Wednesday, October 19, 2011

රස්සාවට චෙන් කැඩිල්ල.. සහ දොළ දුකට අරක්කු බීම......



 මෙක මේ ලඟදී අපේ ලංකාවෙම වෙච්චි පොඩි සිද්දි දෙකක්....

ඔං එක ගැනුලමයෙක් ලස්සනට  ඇඳල කොරලා උදැහැනැක්කෙම රස්සාවට ගියාලු...

  ඉතින් දවසේ වැඩ රාජකාරි ඔක්කොම අහවර කොරල එහේම මේ ලමිස්සි ආපහු ගෙදර එන්ට පිටත් උනාලු....

   හැබැ ලාවට කරුවල වැටීගෙන එන සන්දියේ තමා මෙයා බස් එකෙන් බැහැගෙන තියෙන්නේ...

  ඔං දැන් ගෙදෙට්ට යන පාරදිගේ.... අර ගැනුලමයින්ට උරුම වෙච්චී ලැසී ගමනත් දාලා එහොම මෙයා ඇවිදන් යනව...

  ටිකවෙලාවකින් ඔතනින් යන්ට ආව මොටර්සයිකලයක නැගුනු පොරවල් දෙකක්...

  අර මුලින් කිව්ව දැරිවිගේ...බෙල්ලේ දිලිහි දිලිහි රන් මාලේකුත් තියෙනව..මොකැ ගැනුලමයි ලස්සනට පලඳින්ටත් ආසයිනොවැ...
  
අර බයිසිකල් කාරයෝ දෙන්නා ආපුගමන් කඩාගත්ත නොවැ අර ලස්සන මාලේ....කඩාගෙන ඇරදාලා ගියා...

  හැබැ අරදැරිවි වගේ වගක්වත් නැතිව පයින් ගාටනව....ටිකවෙලාවයි ගොහින් තියෙන්නේ අර බයිසිකලේ ආපහු සැරක් ඇවිදින් එකේ හිටපු එකේක් දැලිපිහියකින් අර දැරිවිගේ...පස්ස පැත්ත කපපීනේද....

  ඒ විතරක්නං මදැ එකේක් කියපි

 " මේ නංගී නිකං බොරු මාල දාගෙන පාරෙ යන්නැතිව හිටපං අපිත් මේ රස්සාවක් කොරන්නේ" කියලා

ප.ලි
 මේ සිද්දීය ඇත්තටම හොරන පැත්තේ සිද්දවෙච්චි දෙයක්...


 

අපේ ඔෆිසියේ ඉන්න ප්‍රියන්තගේ ලොකුඅයියා මීට අවුරුද්දකට විතර ඉස්සර ජයටම මගුලක් කෑව..එකේ ප්‍රතිඵලයක් විදිහට ඕන් දැන් ලොකු නෑන නිලමේ ගමන එහේම යනවලු...

  මේ ලඟකදී අර උන්දැ අයියට කිව්වලු "මට අරක්කු ටිකක් බොන්ට ආසයි කියලා"....අයියටත් පුල් අප්සේට්ලු... මොකැ මෙක අම්මත් දැනගේන...

  අම්මනං කැමතිම වෙලා නැ වැඩෙට....

මක්කා කොරන්ටද අයියත් නිකා හිටලා නැ අරක්කු ටිකක් ගෙනත් දිලා නොවැ...බොන්ට...  ඔය කිව්වට අපිත් මුලින් විස්වාස කොරේම නැ හැබැ බලාගෙන ගියාම වැඩෙ ඇත්ත....
 
ප.ලි

 මූ එලියට එන්ටත් කලින් මෙහෙමනං ආවට පස්සේ කොහොම හිටිද අම්මපා....
 



19 comments:

  1. හප්පුච්චියේ.... ලැබෙන එකා තිතටම මත තියයි වගේ....

    පලවෙනි සිද්දිය ගැන නම් කනගාටුයි... අනේ උන්ගෙ රස්සාව... අරකිට තිබ්බේ කෑ ගහන්න මාලේ කඩපු වෙලාවෙම...

    ReplyDelete
  2. මාල සීන්එක මාත් අහල තියනවා. ඒත් දෙයියනේ..... අරූ එලියට ආපු දවසක හදිසියකටවත් අපිට බොන්න අරක්කු ටිකක් ‍හොයාගන්න නැතිවෙයි ලංකාවේ.

    ReplyDelete
  3. හම්බවෙන්න ඉන්න පොඩි එකා ගිය ආත්මේ හොදට බීපු කෙනෙක් වෙන්නැති නේද

    ReplyDelete
  4. ඔය වගේ සිද්ධියක් දිල් ඇස් දෙකටම දැක්කා...බස් එකේදී කවුද ගෑනූ ළමයෙක්ගෙ පර්ස් එකක් ගන්න යනවා ...හොරෙක්..මේක දැක්ක තවත් ගෑණු ලමයෙක් ( එයා බස් එකෙන් බහින්නෙ දිල් බහින් හොල්ට් එකෙන්මයි ) එක පාරටම කෑ ගැහුවා....එත්කොට අර හොරා හීන් සීරුවේ බස් එකේ දොර ලඟට අදිලා බැහැලා ගියා....

