Tuesday, August 28, 2012

බිංදු - අවසන් කොටස




මූසල රාත්‍රියේ අහුකොන් අකා මකා දමා වෑ කන්ඩිය උඩින් ලා හිරු රැස් මීකිරි යායම වෙලාගෙන තිබුනි. උදැසන ලා මිදුම අතරින් ඈතට දිස්වෙන ගම්මානය නෙතට ගෙන දුන්නේ ගුප්ත බවක්.සැඳැ අඳුරත් සමග ගේ බිත්ති අතර සිරවන ගැමි ජිවිත උදයට පිල් කඩට බසින්නේ කොතැන තම ලේ නැයකු මරා දමා ඇත්දොයි යන බිය මුසුවුන සිතිවිල්ලෙනි.
   
එවන් ගුජුප්තා සහගත සිතිවිලි වලින් බමන වූ සිත් ඇති සියදොරිස් ද, තම පුත්‍රයා නැති සොවින් ඔද්දල් වු බිසෝ මැනිකාද පින්නේන් තෙත්බරිවූ කරත්ත පාරේන් පන්සල වෙත පියමැන්නෝය. මිනිමස් රසට වහ වැටුන මිනිසුන්ගේ බළල් අත්ලින් කිලිටි වූ මාතෘ භූමිය තවත් අදුරු කාල වකවානුවක උච්චතම අවස්ථාවට පැමිනෙමිත් තිබිනි.

" සියදොරිස් උදැහැනැක්කේම ඇවිත් නොවැ.."

දැහැටි කුරකින් තම මුව අමැදමින් සිටි නායක ස්වාමින් වහන්සේ පන්සල් භූමියට ඇතුලුවූ උපාසක මහතා ඇමතීය.

" අනේ ලොකු හාමුදුරුවනේ අපේ කෙලී හිතේ පත්තුවෙන ගින්දරෙන් නොවැ ඉන්නේ..රෑ එලිවෙන්නේ කොයිවෙලේදෝ කියාල බලාන උන්නේ.."

" ම්.. පොලොසියේ ලොකු මහත්තැන් උදේ ටෙලිෆොන් කොල් එකක් දුන්නා උන්දැ තව ටිකකින් මෙපැත්තට එයි ඔහොම පොඩ්ඩක් හිටපලකෝ..."

උදැසන නා පිරිසිදු වීම සඳහා ලොකු හමුදුරුවෝ ආවාසගෙට වැඩියේය.

----------------------------------------------------------------------------------------------


ජීප් රියට තමන්ව නන්වාගත් පොලිස් නිලධාරීන් ගම ඉහත්තාවට පැමින වන රොද අසලදී වාහනය නැවැත්වූයේ ඇයිදැයි යන්න ගැන කුහුලෙන් සිටි බිංදුට, කිසිවක් සිතාගැන්මට නොතියා දැස් සහ අතපය බැඳ දැමීමට පොලිස් නිලදරුවන් උත්සුක විය..දැස් අඳුරුවනවාත් සමගම තමන්ව රැගෙන යන්නේ කුමන දිසාවට දැයි යන්න පිළිබඳ බිංදුට නිනව්වක් නොමැති විය. එක් තැනකදි ජීප් රියෙන් තමුන්ව බැස්සූ බවත් වරෙක මිනිසුන් පිරි ගත් ශාලාවක් ඔස්සේ රැගෙන යන බවත් ඉන්පසු නිහඬ කුටියක් තුලට තමන්ව ගෙනැවිත් දැමු බවත් බිංදුට පසක් විය.දැඩි කලුවරක් තමන් වෙලාගන ඇති බවක් දැනුනද තමන් දැන් ගතකරන්නේ රාත්‍රියද දහවලද යන්න ගැන බිංදුට නිච්චියක් නොවීය.

