Tuesday, December 24, 2013

මගේ කතාව ආච්චිගේ කතාව සහ පොලීසියේ කතාව.............



 කතා තුනම ඇත්තය තුන්‍යා කාරයකට සිදුවෙච්චි ඒව්වාය.

 නමුත් මතක් කලයුතු එකක් ඇත ඒ  ගිය සතියේ අපේ එකාලා පට්ට ෆන් එකක් ගත් ගල්කිස්සේ බ්ලොග් සාජ්ජෙය...මා නොගියත් ගිය එකාලා වෙනුවෙන් සංවිධායක සෙට්ටුවට ස්තුතීය. වෙනත් ෆන් එකක් කලින් බුක්කර තිබු බැවින් මා හට අම්බලන්තොට යෑමට සිදුවිය. අර කියමනේ හැටියට ගසට ගසක් මොරටුවෙදි හමුවෙන්නාක් මෙන් Raj ට එහිදි  රාජ්  හමුවීමද සතුටට කාරනාවක් විය. රයිට් බැක්ටුද කතාවට එමු.
  
අපේ ලොකු මාමාගේ එරියල් එකෙන් ඡ්න්ද හිමි නාමලේඛනයට නම ඔබ්බවා ගැනිමේ සටනක මා නියැලි සිටියේ මේ අල්ලපනල්ලේය. හේතුනම් අහන්ඩ එපා පුතෝ දන්නා උන් දන්නේය නැත්නම් තාත්තා කෙනෙක් උනායින් පහු දැනගන්නේය. කෙසේ හෝ මා ප්‍රොජෙක්ටුවට කරගහන විට සාමාන්‍ය ක්‍රමයට නාමලේඛනය පිරවී අවසන්ය. ඉතින් ඇපැලක් දැමුවෙමි කාලය පියාඹා ගියේය. කිහිප දෙනකුටම සම්මුඛ පර්යෙෂන කැඳවුවත් මට එවන් එකකට ලිපියක් ලැබුනේ නැත. නැතහොත් මාමාගේ ගෙදරට ලියුම් කරු පැමිනිම නවතා ඇත. නමුත් ගිය බුරහස්පතින්දා මාමා කියන පරිදි ලියුමක් ලැබී තිබින.

පස්වනක් ප්‍රිතිය කරේගසාගත් මා කුකුලාත් අතින්ගෙන මාමාගේ ගෙදරට පාත්විමි. ලිපිය පැමින ඇත්තේ මැතිවරණ කාර්යාලයෙනි අහෝ ඛේදයකි " ඔබ පරික්ෂණයට නොපැමිනි බැවින් ඇපැල ඉවත දමන ලදි" මොන මගුලක් ද මේ, මා හට එහෙව් කැඳවීමක් ලැබුනේ නැත. ඇරත් එහේව් එකක් ආවේ නැතිබවට මාමා ආචිචි අම්මා මතක් කොට දිවුරා තිබින . වරම අතටගත් මා රාජගිරියේ මැතිවරණ කාර්‍යාලය බලා පියැඹිමි. අම්මපා නියොජ්‍ය කොමාට හෝ දෙකක් කියා එමියි තිර අදිටනින් එහි ගියෙමි.

නමුත් සිදුවි තිබුනේ අනේකකි ආච්චි අම්මා දිව්‍යලොකේ හිටං කිවිසුම් අම්බානක අරින්නට ඇත. මාමා ගෙදර නොමැති වෙලේ පියුම් මාමා පැමින ලියුම ආපහු ගෙනැවිත් මැතිවරණ කාර්‍යලයට දි ඇත. අර ලියුම ලැබුනේත් මේ ලියුම නොලැබුනේත් පියුම් මාමා ආපහු ගෙනා ලියුම ලෙජිස්ටාර් පොස්ට් එකේ එවා තිබූ බැවිනි.
සටනේ හොඳම හරිය දැන්ය. මැතිවරණ කාර්‍යාලයේ සෙවක පිරිසනම් පට්ටය එතැන දැන් වැඩකරන්නේ බොහොමයක් තරුණ කාන්ඩේ අයවලුන්ය. සෙනසුරාදා දහවල් වීමට ප්‍රථමයෙන් සියලු ලිපිලේඛන සකස්කොට බාරදීමේ පොරොන්දුව පිට මාහට අදලා ලියුම නැවත ලැබින.