    අර ගෑනු ළමයයි මායි බහින් තැනින් බැස්සම මම දැක්ක ඒ ගෑනු ලමයගෙ කකුලෙ එක පැත්තකින් ලේ ගලනවා...මම එයාට ඒක පෙන්නලා ඉක්මනින් ලඟම තිබ්බ කඩේට එක්ක ගියා...අපි බැලින්නන් මේ ළමයගෙ කකුල දැලි පිහියකින් කපලා...අර හොරා බස් එකෙන් බැහැලා තියෙන්නෙ දැලි පිහියෙන් මේ ගෑනු ලමයව කපාගෙන....උගෙ වැඩේ මෙයා හන්දා වැරදුනානෙ...

    ReplyDelete
  5. අලුත් ඇඳුම ලස්සනයි,,,රාජ්

    ReplyDelete
  6. @ පලාමල්ල
    කියලා වැඩක්නැ සහෝ මාත් ඇහුව..ඔය ඉපදෙන්ට ඉන්න එකා කොලේක්ද..කෙල්ලේක්ද..කියලා..එකා කෙල්ලේක් උනොතින්..අනේ මන්දා..යස අගේට කොල්ලන්ට බොන්ඩ තිබ්බ අරක්කු ටික..
    ඇත්ත කොලුකමටත් නොන්ඩි බං එක කොහේද රස්සාවක් වෙන්නේ...

    @ රාජ්
    එකනේ බං මාත් කල්පනා කලේ..

    @ නදී
    ගියා ආත්මේ බීලා..මේ ආත්මේ උපදින්ට පුලුවන්නං..අඩෙ..බොන එක පවක් නෙවී එතකොට ..මරුනේ හැබැ ඔකා ඉපදිලා බොන්ට ගත්තොත් තහංචී දානව බොරු...

    @ දිල්...
    බොහොම ස්තූතී සහොදරී...ඇත්තටම ඔය චෙන් කඩන හොරකං කරන් උංව නං අතාරින්ඩ හොඳනැ.. ඇයි යකො හොඳට අතපය තියෙන එකේ කුලිවැඩක් කොරපංකො නැද්ද ....

    ReplyDelete
  7. ඔය වගේ සිද්ධ්යක් මටත් වුනා. මම එතකොට මහරගම තරුණ මධ්‍යස්ථානේ කඩු ඩිප්ලෝමා එක කරනවා. ඔන්න මම එනවා ග්‍රෑන්ඩ් පාස් ඉඳන් පයින්ම. කුඩ්ඩො දෙන්නෙක් මගේ පස්සෙන් ආවා. මම ගනන් ගත්තේ නැහැ. පාලුහරියක් ඒ. යුනි ලීවර් එක හරියේ. එකෙක් මගේ අත් දෙක අල්ලා ගත්තා. අනික පර්ස් එක අරගෙන ඇද්දා. මගේ ඉස්සරහම. එතන තිබ්බේ රුපියල් 20 යි. ඒක අරගෙන හිගන්නේක්නෙ කියලා යන්න ගියා. මම කලබලය්ක් නොකර පයින් ආවා වත්තලටම.

    ප/ලි
    දැන් නම් හරි සිරා ජොබ් එකක් ඕක ඇමති කෙනෙක් වෙන්නත් සුදුසුකමක්.

    අයියට මහන්සි ඇති අක්කට නිළමේ ඇදුම අන්දන්න ගිහින්.

    ReplyDelete
  8. අපේ ලංකාවේ ඉන්න නෑන කෙනෙක්ගෙ, මාලෙ කඩල ඔය විදියටම මෝටර් බයිසිකලේකින් ආපු එකෙක්. ගෑනි අතේ තිබුන කුඩෙන් ගහල අරූගෙ මූන හරහ පාරවල් කීපයක්. පස්සෙ මස්සිනා එක්ක ගිහින් බලනකොට සිද්ධිය වෙච්ච තැන පාර අයිනෙ, තණ කොළ ගොල්ලෙ මාලෙ වැටිල තිබිල හම්බ වෙලා.

    මාත් අඳුනන ජෝඩුවක් හිටිය දෙන්නම හොඳට බොනව, හැබය් උන් ළමය් නං හැදුවෙ නැහැ. දැන් නං දෙන්න දික්කසාද වෙලා.

    රාජ්, අර නිල් පාට අකුරු නාකින්ට නං කියවන්න අමාරුය්

    ReplyDelete
  9. @ මහ වෙදනා...

