Monday, October 10, 2011

අපබ්‍රංශ හැන්දැවක් සහ ජීවක වෙදතුමෙක්




 ඔය කිරිකොට් ගැහිල්ල හින්ද විටින් විට මගේ කකුල් වල වේදනාවක් එනව...ඉතින් ඔකට මාස 3ක වෙලේ හිටං බේත් කොරනව නිට්ටාවට සුව වෙන්නැ....මේ දවස්ව බේත් කරන වෙද මහත්තයා කිව්ව මේ ආබාදේ තියෙන්නේ මාන්ශපේෂී වල නිසා කොකටත් ශල්‍යය වෛද්‍යවරයෙකුට පෙන්නන්ඩ කියලා.... මොකැ මේ වෙනකොටත් ඔය අඬු පඬු ගැන බලන දොස්තර කෙනෙකුට මේ පුරස්නේ කිවුවම එතුමා මාව ක්‍රීඩා පිළිඹඳ වෙදැතුමෙකුට යොමුකලා...නමුත් එතුමගේන් සාර්ථක ප්‍රතිකාරයක් ලැබුනේනැ

   අපේ ඔෆිසියේ ඉන්නව සාමාන්‍යයෙන් හොඳ දොස්තරලා ගැන දන්න එක්කෙනෙක්. ඉතින් උන්දැගෙනුත් අහලා...තව කීප දෙනේකුගෙන්මත් අහලා...ජංජාලේට ගොඩවෙලා...බුක්කරගත්තා...හොඳම ශල්‍යය වෛදතුමෙක්ව....

  ඔං ඉතින් ඒ දවස උදාඋනා...ෂොට් ලිවු එකක් එහේම දාලා ගියා දොස්තර මහත්තයා මුනගැහෙන්ට...නවලොක රොහලට තමා එතුමා එනව කියලා තිබ්බේ...නවලොක රොහලට අලුත් ගොඩනැගිල්ලක් එක්කාසුකරලා දැන් අලුත් පාටයි....ඔං ඉතින් විමසිම් කවුලුවෙන් තොරතුරු අරන් අදාල කාමර අංකය හොයාගේන ගියහම..එකේ දාල තියෙන්නේ වෙන වෛද්‍ය තුමෙකුගේ නමක්....

   ආයිත් සැරයක් බැලුව මට වැරදිලාද කියලා... මොන වෙන නමක් තමා තියෙන්නේ ... මොකැ කොරන්නේ ආපහු ගිහින් අර විමසීම් කවුලුව ගාව ඉන්න නර්ස් නොනලගේන් අහලබැලුවම ඒ ගොල්ලො කියපි...

නර්ස් : " ඩොක්ට එස්.එස් ජයරත්න එන්නේ ඔයකාමරයට තමා " 

මම : " එතකොට මිස් ඒ කාමරේ තියෙන්නේ වෙන නමක්නේ "

නර්ස් : "හරි හරි ඒ නම තියන ඩොක්ට තාම ආවෙනැ එයා ඇවිල්ල ගියහම අනිත් ඩොක්ට එනව.."

කොහොමහරි මට ඩොක්ට මුනගැහෙන්ඩ වෙලාව දිලා තිබ්බේ හවස 4.10 ට, ඉතින් බොලේ අර දොස්තර තාම ඇවිල්ලත් නැත්තං කීයටද මම දොස්තරව මුනගැහෙන්නේ....#@*%...

මම : " මිසී මට එපොයිමන්ට් එකතියෙන්නේ 4.10 ට දැන් වෙලාව 4.00 යි නේ.."

නර්ස් : " හරි හරි අර ඩොක්ට දැන් එයි... එතෙනට වෙලා ඉන්නකො...හි..හි.."

 එයාට හිනා මම එපෑ කට්ට කන්න....ඔං ඉතින් අදාල කාමරේ ගාව තිබ්බ පුටුසෙට් එකේ වාඩියක් දාගේන ලඟ බිත්තියක එල්ලලා තිබ්බ ටි.වී එක දිහා බලාන ඉන්නව...
" වෙලාවට ඒකවත් තිබ්බේ...."