                    දිගුකාලයක් ගතවිමෙන් පසු රැගෙන ආ තැනින් තමන්ව නැවත ඉවතට රැගෙන යන බවත් නැවත වාහනයකට නන්වනවාත් ටික දුරක් රැගෙන විත් මිනිසුන් පිරි භූමියකට ඇතුලු වී.. රථයෙන් එලියට ගන්නවාත් බිංදුගේ ගතට මෙන්ම සිතටත් දැනෙන්නට විය

" හෙම් ගලවනවා මේ ලමයව බැඳලා තියෙන රෙදි පටි "

ගැඹුරු ස්වරයෙන් යමෙකු තවකෙකුට විධානය කරන බවක් බිංදුට ඇසින, ඒ සමගම තම දැස් බැඳි රෙදිපට ලිහිල්වනවාත්, පිටත ආලෝක කදම්ඹ යන්ගෙන් තම දැස් රිදුම් දෙන්නටත් වූයෙන්…. බිංදු ඇසි පිය තදකරගත්තේය.

" දැන් ඔක්කොම හරි බිංදු හෙමිහිට ඇස් අරින්න..."

තරමක වෙලාවක් ගත් බිංදු සෙමින් ඇස ආලොකයට හුරු කරගනිමිත් අවට බැලූවේ තමන් සිටින්නේ කොතැනකදැයි නිශ්චය කරගැනිමටය.

" හොඳයි බිංදු දැන් ගෙදර යන්න ලැස්තිවෙන්න.. බයවෙන්ඩ දෙයක් නෑ මමයි මේ පොලිසියේ ඔ.අයි.සී "

උසස් පොලිස් නිලධාරියා තමන් ඉදිරියේ සිටින පාසල් සිසුවා දෙස එක එල්ලේ බැලීය.

" හෙම්...අපි යමු.."

අසුනෙන් නැගි සිටි නිලධාරියා බිංදුට, තමා පසුපස එනලෙස සන් කරමින් තම කුටියෙන් ඉවතට ගියේය..."

------------------------------------------------------------------------------------------

පොහොය දවක මෙන් පංසල් භූමිය තරමක් ජනයාගෙන් ගැවසිගත්තේය සියදොරිස් ඇතුලු පවුලේ උදවියත්, ලොකු ඉස්කොලේ මහත්තයා මෙන්ම බිංදුගේ ගජ මිතුරා වන බණ්ඩා සමගින් තවත් කොලු කුරුට්ටන් කිහිප දෙනකුම අපේක්ෂා සහගත සිතිවිලි සහිතව සල්ලාපයේ යෙදි සිටියොය. නොසිතූ මොහොතක ඈතින් මතුවූ ජීප් රිය දුවිල්ල කපාගන පැමින පංසල් භූමියට ඇතුලු විය.

" ඉන්ස්පෙක්ටර් මහත්තයා,...අපි එත් බැලුවා මොකද තරමක් සුනංගු කියලා.."

පැමිනි සිටි පිරිස පරයමින් ඉදිරියට වැඩිය ලොකු හාමුදුරුවෝ පොලිස් පරික්ෂක වරයා පිළිගත්තේය.

" දන්නැද්ද ලොකු හාමුදුරුවනේ මේ එක එක වැඩවල කෙලවරක් නැහැනේ..."

සංවාදය යන අතර තුර පැමිනි පොලිස් සහයකයින් බිංදුව රථයෙන් පිටතට බැස්සීය

" ප්..පුතේ....අනේ උඹට කරදරයක් නෑ නේද......"

ධාරක ස්නේහයෙන් ලය පිරි  ඉතිරුන බිසොමැනිකාගේ සොම්නස නෙත් දෙකින් දෙගොඩ තලා දොරේ ගැලීය...

"හෙම්...හරි හරි බිංදුලයි අම්මේ දැන් ඉතින් බිංදු ලමයට කරදරක් නැහැ නොවැ කලබල වෙන්ට කාරියක් නැහැ ම්..."

පොලිස් පරික්ෂක වරයා සමහින් සංවාදයේ යෙදෙමින් සිටි නායක ස්වාමින් වහන්සේ තරමක් බර හඬින් පැවසුවේය.

