Wednesday, May 28, 2014

සප්ත්‍ය කන්‍යා කඳුවැටිය මත රැයක්......... [Night at the Seven Virgin peaks].




රේල් හයික් එකෙන් පසු ඇඟට දැනෙන්ට ගමනක් නොගිය බැවින් සහ මේ වසරේ සැලසුම්කරගෙන තිබු පරිද්දෙන් සප්ත්‍ය කන්‍යවියන් මැද රැයක් ගත කිරිමේ අපිරිමිත ආශාවෙන් පෙලෙන්නන් වු අප බක්මහේ මුල් සතියෙහි දුෂ්කර ගිරි හිස් තරණය කලේමු.


අපි සගයන් සයදෙනෙකුගෙන් සමන්විත කන්ඩායමක්විමු, නමුත් අපගේ එක් සගයකු හැටන්වලදී ද අනේකා ලක්ෂපානදී ද අපහා එක්වන්නට නියමිතය. වේලාව රාත්‍රි 8ට ආසන්නය බදුල්ල බලා දිවෙන රාත්‍රි දුම්රිය මෙවරද අපේ ගමන් රථය ලෙස යොදාගතිමු. දුම්රිය පිටත්වීමට තව ඇත්තේ විනාඩි දෙකක් පමනි අප නොයිවසිලිමත්ය, මන්ද අපේ එක් සගයෙකු තවමත් ප්‍රමාද බැවිනි. දුම්රිය තම සුපුරුදු නලා හඬවමින් ඉදිරියට ඇදෙන්නට සුදානම්වෙත්ම සෙනග අතැරින් දිව ආ අපේ මිතුරා දුම්රිය කුටියට ඇතුලුවිය.


කොළඹ හැටන් මහා මාර්ගය ඔස්සේ කලුගල හන්දියට විත්, ලක්ෂපාන මාර්ගයෙන් කොත්තැල්ලනට යාහැකිවුවත්, රාත්‍රි තැපැල් දුම්රියෙන් හැටන්වලට විත්, උදැසන ගිනිගත්හේන ඔස්සේ කොත්තැල්ලනට යෑම අපේ අරමුන විය. ඇරත් රාත්‍රි දුම්රිය ගමන බසයේ ගමනට වඩා නිස්කලංක  සහ සංතුස්ටිය උපදවන්නකි.
අළුයම 1.30ට පමණ හැටන් දුම්රිය පොළට සෙන්දුවීමු. 



 දුම්රිය විවේකාගාරයට පිවිස කෙටි නින්දක් ලබාගතිමු . උදැසන අපේ තවත් ගමන් සගයෙක් හැටන් වලදි අප හා එක්වීමත් සමග අප නැවත ගමන් ඇරඹීමු, කොත්තැල්ලන බලා යෑමට ගිනිගත්හේන බස් නැවතුමෙන් බසයක් අල්ලා ගතයුතු විය.

ගිනිගත්හෙනින් පිටත්වි ලක්ෂපාන මග ඔස්සේ කොත්තැල්ලන බලා යන ගමනේදි අපගේ අවසන් සාමාජිකය අප හා සම්බන්ධවිය. පැවති පෑවිල්ලත් සමග මග දෙපස තරමක් කර්කෂ බවකින් යුක්තය, අප ගමන්ගත් මාර්ගය කාපට් අතුරා නොමැතිවු අතර මග තැනින් තැන තරමක් කඩතොලු බවින් යුක්තවිය, ඉදින් බසයේ ගමන්වේගයත් සමගින් අප දුහුවිලි වරුසාවන්ට අසුවු අවස්තා එමටය.

බසය තම ගමනාන්තයට පැමිනියේය. අවසන් නැවතුම අසල තරමක කඩයකි, පාරේ අනෙක් අන්තය සරු තේ වතුයායකින් පටන්ගෙන සප්ත්‍යකන්‍යා කඳුපන්තියෙ තෙක් විහිදින. කඩය හිමිකරු තලතුනා තැනැත්තකු මෙන්ම ඉතිහාසගත ගුවන්යානා අනතුර පිළිඹඳ අත්දැකුම් ඇත්තෙකුද විය. මොහොතක ආගිය තොරතුරු සල්ලාපයෙන් පසු අප තේ යාය ඔස්සේ කඳු පන්තියේහි පිවිසුම වෙත පියවර තැබිමු.