දැන් ග්‍රාම සෙවක උන්දැ සොයාගත යුතුය. සොයා බැලුවිට ඉන්නේ ග්‍රාම නිලධාරිණියකි. නැවත මාමා සමග සෙට්වි ඈ සොයා ගියෙමි  කාර්යාලය තිබුනත් ඈ සිටියේ නැත. බුරහස්පතින්දාට පැමින හමුවන ලෙසට එහි දැන්වීමක් දමා ඇත. තවත් අපූරු පොතක්ද එතැන දමා ඇත " ඔබේ අවශ්‍යතාව මෙහි ලියා තබන්න නිවසටම පැමින ඉටුකර දෙමි " අප්පට සිරි පිස්සු පීකදුය මට නම් සුවර් එහේම වැඩ ලංකාවෙ වෙන්නේ නැත උනොත් එංගලන්තේ තමයිය.

තාත්තා දන්නා උන්දැලා කිහිප දෙනෙකු අමතා ග්‍රාම නිලධාරිණිය ඉන්නා ඉසව්ව දැන ගතිමි. උන්දෑ සොයා ගියපසු ඇගේ උෂ්නේට අසුවිමෙන් අතපයද පිච්චි ගියේය. ඒකට කමක් නැත ග්‍රාම රැජින ලිපිය සීල් ගසා වැඩේ බැලන්ස් කර දුන්නේය.  ඇයට තාන්න මාන්න දුන්නේ නම් රැස්පට් නොබලාම වැඩේ කොරගන්නට තිබුන බව පසුව දැනගන්නට ලැබින. පසු කලේක ඈය මුනගැසි තූටු පඬුරු දිය යුතුය නැතිනම් අනාගතය අඳුරුවන්නේමය.

හම්මේ වෙලාව සවස 5හ පසුවී තිබුනත් මැතිවරණ කාර්‍යාලයේ තරුණ ඈයන් රෑ වන තුරු සිටිනා බව දත් හෙයින් නැවත එහි ගියෙමි. ආ මගදි අපේ වැප් උන්නැහේත් මුන ගැසින. ගෙට්ටුවේ සිකියුරිටි තරුණ මහතාට පින්සිදු වන්නට යාන්තම් ඇතුලට රිංගා ගත හැකිවිය. අහෝ ඛෙදයකි සියලු ලිපි පරික්ෂාකිරිමෙන් පසු මාගේ අයිඩින්ටියෙන් කොම්පිතරයද පරික්ෂාකල පිංවත් සෙවක මහතුන්, දැනටමත් අපේ ග්‍රාම නිලධාරි තැන මා ඡ්න්දදායකයකු ලෙසට ගමේ රෙජිස්ටර් කර තිබෙන බැවින් මෙවර මාමගේ එරියල් එකට රෙජිස්ටර් කරගත නොහැකි බව පැවසීමත් සමග උදැසන සිට කොරන ලද සියලූ වැයම් ගඟට කැපු ඉනිමෙන් හුලඟේ ගසා යන සැටි බලාසිට ගෙදර ගියෙමි.

    තාත්තා කියු පරිදි මෙවර ගෙදර ඡන්ද ලේඛනයට මාගේ නම සටහන් කර නොයැවූවත් අපේ ග්‍රාම සෙවක තැන වැඩි පරිස්සමට ගියවර ලේඛනය බලා මෙවරත් අපූරුවට පුරවා යවා ඇත. කවුරුන් හෝ පැමිනි පසු මුලින්ම අයිඩින්ටිය කොම්පීතරයේ ඔබා තොරතුරු දැනගැනිමේ නුවන මැතිවරණ කාර්‍යාල තරුණ ඈයන්ට පහලවේවායි මා ප්‍රාර්ථනා කරමි.

