නෑරුනු පියන්පත් අගුලේ සිරවීලා
දැල් බැඳි සතර කොන් කිටිකිටියේ වෙලිලා
උනුහුම මැකුන ලිප්ගල් වැට ගුලිවීලා
පොල් අතු රටා නැති ගෙමිදුල ගොලුවීලා
තුරුලතා
සැඟවයන ගොම්මනේ..
ගෙට ගොඩ වුනෙමි..
වෙනදා නොමැති
හිස් බවක්.
ඇත පිරී දස අත,
දුහුවිලි
වැකුන සිරුර.
ඔබාන වතුර මල
යට මොහොතක්..
ගොස්
බැලිමි...!
තොලගානු
රිසියෙන්
සුපුරුදු තේ
බඳුන...
අහෝ........
විඩා සැනසු තේ
පොද..
නොමැත අද ඒ
විලසට
මා අතරමංකල
මතකය...
ඈ
ගොසිනි
මහ
ගෙදරට......!
හහ් හහ් හා.... තේරෙනව නේද ගොයියෝ අගේ? ටික දවසයි ටික දවසයි ඉවසපං!
ReplyDeleteඔව් නේව ඉවසන්ට එපායෑ....
Deleteරාජ් ට රාජ් බ්ලොගේදි හමුවෙලා
Deleteඅපසාදේ මේ දවස් වල උඹේ ජාතික ගීය කරන්න තිබුනේ සුනිල් මාමගේ කලේ පැන් ඇත නැව්ම් රහ නැත ගීතය..
ReplyDeleteඔහොම යාං...
හික්ස්...ඔව් ඔව්
Deleteමටත් මතක් උනේ ඒ සින්දුව... :D
Deleteකමෙන්ට් කරන්න හදද්දිම මෙන්න දාලා....
Deleteපට්ට පාලුයි නේද රාජ්
ReplyDeleteඒක නොවැ ....
Deleteදැන් අහවල් දෙයක් කියලා කරන්නද... ටික දවසක් ඔහොම යං ඈ!!!
ReplyDeleteහේම් ඔහොම යං....
Deleteඇයි...??
ReplyDeleteනෑදෑයෝ ඉල්ලපු දෙවෙනියා...හින්දද...??
අනිවා....!!!
Deleteමෙන්න විකල්ප:
ReplyDeleteබොල ඔය ජනෙල් දොරවල් ඇරලා හුලං ටිකක් වැදෙන්න ඇරපං.
තේ එකක් හදා ගන්න ඉගෙන ගනිං බං.
තේ නොබී හිටහං.
ටී බෑග් පාවිච්චි කරපං.
ග්‍රීන් ටී බොන්න පුරුදු වෙයං (එතකොට තේ බීම වේල් දෙක තුනෙන්ම නතර වෙනවා)
මෙන්න උඹ අතහැර ගිය බිරින්ද වහාම ගෙන්වා ගැනීමට මෙන්න නොවරදින විසඳුම: හරිඔ නොගියොත් මුදල් ආපසු:
වශී! වශී!! වශී!!!
මෙවි වගේම කවියක් ලියපං අසල්වැසි ළඳකට තියෙන සඟවාගත් ප්‍රේමයක් ගැන. (යටින් වරහං ඇතුලේ දාපං ප්‍රබන්ධයක්ම නොවේ කියලා.
ඊට පස්සෙ උඹේ යාලුවෙකුට කියහං ගින්න දෙන්න කියලා පියඹට.
පැය විසිහතරෙන් පියඹ ගෙදර.
කං ඇබ, ගහගෙන හෙල්මට් දා ගෙන, බෝල් ගාඩ් එකකුත් ඇඳගෙන ඉඳපං.
වටිනා පිඟං බඩු පෙට්ටියකට දාලා වහලා ප්ලාස්ටික් ඒවා එලියේ තියපං.
පිහි හංගපං.
පොරොව, උදැල්ල මෝල්ගහ හෙම වලලපං වත්ත පහල.
වශී! වශී!! වශී!!!
අත්දුටුවයි! ප්‍රත්‍යක්ශයි!!
Deleteහෙන් රි ගුරුන්නාන්සේ දිගුකල් දිනේවා!!!!!!!!!!!!!!!!