තේ යාය පසුවීමත් සමග ඔවිටක ස්වරුපයක් ගත් බිම් කඩක් පසුකල අප ගෙවල් කිහිපයකින් සැදි ගොඩැල්ලකට පිවිසීමු. ගැමියන් අප සුහදව පිලිගත් අතර කඳු මං පෙත අපට පෙන්වා දෙන ලදි, සිරිත් පරිදි වෙනදාමෙන් වනයට ඇතුලුවීමට පෙර දෙව් අවසරද ගෙන ශක්තිමත් සිතින් රූස්ස ගස් අතරට පිවිසීමු.
එකවරම සීග්‍ර නැග්මක යෙදෙන්නට අපට සිදුවිය, එතරම් ඝන යටි රොපනයක් නොමැති වූයෙන් නැග්ම එතරම් අපහසු වූයේ නැත. පලමු සහ දෙවන කඳු මුදුන් පසුකරන තෙක්ම වල්ලාපට්ට ශාකය දරුණු විනාශයකට ලක්ව ඇති බැවු දක්නට ලැබින, අවශේෂ කොටස් ලබාගැනිමට බොභෝ ශාකයන් කපා කොටා පෙරලා දමා තිබුනි.

තෙවන කඳුමධ්‍යට පැමිනෙන විට යටිවගාව කෙමෙන් වෙනස්වීය, තැනින් තැන බටපඳුරු දක්නට ලැබුනි. ඇතැම් තැන්හී විශාල ගස්කඳන් වැටී තිබුන බැවින් ගමනේ වේගය තරමක් අඩාලවිය. එසේම තරමක කලුගල් තට්ටුවක් කන්දවටා පැතිර තිබුනි. ඉර අවරට යමින්තිබුන  බැවීන් හතරවන කඳුමුදුනේහි කුඩාරම ගසාගැනිම අපේ අරමුන විය.

තෙවැනි මුදුන පසුකල අප තරමක දළ බෑවුමකට සේන්දුවිය,පහලට බසීත්ම සතරවෙනි කඳුමුදුන තරමක මීදුමකින් වේලියනු දක්නට ලැබුනි, වැසි වනාන්තරවල ලක්ෂණ මනාව විදහාපාමින් රූස්ස ගස් අතුපතර විහිදා විශාල පත්‍රයන්ගෙන් සමන්විත විය. එනිසාම අඳුර තරමක් දැඩී වියරැහැහියන්ගේ කෲෂ් නාදය සතරවටින්ම නැගී එන්නට වූයේ සිත කීරිගස්වමිනි. 


සතරවන කඳු මුදුනට ලඟාවෙත්ම ආනතියෙන් යුත් ගල් පොත්තක් නැගීමට අපට සිදුවිය. එසේම පලමු වරට අලි බෙටි තන්හි තන්හි දක්නට ලැබුනි, තරමක මීදුමක් අප වෙලාගත් බැවින් නැග්ම පරික්ෂාකාරීව කරන්නට සිදුවිය.  ඇතැම් විට පා සතරම උපයොගී කරගෙන ඉහලට යායුතුවිය. වැසි සමයේ ආරම්භය සනිටුහන් කරමින් අහස ගිගුරුම් දුන් අතර තරමක සිරි සිරි වැස්සක් ඇදහැලෙන්නට පටන්ගැනින. ගල්පොත්ත අවසන් වූ පසු ඝන බට ගාලක් අතරින් ගමන් කිරිමට සිදූවිමත් සමග කූඩැල්ලන්ගේ නොනවතින් ප්‍රහාරයට අප නිතැතින්ම ගොදුරු විය. 




වැස්සර තරමක් තුරල්වෙන විට අප නැවත යටිරෝපනය අවම ප්‍රදේශයකට ලඟාවිය. ඒ සතරවැනි කඳුමුදුනයි, වේලාව සවස 5හ පසුවෙමින් තිබූ බැවින් ඉක්මනින් කුඩාරම ගැසිය යුතුවිය , නැවත වැස්ස වැඩිවෙමින් තිබු මොහොතක වදෙන් පොරෙන් කුඩාරම ගසා ගත්තෙමු. අප මිතුරකු වැසි කබායක් ගෙනැවිත් තිබූ බැවින් වැසි මැද කුඩාරම ගැසීමට එය මහත් පිටුවහලක් විනි. නැවත වැසි තුරල්වීමෙන් පසු ගිනිමැලය ගසාගත හැකිවිය. කැලයේ ඇති තරම් දිරාගිය බටගස් තිබු බැවින් දර පිළිඹඳ ගැටලුවක් අපට ඇතිනොවීන. තරමක වැසි වැටුනද අළුයම් කාලය තෙක් ගිනිමැලය දැලුවුනු බවට, උදැසන අප අවදිවන විටත් දුම් රොටු විහිදෙමින් තිබු ගිනි අඟුරු ශාක්ෂිදැරීය.

