සීතල හිමිදිරි
උදැසන මිදුම අතරින් නොපැහැදිලි මාවත දිගේ ඔහු ඇවිදයයි. අප සැමට ඔහු නොපෙනුනත්
පෙනෙන අතලොස්සට ඔහුගෙන් හිරිහැරයක් නොමැත. තම සංසාරගත පුරුදු ක්‍රියාකාරකම්හි
අජීවි ඔහු අදටත් යෙදෙන්නේ මිනිස්වෙස් ගත් පාපතරයන් විසින් අතරමග නවතාදැමු තම ජීවන ගමන නැවතුන අයුරු ඔහුටද වටහාගත
නොහැකි
බැවින්දොයි විටෙක මට සිතේ.
1988 භීෂණය රටවටා
සීග්‍රයෙන් පැතිරෙමින් අප කතා නායක විසූ අරංගල අතුරුගිරිය ඔරුවල ප්‍රදේශද තදින් තම
ග්‍රහනයට නතුකරගන තිබින. තමන් රාජකාරි කල
කර්මාන්ත ශාලාවෙහි තරුණ කොයිකා අතරත් ජනප්‍රිය චරිතයක් වූ ඔහු දවසේ තම රාජකාරියට
පලමු උදැසන ශාරිරික අභ්‍යසයන්හිද, සැඳැ
සමයේ
තම සෙවක
මිතුරන් සමග පාපන්දු ක්‍රිඩාවේ ද නියැලින. හේ පාපන්දු ක්‍රිඩාවේ
කෙලපැමිනියෙකි. අතුරුගිරිය නගරාසන්න ආයතනික ක්‍රිඩා පිටියක් වුවද එකල ජනප්‍රිය
පාපන්දු ක්‍රිඩා සමාජයක් ඒවටා බිහිව පැවතියේය.
ජවීපයට මුවාවෙමින් එකල රටකල ඇත්තන් තරුණයන්
බිලිබෑම වඩ වඩාත් ත්‍රීවුරකරමින් පැවති සමයක් වුවද අප කතානායක සහ ඔහුගේ මිතුරු කැල
තම ක්‍රිඩා දිවියට දොරගුලු දැමිමට අකමැත්තවුන් හෙයින්ම බිම්කලුවර වැටෙනතෙක් ක්‍රිඩාපිටියෙහි
ගතකලෝය.
තවත් දිනයක්
සුපුරුදු ලෙස ගෙවි දවසේ සැඳැසමය ගතවෙමින් පැවති මොහොතකි. අප කතානායක සුපුරුදු
මිතුරන්ගෙන් වෙන්වි සෙමින් නිවෙස්නය කරා ගමන්කලේ ලඟ ලඟම ඉව අල්ලන මාරයා ගැන කිසිත්
නොදැනය . අඳුරේ පැමිනි වෙඩිඋන්ඩයන් පිට පිටම තරුණ සිරුර
විනිවිද යෑමට ගතවුයේ එක් නිමෙෂයක් පමනි. මොහොතකට ප්‍රථම ජවාධික සිරුරක් හෙබි තරුණයා
උනු රුධිර ධාර වැහේමින් පරඬැල් කඳක් මෙන් මහපොළව සිපගත්තේය.
ලේ
රහට වහවැටි
බළලුන් තොලකට ලෙවකා පැනදිව්වොය. උදේහවා තමන්
සමග එකට සිටි මිතුරාගේ අකල් වියෝවෙන් කම්පිතවුද, කොපාග්ගින්නෙන් බුරබුරා නැගි තරුණ කැල තම
මිතුරාට ලෙහෙසියෙන් සමුදුන්නේ නැත. පොලිසීය නගර
පීරායමින් මියගිය තරුණයාගේ සිරුර සෙවීමට වෙහෙසින. වැඩපොලේහි තම මිතුරාගේ සිරුර
සඟවා තැබු තරුණයින් අවමංගල්‍ය පෙරහරින් නගරය පුරා විදිසංචාරය කරමින්, ඉමහත් ගෞරවාදරයෙන්
යුක්තව තම හිතවතාගේ සිරුර මිහිදන්කරනු ලැබුවෝය.