    දෙයියන්ගේ පිහිටෙන් අතක් පයක් නොකැඩී බෙරීලා තියෙන්නේ..තවටිකෙන් අපට වෙදමහත්ත්යෙක් නැතිවෙනව..
    ඇත්ත ඔය තිරිසං දේශපාලුවො එක්ක බලද්දී..අර චේන් කඩන එකා හොඳා..." බොලේ ඉඟුරු දීලා මිරිස් ගත්තාවද්ද.."
    ඔය අන්දලා තියෙන්නේ යස අගේට ඔය වගේ පුතයෝ තුං හතර දෙනේක් ඉපදුනාම ඇති ලංකාවේ..අරක්කු..සාගතයක් ඇතිවෙන්ට..

    ReplyDelete
  10. @ Observer
    අඩේ අප්පා බොහොම ස්තූතී Observer මහත්තයා මේ පැත්තේ ආවට...
    ආපහු ඔය නිල්පාට අකුරු නොදාඉඥාං...

    බොන එකත් පිලිවෙලකට බොන්ට එපායැ..උන් දෙන්නා දික්කාසාද වෙන්ට ඇත්තේ අරක්කු බොතලයක් බෙදාගන්ට බැරුව වෙන්ටැ..

    නියමයි ඔය චේන් කඩන හොරුන්ට එලවා එලවා දෙන්ට ඔන..

    ReplyDelete
  11. ඕක තමා කියන්නේ කෙල්ලොන්ට තනිපංගලමේ එහේ මෙහේ යන්න එපා කියලා ..

    පොඩි පොර එක වසරේදීම පටන්ගයිද දන්නේ නෑ කන පැලෙන්න කරටටි කැඩෙන්න ගසන්න

    ReplyDelete
  12. @ සඳරු

    ඔවු ඔවු... ගැනුලමයිනේ...කොල්ලේක්ගේ අතින් අල්ලගෙනම යන්ටඔන..යන තැනක..
    ඔව කියන්ට බැ සඳරු...උඹලගේ අපේ.. තැන නැතිවෙන්ටයි යන්නේ...මුං බොන්ට ගත්තොත්

    ReplyDelete
  13. කථා 2 ම හොදයි
    "එකේ ප්‍රතිඵලයක් විදිහට ඕන් දැන් ලොකු නෑන නිලමේ ගමන එහේම යනවලු..."
    මෙන්න මේක නං ගෑනු සංහතියටම කරපු අපහාසයක්....

    ReplyDelete
  14. අනේ දැන් මේ රාජ් අර රාජ්මද? නැත්නම් වෙන රාජ් කෙනෙක්ද? ඒ රාජ් හා මේ රාජ් ඇර තව රාජ්ලාත් සිටීද?

    ලස්සන කතාව...:D

    ReplyDelete
  15. @ ඔබ නොදුටු ලොවක්

    ස්තූතී මේ පැත්තේ ආවට....
    අපොයි අපිනං නෑ නොවැ ඔය බවලත් උදවියට අපහාස කොරන්නේ

    @ පොඩී කුමාරී හාමී
    අයියෝ බොහොම සරලයි අපේ අනිත් රාජ් ගේ ප්‍රොෆයිල් එක තියෙන්නේ " රාජ්" විදිහට එතකොට මං තුමාගේ ප්‍රොෆයිල් එක තියෙන්නේ Raj විදිහට හරීනේ
    අනික බොහොම ස්තුතී මේපැත්තේ ආවට කුමාරී හාමී..අයෙත් එන්ට...

    ReplyDelete
  16. අඩේ ඇතුලේ ඉන්න එකා කොල්ලෙක් උනොත් හොඳයි .බැරි වෙලාවත් කෙල්ලෙක් උනොත්. අම්මේ හිතෙනකොටත් බය හිතෙනවා. කොහොමද ගෙදර ගැනී බීල ඇවිත් ........@*****#*@@

    ReplyDelete
  17. @ itnishantha
    එකනේ මචො මාර කේස් එක...ස්තුතී මේපැත්තේ ආවට..ආයිත් වරෙන් සහෝ

    ReplyDelete
  18. ගමනක් බිමනක් යද්දී ඇත්ත රත්තරන් පළඳින එක අවම කර ගන්න එක හොඳයි තමයි
    ඒත් එහෙම කළා කියල පස්ස කපල යන එක තමයි නරක වැඩේ
    ඇත්තටම ඒ ගෑනු ළමය කෑ ගැහුවනම් සිද්ධිය ඔහොම නොවෙන්නත් තිබ්බා
    එතකොට හොරු ආපහු එන්නේ නැහැ නොවැ
    මොකද එහෙමනම් කවුරු කවුරු හරි ඇවිත් බලනවනේ මොකද උනේ කියලා

    දැන් කාලේ ගෑනු උදවියට හැදෙන දොළ දුකවල් ගැන ඇහුවහම ටිකක් නෙමෙයි හොඳටම බොන්න තමයි හිතෙන්නේ

    ReplyDelete
  19. @ ලොකු පුතා
    ඒකනම් සහතික ඇත්ත සහෝ

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...