උගුරු බඳේ
පැටලෙමින්...
නාස් කුහරේ
දැවටෙමින්..
කන් අඩි දෙක
පහුරමින්..
මොල කුහරය
තෙරපමින්..
හතරහන්දි
අඹරමින්..
සිදුවුන මහ
නස්පැත්තිය..
යන්තම්වත් ගොඩ
ගන්නට...!
ගත්තෙමි සමහන්
එකක්..
පස්පංගුවේ
බාගයක්..
කොත්තමල්ලි
හැඳි දෙකක්..
පේයාවෙන්
ඇබිංදක්..
පිරිටන්
ටැබ්ලට් එකක්..
පැනඩොල් පෙති
දෙකතුනක්..
විටමින් සී
කැබැල්ලක්...
පෙරදිගත්.. බටහිරත්....!
කලවම් වී.. කුරුවල් වී..
හම්මෝ.....!!!
පස් පංගුව නම් ඉතා හොද ප්‍රතිකාරයක් නොවුනත් සෙම් තත්ත්වයට හොද පානයක්. අනෙක් එක ගැන නොදනිමි. නමුත් බටහිර පෙරදිග එසේ කලවම් කිරීම නම් වරදි බව පවසමි.
ReplyDeleteඑකනේව වෙදමහත්තයෝ බටහිර පෙරදිග කලවම් කොරත්තැයින් නේව මේ සංගෙදිය....
Delete“ගල්“ සෙමට හොඳයිලු! සෙම හොඳ කරන්න නෙවේ. නොහැදී ඉන්න
ReplyDeleteඑහේමෙයි කලවම් නොකරම ගත්තොත් පට්ටය......!!!
Deleteහොටු රසය...
ReplyDeleteහෙම්...යම්..යම්...පට්ට....!!!
Deleteසේරම එකට අනා පත එක අටට සිඳවා ද මොකක්ද කරලාද ගැහුවේ? සීනි ටිකක් දා ගත්තොත් අවුලක් වෙයිද දන්නේ නෑ
ReplyDeleteහපොයි එතකොට හඳට යතෑකි..හික්ස්
Deleteඔය ඔක්කොගෙංම ටිකක් වැඩිපුර ගත්තනං ඉක්මනට ගොඩයන්න තිබුන.
ReplyDeleteඔව් ඔව් දිව්‍යලොකේ යතැකි....
Deleteමචං අර ලක් පේයාව පැකට් දෙකක් එක වතුර එකකට දාලා රස්නෙන්ම බීලා ඇඳට වෙලා රෙද්දක් පෙරවගෙන නිදාගනින්.පට ගාලා ප්‍රතිඵල.මංwww.amuthusithuwili.wordpress.com
ReplyDeleteඅඩේ බොන්න කැමතියි අර පෙරෝගෙන නිදාගන්න වැඩේ තමා කොරන්න බැරි මචෝ
Deleteසමහන් ගත්තත් බටහිර ගත්තත් එකයි. සමහන් වලට පිරිටන් දාලා තියෙන්නේ ඇති වෙන්න. පස් පංගුව අරං හෙමිහිට බස්ස ගත්ත නම් හොඳයි.
ReplyDeleteඅප්පට සිරි සමහන් වල පිරිටන් කතාව දන්නේ අද මචං....
Deleteමචෝ සමහන් වලට ප්‍රෙඩ්නසිලන් කියන ටැබ්ලට් එක කුඩුකරලා දානවා කියලා කියනවා. ප්‍රෙඩ්නසිලන් දැන් බොහෝ කාලයක සිට දොස්තරලා දෙන්නේ නැහැ. ඒකේ භයානක අතුරු ආබාධ තියෙනවා කියලා. මේක ඇදුම රෝගයට දෙන බෙහෙතක්. ඉක්මන් සුවය,නමුත් නැතිවම බැරිවෙනවා. මගේ වයිෆ්ගේ අම්මාට මීට අවුරුදු 35 කට පෙර ඉංදියාවේ ඉන්න කාලේ ඔය බෙහෙත නිර්දේශ කරලා තියෙනවා. එයා ඒකට පුරුදු උනා. නැතිවම බැරි උනා. වෙන මොනවා දුන්නත් එයා ඒ බෙහෙතම ගන්නවා. අපේ ලංකාවේ දොස්තරලා පුදුම උනා මෙච්චර කාලයක් ඒ බෙහෙත ගත්තට. ඇටකටු දිරා යෑම, ඉතාම සුළු සීරීමකදි පවා නොදැනීම ලේ ගැලීම වගේ කේස් ගොඩයි. දන්න කෙනෙක් මේ ගැන ලියන්න.