රාත්‍රි ආහාරය චීස් සහ ක්‍රිම්කැකර් වලින් යුත්වූ බැවින්, උදෑසන සඳහා තරමක බර ආහාරයක් ගැනිමට අප සිතුවෙමු. ඒනිසාවෙන්ම නූල්ඩස් සමග මීට්බොල්ස් පිස ආහාරයට ගතිමු. ඒ කදිම ආහාරවේලකි, කුඩා කැබලි වලට කඩාගත් නූල්ඩස් උනුවතුර සහිත බොතල් කිහිපයකට දමා තම්බා ගැනිමෙන් පසු වතුර පෙරාහැර, ගිනි අඟුරු මත පිලිස්සෙමින් තිබු මිට්බොල්ස් සමගින් මිශ්‍ර කර ප්‍රනීත බොජනයක රසය වින්දෙමු.


උදෑසන 7 වනවිට  නැවත පිටත්වීමු, සතුන්ගෙන් සෑදුන වනමං ඇරෙන්නට කිසිඳු අඩිපාරක් දක්නට නොලැබින. ඒ නිසාවෙන්ම කඳු පන්තියේ ආනතිය අසලින්ම අපි ගමනෙහි යෙදුනේ වනාන්තරය මධ්‍යයෙන් ගමන් කිරිමෙන් මංමුලා වීමට බොහෝ ඉඩකඩ තිබූ බැවිනි. කඳු පන්තියේ ඉහල ප්‍රදේශයේ අප ගමන් ගත් බැවින් රූස්ස ගස්වලට වඩා යටිවගාව ඉතා ඝනව වැඩි තිබුනි. එය තනිකරම බටකෑලැවකි අපගේ ගමන් වේගය තරමක් මන්දගාමි වූයේ බටගාල් කඩා බිඳගෙන ඉදිරියට යෑමට සීදුවීම නිසාය. ඇතැම් විට දනගාමින් ගමන් කිරිමට සිදුවිනි.

පස්වෙනි කඳුමුදුන පසුකරමින් අප කඳු පන්තියේ උසම මුදුන වූ උඩලක්ෂපාන ගල වටා ගමන්කරමින් සිටියෙමු, සයවන සහ හත්වන කඳුමුදුන් අතරවු ඒම පෙදෙස විශාල අලි මංකඩකින් යුක්තවිය, එසේම වනස්පතිය එක් අන්තයක් දෙහිඔවිට බස්නාගල නූරිය ප්‍රදේශය දිශාගතව පැතීරියයි, මා පෙරකියූ අලි පාරද කන්ද වටා බස්නාගල දිසාගතව විහිදී තිබුනි.


එසේම කඳුවැටියෙහි අපට දැකගතහැකිවූ එකම දියපහර සමුවූයේද හයවන සහ හත්වන මුදුන් අතර මේ ප්‍රදේශයෙදීය. ඉතා කුඩා දියපහරක් වු නමුත් මෙතෙක් හිස්ව තිබූ අපගේ වතුර බොහොතල් කිහිපයක්ම යලි පුරවාගැනිමට අපට හැකිවිය. දියකඳුර වටාපිටාවෙහි බොහෝ අලි බෙටි දක්නට ලැබිමෙන් ඔවුන්ද එම කඳුරෙහි නිතර ගැවසෙන්නන් බව අපට පසක්විය.


1:50000 සිතියමට අනුව දියකඳුරු කිහිපයක් දක්නට ලැබුනද ඒවා කඳු පංතියෙහි මුදුනේසිට මිටර 100ත් 200 අතර බෑවුම්ගතව පටන්ගෙන ගලා යන බැව් අපට පසක් විය.  කඳු මුදුන් ඔස්සේ ගමන්කරන විට හමුවන එකම දියකඳුර  හයවන කඳුමුදුන පසුකර හත්වන මුදුන පටන්ගන්නා ඉසව්වේදී දැකගත හැක. නමුත් දින දෙකක් ගතකිරීමට අවශ්‍ය පමන වතුර අප අනිවාර්‍යෙන්ම රැගෙන යායුතුමය.


දියකඳුර පසුකර අවසන් කන්දෙහි නැග්මක යෙදුන අප ගල්තලාවකට සේන්දුවිය වේලාව පෙරවරු 10 පසුවූවා පමනි එක්වරම ඝනමීදුමකින් හාත්පසවෙලීගත්තේය. ටිකවෙලාවක් අප ගල්තලාවේහි රැදුනි, මන්ද මීදුමත් සමග ගමන මහත් අවදානම් බැවිනි. ගල්තලාව අවට අලි බෙටි මෙන්ම ගෝනන්ගේ වසුරුද දැකගතහැකිවිය. ගෝනන් ගැවසෙන බවට ලැබුනු මුල්ම සඥාවයි ඒ.




