Tuesday, February 11, 2014

අඬන සීන්...........




හවස 4ට ආපු..

රුහුනේ නැගලා

සුදු පෙනකැටි පිපිරෙන

මුහුදු හුලඟේ දැවටි දැවටි

ඉස්සර..

නන්දලා පියල්ලා හිටපු

කොග්ගල පැත්ත

පහුකරාන

ගොම්මන් කලුවර

ඉහිං කනින් පෙරෙන

වෙලාවක...

මාතර ස්ටෙෂමෙන්

බැහැපු

මං...

එකල අප පාසැල් යන වියෙහි පසුවූවො විමු, කියවිමෙහි සාපිපාසාවෙන් පෙලෙන්නන් වූ අප මාටින් වික්‍රමසිංහයන් ගේ නවකතාවන්හි ඇලුනේ පැනි කෝවක දැවටෙන කුහුඹුවන් සේ යැයි විටෙක මට සිතේ. එතකුදු නොවි අප අතරට පැමිනි කතාපෙට්ටියෙන් එදා අප පොත්වලින් මවාගත් රූ සිහින සජීවිකරනය වී දැස් ඉදිරිපිට මැවූ අපූරු රිදිපට දැකුම්හි වාසනාවන්තයෝ වූයේ යැයි කීම, අද පරම්පරාවට නීයවීමකැයි ද නොසිතමි. 

නමුත්

දඹදිව්කරණයට මෙන්ම වානිජ්‍යමය සොදාපාලුවකට ලක්වූ  නවීන කතාපෙට්ටිය ලමා වැඩිහිටි කාගේත් මැදසාලයට බලෙන්ම පැමින සල්ලි බෙදන යන්ත්‍රයක් බවට පත්වීම තුල, විදීම සහ විඳවීම අතර කලා කෘතීන් දෝලනය වෙමින් පවතින බැව් මාගේ හැඟීමයි..!

එසේම කුඩාවුන්වු අප වටා එකල මහා තාක්ෂනික පරිනාමයක් සිදුවි නොතිබීමම, අප සිත්සතන් පොත්පත් හි ඇඳබැඳ තබා ගැන්මට වඩා ඉඩප්‍රස්තාවක් සැලසිනැයි යන සියුම් සිතිවිල්ල විටෙක මසිතේහි ඇඳේ.

නමුත් වර්ථමාන ලමයාගේ රුචි අරුචිකම් සහ ඔවුන්ගේ විඳිමෙහි නව හැඩය ලඝුකොට තැකීම ඔවුන් කෙරෙහි වැඩිහිටි අප දැක්වූ හුදු ඊර්ෂ්‍යයාවකැයි කීමටද මා පසුබට නොවෙමි.

එහේත් පසුගිය සතියක රාජකාරිනිමාවු එක් සැඳැවක, මා ගමන් ගත් බස් රථයෙහිම රැඳිසිටි පාසැල් ලමුන් දෙදෙනකුගේ මේ දෙබස අපගේ සිංහල සාහිත්‍ය සහ කලාව පිළිබඳව මොහොතක් නැවති සිතීමට තරම් නොවන්නේදැයි සිතීම ඔබේ කාරියකි...

"   මංගාව සින්දු 450 ක් විතර තියෙනවා..."

" මොනාද තියෙන්නේ...."

" ඩ්ජ් මික්ෂ් ඉංග්ලීෂ් එව්වා ගොඩක් තියෙනව ..සිංහල එව්වනම් දෙකයි බං...."

"අඬන සීන් නේ බං  එව්වැ තියෙන්නේ

ඔව් බං.......







30 comments:

  1. උන් දෙන්න තව ලොකු වෙලා බුට් එකක් 2ක් කාපු කාලෙක අඬන සිංදු වලට මැරෙන්න හදයි.. හෙහ් හෙහ්...

    ReplyDelete
  2. හැක්...හැක්...තව ඉස්සරහට පොඩි එව්වන්ගෙන් අහන්න වෙන්නෙ වෙන ඒවා බන්...

    ReplyDelete
  3. තනි ඇහැට ඇඬෙනව..

    "මාටින් වික්‍රමසිංහයන් ගේ නවකතාවන්හි ඇලුනේ පැනි කෝවක දැවටෙන කුහුඹුවන් සේ...." අතීතකාමයද මේ..? එන පරම්පරාවත් මර්ටින් වික්‍රමසිංහලගෙම එල්ලිලා ඉන්න ඕනෙද මන්ද...