යකෝ අපේ හෙන්රිය ඇත්තටම "ගුරෙක්"නේ බැලුවම.
Deleteහෆොයි තේ විතරක් නෙවි උයන්ටත් පුලුවනි...ඔය ඉතින් හිතට ආපු සිතිවිල්ලක් නේව...!!!
Deleteහෙක් හෙක් හෙක්....
Deleteමෙන්න මෙයාට නම් හිනා හික්ස්
Deleteහෙන්රියාගේ උපදෙස් ටිකනම් මසුරං....!!! .... :D :D :D
Deleteඅඩේ රාජ් අයියා හම්බන්තොටලු නේ අයියේ මම අම්බලන්තොට ඩිපෝ හන්දියේ
ReplyDeleteමිදුල අතු ගාන එකයි තේ බොන එකටයි වැඩිය ප්‍රශ්නයක් වගේ මේක
ඒ සිංහල රාජ් බොල. මේකා නෙවෙයි.
Deleteඅම්මට සිරි ඌ ලොක්කගෙ ගමේද?
Deleteදන්නව නම් යන්නෙ නැහැ ඒ පැත්ත පලාතෙ.
ලොක්කගේ ගමේ නං මදෑ.. නැයෙක්ලු. බ්ලොග් උපදේශක කියල තනතුරක් හම්බන්තොට පැත්තේ එකෙකුට දීලත් තියෙනවා කියන්නේ. ඒ මෙයාමද කියල ඉතිං ඔහේලම හිතල බලන්න වටිනවා..
Deleteඒකනේ බොරලූ...!!!
Deleteඒකනේ බුදු හාමුදුරුවෝ කියන්නේ ඉපදීම දුකක් කියලා.. මම හිතන්නේ එහෙම කියලා තියෙන්නේ, මේ රාජ්ගේ දුක දැකලද කොහෙද.. උඹලා නම් ඉතින් වැදගත් උන් හින්දා අවුලක් නෑ. මම නම් ඔය කාලේ පට්ට ආතල් එකක් ගත්තා.. ගෙදර කොලෝනියල් එක වගේ.. හැබයි සිකුරාදා හවසට ගියාම එන්නේ සඳුදා උදේ...
ReplyDeleteමාසයකට සැරයක් විතර බිරින්දෑ නෑගම් යනවානම් හොඳයි මචෝ. මාත් කැමතියි.
Deleteදෙයියො දෙන චෑන්ස් වලින් වැඩක් ගන්න පිනක් නැති හැටි....
Deleteසංසාරේ......සංසාරේ.........
වෙලාවට අක්කා මෙව්වා කියවන්නෑ නේද ලොකු අයියේ.....!!
Deleteතේ නැත
ReplyDeleteඅතේ ඇත....
Supiri kaviya
Deleteඅතේ ඉතින් සැමදා ඇත නේව හික්ස්....!!!
Deleteමටනම් ආතල් ම පීරියඩ් එක....
ReplyDeleteමෙච්චර දෙශපාලනෙන් තෙම්පරාදු වෙච්චි සුමිත් අයියට තෙරෙන්නැහැනේව මෙව්වා, අපිත් ජොලියේ ඉන්නව හික්ස්..!!!
Deleteකලේ පැන් ඇත නැවුම් රහ නැත
ReplyDeleteමොකද මන්දා ලිඳට වූයේ
පුළුස්සගත් රොටිය කරවී
මොකද මන්දා ලිපට වූයේ
හදාගත් ලුණු මිරිස රහ නැත
මොකද මන්දා දිවට වූයේ..
සැලේ ගහකොළ සුළඟ ඇත එද
සිහිළ කොයි අත ගියාදෝ
කෝල බව මුසු සිනා හඬ නැත
සවන් බිහිරිව ගියාදෝ...
කලේ පැන් ඇත නැවුම් රහ නැත...
පුරුදු නිවහන නුහුරු වීනම්
කාට මේ ගැන කියන්නෙම්
කාට මේ ගැන කියන්නෙම් මම
බිරින්දෑ නෑ ගම් ගොහින්...///
- සුනිල් එදිරිසිංහ -
ඔන්න බොට වෙච්ච වැඩේ සහසුද්දෙන්ම....
එහේමෙයි හික්ස්...!!!
Delete