"එහේනම් ලොකු හාමුදුරුවනේ අපට යන්ට අවසර..."

නිලධාරියා වැඳ නමස්කාර කලේය

" සුවපත් වේවා..."

" ල් ....ලොකු.. හාමුදුරුවනේ....හාමුදුරුවනේ.............."

පිරිස මධ්‍යට පැමිනි අමුත්තාගේ කලබලයෙන් පංසල් මිදුලේ සිටි සැම තුස්නීම්භූත විය. සුපුරුදු පරිදි කලබල නොවු නායක ස්වාමින් වහන්නේ අමුත්තා ඇමතීය

"මොකද තෙපානිස් කලබොලේ...මොකද්ද සිද්ද වෙලා තියෙන්නේ.."

" ජ්..ජෙමිස් මුදලාලිව මරාදාලා.........."

                                                                                
නිමි.

පසු වදන.....

   1988 ලාංකීය ජන සමාජය උඩුයටිකුරු කල කාල පරිච්චේදයකි. එවකට පැවති රාජ්‍ය යාන්ත්‍රනය හා තරුණ කන්ඩායම් අතර දෙශපාලනික ගැටිම් මත ඇතිවු සිවිල් අරගල හමුවේ ඇතැම් පාර්ශවයන් විසින් තම පුද්ගලික න්‍යපත්‍රයන් ඉටු කරගැනිමට උත්සුක විය. එවන් අවදියක සිවිල් සමාජය තුල සිදුවිය හැකිව තිබු එක් කේද වාචකයක අලු දුහුවිලි සයිබරයේ සුවහසක් පාඨක කැළ උදෙසා මෙසේ ලියවුන වගයි.
   පටන් ගැන්මේ සිට අවසානය තෙක් බිංදු වටා එක් රොක් වී සිටි සයිබරයේ මිතුරන්ට මාගේ ආචාරය සහ අප්‍රමාණ ස්තුතීය පුද කරමි . 



ප/ලි

පොත් ප්‍රදර්ශණය ලඟම එනවා සමාජ සත්කාරයට ඔබගේත් සපොර්ට් එක දෙන්න










Thursday, August 23, 2012

තවම උනු උනු බඩු….



කලකට ඉහතදි සිදුවෙච්චි සිදුවිමක් නම් ගම් ඔනන නෑ හරිය. කිට්ටුවටම කියනවනම් භාරත ලක්ෂ්මන් සහ දුමින්ද සිල්වා සිද්දිය සිදුවෙච්චි ප්‍රදේශය කිට්ටුව තමයි කස්ටිය නැවතිලා හිටියේ. සෙට් එකම ගියේ කොළඹ තියෙන ඉහලම පිරිමි බෞද්ධ පාසලට.
 
 හරි එව්වා වැඩක් නෑ සින් එකට බහිමුකො............

දුර බැහැර ගම්වලින් මේ ඉස්කොලෙට ආව යාලුවො කිපදෙනෙක්ම අහවල් ගෙදර නැවතිලා ඉස්කොලේ ගියා. ඒකාලේ කරපු කුජීත වැඩ ජොලි වැඩ හොඳ වැඩ පොදු වැඩ කස්ටියම සෙට්වෙලා තමයි කොලේ. සමාජේ හොඳ හොඳ තැන්වල රැකියා කරන සහ රටේ නමගිය පුද්ගලයො මොවුන් අතරින් බිහිවෙයි කියලා සෙට් එකම වල බැහැපු කෙල්ලෙක් වත් හිතන්ඩ නැතුව ඇති  ඒකාලේ හික්ස්.