මීදුම පහවයත්ම අප නැවත අවසන් කඳු මුදුන කරා වේගවත් ගමනක යෙදුනෙමු. බට පඳුරු වඩා ඝනව වැවීතිබුනේ ඉදිරියෙන් එන කිසිවකුත් නොපෙනෙන අයුරිනි. බොහෝ විට බටපඳුරු පීරාන වඩා බිමට නැඹුරුව ගමන් කිරිමට සිදුවිය. මං මෙත පාදාගැනිමට අප ගෙනැවිත් තිබු වක් පිහිය බොහෝ උපකාරිවිය.
පෙරදිනට කලියෙන් වරුසාව පතිතවීමේ ලකුනු අහස්කුස පුරා දක්නට ලැබුන අතර කඳුකර කැලැව වඩාත් තෙත්ගතියෙන් යුක්තවිය, ඒනිසාම කුඩැල්ලන් සමග නිරන්තර අරගලයක යෙදි හෙම්බත්වි සිටි අප අවසන උන් අපේම ශරීරකොටසක් යැයි සිත්සනසා ගත්තෙමු.  නමුත් විශේෂත්වය වන්නේ අප හොඳින් දෙපා ආවර්ණයකොටගෙන තිබූවත් බට අකුල් සමග පොරබැදිමෙන් උන් අපගේ සිරුරපුරා එල්ලි සිටිමයි, බොහෝ විට ඉනවටා කුඩලු පොකුරු සිත්සේ ලේ බීමෙහි නිරතවිය.

 කුඩැල්ලන් මතතකයත් සමක අපගේ එක් ගමන් සගයකු පැවසුවක් සිතට නැගේ


" මුං ඔක්කොම එක්ක මුහුදට පනින්න හිතෙනවා " නොසන්සුන් සිතිවිලි අතර  ඉබේම මුවින් පිටවු ඒවදන් අප කාගෙත් මුවගට සිනාකැන්දුවේය.



දහවල මැද අප අවසන් කඳු මුදුන පසුකලේමු. කෙමෙන් කෙමෙන් බැස්ම ත්‍රිවූර කෙරෙමින් ඝන යටි රෝපනයද අවම මට්ටමකට පත්ව තිබුනි. නමුත් තන්හි තන්හි තරම උසින් යුත් බට පඳුරු දැකගත හැකිවිය. පස්වරු 2ක පමන වෙත්ම සිරිපොද වැස්ස ඇදහැලීමට පටන්ගෙන ක්‍රමයෙන් තරමක් වර්ධනයවිය, අප කෙමෙන් තෙත්බරිවු අතර කෙසේ හෝ වනාන්තරයෙන් පිටතට පැමිනීම එකම අභිලාෂය වූයෙන් නොනැවති ඉදිරියටම ගියෙමු.






බැස්ම දැඩි ආනතියකින් යුක්ත වු අතර පහලට බැසීම ඉතා සීරුවෙන් කලයුතුවිය, තරමක දියපහරක් පහලට ගලායෑමෙන් සැදුන මංකඩක් ඔස්සේ අප පහල බැසීමුඇතැම්විට ආධාරකයන් ලෙසට බට පඳුරු උපකාරීවිය, එකා පසුපස එකා තරමක දුර ප්‍රමානයක් පවතින ලෙසට බැසීම සිදුකල යුතුවිය, කිමද යත් සමහර ගල් කැබලි අඩමානයට තිබූ අතර, ලිස්සා ගොස් පහලින් ගමන්කල පුද්ගලයාට අනතුරක් සිදුවීමට වඩා ඉඩකඩක් පැවති නි. කෙමෙන් පහලට බැසීම ඉතා මන්දගාමිවු අතර මිටර300ක පමන බැස්මකින් පසු බැවූම ප්‍රපාතාකාරි වූ බැවින් කන්ද හරහා ගමක් කර ගස්වැල් ආධාරයෙන් අවධානම අවමවන ලෙසට පහලට ඒමට සිදුවිය.