ආච්චීගේ කතාව පටන්ගන්නේ මේසේය

 ඒ කෙසේද යත් අපේ ඔෆිසියේ ලකියාගේ ගම මහනුවරය. ඇගේ ආච්චි ගියවර පිච්චමල් පුජාවට අනුරාධපුරයේ යැමට ලකලැහැස්ති විය. ඈ සමග යාමට ගමේ නඩයක්ද සෙට්වි සිටියේය. නමුත් ගමන පිටත්වන දින උදයේ ආච්චිගේ පමාව හේතුවෙන් නඩය පිටත් වී තිබින. ආච්චි අම්මාද වැඩේ අතඇරියේ නැත තනිවම අනුරාධපුරය බලා පිටත් විය. ආච්චි පිච්චමල් පුජාවට සහභාගිවිය. පිංකම් පොළේ සෙනග අතර තෙරපෙමින් ආච්චි ඇවිදින විට එහි පැමින සිටි  වෙනත් නඩයක් ඔවුන් සිටි තැනින් ඉඩක් ආච්චිට අසුන් ගැනිමට ලබා දින. ඔය අල්ල පනල්ලේ ගමේ සිට පැමිනි නඩය පිංකම් පොළේ සිටින අයුරු දකීමෙන් ආච්චි නැවත ඔවුන් අතරට එක්විය. පිංකම අවසන්වීමෙන් පසු නැවත ගෙදර ඒමට සැරසි ආච්චි අම්මාට, තමන්ගේ නඩය සුපුරුදු පරිදි මගහැරිනි.

ඔය අතර කලින් හිඳගැනිමට ඉඩක් ලබාදුන් නඩය නැවත ආච්චි අම්මාට මුලිච්චි විය. පොඩි දොෂාරොපනයක්ද එල්ල කිරිමෙන් අනතුරුව ඔවුන් ආච්චි අම්මාව නුවර බසයකට නැංවූයේය. නමුත් ඈ මග හැරුන ගමේ නඩය ගමට පැමිනියේ පසුදා සවසය. සිදුවිඇත්තේ අනේකකි ආච්චි බසයක නැගුනද, අරකී නඩය කොච්චියේ පැමින ඇත. ගමන් මහන්සියට දෝ කොච්චියෙදි නඩය හොඳහැටි නින්දගියෝය. ඉදින් පොල්ගහවෙලින් බැසිමට අමතකවිය, නින්දෙන්ම කොළඹට පැමියේය. පසුව නැවත නුවර කොච්චියක ගමට පැමිනිමට නඩයට සුදුවින.

දැන් පොලොසීයේ කතාවය

මේත් අපේ  මිතුරෙකි වඳින්නට ගිය දේවාලය ඔලුවට පාත්විමෙන් සිදුවුන නස්පැත්තියකි. අධිවෙගි මගේ එක්තරා දවසක රාතියේ අපේ කතා නායකයාගේ පියා පොදු ප්‍රවාහන සෙවයෙන් ගාල්ල බලා ගමන් කරතිබින. බසයෙන් බසින විටදි ගැලැක්සි ෆොනයක් බසයේ තිබි සම්බවී ඇත . පසුව ඔහු එම ජංගම දුරකථනය අපේ කතානායකයාට ලබාදින.

ඒ වනවිටත් දුරකථනය හිමිකරු දුරකථන අංකය ක්‍රියා විරහිත කොට තිබින. නමුත් ඒහි තිබු එක් අංකයකට අපේ මිතුරා කතාකර දුරකථනය තමාට ලැබි ඇති බැවින් ඒය අයිති කරුට පැමින ලබාගන්නා ලෙසට පනිවිඩයක් තැබිය.

දුරකථනය ලබාගැමට හිමිකරු පැමිනෙන බව කිවත් ඔහු පැමිනියේ නැත. ඒ වෙනුවට බොරැල්ලට පැමින දුරකථනය ලබාදෙන මෙන් අපේ මිතුරාට විධානයක්ද පනවන ලදි. අවසානයේ ඇතිවු දුරකථන සංවාදයෙන් පසුව මිතුරාට සිදුවූයේ දුරකථනයත් රැගෙන බොරැල්ල පොලිසියේ පෙනිසිටිමටය.

ඒ වන විටත් අදාල දුරකථන හිමිකරු බොරැල්ල පොලිසීයේ ඇන්ට්‍රියක් දමා තිබින. පැය දෙකක පමන වෙලාවක් කට උත්තර දීමෙන් පසුව ලොක්කෙකුගේ පිහිටෙන් උසාවි නොගොස් බේරීයෑමට අපේ මිතුරාට හැකිව තිබින.

අපේ කතානායක කියන පරිදි  මැරෙන්න වැටි සිටින එකෙකුවත් ඉස්පිරිතාලයකට ගිහින් දැමීම අමන වැඩකි මන්ද පොලොසියෙන් තොන්ඩුව දමන්නේ උපකාර කල එකාටය.