ලංකාවේ නමගිය පවුලකට තමයි ඔය කිව්ව ගෙදර අයිතිවෙලා තිබ්බේ. තට්ටු දෙකකට හදලා තිබ්බ මේ ගෙදර යාලුවො සෙට් එකම හිටියේ උඩ තට්ටුවේ මොකෑ පාරෙ යන කෙලි පැංචියෙක් උනත් රහට දකින්ට පුලුවන් උඩ තට්ටුවෙ හිටියොත් ඇයි දන්නවද ගේ වටේම තඩි තාප්පයකින් වටවෙලයි තිබුනේ.
හැබැයි ගෙදර එක පැත්තක මායිම ගෙදෙට්ට කිට්ටුවෙන්මයි ගමන්කලේ අන්න ඒ මායිම ඉවර වෙන්නේ තවත් ලෙන් එකකින් අපේ කොල්ලො සෙට් එක උන්න උඩ තට්ටුවේ ජනෙල් කවුළුවක් මුන දාල තිබ්බේ ඔය ලෙන් එක පැත්තට.

ඔන්න දවසක් කස්ටිය ඉස්කොලේ ගොහින් ඇවිදිල්ලා ගෙදර සාලෙට වෙලා පොඩි චැටක් දාගෙන ඉන්නව. අනින් වැඩ වගේම මෙයාල හදාගත්ත පොඩි මියුසික් බැන්ඩ් එකකුත් තිබ්බා... ඉතින් එතන හිටපු එක යාලුවෙක් බොක්ස් ගිටාර් එකකුත් අතේ තියන් සිංදුවකුත් මුමුන මුමුන උන්නේ..

එකපාරටම ගෙදර වහලෙට ගල් වදින්ට පටන්ගත්තා. තක්කු බුක්කු වෙච්චි කොල්ලො සෙට් එක මිදුලට බැස්සා. බලන කොට ගෙයි අර කිව්ව ලෙන් එක පැත්තෙන් තමයි ගල් එන්නේ. ඔන්න අපේ යාලුවො සෙට් එකම ඉක්මනට ගියා අර ලෙන් එකට මොකැ ගෙදර මහ මිනිස්සු එලියට ආවොත් මොනවගේ දෙයක් සිද්ද වෙයිද දන්නැනේ.... ඇරත් පාරෙ යන කෙල්ලන්ට විහිලු කරන නිසා ඒවයේ ආනිසන්ස ලැබෙන්ට පටන් අරන්ද කියන සැකෙත් අපේ යාලුවන්ගෙ ඔලු කටු ඇතුලට දැනෙන්න පටන් අරන් තිබුනේ.

ලෙන් එකට බහින කොටම දන්න කියන අයියා කෙනෙක් තමයි වැඩේ කරන්නේ කියල සෙට් එකම දැක්ක. ඔය අස්සේ පොඩි ලමයි කට්ටියක් ලෙන් එක ක්‍රිකට් පිට්ටනියක් කරගෙන බොල ගහනව

අපේ යාලුවො සෙට් එකම ගියා අර අයියා ගාවට.හැබැ පොර ටිකක් කෙන්තියෙන් හිටියේ...ඔන්න අපේ එක යාලුවෙක්

යාලුවා : ඇයි ඇයි මොකද අපේ ගෙදෙට්ට ගල්ගහන්නේ...?

අයියා : ගල්ගහන්ඩ ඔන වැඩනේ ඔයාල කරන්නේ..

යාලුවා : ඇයි දැන් මොකද වෙලා තියෙන්නේ

අයියා: මං එද්දි අර පොඩි උන් ඔක්කොම වටවෙලා බලනවා...

යාලුවා:මොනාද බලන්නේ..?

අයියා: මේ බලන්ඩ මල්ලි ආදරේ විතරයි ඉතුරු තවම උනු උනු බඩු... ඔව්වා මේපැත්තට විසිකරලා හරියනවද ?

එකසැරෙම යාලුවො සෙට් එකට උඩ බැලුනා මොනාද ඉතින් කෙලින්ම තියෙන්නේ ජනෙලේ තමයි..