සවස 5හ පමන වනවිට කඳුවැටිය අන්තයේහි ගලාහිය කැලණි ගඟ වෙත පැමිනිමට අපට හැකිවිය. අනේක් ඉවුරින් නැවත කඳුවැටිය පටන්ගත් අතර ඒ සමනොල අඩවිය කරා පැතිරයන්නක් විය, අපගේ ගමන් මග දිසාගතවූයේ ගඟ පහලට බැවින් ගල් උඩින් පනිමින් ගඟ ඔස්සේ පහලට ගමන්කලෙමු. වැස්සත් අඳුරත් තෙහෙට්ටුවත් අතර නොසන්සුන් සිතිවිලි සමග පොරබදිමින් අප පහලටම පැමිනියෙමු.  ගඟ පටන්ගැන්මේ මුල් ප්‍රදේශය බැවින්  දෝ කුඩා කුඩා දියඇලි කිහිපයක් තරණය කිරිමට අපට සිදුවිය. ගමන නිමාකිරිමට තිබු දැඩි අවශ්‍යතාව නිසාමදෝ අප එම කුඩා ඇලි වලින් බැස්සා නොව පැනදිව්වාක් යැයි කීම අතිශොක්තියක් නොවේ. ඒ අතර පය ලෙස්සා වැටුන අවස්තාද ඔනෑතරම්ය. මීටර 700ක් පමන පහල බැසිමෙදි තේවතුයායට පිවිසිමට අපට හැකිවිය. ඒ ඔස්සේ තේ ෆැක්ටරිය තිබු පෙදෙසට අප පැමිනෙන විට සවස 6 පසුව තිබුනි. මනුස්ස වාසයට පැමිනිමත් සමග මහත්වූ සැහැල්ලුවකින් සිතගත වෙලාගත් බවක් අපට දැනුනි.



අපගේ වම් අන්තයෙන්, අප තරණයකල සප්තකන්‍යවියන් මිහිදුම්සේල මතින් සැරසි අහස්කුස අරා නොසැලිසිටි. ඒ දෙස බැලෙත්ම කෙතරම් කෙඩෙත්තු සිරුරක් තිබුනද සිත මහා ප්‍රිතියකින් වෙලි අමන්දානයට පත්වන්නේ අපගේ අරමුන සාක්ෂාත් කරගැනිමට හැකිවුබැවිනි. නොපෙනෙන ශක්තීන්ට පින්සිදුවන්නට සහ කන්ඩායමේ මහත්වු එකමුතුකමින් කිසිදු අන්තරාවකින් තොරව වනයෙන් පිටතට පැමිනිමට අපට හැකිවිය. කොත්තැලනින් නැගීම පටන්ගත් අප මස්කෙලිය ප්‍රදේශයෙන් ගමන අවසන් කලේමු. අද රාත්‍රිය ලක්ෂපාන අපගේ ගමන් සගයාගේ නිවස්නයේහි රැදී පසුදා අළුයම නිවෙස්බලා යැමේ සොඳුරු සිතිවිල්ලෙන් රාත්‍රි අඳුරහා මුසුවීමු.




50 comments:

  1. //කැලයේ ඇති තරම් දිරාගිය බටගස් තිබු බැවින් // වැස්සට තෙත බරිත වෙලා තියෙද්දිත් ඇවිලුනාද?

    …කඳුකරයේ මෙතරම් උසින් අලි නැති බවයි හිතා හිටියේ.. ගමන නම් බොහෝම සිත් ඇදගන්නා විදිහට විස්තර කරලා තියෙනවා.. මුලු කඳු වැටියෙම පින්තූරයක් තිබුනා නම් තවත් ශෝක් අර අන්තිම විස්තරේ කියවන වෙලාවට පේන්න..

    …මේ වගේ ගමන් යන්න ආසයි. ඒත් කූඩැල්ලො මතක් වෙද්දි බඩ දඟලනවා..

    ReplyDelete
    Replies
    1. අපි කැලේ යනකොට සාමාන්‍යයෙන් බූමිතෙල් ටිකක් අරගෙන යනව කාලයක් තද පෑවිල්ලට අහුවෙලා තිබ්බ කැලයක් නිසා එක වැස්සට ගස් වලට හොඳටම තෙත කාවදින්නෑ ඉතින් බූමිතෙලුත් උපකාරකරගෙන ගිනිමැලේ ගැහුවා

      කූඩැල්ලන් අපිව කෑව නෙමේ රේප් කලාද කොහෙද..!!!

      ඇත්ත කඳුවැටියේම පිංතුරයක් නොදැමීම අඩුවක් තමයි ස්තුතී ඔබේ අදහස්වලට

      Delete
  2. මම වරක් නකල්ස් මානිගල තරණය කලා .නමුත් ඒක එක් දින චාරිකාවක්. එමෙන්ම කූඩාරමක මෙතෙක් කාලෙකට රාත්‍රිය ගතකරන නැහැ. අපූරු සංචාරක සටහනක්.ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මානිගල හරහා දූවිලි ඇල්ලට මාත් ගොහින් තියෙනවා වෙලාවක කූඩාරමක් තුල රැයක් ගෙවන්න උත්සහයක් යෙදෙන්න ඇත්තටම ඒ අපූරු අත්දැකුමක් වෙවී ඔබට ස්තුතී

      Delete
  3. සහෝ උබ ඔක්කොම නියමෙට ලියලා...මට චිත්‍රපටියක් වගේ සියල්ල මතක් උනා........." මුං ඔක්කොම එක්ක මුහුදට පනින්න හිතෙනවා " :)

    ReplyDelete
    Replies
    1. රනා ඒකනම් සදා අමතක නොවෙන ගමනක් නේද ජය..!!!