හේම් එහේනම් ලබන්නාවු අලුත් අවුරුද්ද සැමට සුබ වේවායි පතන්නේමි. දවසක් ගතවු පසු එයද පරණ වෙන්නේමය. නැවත ලබන අවුරුද්දේ පරණ දවසක සෙට්වෙමු එතෙක් ජය...!!!







33 comments:

  1. ඡන්ද නාමලේඛනේ නම දාගන්න ගිය හේතුවනං පැහැදිලිය.

    ගැලැක්සිය ලැබුණු යාලුවා අතින් වැයකොට ගැලැක්සියක් පැද ඇති සෙයකි.

    ReplyDelete
    Replies
    1. ආන්න ප්‍රසන්නයා දන්නවා කෙස් එක, අපේ යාලුවා අතින් කාල හරක් බලලා මචං

      Delete
  2. කතා තුනම අපූරුය ඡන්ද ලේඛනයේ කතාව හරිම විසිතුරුය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට..!!! හැබැ පට්ට කට්ට

      Delete
  3. ඒකනම් ඇත්ත ඒත් ඉතින් අතුරු අන්තරාවක් වුනොත් අහක බලාගෙන යන එක හරියන්නෙත් නෑ නොවැ

    ReplyDelete
    Replies
    1. ඊටපස්සේ වෙන අතුරු ආන්තරා වලට කවුද වගකියන්නේ..!!!

      Delete
  4. අර චන්ද්‍ර අන්ගිරත්න මහත්තයාගේ කතාවක් මතක් වෙනවා, ළමයි ඉස්කෝලෙට දාන එක ගැන.
    අපරාදේ අර වගේ එකෙකුට උදව්වක් කලේ. මගේ අතින් නම් ඔය වෙලාවට ෆෝන් එක බිම වැටෙන්න වගෙත් පුළුවන්ම් පොඩ්ඩක් හයියෙන්ම

    ReplyDelete
  5. තුන්වෙනි කතාව ඇහුවාමනම් චිකේ කියලා හිතුනා. ඔන්න අපේ සදාචාරේ.

    රාජ්, මම ඉන්න රටේ නම් මිනිස්සුන්ට රාජකාරි වැඩක් කරගන්න තියෙන පහසුව ගැන නම් කියන්න වචන නැහැ. ඊටත් වඩා මිනිස්සුන්ට සලකන කාරුණික විදිහ. පොලිසිය ඊටත් වඩා හොඳයි. ඒකට අපේ තානාපති කාර්ය්‍යාලය. එක පොඩි දෙයකට දෙන රස්තියාදුව. කවදා හැදෙයිද මන්දා.

    සුභ නව වසරක් සහ නත්තලක්!!!!

    ReplyDelete
    Replies
    1. තානාපති කාර්‍යාල බොහොමයක් වැඩකරනේ ඔවුන්ගේ ජාමේ බේරගන්නා ප්‍රතිපත්තියකට කියලා මාත් අහල තියෙනවා අපේ පොලිසී වල කාරුනිකත්වය ගන්න ලොක්කෙක් මාර්ගයෙන්ම යන්න වෙනවා

      Delete
  6. ඔයවගෙ ෆොන් එකක වැඩක් මම දන්න කෙනෙක්ට වුන.ෆොන් එක දෙන්න හොයල අන්තිමට හවුසින් එක කැඩිල කියල අලුත් එකක් අරන් දෙන්න වෙලා.නැත්තන් උසවියන්න වෙනව කියල පොලිසියෙන් කියල.ඔයවගෙ ලැබුනොත් හොදම වැඩෙ පොලිසියට දෙනෑක.නැත්නම් අහක බලගෙන යන එක.

    ReplyDelete
    Replies
    1. ඒකනේ සහෝ මම තාම අහලා නෑ උදව්වක් කරන්න ගිය එක්කෙනෙකුටවත් හොඳක් සිද්ද උනා කියලා කිසිම කෙනෙකුගෙන් ඔන්න අපේ එකාලගේ හැටි

      Delete
  7. ගැලැක්සියක් මම නම් ඇහින්දොත් කරන්නෙ පුලුවන් තරම් කල් ගැලක්සිය..රේඩි එකක්,මියුසික් ප්ලේයර් එකක්,වයිෆයි ලොග් වෙල ඉන්ටනෙට් යන්න පුලුවන් කෑල්ලක්. හොද පෙන් එකක්, පොටෝ ගන්න පොඩි කැමර් එකක් විදියට කෝල් ගන්න වැඩේ නැතුව අනික් වැඩ ටික ගන්න එක..ඔහොම තියං ඉන්නකොට එක අවාසනාවන්තයෙක් මගෙන් පෝන් එක ඉල්ලනවා.
    එතකොට ඌට දීල දානවා.. ඌ සිම් එකක් දාල වැඩේ නා ගනීවි.