    අද තියෙන සිංහල සිංදු අහනකොට නං තනි ඇහැට අඬෙනව... පොඩි උන්ගෙ කතාව හරි.ඔක්කොම ඇහෙන්නේ පොන්නකටහඬින් අඬන සිංදුනෙ.

    ReplyDelete
    Replies
    1. අනිවා පරන කතාන්දර වල අද ඉන්න පොඩි අනාගතය එල්ලි ඉන්න ඔනේ නෑ නමුත් රහ බලන්නන්ට අතීතය හෝ වර්ථමානය කියල අනවශ්‍යය ලෙබල් ඇලවීම යුතු නැති උනත් කුඩා අවදියේ සිට හොඳ දෙවල් සොයා යෑමේ විඥානය ඔවුන් වෙත ලබා දිය යුතුයි වැඩිහිටි පරපුර එහේම නේද

      Delete
  4. ඔක ජෙනරේශන් ගැප් එකද?

    ReplyDelete
    Replies
    1. මේ එක නෙමේ කියලයි මට හිතෙන්නේ

      Delete
  5. අයියෝද කියන්නේ?

    රාජ් මම මේක ලියන්නේ ගොන්පාට් එකකට නෙමේ..මුකුත් හිතන්න එපා..
    අපේ දුව හෝඩියේ ඉඳන් ඉගෙනගත්තේ ඉංග්‍රීසියෙන්, උපාධිය කරෙත් එහෙමයි,ඉදිරි අධ්‍යාපනයත් එහෙමයි. බඳින්න ඉන්නෙත් ඉංග්‍රීසි ජාතිකයෙක්. නමුත් ඒ ළමයා ගාව ඉතාමත් මිහිරි සිංහල ගීත එකතුවක් තියෙනවා සුනිල් ශාන්ත, අමරදේව සිට ඉන්ද්‍රචාප ලියනගේ දක්වා. අපි ඇයට ඒ කාලේ ඉඳන් ඒ දේවල් අහන්න සැලැස්වූවා.

    මේ හැම දෙයකටම දෙමව්පියොත් සෑහෙන්න වග කියන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අනිවා මම කියන්නේත් වැඩිහිටි පිරිස් ලමා අනාගතයට හොඳ දෙවල් සොයා යෑමේ ඉව හුරුගැන්විය යුතුයි කියලයි

      Delete
  6. ලවු කරන කාලේ වෙනකන් අඬන සීන් අහන එකක් නෑ.. ඊට පස්සේ මොන මික්ස් කලෙක්ශන්ද? එතකන් ඉතින් ඔහොම තමයි..

    ReplyDelete
    Replies
    1. හහා ලවුකරන කාලේ නමුත් අද ලවුකරන පෑටන් එකත් වෙනස් වෙලා නේද මල්ලි

      Delete
  7. අනේ මන්ද රාජ් අඬන්නද හිනාවෙන්නද කියල හිතාගන්න බෑ,හැමෝම පරණ සිංහල සිංදු සිංහල කතා අහන්න ඕනෑ කියල කියනව නෙවෙයි,නමුත් මේ අය මේ කොහෙටද යන්නෙ.

    ReplyDelete
    Replies
    1. අන්න එතන පොඩි පුරෂ්නයක් තියෙනව කියල තමයි මටත් හිතෙන්නේ ..!

      Delete
  8. බ්ලොග් ලිව්වාට , කියවන්නේ පළමු වතාවට අදම තමා. බ්ලොග් ලිව්වෙත් හරිම අඩුවෙන් ..
    මගෙ ගාව නම් තියෙන්නේ සිංහල ගීතම තමා...

    ReplyDelete
    Replies
    1. ස්තුතීයි ආදිත්‍ය කියෙව්වාට ඔව් සිංහල ගීත මිහිරියි තමයි

      Delete
  9. ඕය රැල්ල වැඩි කල් යන්න ඉස්සර නැතිවෙලා හොඳ ගීත වලට තැනක් එයි.. ඔහොම දවස් හැම කාලෙම තිබුනා..

    හැබයි රූප පෙට්ටියට නම් අනිවා පාළක මණ්ඩලයක් ඕනමයි.. ඒ තරම් ජරාව යන්නේ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත තාලය කාලෙන් කාලෙට වෙනස් වෙනව නේව හොඳක් වෙනවනම් එච්චරයි රූඅප් පෙට්ට්ටිය අනේ මන්දා

      Delete
  10. මෙච්චර කෙල්ලත් දඹදිව එපා නොවෙන හැටි

    ReplyDelete
    Replies
    1. අනිවා සුදීක හැම පැත්තේන්ම හික්ස්...!!!