      Delete
  4. බොහොම ලස්සනයි...ලංකාවට ආව දවසක ඇමතුමක් දෙන්නම්...ඔය ගමන ඔය විදියටම යන්න මටත් ආසයි...ඒකට උවමනා රියල් බඩු ටිකක් මට ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. රීයල් බඩු ඉන්නවනම් විතරක් පලයන් නැත්නම් අති බයානකයි දිවියොත් ඉන්නවා වල් ඌරොත් ඉන්නවා කිසීම පාරක් නෑ තුන්වෙනි කන්දෙන් පස්සේ වතුර අනිවා අරන්යන්න ඔනේ වැස්ස කාලෙනම් යන්නම එපා ජය..!! මරනය හැමවෙලාවකම අතවනනවා හික්ස්

      Delete
  5. මේවගේ චාරිකා යන්න පින් කරලම තියෙන්නෙ ඕන. මේ ගමනේ දුර හා කාලය ගැනත් ලියැවුණානම් මරු රාජ්. වෙන කිසි අඩුවක් නැතිව ලියලා තියනවා. කියවන හැමෝටම යන්න හිතෙනවා මේක දකිනකොට.

    ReplyDelete
    Replies
    1. නලීන් අයියා තරමක් දුෂ්කර සහ අවදානම් ගමනක් මේක හැබැ හරීම අපූරු චාරිකාවක් හරියටම ජවයකින් ගමන් කරනවා නම් දවස් දෙකක් හොඳටම ඇති ගමන නිමා කරන්න ඔය කඳු පන්තියේ එක රැයකට වැඩීය ඉන්න එක කොහොමත් එතරම් සුදුසුනැහැ අනික සිතියමක් අරන් යන එක වැදගත් G.P.R.S ප්‍රයොජනවත් වෙනවා ගමනට

      Delete
  6. පිස්සු හැදෙනවා මචං. මම මේ කඳු පන්තිය පාමුලට නම් ගිහින් තියෙනවා. ඒත් මේ වගේ සීත පරිසරයක රාත්‍රියක් තවම ගත කරලා නෑ. බලමු ඉදිරියට.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපූරු අත්දැකීමක් මචං රිවස්ටන් පැත්තේ කූඩාරමක් අටවලා අවදානම අඩුවෙන් ඔය අත්දැකීම ලබන්න උත්සහ කරන්න

      Delete
    2. ඔන්න කරනවනම් වැඩේ....මාත් ආසයි

      Delete
  7. හැම ගමනකම අමාරුම හරියක් සෙට් වෙනකොට තමා කූඩැල්ලොත් කරෙත් එක්ක නගින්න එන්නේ ඕක තමා අමාරුම වැඩේ.නියමට ලියලා තියනවා.
    සුභ දඩයම්!

    ReplyDelete
    Replies
    1. කුඩැල්ලො වෙලාවකට මලම වදයක් තමයි එත් මොනා කරන්නද අපිනේ උන්ගේ සීමාව ආක්‍රමනය කරන්නේ හැම වෙලාවකම ස්තුතී සහෝ

      Delete
  8. දැන් නම් කඳු නගිනවා තියා පඩි පෙලක් නැග ගන්නත් අමාරුයි.. ඒත් ඉතින් මමත් ගියා වගේ ලියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. එහේම කියල කොහොමද රජතුමා ඔය ඔනෑතරම් ඇවිදින්න පාක් හදල තියෙන්නේ පොඩ්ඩක් ඇවිදිමු ලොක්කයියේ, ඇගයුමට ස්තුතීයි

      Delete
  9. මචං රාජ්,
    කතන්දරේ කියවනකොට මට හිතුනෙ මොන රාජකාරිය තිබුනත්, ජොබ් එක මකබෑවිලා ගියත් මටත් යන්න තිබුන කියලයි.
    හොඳ සූදානමක් නැතුව මේ වගේ ගමන් යන්න බෑ.... සුපුරුදු පරිදි මේ වැඩෙත් හොදට සැලසුම් කරල වගේ පේනවා.
    කූඩාරම ගහගන්නවත් හරියට තැනක් තිබිල නෑ වගෙයි. කටුක බව වැඩි වෙන තරමට කොහොමත් ගමනෙ වටිනාකමත් වැඩි වෙනවනෙ.
    අර ඉස්සෙල්ල කොමෙන්ට් එකක දාල තිබුන වගේ රියල් බඩු ටිකක් නැතිව මේ ගමන යන්න බැරි බව නම් පැහැදිලියි.
    අනිවා... උඹල රියල් බඩු ටිකක්!!
    ඊලග ගමනෙදි වත් මම කොහොම හරි එනවා....
    මීට,
    උඹලත් එක්ක ගමන යන්න ආසාවෙන් හිටපු ගෝතයෙක්.....