එතකොට තමයි වෙච්චි දේ යාලුවන්ට තෙරුම් ගියේ. කට්ටියම බැලුව කවුද සෙට් එකෙන් එතන අඩු කියලා.යාලුවො පහලට බැහැල ඉන්න අතර එක්කෙනෙක් උඩ තට්ටුවට වෙලා අත්වැඩ කරල නේව

ඒ විතරක්නං බැරියැ මූ ලවු ලෙටර් එකකට අහවල් එව්වා දාලා ජනෙලෙන් විසිකොරලා... වැටිලා තියෙන්නේ අර පොඩි ලමයි සෙල්ලං කර කර හිටපු තැනට. වෙලාවට අර අයියා එතනට ඇවිත් හික්ස්..!!!


ප/ලි

අපිත් එක්ක එකතුවේන්න ඔබත් එන්න


Monday, August 20, 2012

මෙලෝ රහක් නැති රහක අරුම.........






හන්තාන අඩවියේ.... 
අපි ආයෙත් හමු නොවුනා නම්.
තරු අත් අකුරින් ලියා එවමි..
සන්තාප මාවතේ...
                                   සල් සමන් සුගන්දයෙන්..
 ඔබේ නමින්...
                                             මා මළ පසු.
   මහවැලියට දමන්න...!!!



ප/ලි

මතකයි නේ අර වැඩේ...!!

Monday, August 13, 2012

බිංදු 9



8 වන දිගහැරුම


"ගන්ඩ සැර්...ගන්ඩ මෙව්වා මම කොළඹ ගොහින් එනකොට ගෙනාපුවා...හොඳ බඩු...."

  මිකිරියාය පොලිස් වසමේ උප පොලිස් පරික්ෂක වරයකු වූ ජිනදාස, සුරාවට ලොල්වුවෙකි. රාජකාරියෙන් බැහැරවූ බොහෝ අවස්ථාවල සුරාවෙන් මත්විම ඔහුගේ දිනචරියාවේ සුපුරුදු අංගයකි.ජෙමිස් මුදලාලි නිතියේ රැහැන් අතරින් රිංගා තම කටයුතු සිදුකර ගැනිමට යොදාගන්නා සුපුරුදු ඉත්තා ජිනදාසය.ජිනදාසගේ සියලු ඔනෑ එපාකම් වලට කිසිදු පැකිලිමකින් තොරව මුදලාලි තම ධනය යොදවන්නේ ඒ නිසාමය.

    " මුදලාලි අර වයසක උන්දැ හිනේකින්වත් හිතන්ට නෑ මං උන්දැට කතාකරපු විදිහට ඔය කොලුව උස්සං ආවේ මුදලාලිගේ ඔනැකමකට කියලා. මුදලාලී............ මේවැඩේ ලේසි වෙන්නෑ අර අවලම් බල්ලො යකා නටන්ඩ පටන්ගත්තේ නැත්තං හුක් දේශප්‍රෙමි පර හැත්ත...දැන් ඉතින් කිසිකෙනෙක් සැක හිතන්නෑ මුදලාලිගේ ඔනෑ කමටයි කොලුව ඉස්සුවේ කියලා හේක්...හේක් "
 විදුරු කට පිරෙන්නට මත්පැන් වත්කොටගත් උප පොලිස් පරක්ෂක කෑදර කමින් එක හුස්මට විදුරුව හිස්කලේය..

 " හැක් මුදලාලී...ඒ ගැනි හරි හැඩ එකී නේව. දන් ඉතින් මුදලාලිගේ අතේයි ඉතුරු හරිය අපේ යුතුකං අපි කොරල තියෙන්නේ හරි...."

කලිසං සාක්කුවෙන් ලෙන්සුවක් අතට ගත් ජිනදාස දහදියෙන් පිරි මුහුන පිසදා ගත්තේය.


"අයියො සැර් මං එක දන්නවනේව සැර්ට දෙයක් කිව්ව්වොත් ආයි එකේ දෙකක් නෑ කියලා..."

