Monday, March 3, 2014

සිරා ලමයගේ ඡ්න්ද සටන..............




ආරොං අයියගේ බාල  පුතන්ඩියා
කසිප්පු පෙරලා ගමට  බෙදන්නියා
පොලොසියෙන් පැන කුදලන් යන්නියා
දහ මාසයකට හිරේ ලගින්නියා

මහර මහගෙදර සැමදා පොලිමකි
ජම්පර ගැසූ මහතුන් වෙති තැටි අතැති
හොඳ හොඳ විසිට් ඒ අතරින් ඇතුල් වෙති
මුට්ටිය අඩියේ බඩු මිටි සහ ජංගමෙකි

මහගෙදරට සිරා ඇවිත් මාස පහක් ගතවුනා
ගහට ගහක් මොරටුවේ මෙන් ගජ මිතුරන් හමුවුනා
අලුත් ගේම් එකක් දෙන්න කස්ටිය කතිකා උනා
මේදා සැරේ එලියට විත් සත්ගුනවත් වෙමි මෙමා

කොයි කාටත් හොර රහසේ දහමාසය ගතවුනා
නැෂනල් කිට් එකට බැහැපු සිරා ලමයා පැමිනියා
අලුත් ඡ්න්දේ අතලඟ බැව් වැර්ලසේ මොරදෙනා
හිනා කටයි සිරාගේ වත බොක්කුවල ඇලවුනා

හරක් පට්ටිවල හරකුන් අතුරුදහන් කෙරුවේ කවුද
කැකිරි පිපිඤ්ඤා කැව්වට බඩගින්දර නිවෙනවාද
රට රස්සාවල් දුන්නට ගමේ උන්ට හරි ගියාද
අබිලින්ගේ කෙප්ප වලට මේ පාරත් අහුවෙනවද

හොරකසිප්පු ජාවාරම ගමෙන් තුරං කරනවා මං
බිඩි සුරුට්ටුයි අබිනුයි අතුගාලා දානවා මං
ලෝකේ පැරණි රස්සාවට නංගිලාව දෙන්නෑ මං
කුඩු පැනි ටැබ්ලට් අරක්කු ගමට ගෙන්නෙත් නෑ මං

අම්මේ තාත්තේ මාමේ නංගි මල්ලි මේ   අහන්න
මා දිනුවොත් ඔබත් දිනුම් එපා දෙපාරක් හිතන්න
අටේ ඉලක්කමට කෙලින් කතිර ලකුන දමා යන්න
සත්ගුනවත් සිරා ලමයා කවුන්සලේටම අරින්න




29 comments:

  1. හතරපස් පොලක එලිවැට මැරුට පට්ට කවි සෙට් එක

    ReplyDelete
    Replies
    1. මචං එලි වැට කිව්වේ....

      බීල එද්දි සරම පැටලෙන වත්ත එලියෙන් ගහල තියෙන වැටද??

      Delete
    2. සැමා හෙහ්...හෙහ්.....එල...

      Delete
    3. අනේ අටමෝ මම දන්නැ බොල ඔය වැටවල් ගැන හිතට ආවා ලිව්වා එච්චරයි හික්ස්...!!!

      Delete
    4. මොනවද අටමො බල බල ඉන්නෙ...සෑමට දීහංකො කනට ටෝං ගාලා එකක්...

      Delete
    5. යකෝ එක වැයික්කියේ එකාල කොටාගන්ඩ ආවොත් ඔක්කොමල්ලා කපලා දානාවා හරි..!@#$% හික්ස්..!!!

      Delete
  2. කවි ටික ටොප් මචෝ....

    ReplyDelete
    Replies
    1. තැන්කූ කෙන්ජී..!!!

      Delete
  3. මරු මරු, හුඟක් දෙනෙක් ඉතින් ඔහොමනේ..

    ReplyDelete
    Replies
    1. අනිවා දිනෙෂ් මල්ලි....

      Delete
  4. දැන් උඹත් මාසෙකට එකක් ව්‍යාපාරයට බැඳිලා වගේ. කොහොම වුනත් නියමයි. ජය...!

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි ඔය ව්‍යාපාරයට බැඳිලා අවුරුද්දක් විතර වෙනවද කොහේද....

      Delete
  5. මල් හතයි ඈ ..සුපිරි කවි ටිකයි තෙරුමයි

    ReplyDelete
  6. හරිම ලස්සන කාලෙ තාලෙට ගැලපෙන පද ටිකක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මියුරු....!!!

      Delete
  7. මෙදා සැරේ චන්දෙ ඉල්ලන අය ගැන ඇත්තම කතාව කියල තියෙනව,ටොප් කවි ටික.

    ReplyDelete
    Replies
    1. අපිත් පොඩි හරි සපොර්ට් එකක් දෙන්ඩ එපායැ...!!!

      Delete
  8. සිරා කියලා තිබුන නිසා මමත් දුවගෙන ආවා පුක කැඩුන කඩියා වගේ...අනේ අපිනම් අහිංසකයි...

    ReplyDelete
    Replies
    1. ඒත් මං බැලුවා මේ පිට දේසංකරේ එකා ජන්ද ඉල්ලන්න කොහොමැයි කියලා

      Delete
    2. අපේ සිරා ගැන මං දන්නව නේව ඔය පද ටික ලියාගෙන යනකොට ඔලුවට ආව නමනේව හික්ස්...!!!

      Delete
  9. 10 මාසේ මදි වගේ! ඛෝමත් අපේ උන් 8 ට ඉස්සරහින් ගහයි කතිරේ ඇස් වහගෙන

    ReplyDelete
    Replies
    1. අනිවා මල්ලි කතිර ගහන්ඩ අපේ කස්ටිය හරි සූරයොනේ

      Delete
  10. දෙමු දෙමු මෙ වගෙ උත්සාහවන්තයො තමයි යවන්න ඔන

    ReplyDelete
    Replies
    1. අනිවා යවමු...හික්ස්

      Delete
  11. දහ මාසයක් හිරේ ගිය එවුන්ව තමයි අඩුම ගානේ දහ අවුරුද්දකටත් පාර්ලිමේන්තු යවන්න ඕන.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ...........!!!!

      Delete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...