    ReplyDelete
    Replies
    1. රිද්ම මචං අපි ඊලඟ එකේදි අනිවා සෙට්වෙමු නිදහස් දින කීපයක් යොදාගෙන මොකද බන් කොහේ යන්නත් කියක් හරි වැයවෙනව නේව එක හොයාගන්න ජොබ් කට්ට බේරගන්න ඔනේ නැත්තං ඔක්කොම හබක්නේ උඹ කොහොමත් මේ ගමන්වල ඉන්නම ඔනේ එකෙක් ජය..!!!

      Delete
  10. අර ප්ලේන් එකේ කෑල්ලක් වත් හමු උනේ නැද්ද??

    ReplyDelete
    Replies
    1. හෙව්වා හම්බුන්නෑනේව චික්...!!!

      Delete
  11. කැමතිම විනෝදාංශයක් පිළිබඳව සජීවීව හිතට දැනෙන්න ලියල තියෙනවා.

    නැග්ගට වඩා වේගෙන් බැහැල වගේ. කඳු මුදුනට ලඟා වුනාට පස්සෙ, ඒ ගමනාන්තය ගැන මීට වඩා තව ටිකක් විස්තර කරල තිබුනා නම් තවත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කඳු මුදුන් හතක් නේව හැබැ උසම මුදුන හයවෙනි එක ඒ උඩලක්ෂපාන ගල එතැනට අංශක360 කෝනයක් දර්ශනය වෙනවා හැබැ උඩට නැග්මට වඩා බැස්ම තරමක් අමාරුයි හත්වෙනි කන්දෙන් පස්සේ තමයි කැළනිගඟ හමුවෙන්නේ ස්තුතීයි ඔබේ අදහසට

      Delete
  12. උඹලා ලස්සන අත්දැකීමක් ලබලා ඒක අපිත් එක්ක බෙදාගැනීම ගැන හරිම සතු‍ටුයි. ෆෝටෝස් extra large කරපංකෝ.
    මමත් කරන්න හරිම ආසාවෙන් ඉන්න නමුත් වෙලාව නිසා හැමදාම කල්දාන වැඩක් මේක.

    ReplyDelete
    Replies
    1. ඔබතුමාට ඔය වැඩ පුලුවන්නේව මට මතක් වෙනවා ඉස්සර ගමේ පාර දිගේ සිය පවුලම පොඩි වොක් එකක් දාන අපුරුව..මූනු පොතේ ලිපිනය එවන්නකෝ ඔබ තුමාගේ , ඇගයුමට ස්තුතී

      Delete
  13. මචෝ වෙල් 2කයි ද කෑවේ...
    කැම්ප් site එකක් ගහනකොට ගෙනියන්න ඕනි බඩු බාහිරාදිය ගැනත් ලියන්න..
    මගේ මුල් පාර අද්දෙකිම් නොමැති කමින් අනවශ්‍ය බඩු තොගයක් උස්සන් යාමෙන් අපි පට්ට කට්ටක් කෑවා

    ReplyDelete
    Replies
    1. ප්‍රධාන වශයෙන් රාත්‍රි ආහාරය සහ උදැසන ආහාරය මෙහි ලියා තිබුනත් අතර මැදට රටඉඳි චොකලට් වියලි මිදි සහ ශක්තිජනක පානයන් උපයොගිකරගත්තා ඇත්තටම කඳුනැගීමකදි සහ කෑම් යන වෙලාවක යොදාගන්නා ආහාර තරමක් වෙනස් මොකද කඳු නැගීමකදි සහ කෑලැව තුල ගමන් කරනවිට අප උසුලාගෙන යන බර ප්‍රමානයන් ගැන වඩා සැලකිලිමත් වියයුතුයි මොකද විශේෂයෙන් වතුර අරගෙන යායුතු බැවින් නමුත් කැම් එකක් ගහන කොට අපිට ප්‍රධාන වෙල් තුනම ගන්න පුලුවන් අපි වැඩිපුර ඇවිදිනැති නිසා ඒ ගැන වෙනම ලිපියක් ලියන්නම් ස්තුතී අදහසට

      Delete
    2. ලිපිය එන තුරු මග බාල සිටිනවා..මෙහ් අවුරුද්දේ අන්තිමට මීමුරේ හරි නකල්ස් හරි යන්න හිටන් ඉන්නවා...එහෙම කන්න්දක් නගිනකොට රැගෙනය යුතු අත්‍යවශය දේවල් සහ සැලකිලිමත් වියයුතු දේ ගැන ලියන්න

      Delete
    3. මීමුරේ යනවනම් අභීතය ලගේ කැම්ප් සයිට් එකක් තියෙනවා කැමතිනම් කතාකරලා සෙට් කරගන්න 0714449162

      Delete
    4. බොහොම ස්තුති සහෝ... කුඩාරම් ආදීයා මගේ යාළුවගේ තාත්තා රට ඉදල එවල තියෙනවා....

