Tuesday, June 17, 2014

මිනිසෙක්...........




අළුපාට අහස් ගැබ

සුළඟට වැනෙන දුම් රොටු

දා දියෙන් පෙඟුන කය

ගිනි වැකුන දේ ඇස්

කම්මලක් වැනි සිතිවිලි

අතැක බරවු මන්නය

සොයන්නේ

මිනිසෙක්.!

නොව,

ජාතියක්

ජම්මයක්

නැති

රුහිරු

බිඳක්.!



21 comments:

  1. අම්මපා ඇත්ත රාජ්...... මරු අදහස නියමයි...

    ReplyDelete
    Replies
    1. කාලීන සිතුවිල්ලක් ස්තුතීයි නලීන් අයියා..!!!

      Delete
  2. අනේ මන්ද රාජ්, මේ මිනිස්සුත් අර උමතුසං වරුෂාවට තෙමිලද මන්දා.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ මේ ඔනෑකමින් ඇතිකල ජඩ වැස්සක්..

      Delete
  3. මිනිසෙක්..?
    මිනිසෙක් නොව ඔහු..
    මහණෙක්..
    මහණෙක්..?
    ඔව් මහනෙක්..

    ReplyDelete
    Replies
    1. මහනෙක්මද
      ගැටළුවක්
      දෙපැත්ත
      කැපෙන
      පිළිතුරක්
      ?

      Delete
    2. මහණෙක් ?
      ඔව් සබඳ
      දෙව්දත්
      පරපුරේ

      Delete
  4. උන්ට යුද්ධෙ නැතුව පාළුයි..!!

    ReplyDelete
    Replies
    1. මෙක මහා කුජීත රොගයක්......

      Delete
  5. අපි හැමෝම දැන් ගෝත්‍රික ජාතීන් වී ගෙන යන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔව් අතීතයේ ඉඳන්ම ගොත්‍රික හැම දේම චක්‍රයක් වගේ සිදුවෙනවා

      Delete
  6. Replies
    1. ස්තුතියි සෑම්..!!

      Delete
  7. අපේ කම ගිනිගනිති
    රත් වේවි අපි අපිම
    එකා පිට ඒකා වැටි
    රත් පැහැය ගලා යති

    ගලා යන රත් පැහැය
    නාස‘ඟට තබමි
    ඉව කරලා සොයා ගමු
    කාගෙදැයි මේ රුහිරු

    වැඩි පඩිය රාස්සාව
    වාහනේ අලුත් ගේ
    ඌට මිස අපිට කෝ?
    හුල්ලා සුසුම්ලන හදවතින්
    ජාතියේ නාමයෙන්
    කොටගෙන කොටාගෙන යමි..

    අපි අපිටවත් නැතිව
    අනුන් ගැන ලොබ බඳින
    අමුතු සිත් ඇති එවුන්
    යුද්ධයට අර අදිති
    ආගමේ නාමයෙන්...

    ---සිහින මදාරා----

    ReplyDelete
    Replies
    1. එක එකා අන්දවති බලලොබින්..!!!

      Delete
  8. බැටළු වෙසින් වෘක ‍රැළක්
    යයි සොයා ගොදුරු රටවටා
    ‍රැවටෙති බොලඳ පුඟුලෝ
    හඹායති වෘක ‍රැළ සතුටින්

    වඳුරෙක් ගිණිතබයි රටටම
    නිදිවදිති නීති රකින්නෝ
    බහුතරය තද නින්දේය
    රෑ පුරා ටෙලි නළු නරඹා

    ReplyDelete
    Replies
    1. නිවටයින්සේ නිය විකමින් පෙන්වයි රැඟුම් කඩතිර අතරින් වගකිව යුත්තන්

      Delete
  9. කිරි මදුවැල් කිරි මදුවැල් කිරි අම්මේ
    ආයිත් මුං මරාගන්නව ලක් අම්මේ
    ලෝකෙම වටවෙලා බැට දෙනවා අම්මේ
    ඒගැන නොසිතන්නෙ වරදකි මුගෙ ජම්මේ

    ReplyDelete
  10. ඇත්ත ඇත්ත පොළවට ලේ ඕනා. ලේ පූජාවක් කළාම කාලයක් සන්සුන්, ඊට පස්සෙ ආයෙත් ඉල්ලනවා.. ලේ ලේ ලේ ... ලේමතමා ඕනා..

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා සෙන්නා

      Delete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...