භීෂනයට
පිංසිදුවන්නට පොලීසියද තම වාඩුව පියවාගත්තේ බුරුතු පිටින් තරුණයන් අතඩංගුවට
ගනිමිනි. ඔවුන්ටම
සරිලන ලෙසට හමුදා කඳවුරක් අතුරුගිරිය නගරයේ ස්ථාපනය කොට පැවතීයෙන් තරුණයින් කිහිප
දෙනකු හැර අනෙකුන්ට ගඩොල් පොරනු තුල සැතපෙන්නට සිදුවිය.
කාලයත් සමග
දේශපාලනික මෙන්ම සමාජීය සිතුම් පැතුම් වලද වෙනස්වීම් ඇතිවිය. අතීතයේ බොහෝ සිදුවීම
කාලයත් සමග වැලලී හමාරය. නමුත්
අහඹුලෙස ඇතැම් සිදුවීම මතුව නැතීවියැම ඇතැම්විට සිදුවේ. එසේම කාලයත් සමක වැලලීනොයන
තවත් බොහෝදේ පවති. ධවල වර්ණයෙන් හැඩවූ ක්‍රිඩා
ඇඳුමෙන් සැරසුන තරුණයා හිමිදිරි උදැසන මිහිදුම් අතරින් පෙනි නොපෙනි යන්නේ
එබැවින්දෝයි මට සිතේ.
මේ පිළිබඳ වන සටහන් කියවන සෑම මොහොතකම මගේ හදවත පිහිතුඩකින් සිදුරු කරන්නාක් මෙන් දරුණු වේදනාවකින් පිරී යන්නේ අප නූපන් යුගයක යටගියාවෙ අඳුරු රුදුරු සෙවණැලි වල වේදනාකාරි පහස මා වටා හොල්මන් කරමිනි.
ReplyDeleteරාජ්ගේ බ්ලොගයේ කමෙන්ටුවකිනි, මා ඔබ සොයා ආවේ.
බොහොම ස්තුතීයි මේ පැත්තට ආවට මම දුටුවා මගේ නිවුන්සහෝදරයගේ කොමෙන්ටුව ඇත්තෙන්ම අතීත අඳුරු පැල්ලම් අප පාඩම් උගතයුතු බව පසක්කරනවා
Deleteඅහා,,, දැන්නෙ මට හරියටම තේරුනේ. ඒ කියන්නෙ ඔයාල නිවුන්නුද? එළකිරි. දෙන්නම මෙහෙම බ්ලොග් ලියනෙක කොච්චර හොඳද..
Deleteවේදනාකාරී... කළකන්ණි ඉතිහාසයක්... නැවත් කිසිදිනක උදා නොවේවා..
ReplyDeleteඔව් ලොක්කයියේ ආයේ එපා..!!!
Deleteඑහෙම කාලයක් ආයෙත් ආවොත් බ්ලොග් කාරයිනටත් පාන්දර ඇවිදින්න වෙනවා
Deleteපාන්දර විතරද පැය 24ම බං.!!
Deleteඅන්තිමට ඒක කාගේ හෝ මනදොල පිනවන විකාරයක් වී නැවතුනේ..
ReplyDeleteඔබ හරියට හරි....!!!
Deleteමට මතක නැතිවුවත් මතක ඇත්තවුන්ට මියගිය වුන්ගේ මව්පියවරුන් තවම ඇතුලාන්තයෙන් විදවනවාය.
ReplyDeleteඑකනම් සදාතනික විඳවීමක් සහෝ..!
Deleteඔය වගේ තව කී දාහක් ඇත්ද ?
ReplyDeleteඔව් සෙන්නා....
Deleteඒ වෙද්දී මම නම් ඉපදුනා පමණයි.. හැමෝම කියන විස්තර වලින් ඒ කාලය ගැන දන්නවා ඇරෙන්න වෙනනම් කියන්න දෙයක් ගැන දන්නේ නැහැ ඇත්තටම..
ReplyDeleteඔබ යම්තරමක වාසනාවන්තයෙක් අපි අතීතයෙන් පාඩම් උගතයුතුයි නෙව..!
Deleteඅසා ඇතිමුත් අත්දැක නැත්තෙ වාසනාවට වෙන්ඩ ඇති ,අයේ එවැනි දෙයක් නොවෙවා ..