  ටිකක් වෙලා යනකොට තව එතන එල්ලලා තිබ්බ යකඩ කටකින් කියපී

" ඩොක්ට එස්.එස්.ජයරත්න රොගින් බැලීම සඳහා හවස 6 ට පැමිනෙන බව කරුණාවෙන් සලකන්න " 

මලා දැන්මොකද කරන්නේ ...තවම 4.15 යි දැන් ආයෙත් ඔෆිස් එකට යන්ඩ කියලයැ...අපරාදේ මගේ ෂෝට් ලිවු එක...හය වෙනකං මක්ක කොරන්ටද....

 බේරේ වැව අයිනේ ලඟදි හමුදාවෙන් දාපු කොෆි ශොප් එකක් තියෙනව කෑමත් ඒ හැටි ගනං නැ..ඉතින් ඉර බහින හැන්දැවේ ඔතෙන්ට ගිහින් පොඩි ශෝටිස්ට් පාරක් දැම්ම....

   හවස 6.00 වෙද්දී ආපහු..නවලොකෙට..ආව....මේසැරේනම් හරියට ඩොක්ටගේ නම තියෙනව....හවස 7.00 විතර වෙනකොට ඩොක්ට ආව....රොගීන් දෙපලක් බැලුවට පස්සේ තිබ්බේ මගේ වාරේ... මාත් ඉතින් ගිහින් තියෙන දුක් අඳොනා ටික කියලා දැම්ම....ඩොක්ට ටිකක් වෙලා පරික්ෂාකරලා කිව්වනේ ආපහු ක්‍රිඩා සම්බන්ද ඩොක්ට කෙනෙකුට පෙන්නඩ කියලා...

එතන හිටපු නර්ස් නොනගෙන් චැනල් සර්විස් එක ඉල්ලගත්තු ඩොක්ට එතනින්... ඩොක්ට ගිතාංජන මෙන්ඩිස් ඉන්න වෙලාවල් අහගත්තා....පසේ

  මට ලියුමක් ලියලා දීලා කිවුවා ... සතියෙ දවස්වල හවසට ඩොක්ට ගීතාංජන ඉන්නවය...මේ ලියුම අරන් එයාව මුනගැහෙන්ඩ කියලා..."
 මදැ කොලා දැන් මොකැ කොරන්නේ....ගිතාංජන උන්නැහැ ගැන මෙදවස්වල අහන්ඩ ලැබෙන කතන්දර එක්ක මනුස්සයා ගාවට යනවද නැද්ද කියන එක තමා පුරස්නේ....

හැබැ මට පූල්ම අප්සෙට් ගිය වැඩේ උනේ ඊටපස්සේ....

 ලියුම දුන්නට පස්සේ ඩොක්ට නර්ස් නොනට කිවුවා මම ඩොක්ටට ගෙවලා තිබ්බ ගාස්තුව ආපහු මට දෙන්ට කියලා.... මට හිතාගන්ඩ බැරිඋනා..ඇයි බොලේ කවුද හිතුවේ මෙහෙම දෙයක් වෙයිකියලා.....

පලි..

  ඩොක්ට එස්.එස් ජයරත්න කියන්නේ ලංකාවේ ශල්‍යය වෛද්‍යය වරුන් අතරින් ලේවහනය වීම අවම මට්ටමේ තබාගනිමින් ශල්‍යය කර්ම කරන එකම වෛද්‍යවරයලු...ඒ වගේම මෙතුමා සේවයෙන් විශ්‍රාම ගොස්...යුද්ධය පවතින අවදියේ නැවත උතුරේ යුද්ධය පවතින ප්‍රදේශවල ජංගම සයනයක් පවත්වාගේන නොමිලේ හමුදා භටයන්ට සෙවය සලසපු පුද්ගලයෙක්.....
   වර්ථමානයේ හමුදා රොහලට තම සේවාව සපයමින් සිටින්නේ....හොරන ශ්‍රී පාලියෙන් තමා පාසැල් අද්‍යාපනය හදාරලා තිබෙන්නේ....
  දැන්නම් ඔහු බොහොම වයස්ගතයි...නමුත් බොහොම හොඳට රොගීන්ට ඇහුම්කන් දෙනව වගේම බොහොම කරුනාවන්තයි.....
  