      Delete
  14. ඔය කඳු සෙට් එක ළඟින් යනකොටත් මාර සනීපයක්නෙවැ දැනෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඊටවැඩිය සනිපයි ඔක නැගල බැස්සහම මචං

      Delete
  15. මැවිලා පෙනෙනවා. එල පට්ට

    ReplyDelete
  16. හොද චාරිකාවක්නේ.. මම මේ පැත්තේ ගිහින්ම නෑ.. සමහරවිට යන්නත් ඉඩක් නොලැබේවි.. ඒ හන්දම ඉතින් මෙහෙම හරි රසවිදින්න ඕන..

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි අපිට අපේ රටේම බොහෝ තැන් මිස්වෙනවා.. ඔබට කියවා විදීමට හැකිවීම මට මහත් සතුටක්..!!!

      Delete
  17. අඩෝ උඹ සිරා පොරක් නේ ... මේ වගේ ගමනක් යනවා කියන්නේ හෙන රිස්කි වැඩක් නේද .. ආසයි බයයි වගේ මට නම් .. මම කොහොමත් ගෙදර ඇඳ උඩට වෙලා පොතක් කියවන් ඉන්න ජාතිය නේ .. හෙහ් හෙහ් ..

    අපි ඔය වගේ ගමන් ගැන හැමදාම හිත හිත ඉන්නව විතරනේ .. එල කිරි

    යන ගමනක් පරිස්සමින් පලයන් මචං .. ජය ..

    ReplyDelete
    Replies
    1. ස්තුතීයි පැත්තා ඇයි උඹත් අර ජලයේ හරඹ කරපු පිංතූර වගයක් මමත් දැක්කනේව ජය..!!!

      Delete
  18. නියම චාරිකා සටහනක්. විස්තරය නියමෙට කරල තියෙනව.
    බලමු කවද හරි යන්න පුලුවං උනොත්.

    ReplyDelete
    Replies
    1. ස්තුතී ඇගයුමට ගියාටනම් කමක් නෑ හැබැ බොහොම පරිස්සමෙන්

      Delete
  19. අනික අර මීට්බෝල්ස් පිච්චුවෙ කොහොමද කියලත් කිවුවනං.

    ReplyDelete
    Replies
    1. අපි මෙහෙමයි කලේ අර ටින්වල එනවනේ පිසූ මීට්බොල්ස් ඉතින් ටින් එක කඩලා ආපහු රත්කරලා ගත්තා එකේ පෙස්ට් එක නුල්ඩස් එක්ක මිශ්‍රකලා

      Delete
  20. රාජ් නියමයි....ආය යනවනම් අපිවත් දැනුවත් කරන්න ඕනෙ..හරිද

    ReplyDelete
    Replies
    1. ඉගාව ගමන ගැන දැනුවත් කරන්නම් ස්තුතී..!!!

      Delete
  21. ela machooo ...........aththatama kandu 8 GPS ekai Map Ekai Naththan thama ehe aiyooo salliii

    ReplyDelete
    Replies
    1. අයියෝ සල්ලි නෙමේ බං අයියෝ කූඩැල්ලෝ හික්ස්...!!!

      Delete
  22. නියම ගමනක්.... පරණ ගිය ගමන් මතක් වෙනවා මටත් මේවා දැක්ක ම . ඒත් දැන් ජොබ් අස්සෙ කොහෙ යන්නද...

    ReplyDelete
    Replies
    1. ඔව් වැඩ රාජකාරි අස්සේ විවේකයක් හොයාගන්න එක තරමක් අමාරු වැඩක් නමුත් වෙනසක් අවශ්‍යයි මොකද ජවයකින් වැඩකරන්න පුලුවන් ඉටපස්සේ

      Delete
  23. හොය හොයා හිටිය පට්ට බ්ලොග් එකක් හම්බුණා..ඔය සංචාරක උණ මටත් දරුණුවටම තියෙනව..
    නියමයි බං පට්ට ආසාවෙන් කියවගෙන ගියා.. ඔය ගමන් බිමන් යන්න කලින් හරියට සංවිධානය වෙන හැටි ගැන එහෙම පුළුවංනං පෝස්ට් එකක් දාමුකො බං..
    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. අනිවා ඉදිරියෙදි ලියන්නම් ස්තුතී මේ පැත්තේ අවට සහ ඇගයීමට ..!!!

      Delete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...