Monday, September 16, 2013

ඈ..



නෑරුනු පියන්පත් අගුලේ                       සිරවීලා

දැල් බැඳි සතර කොන් කිටිකිටියේ         වෙලිලා

උනුහුම මැකුන ලිප්ගල් වැට                  ගුලිවීලා

පොල් අතු රටා නැති ගෙමිදුල            ගොලුවීලා



තුරුලතා සැඟවයන ගොම්මනේ..

ගෙට ගොඩ වුනෙමි..

වෙනදා නොමැති හිස් බවක්.

ඇත පිරී දස අත,

දුහුවිලි වැකුන සිරුර.

ඔබාන වතුර මල යට මොහොතක්..

ගොස් බැලිමි...!

තොලගානු රිසියෙන්

සුපුරුදු තේ බඳුන...

අහෝ........

විඩා සැනසු තේ පොද..

නොමැත අද ඒ විලසට

මා අතරමංකල මතකය...


ගොසිනි


මහ ගෙදරට......!


36 comments:

  1. හහ් හහ් හා.... තේරෙනව නේද ගොයියෝ අගේ? ටික දවසයි ටික දවසයි ඉවසපං!

    ReplyDelete
    Replies
    1. ඔව් නේව ඉවසන්ට එපායෑ....

      Delete
    2. රාජ් ට රාජ් බ්ලොගේදි හමුවෙලා

      Delete
  2. අපසාදේ මේ දවස් වල උඹේ ජාතික ගීය කරන්න තිබුනේ සුනිල් මාමගේ කලේ පැන් ඇත නැව්ම් රහ නැත ගීතය..

    ඔහොම යාං...

    ReplyDelete
    Replies
    1. හික්ස්...ඔව් ඔව්

      Delete
    2. මටත් මතක් උනේ ඒ සින්දුව... :D

      Delete
    3. කමෙන්ට් කරන්න හදද්දිම මෙන්න දාලා....

      Delete
  3. පට්ට පාලුයි නේද රාජ්

    ReplyDelete
  4. දැන් අහවල් දෙයක් කියලා කරන්නද... ටික දවසක් ඔහොම යං ඈ!!!

    ReplyDelete
  5. ඇයි...??
    නෑදෑයෝ ඉල්ලපු දෙවෙනියා...හින්දද...??

    ReplyDelete
  6. මෙන්න විකල්ප:
    බොල ඔය ජනෙල් දොරවල් ඇරලා හුලං ටිකක් වැදෙන්න ඇරපං.
    තේ එකක් හදා ගන්න ඉගෙන ගනිං බං.
    තේ නොබී හිටහං.
    ටී බෑග් පාවිච්චි කරපං.
    ග්‍රීන් ටී බොන්න පුරුදු වෙයං (එතකොට තේ බීම වේල් දෙක තුනෙන්ම නතර වෙනවා)

    මෙන්න උඹ අතහැර ගිය බිරින්ද වහාම ගෙන්වා ගැනීමට මෙන්න නොවරදින විසඳුම: හරිඔ නොගියොත් මුදල් ආපසු:
    වශී! වශී!! වශී!!!
    මෙවි වගේම කවියක් ලියපං අසල්වැසි ළඳකට තියෙන සඟවාගත් ප්‍රේමයක් ගැන. (යටින් වරහං ඇතුලේ දාපං ප්‍රබන්ධයක්ම නොවේ කියලා.
    ඊට පස්සෙ උඹේ යාලුවෙකුට කියහං ගින්න දෙන්න කියලා පියඹට.
    පැය විසිහතරෙන් පියඹ ගෙදර.
    කං ඇබ, ගහගෙන හෙල්මට් දා ගෙන, බෝල් ගාඩ් එකකුත් ඇඳගෙන ඉඳපං.
    වටිනා පිඟං බඩු පෙට්ටියකට දාලා වහලා ප්ලාස්ටික් ඒවා එලියේ තියපං.
    පිහි හංගපං.
    පොරොව, උදැල්ල මෝල්ගහ හෙම වලලපං වත්ත පහල.
    වශී! වශී!! වශී!!!

    ReplyDelete
    Replies
    1. අත්දුටුවයි! ප්‍රත්‍යක්ශයි!!

      හෙන් රි ගුරුන්නාන්සේ දිගුකල් දිනේවා!!!!!!!!!!!!!!!!

      Delete
    2. යකෝ අපේ හෙන්රිය ඇත්තටම "ගුරෙක්"නේ බැලුවම.