ReplyDeleteඅනිවා එහේම කවදවත් වෙන්ඩ එපා..!!
Deleteමේ වගේ කතා කීයක් ඇහුවද ඒ කාලෙ... නොදැකිය යුතු දේවල් දැක්කා, වින්දා... ආයෙ නම් ඒ වගේ කාලයක් නොඑලැඹේවා කියලමයි හැම තිස්සෙම පතන්නෙ...
ReplyDeleteඔවු මියුරු එක මහ කුරිරු කාලයක් යුද්දෙටත් වඩා
Deleteමෙවැනි කතා මතක් කරන්නවත් මම කැමති නෑ රාජ්,ඔය වගේ කාලකන්නි යුගයක් අපි පහුකලා කියා හිතනකොටත් බයහිතෙනවා.
ReplyDeleteතරුණ ජීවිත අඩුතක්සෙරු කිරිම සහ පුද්ගලික ඔනෑ එපාකම් ඉටුකරගැනිම බලලොභීකම තව කොපමන දේ තිබුනද ඒ කැකැරුණ අතීතයේ අනාගතයට කොපමන පාඩම් උගෙනිමට තිබෙද නේද
Deleteරාජ්....ඔය යුගයේ මම හිටියේ අතුරුගිරිය හබරකඩ. අපේ දරුවා ඉපදෙන්න හිටියේ. ජීවිතයේ අමිහිරිම කාළය කියල කියන්නේ කොහොමද එකම දරුවා ඉපදෙන්න හිටිය සමය. ලොකු මල්ලිලා තුන් දෙනෙක් ගෙදර. ආමි එක එහා පැත්තේ. ජවිපෙ අය හැම තැනම. ඒ මදිවාට ප්‍රා. හෝකන්දර සමූහ මිනීවල. නින්දක් නැහැ රාජ්. වෙනම ලියන්න බොහෝ දේ තියෙනවා. දෙපැත්තෙන්ම පණ බේරගෙන තාමත් ඉන්නේ එහෙමත් වාසනාවන්තයෝ ටිකක් තමයි. ඇසින් දුටු දේ ශෝචනීයයි.
ReplyDeleteඔබගේ අත්දැකීම් අනාගතයට සහ වර්ථමානයට බොහෝම වටිනවා ඉඩපහසු වෙලාවක ලියන්න..!!
Delete17 වසරක සාපය කියලා අපි ඒ කාලෙට කිව්වේ . . ඒ කාලේ සිද්ද උනු මිනීමැරුම් නිසාමයි එජාපයට බලය අහිමි උනේ . . . වර්ථමානය හ්හ්ම්ම් ඒ තරම් මිනී මැරීම් නම් නෑ ඒත් . . .
ReplyDelete17 වසරක සාපය කියලා අපි ඒ කාලෙට කිව්වේ . . ඒ කාලේ සිද්ද උනු මිනීමැරුම් නිසාමයි එජාපයට බලය අහිමි උනේ . . . වර්ථමානය හ්හ්ම්ම් ඒ තරම් මිනී මැරීම් නම් නෑ ඒත් . . .
ReplyDeleteඅදත් එක්තරා විදිහක සාපයක් නම් තියෙනවා තමයි දුකා අයියේ
Deleteමේ කියන්නේ රංජිත් ගැනද? ඔහු මිය ගියේ රත්නපුරයේ දී නේද?
ReplyDeleteඟේ ක්‍රින හමුදා කඳවුර තිබුණේ වානේ සංස්ථාවේ ක්‍රීඩාගාරයේයි.
ඔය විදියටම සංස්ථාවේ පිරිස් කළමනාකරුත් මිය ගියා, ඒ අනිත් පැත්තේ බිල්ලක් හැටියටයි.
කකා මේ තරුණයා මරාදාලා තිබුනේ මිලෙනියම් සිටි එක කිට්ටුවදි ඔහු ක්‍රිඩාකරමින් සිට සවස ගෙදර යනවිට ඇත්තේන්ම " ඌරන්ගේ කැකුන තැලිල්ලේන් බොහෝ හබන්කුකුළන් මගුල් කෑව" නිකරුනේ වටිනා ජිවිත මියැදුනා
Delete