10 comments:

  1. ඕකට බේත් ගන්න හොදම කෙනා වයිට් මහත්තයා. පොඩි පුරස්නෙකට තියෙන්නෙ උන්නැහේව හම්බවෙන්නෙ කොහොමද කියන එකයි. අනිත් කාරණේ ඊටපස්සෙ කිරිකැට් නවත්තන්න වෙනවා.

    ReplyDelete
  2. කියලා වැඩක් නැ සහෝ...

    ReplyDelete
  3. @ ඔබ නොදුටු ලොවක්
    කියලා වැඩක් නැ....ස්තුතී මේපැත්තේ ආවට....

    ReplyDelete
  4. ඩොක්ටර් ගීතාන්ජන ලඟ ගියාම දේවි physiotherapy කරන්න...එක ආයෙ කතා දෙකක් නැත...අර රාජ් කලින් කිව්ව වෛද්‍යවරායා ගැන නම් හරිම පුදුමයි

    ReplyDelete
  5. ඇත්තෙන්ම දිල් ඔය තෙරපි වැඩේ නම් හරියන්නැ....,මාත් පුදුම උනා..ඒ ඩොක්ට ගැන අහලා....අර හමුදාවේ අයට කරපු සත්කාර්ය්‍ය නම් අගයන්ඩ ඔන....

    ReplyDelete
  6. ඔන්න මමත් මේ පැත්තට ගොඩ වුනා
    අර දොස්තර මහත්තයානම් අදහන්න වටිනවා තමයි

    මගෙත් මේ දවස් වල කකුල් දෙකේ කැක්කුමක් හැදිලා හිටගෙන ඉන්නම බැහැ, ඒක එන්න ඇත්තේ දැන් කරන රස්සාව නිසා වෙන්න ඕනේ
    මුළු දවසෙම වගේ හිටගෙනනේ ඉන්න වෙලා තියෙන්නේ
    බෙහෙත් ගන්නවා ගන්නවා ඉවරයක් නැහැ, Xray ගන්නවා වෙලාවකට, දැන් අපහු MRI Scan එකක් කරන්න ඕනේ කියල කිව්වා
    තාම වෙලාවක් ලැබුනේ නැහැ ඒක කරන්න
    බොහොම අඩු වයසෙන්ම අපි ලෙඩ්ඩු වෙලා, කොහෙද අපිට වැරදුනේ...?

    ReplyDelete
  7. @ ලොකු පුතා
    බොහොම ස්තූතී මෙපැත්තට ගොඩ වැදුනට...
    කියලා වැඩක්නෑ ලොකු පුතේ..අපේ සීයලා වගේ නෙවී අපට ඉක්මනටම පරලො සැපත්වෙන්ට වෙයි මේ යන විදිහට....

    ReplyDelete
  8. පුදුමයි ඔහොම දොස්තරල ඉන්නව කිව්වම....


    ලොකු පුතා කිව්ව කතාවම තමා මටත් හිතුනේ.. බොහොම අඩු වයසෙන් අපි ලෙඩ්ඩු වෙලා... අපේ ආත්තමට දැන් 101.. ඔය ඉන්නෙ අගේට.. ඒත් අපි කී දොහක් ඉදියිද මන්ද....

    ReplyDelete
  9. ඔව් මචො අපිට 60 ට වත් ගහගන්ට පුලුවන්වෙන්ට කියලා හිතමු..

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...