Deleteසමහන් වලට ඕක දානවා කියන එක ඔප්පුවෙලා නැහැ මගේ හිතේ..... ඒත් කියන්න බැහැ.
Predni දෙනවා ලෙඩ්ඩුන්ට හැබැයි කෙටි කාලින ප්‍රතිකාරයක් විදියට. මොකද මේක ස්ටෙරොයිඩ් එකක්. ඒකෙන් ඉක්මන් සුවය ලැබෙනවා. අර මතකද රජාගේ බොරු වෙදා පවා ලෙඩ වලට දුන්නේ ප්‍රෙඩ්නි අධිමාත්‍රා. ළමයාගේ ඉදල වැඩිහිටියා දක්වාම ප්‍රෙඩිනි දෙනවා. ඒත් වැඩිම උනොත් සතියකට පමණයි.. ඒකෙන් ලොකු සුවයක් ලැබෙනවා. දිර්ඝ කාලීන භාවිතයේද් අතුරු ආබාධ තියෙනවා.
Deleteවකුගඩු ආශ්‍රිත රෝග සදහාද ප්‍රෙඩිනි දෙනවා. ඒකෙන්
1. ශරිර ස්ථුලතාවය වැඩිවීම
2. උස නොයාම
3. රෝම වර්ධනය වේගවත් වීම
4. වකුගඩු ආසාදනයන් ඇති වීම
වැනි අතුරු ආබාධ මතු වෙනවා..
අරූ සහ දෙශකට බෙහෙවින් ස්තුතී මොකද මෙවන් දැනුවත් සංවාදාත්මක සටහනක් තැබුවට ලිපිකරුගේ එක් අරමුනක් වුයේත් එයයි
Deleteදේශකයා ඖෂධවේදියෙක් වගේ...
Deleteඔය සිංහල බෙහෙත් කඩවල කැස්සට විකුණන පැනියට,වීසින් වලට දෙන 'ප්‍රෙඩ්නිසිලාන්' පිල්ස් කුඩු කරලා දානවා කියල මම අහල තිබුන.
ReplyDeleteකෙන්ජී ඔය පැනිනම් අප්පිරියම ජාතියක් බං අනික දැන් ලංකාවේ පැනි වසංගතේ නේව අපේ එකාල ආතල් එකට පැනිගහල එව්වා ඉවර වෙලා
Deleteසෙම නං මතක් කරන්න එපා... ^_^
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඔව් දෙයියනේ.....උඹනම් කියයි සුබ වේවා නෙමෙ යකෝ මේ වෙලාවට සුව වේවා කියපන්....අර සිංදුවක් තියෙන්නේ නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා කියල
Deleteමටත් කැස්ස සහ උගුරේ අමාරුව සෑදී ඊයේ බෙහෙත් ගෙනාවෙමි..සෙම සෙම සෙම...!
ReplyDeleteහපුච්චේ අයංවස්සාන කාලොනේව නේද
Deleteමාත් දැනට අවුරුදු 5 කට වගේ කලින් මික්ස් කරල බෙහෙත් බිව්වා.. තාම හොඳ උනේ නැහැ. සිංහල බෙහෙත් වලින් සෙම බුරුල් වෙනවා. ඉංග්‍රීසි බෙහෙත් වලින් සෙම වේලෙනවා .........
ReplyDeleteඅනිවා මගෙත් දැනිමේ හැටියට බටහිර වේලවන කොට නැගෙනහිර බුරුල්කරනව ලෙඩ්ඩු අපි තැලෙනව දෙයියනේ
Deleteහාපෝ... මතක් කරන්න එපා... ඉන්න බැරුව ඉන්නේ ඔලුව කැක්කුමේ....
ReplyDeleteඉරුවාරදය එහේම නේවෙයි නොවැ අෆෝ එකත් මහ අසික්කිත ලෙඩක්...
Deleteමාත් මේ දවස්වල විඳවනවා.. ඉන්ගිරිස් බෙහෙත් ගත්තම වේලනවා.. හින්ගල බේතට ඇවිස්සෙනවා..
ReplyDeleteඒ උනාට අනිත් බේත් නම් අඩුවක් නැතුව බොනවා..
ඒවා ඉතින් පණු අමාරුවටනේ...
Deleteඅනිත් බේතෙත් වර්ග තියෙනව නේව පෙලක් එව්වා කරකරනව පෙලක් එව්වා අවුස්සොනව අනිච්චේ
Deleteකියවත්දිම කටට තිත්ත ගතිය දැනුනා.