      Delete
  11. ඉංග්‍රීසි සින්දු වලත් හොඳ ඒව නැත්තෙම නෑ.
    ඔය පරණ සිංහල සින්දු ගුවන්විදුලි රූපවාහිනී නාලිකාවල ප්‍රචාරය වෙන එක අඩු වීමත් ඕව තරුණයො අතර ජනප්‍රිය නොවෙන්න හේතුවක්. ඒවයෙ යන්නෙත් රී මේක් එක මිසක් ඔරිජිනල් එක නෙමෙයිනෙ.

    ReplyDelete
    Replies
    1. අනිවා ප්‍රසන්න මුදල් පස්සේ හඹායන අපේ උන්දැල රසය විදීම වැනි දේවල් අමතක කරල නේව තියෙන්නේ ඉතින් අනාගත සහ වර්ථමාන ළමා පරපුර ලැබෙන දෙවල් ගැන සතුටුවෙන්න පුලුවන්ද

      Delete
  12. උඹලගේ අපේ කාලෙන් පස්සේ හැදෙන එකාල පොතක් පතක් කියවන්නේ නැති එකේ පලවිපාක තමා බං ඔය ,

    ReplyDelete
    Replies
    1. කියවන්ඩ උන් කැමති ඇති නමුත් වැඩිහිටි අපි ඒ වැඩේට ළමයව යොමුකරවනවද ආන්න එතනයි පුරස්නේ

      Delete
  13. සිංහල සින්දු එච්චරටම එපා වෙච්ච එක ගැන නම් පුදුමයි... ඕනම වයසක කෙනෙකුට රස විඳින්න පුළුවන් සිංහල සින්දු නැත්තෙ නැහැනෙ... අපිත් ඒ කාලෙ ඉංග්‍රීසි සින්දු ඇහුවා ඇතිවෙන්න... හැබැයි ඒ අතරෙම දාහකට වැඩි සිංහල සිංදු එකතුවකුත් (අතින් ලියාපු ) සෑහෙන කැසට් සීඩී තොගයකුත් තිබුණා... ඒත් ඉතින් මේ ඊට වඩා අවුරුදු කීයක් පස්සෙද නේද... අනිත් දේවල් වගේ ඒකත් වෙනස් වෙලා...

    ReplyDelete
    Replies
    1. ඉතින් හුඟකාලේකින් මියුරු...ඔව් ඒකාලේට වඩා තරඟය සහ සංකීර්න බව වැඩියි කියලයි මට හිතෙන්නේ අනිත් කාරනය තොරා බෙරාගෙන රස විඳින්න ළමා පරපුර යොමුකිරිම සම්බන්දයෙන් වැඩිහිටි පරපුර දරන්නේ මන්දගාමි ආකල්පයක් කියලයි මට හිතෙන්නේ

      Delete
  14. ලස්සනයි! රස වින්ඳා. අදයි මුලින්ම ආවේ. නැවත එන්නම්. ජය!!

    ReplyDelete
    Replies
    1. ස්තුතී ඔබේ ඇගයීමට නැවතත් එන්න...!!!

      Delete
  15. ලමයි සින්දු අහනවා. ඔවුන් මෙහෙයවන්නේ රූපවහිනී නාලිකා.දෙමාපියන් ගේ බලපෑමක් ඒකට උවමනායි. 11 වසරේ පවා පරිවර්තන හෝ හොඳ නවකතා කියවන අය අඩුයි. කියපු නවකතාවක නමක් කියන්න කීවොත් ඇහෙන්නෙ ඉතාම ප්‍රසිද්ධ ටෙලි නාට්‍ය රචකයෙක් ගෙ නමක්. මඩොල් දුව කියවල තියෙනවද කියල ඇහුවොත් එක්කෙනයි නැත්නම් දෙන්නයි. ඒත් කතාව ඇහුවොත් මතක නෑ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම තරඟයට දුවන්න ඔනේ නමුත් පොඩි විවේකයක් අරං දෙමාපියන් සහ ගුරුවරු යන දෙකොට්ඨාශයම ලමයි යොමුකරන්න ඔනේ සරුවපිත්තල ආකල්පවලින් ඔබ්බට ස්තුතී අදහසට

      Delete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...