    ReplyDelete
    Replies
    1. විහිලුවටවත් අමිලයගෙ ෆොන් එකට අතතියන්නවත් එපාල මචං

      Delete
    2. එහෙම කරන්න එපා මල්ලි. අපිත් මාසෙට දෙපාරක් තුන් පාරක් ෆෝන් එක තිබ්බ තැන අමතකවෙලා රාජකාරි කරන තැන්වලට වයිෆ්ගෙ නොම්මරේ දෙන මිනිස්සු.

      Delete
  8. //අපේ කතානායක කියන පරිදි මැරෙන්න වැටි සිටින එකෙකුවත් ඉස්පිරිතාලයකට ගිහින් දැමීම අමන වැඩකි මන්ද පොලොසියෙන් තොන්ඩුව දමන්නේ උපකාර කල එකාටය.//

    සහතික ඇත්තය. මගේ මිතුරියකට මෙහෙම බෝනස් එකක් වැදුනි. ඇය ඉරිදාවක උදෑසනම පුතා පාසැලේ තරඟයකට ගෙනයන අතර මරදානේදී ඉදිරියෙන් ගිය රතයක් මිනිසෙකු හප්පා පලා ගොස් ඇත. අහල කිසිවෙකු නොසිටි උදයේ අනුකම්පා සිතී වහා නැවතූ මිතුරිය පුතාද සිටින රතයට මේ තුවාලකරු දමාගෙන මහ රෝහලට ගෙනගොස් දී ඇත.
    මහ රෝහලෙ පොලෝසියට පින් සිදුවන්නට එදා තරඟයද පොඩි එකාට මිස් වී තිබෙ. පසුව දින කිහිපයකින් ලෙඩා මිය ගොස්ය. අන්තිමේ ඇයව කුදලාගෙන ගොස් හිරෙ දැමූයේ හැප්පූයේ ඇය බව කියමිනි. අවසානයේ වසර දෙකක් නඩු කියා සෑහෙන මුදලක් සහ කාලයක් වියදම් කර ගත්තේය. අන්තිමේ වාසනාවට තවත් හිතවතෙකුගෙ ඥාති උසස් පොළිස් නිළදරුවෙකු හමුවීමෙන් පසු ලද උපදෙස් අනුව වැරදි කරු යයි උසාවියෙ පිළිගෙන,දඬුවම ලිහිල් කරන්නයැයි ඉල්ලු බැවින් සාක්ෂි නැති නිසා රුපියල් ලක්ෂ දෙකක දඩද මරණකෘට ඒ හා මුදලක් වන්දිද ගෙවා නිදහස් විය.

    එහෙත් ඇය දැන් උසාවියේ වරදකරුවෙකි. සල්ලි ලක්ශ හතරපහක් ලෝයර්ලාට පූජාකෙරූවියකි. නොකල දෙයකට සතිදෙකක් හිරෙ ලැග්ග කෙනෙකි. මේ සියල්ලම දරුවාගේ තරඟයත් මග හැර අසරණයකුට උදව් කිරීමේ තෑගි භෝග වේ....

    ඒ නිසා......

    ReplyDelete
    Replies
    1. මේ හා සමාන කතාවක් මගේ වයිෆ්ගේ තාත්තා කිව්වා. කතාව දිග නිසා, නොලියා කාල වකවානුව කියන්නම්. 1980 මුල් භාගය. එයාට සිද්ධ වුනු. අන්තිමේ එයාගේ රැකියාවටත් ජූරි සභික තනතුරටත් බලපෑවලු. ඔය උදව් කරන්න ගිහිල්ලා. මම මෙතනින් අදහස් කරන්නේ එදත් අදත් මේ තත්වය තිබෙන්නේ අපේ සමාජ සදාචාරය පිලිබඳ ගැටළුව සාකච්ඡා කර ගැනීමටයි

      Delete
    2. ඉන්දික,

      උඹ කියලා තියන මේ කතාව දැක්කමනම් මිනිහෙකුට මලාට උදව්වක් කරන්න හිතෙන්නෑ බන්. කවුද කැමති අනුන්ට උදව් කරන්න ගිහින් ඉල්ලන් නාන්න.. අර මනුස්සයා විඳලා තියන අපහසුතා කන්දරාව දැක්කම පාරෙ පණ ඇද ඇද ඉන්න මිනිහෙකුටවත් උදව්වක්නම් කරන්න කාටවත් හිතෙන එකක් නෑ. අනිත් එක සාක්ශි නැතුව උන් කොහොමද එහෙම කරන්නෙ. මාර නීතියක්නෙ මේක..!!