ReplyDeleteහැබැ අඩි ගහන කොට තිත්ත නෑ නේවද එව්වා රසයි නේව
Deleteදුවිල්ල තමයි ගොඩක් දෙනෙක්ට සෙමට හෙතුව.තව ජිර්නය නොවෙන කොටස් තියෙන ආහාර.විෂෙශයෙන් ආටිෆිශල්
ReplyDeleteසමහන් ආයුවෙද බෙහෙතක් නෙමෙයි නේද
ඔව් දුවිල්ල වැඩි කාලයට සෙම ඇවිස්සෙනව වැස්සට බාගෙට තෙමුනමත් ඔහොම වෙනව නේව කොහේද අපේ එකාල පරිසරයත් මඥං කොරල නේව තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව වල් වැදිලා හැම තැනකම
Deleteබ්‍රැන්ඩි, ලයිම් ජූස්, හනි, ඉඟුරු සහ උතුරන වතුර ඔන්න මගේ සෙමට බෙහෙත. මමනම් බ්‍රැන්ඩි මාත්‍රාව ඩබල් කරනවා. දෙහිත් ඉතා සැරට දානවා. සෙම අඩු වෙච්ච ගමන් ඉතුරු බ්‍රැන්ඩි ඩෝප් වෙන්නම ගහලා දානවා.
ReplyDeleteඔන්න ඇත්ත කතාවක්..
Deleteකෙන්ජි....මම දැනුයි දැක්කේ උඹත් ප්‍රෙඩ්නසිලන් ගැන ලියලා තියෙනවා..
Deleteඋනුවතුර වලට මමත් බොහොම මනාපයි නේව
Deleteසැහෙන්න පිඩාකාරි වගේ :)
ReplyDeleteඇයි ඉතින් සීතල කාමර වලනේ දවල් දවස ගතවෙන්නේ හරිම චොක් නාස්පුඩු වලට දැනෙන සනීපේ :D
Deleteසිද්ධාලේප ටිකක් දාලා දුං අල්ලපු එක විතරයි කරලා නැත්තේ.. ඒක නැතුව නිකන් මදි මදි වගේ.. ඔන්න ඒකත් කරන්න..
ReplyDeleteඅඩේ ඒක අමතක උනානේව මල්ලියේ
Deleteමම මේක දැක්කේ 'පෙම් කුණාටුව' වගේ. දුවලා ඇවිත් බැලුවාම සෙම ගැන කතාවක්...:D
ReplyDeleteහික්ස් පොඩ්ඩි පෙම් කුනාටුවත් සෙම් කුනාටුව වගේමයි නේව හා නැද්ද හොඳයි... :D
Deleteමගේ කමෙන්ට් එක ස්පෑම් ෆෝල්ඩර් එකේ බලාපංකෝ.
ReplyDeleteමගේ කමෙන්ට් එක ස්පෑම් ෆෝල්ඩර් එකේ බලාපංකෝ. මම කිව්වේ පුලුවන්නම් බෙදා දීපංකෝ ගෙදර හැමෝටම සෙම අමාරුව කියලා.
අනේ ස්පැම් එකේ කොමෙන්ටුව නැහැනේව මාත් පුල් ට්‍රයි එක දෙන්නේ උන්දැලව බෙරන්ට තමයි ඉතින්
Deleteඔය අපේ වෙද ගෙදර මහවෙදන ගෙන් දුරකතනයෙන් බෙහෙතක් අහගත්තා පෙශර් චැක් කොරන්න්න ළගම දොස්තර හම්බවෙලා බලා ගන්න කියුවා ඒ වෙලාවේ දොස්තර මහත්තයා කියුවෙ මහවෙදනා කියපු දෙට ප්‍රතිවිරුද්ධ දේ . අන්තිමට මහවෙදනාගෙ අවසරය පිට ඉන්ගිරිසි වෙද මහතා දුන්න බෙහෙත් ගත්තා . ඔන්න දෙකේ වෙනස.
ReplyDeleteඒකනේව එක පැත්තකින් හරි යන්තම් ගොඩයන්ටයි අපට වෙලා තියෙන්නේ
Deleteඕවා බීලා ලෙඩේ ඇරුනද ? ගහන්නකො නහය වහගෙන ගල් ෂොට් එකක්...ලෙඩේ කම්මුතුයි...
ReplyDeleteමොකටද බං නහය වගන්නේ හික්ස් එව්වා රහයි නේව....
Delete