා ලමයා පැමිනියා
අලුත් ඡ්න්දේ
අතලඟ බැව් වැර්ලසේ මොරදෙනා
හිනා කටයි
සිරාගේ වත බොක්කුවල ඇලවුනා
හරක් පට්ටිවල
හරකුන් අතුරුදහන් කෙරුවේ කවුද
කැකිරි
පිපිඤ්ඤා කැව්වට බඩගින්දර නිවෙනවාද
රට රස්සාවල්
දුන්නට ගමේ උන්ට හරි ගියාද
අබිලින්ගේ
කෙප්ප වලට මේ පාරත් අහුවෙනවද
හොරකසිප්පු
ජාවාරම ගමෙන් තුරං කරනවා මං
බිඩි
සුරුට්ටුයි අබිනුයි අතුගාලා දානවා මං
ලෝකේ පැරණි
රස්සාවට නංගිලාව දෙන්නෑ මං
කුඩු පැනි
ටැබ්ලට් අරක්කු ගමට ගෙන්නෙත් නෑ මං
අම්මේ තාත්තේ
මාමේ නංගි මල්ලි මේ අහන්න
මා දිනුවොත්
ඔබත් දිනුම් එපා දෙපාරක් හිතන්න
අටේ ඉලක්කමට
කෙලින් කතිර ලකුන දමා යන්න
සත්ගුනවත්
සිරා ලමයා කවුන්සලේටම අරින්න
හතරපස් පොලක එලිවැට මැරුට පට්ට කවි සෙට් එක
ReplyDeleteමචං එලි වැට කිව්වේ....
Deleteබීල එද්දි සරම පැටලෙන වත්ත එලියෙන් ගහල තියෙන වැටද??
සැමා හෙහ්...හෙහ්.....එල...
Deleteඅනේ අටමෝ මම දන්නැ බොල ඔය වැටවල් ගැන හිතට ආවා ලිව්වා එච්චරයි හික්ස්...!!!
Deleteමොනවද අටමො බල බල ඉන්නෙ...සෑමට දීහංකො කනට ටෝං ගාලා එකක්...
Deleteයකෝ එක වැයික්කියේ එකාල කොටාගන්ඩ ආවොත් ඔක්කොමල්ලා කපලා දානාවා හරි..!@#$% හික්ස්..!!!
Deleteකවි ටික ටොප් මචෝ....
ReplyDeleteතැන්කූ කෙන්ජී..!!!
Deleteමරු මරු, හුඟක් දෙනෙක් ඉතින් ඔහොමනේ..
ReplyDeleteඅනිවා දිනෙෂ් මල්ලි....
Deleteදැන් උඹත් මාසෙකට එකක් ව්‍යාපාරයට බැඳිලා වගේ. කොහොම වුනත් නියමයි. ජය...!
ReplyDeleteඔව් මල්ලි ඔය ව්‍යාපාරයට බැඳිලා අවුරුද්දක් විතර වෙනවද කොහේද....
Deleteමල් හතයි ඈ ..සුපිරි කවි ටිකයි තෙරුමයි
ReplyDeleteස්තුතීයි.....
Deleteහරිම ලස්සන කාලෙ තාලෙට ගැලපෙන පද ටිකක්...
ReplyDeleteස්තුතියි මියුරු....!!!
Deleteමෙදා සැරේ චන්දෙ ඉල්ලන අය ගැන ඇත්තම කතාව කියල තියෙනව,ටොප් කවි ටික.
ReplyDeleteඅපිත් පොඩි හරි සපොර්ට් එකක් දෙන්ඩ එපායැ...!!!
Deletemare maru
ReplyDeleteඑල...!!!
Deleteසිරා කියලා තිබුන නිසා මමත් දුවගෙන ආවා පුක කැඩුන කඩියා වගේ...අනේ අපිනම් අහිංසකයි...
ReplyDeleteඒත් මං බැලුවා මේ පිට දේසංකරේ එකා ජන්ද ඉල්ලන්න කොහොමැයි කියලා
Deleteඅපේ සිරා ගැන මං දන්නව නේව ඔය පද ටික ලියාගෙන යනකොට ඔලුවට ආව නමනේව හික්ස්...!!!
Delete10 මාසේ මදි වගේ! ඛෝමත් අපේ උන් 8 ට ඉස්සරහින් ගහයි කතිරේ ඇස් වහගෙන
ReplyDeleteඅනිවා මල්ලි කතිර ගහන්ඩ අපේ කස්ටිය හරි සූරයොනේ
Deleteදෙමු දෙමු මෙ වගෙ උත්සාහවන්තයො තමයි යවන්න ඔන
ReplyDeleteඅනිවා යවමු...හික්ස්
Deleteදහ මාසයක් හිරේ ගිය එවුන්ව තමයි අඩුම ගානේ දහ අවුරුද්දකටත් පාර්ලිමේන්තු යවන්න ඕන.
ReplyDeleteකියලා වැඩක් නැහැ...........!!!!
Delete