Monday, January 27, 2014

බාලිකා බස් රිය......



අරලියගහ අද්දර

තාර පාරේ

කලු දුඹුරු බොරපාට දූලි කැටි

මකාලමින් ගොරහැඬි බව

තැන තැන විසිර ඇති

බාගෙට පරවුනු

කහ අරලීයා මල්

සුවඳ........

නාස්පුඬු කිතිකවද්දි

තාර උනුවී ගලන

මහ පාරේ ඈතින්

මිරිඟුවට නලියන දුම් වලා විනිවිදි..

රිදුම් දෙන නෙත් කෙවෙනි

පැතුම් පොදි මොරදෙද්දී

ඇයි ද..!

අද තව නැත්තේ

බාලිකා බස් රිය..........




30 comments:

  1. ඈ තාම නෑ.. ඈ තාම නෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සිංදුවකුත් තියෙන්නේ..

      Delete
    2. මටත් මතක් වුනෙ ඕක..

      චිකිං බොං බොං.. ලාල ලාල ලාල ලාල ලාල ලා...

      Delete
    3. ඔව් ඔව් විනොද චාරිකා යනකොට කියවෙන අනිවා සිංදුවක් නේව ඔක විකි බුම් විකි බුම්...ට්‍රප

      Delete
  2. ගොර ගොර හඬ නගමින්,
    කලු දුම් වලා අතරින්...

    ReplyDelete
    Replies
    1. අපේ ලංගමේ ගොඩක් ඒව්වා එහේම නේව ස්කූල් බස් ටිකනම් එහේම්මමයි හික්ස්

      Delete
  3. නිවාඩු දවසක් බොල අද? සෙනසුරාදට දකින හීන

    ReplyDelete
    Replies
    1. ඔව් නේව හීන හීන හැබැයි සුන්දර ඒව්වා

      Delete
  4. ට්‍රැෆික් පොලෝසියෙද වැඩ??

    ReplyDelete
    Replies
    1. හෆොයි නෑ මෙව්වා මේ ඉස්කොලේ කාලේ උන් කොරන කොලු වැඩ නෙව....

      Delete
  5. මාරම දුකක් එන්නේ.. වෙලාවට එන්නේ නැති උනාම.. ඒ වගෙම අපේ එක ඊට කලින් ආවෝත්.... හපෝයි..

    ReplyDelete
    Replies
    1. මෙන්න පාසල් අද්දැකීම් අම්මපා ලොකු අයියේ ඔන්න ඔය වගේ රසවත් සිද්දි ගැන කතා කොරන්ට හිතිලයි මම මේක ලීවේ

      Delete
  6. කොලු කම තමයි නේ

    ReplyDelete
    Replies
    1. අනිවා බොරලු ගොඩ මහත්තයා අර කියල තියෙන්නේ කවුදෝ " වියතක් හරහට සාය පළාලා දඟ යුග පෙන්නා යන විටදි අපේ කොලුකම කොස්කොටන්න දෝ අම්මේ ..." කියලා

      Delete
  7. දෑස රිදෙනවා පාර බලා ඉදලා.....

    ReplyDelete
    Replies
    1. එකෙත් පොඩි මෙව්වා එකක් තිබුනා නේව නේ...!!!

      Delete
  8. හෆොයි, ඉස්සර බාලිකා බස් කීයක් යනකන් බලන් ඉදලද අපි ගෙදර ආවේ.. ඒ ගැන කවර කතාද ඉතින් අයියේ..

    ReplyDelete
    Replies
    1. ජොලි කට්ටක් නේද ....

      Delete
  9. අනේ කොච්චර බලන් ඉන්න ඇද්ද
    ජනෙලේ අයිනේ වාඩිවෙලා ගිය
    ඒක පාර්ශ්වික ආදරය....
    ඇයි බොරුවට හිනාවුනේ
    මම බලන බව දන්න නිසා නේද
    තාම මතකයි
    ඒ කෝමළ හසරැල්ල.....
    කබාය ඉරිලා
    ඊට කමක් නැහැ
    කවුරු බලන්නද
    කවුරු දකින්නද
    මා දැන් මහළු වියේ....

    ReplyDelete
    Replies
    1. මුල වැකි කිහිපයනම් මාරයි ලියන්නකෝ අර කබාය ඉරිච්චි ටික අයින් කරල තව ටිකක්

      Delete
  10. ෂික් වැඩක් නැ කියල.කොච්චර චාටර් කන්න ඇද්ද.පට්ට බඩ ගින්නෙ.තිබහෙ.හයියු

    ReplyDelete
    Replies
    1. අන්න පට්ට අතීත සෙවනැලි....

      Delete
  11. අතිතය සිහි වුනා.... ලස්සනයි ඈ....

    ReplyDelete
    Replies
    1. ස්තුතී ඔබේ ඇගයීමට...!!!

      Delete
  12. මමත් මෙහෙම අරලියා ගස් හෙවනක ඉඳන් ඇය එනතුරු බලා සිටියා මතකයි.

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි මෙන්න නියම අතීත මතකයක්......

      Delete
  13. ඔය කියන්නෙ අපූරුවට ඒ කාලෙ කොරපු ඒවා....පස්සෙ කාලෙක හරි බාලිකා බස් රියෙන් ගොඩ ගියාද ?

    ReplyDelete
    Replies
    1. එතකොට අර සමාදිය ගාව කට්ට කාපුව මතක නෑ බොට නේ...

      Delete
    2. සමාධිය ලග කට්ට කන්න් ඇත්තෙත් ඔබ තුමාම තමා...මොකද මම උ/පෙ ගණිතය හෝ විද්‍යාව කොරාපු එකෙන් නොවේ නෙව..

      Delete
    3. හරි හරි උබත් ඔය ගම්පහ කරක්ගහල නැතුවෑ අම්මපා...D

      Delete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...