      Delete
    3. හෆොයි තේ විතරක් නෙවි උයන්ටත් පුලුවනි...ඔය ඉතින් හිතට ආපු සිතිවිල්ලක් නේව...!!!

      Delete
    4. හෙක් හෙක් හෙක්....


      Delete
    5. මෙන්න මෙයාට නම් හිනා හික්ස්

      Delete
    6. හෙන්රියාගේ උපදෙස් ‍ටිකනම් මසුරං....!!! .... :D :D :D

      Delete
  7. අඩේ රාජ් අයියා හම්බන්තොටලු නේ අයියේ මම අම්බලන්තොට ඩිපෝ හන්දියේ

    මිදුල අතු ගාන එකයි තේ බොන එකටයි වැඩිය ප්‍රශ්නයක් වගේ මේක

    ReplyDelete
    Replies
    1. ඒ සිංහල රාජ් බොල. මේකා නෙවෙයි.

      Delete
    2. අම්මට සිරි ඌ ලොක්කගෙ ගමේද?
      දන්නව නම් යන්නෙ නැහැ ඒ පැත්ත පලාතෙ.

      Delete
    3. ලොක්කගේ ගමේ නං මදෑ.. නැයෙක්ලු. බ්ලොග් උපදේශක කියල තනතුරක් හම්බන්තොට පැත්තේ එකෙකුට දීලත් තියෙනවා කියන්නේ. ඒ මෙයාමද කියල ඉතිං ඔහේලම හිතල බලන්න වටිනවා..

      Delete
    4. ඒකනේ බොරලූ...!!!

      Delete
  8. ඒකනේ බුදු හාමුදුරුවෝ කියන්නේ ඉපදීම දුකක් කියලා.. මම හිතන්නේ එහෙම කියලා තියෙන්නේ, මේ රාජ්ගේ දුක දැකලද කොහෙද.. උඹලා නම් ඉතින් වැදගත් උන් හින්දා අවුලක් නෑ. මම නම් ඔය කාලේ පට්ට ආතල් එකක් ගත්තා.. ගෙදර කොලෝනියල් එක වගේ.. හැබයි සිකුරාදා හවසට ගියාම එන්නේ සඳුදා උදේ...

    ReplyDelete
    Replies
    1. මාසයකට සැරයක් විතර බිරින්දෑ නෑගම් යනවානම් හොඳයි මචෝ. මාත් කැමතියි.

      Delete
    2. දෙයියො දෙන චෑන්ස් වලින් වැඩක් ගන්න පිනක් නැති හැටි....
      සංසාරේ......සංසාරේ.........

      Delete
    3. වෙලාවට අක්කා මෙව්වා කියවන්නෑ නේද ලොකු අයියේ.....!!

      Delete
  9. තේ නැත
    අතේ ඇත....

    ReplyDelete
    Replies
    1. අතේ ඉතින් සැමදා ඇත නේව හික්ස්....!!!

      Delete
  10. මටනම් ආතල් ම පීරියඩ් එක....

    ReplyDelete
    Replies
    1. මෙච්චර දෙශපාලනෙන් තෙම්පරාදු වෙච්චි සුමිත් අයියට තෙරෙන්නැහැනේව මෙව්වා, අපිත් ජොලියේ ඉන්නව හික්ස්..!!!

      Delete
  11. කලේ පැන් ඇත නැවුම් රහ නැත
    මොකද මන්දා ලිඳට වූයේ
    පුළුස්සගත් රොටි‍ය කරවී
    මොකද මන්දා ලිපට වූයේ
    හදාගත් ලුණු මිරිස රහ නැත
    මොකද මන්දා දිවට වූයේ..

    සැලේ ගහකොළ සුළඟ ඇත එද
    සිහිළ කොයි අත ගියාදෝ
    කෝල බව මුසු සිනා හඬ නැත
    සවන් බිහිරිව ගියාදෝ...

    කලේ පැන් ඇත නැවුම් රහ නැත...

    පුරුදු නිවහන නුහුරු වීනම්
    කාට මේ ගැන කියන්නෙම්
    කාට මේ ගැන කියන්නෙම් මම
    බිරින්දෑ නෑ ගම් ගොහින්...///

    - සුනිල් එදිරිසිංහ -

    ඔන්න බොට වෙච්ච වැඩේ සහසුද්දෙන්ම....

    ReplyDelete
    Replies
    1. එහේමෙයි හික්ස්...!!!

      Delete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...