      Delete
    3. බලහන් මචංලා අද රටේ තත්වය නිතීය කරන එකාලත් බලන්නේ ඇඟබේරගෙන කොහොමද ශෙප් වෙන්නේ කියලා

      Delete
  9. අරණයන්ට උදව් නොකරත් බෑ , කොරලත් බැ , ඔච්චර තදේට නුතුවට මම කොච්චර කෙලවගන තියනවද උදව් කරන්ඩ ගිහින්

    ReplyDelete
    Replies
    1. අනිවා අර ජනවාරි පලවෙනිදා පාන්දර මැෂිමක් හදන්ඩ ගියෙත් එකනෙව හික්ස්...!!!

      Delete
  10. ලංකාවේ රජයේ කන්තෝරු ගැන කියල වැඩක් නැහැ බං.
    මොකද දරුවා ඉපදුන දවසේ ඉදල බොරුව පටන් ගත්තද?

    ReplyDelete
    Replies
    1. කෙන්ජි උබනං කියයි ඇවිල්ලා බලාපන් ලංකාවෙ සුමේ මගේ ප්ලැන් දෙකක් තියෙනව මේ එකක් මොකද එකක් අවුල් උනොත් තව විදිහක් තියෙන්නත් එපායැ පලවෙනි එක සාමාන්‍ය ක්‍රමය

      Delete
  11. ඉස්සරහට ඔච්චර දගලන්න වෙන්නෑ බන්. ආණ්ඩුවෙ ඒවා ටික වහලා දාලා ඔක්කොම ප්‍රයිවෙට් කරනවා. එතකොට ඔය චන්ද ලයිස්තු මුකුත් ඕනා නෑ, සල්ලි දුන්නා දැම්මා. සල්ලි නැති උන් උඩ බලාගෙන හිටපල්ලා. එතකොට අර ඉස්සර තිබුනා වගේ වරප්‍රසාද ලත් පන්තියේ බැල මෙහෙවර කරන්න පංතියක් නිකන්ම හැදෙයි. කරුමෙ කියන්නෙ උන්ගෙ ළමයින්ට පොල්වත් කඩන්න පොල්ගසුත් නැති එක.

    ReplyDelete
    Replies
    1. අනිවා සෙන්නා මටත් වෙලාවකට හිතෙනවා අපි ආපහු වැඩවසම් යුගයට ගමන් කරනවාද කියලා මෙකත් එක්තරා චක්‍රයක් නෙව...!!!

      Delete
  12. අනුන්ට උදව් කරන එකත් බෙල්ල ගහලා යන වැඩක්....

    ReplyDelete
  13. කරපු හොඳ පස්සෙන් එලවනවා ලියන්නේ මේ වගේ සීන් කෝන් තමා.

    ReplyDelete
    Replies
    1. එලවනවා විතරක් නම් බැරියෑ අල්ලලා නිවාස අඩස්සියෙත් දානවනේ බලාගෙන යනකොට

      Delete
  14. උඹටත් මුළු පවුලත් සතුට සාමය පිරි නව වසරකට ආසිරි.

    උඹව බලෙන්ම ඡන්ද ලේඛනේට දාලා. අපේ ග්‍රාම නෝනා අපිව ඡන්ද ලේඛනෙන් අයින් කරලා දාලා. මැයි මාසේ ආයි ලියන කොට එයාට ෆෝන් කෝල් එකක් දීලා මතක් කරන්න කිව්වා.

    අරූ පව් බං.

    ReplyDelete
    Replies
    1. මටත් මැයි වෙනකං බලං ඉන්න තමයි වෙන්නේ ... ඔබ සහ පවුලේ සැමටමත් සුබ නව වසරක් වේවා...!!!

      Delete
  15. ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් නලීන් අයියා..!!!

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...