අරක්කු ස්වල්පයක් සහ වැඩිපුර පැණි බීම තම විදුරුවට එක්කරගනිමින් ජෙමිස් මුදලාලි දෙඩමළු විය.

" හේක්..හේක් එහේනං ඔං අපි ගියා මුදලාලී....."

බමන මතින් පැමින තම මොටොසයිකලය පනගැන්වූ උප පොලිස් පරික්ෂක තැන අන්දකාරය පරයමින් රථය පැදවිය.

----------------------------------------------

බිම්කරුවල මැකෙන්නට මත්තෙන් ගෙදරින් පිටවු සියදොරිස් පොලිසිය පිහිටි භූමියට ඇතුලු වන විටත් තලතුනා වයසේ ගැමියන් කිහිප දෙනකුම තැනින් තැන රැස්වි රහස් කතිකාවන් හි නියුක්තව සිටියොය. අවට පරිසරයේ සිදුවන දෑ කිසිවක් නොතැකු සියදොරිස් එක එල්ලේම විමසීම් කවුළුව වෙතට පිවිසියේය.

" රාලහාමි මගේ මුනුපුරාව එක්කන යන්ට මං ආවේ..."

" මොකක් මුනුපුරාව එක්කං යන්ට.... ඇයි මෙක මොන්ටි සොරියක් කියලා හිතුවද..? කියනව බලන්ට කාරනාව.."

සියදොරිස්ගේ සර්වාංගයම සලිතවී ගියේය..වත පුරා විසිරි තිබු දහඩිය බිඳු උරෙහි වු සාලුවෙන් පිසදාගත් සියදොරිස් දොඩමළුවිය...

" අනේ රාලහාමි ඊයේ හැන්දැකොරේ කට උත්තරයක් ගන්ටය කියාල කොලුවව පොලිසියෙන් ඇන්න ආවනේව.."

" හේම්..ලොකු උනැහේ මොකද්ද පුතාගේ නම..."

" බි...බිංදු..."

" බිංදු...එහේම කෙනෙක් මෙහාට ගෙනල්ලා නෑ ලොකු උන්නැහේ..එහේම ගෙනාවනං මේ පොතේ සටහන් වෙනවා...."

උගුර කට වියැලි පපුව හිරවෙන්නාක් මෙන් සියදොරිස්ට දැනෙන්නට විය...තම සැමියා නැතිවූ උනුසුම මැකෙන්නට මත්තෙන් ලේලියට…. මුනුපුරාද අතුරුදන්ව ඇති බවක් කෙසේ නම් කියන්දෝයි සියදොරිස්ට සිතාගත නොහැකි විය.

" අනේ මහත්තයෝ එහේම කියල හරි යනවැයි...මට ලොකු මහත්තයා මුනගැහෙන්ට ඔනෑ එහේඥං..."

" මොකක්...මෙහේට එන හැමොටම ලොකු මහත්තයා මුනගැහෙන්ට දුන්නොත් හොඳට හිටි. තමුසේ ඒපාර  මගේ රස්සාවත් නැති කොරන්ටද හදන්නේ....? "

විමසිම් කුටියේ සිටි පොලිස් නිලධාරියා දැඩි හඬින් සියදොරිස්ට කඩාපැන්නේය.

"අනේ මහත්තයෝ මගේ වයස ගැනවත් හිතාල උදව්වක් කොරන්ටකෝ. කොලුවගේ අම්මා පපුව පැලිලා මැරෙවී මං පයිංඩයක් නොගෙනිච්චොතිං..."

මෙතෙක් වෙලා කැමොර දුන් පොලිස් නිලදරුවා වයසක මනුස්සයා දෙස නිසොල්මන්ව බලා සිටියේය. සමහරවිට තම මහලු දෙමාපියන් ඔහුගේ මතකයට නැගෙන්නට ඇත..

" පොඩ්ඩක් ඉන්නව බලන්ඩ ..."

හිඳසිටි අසුනෙන් නැගි සිටි නිලධාරියා කඩිනමින් ගෘහ අභ‍යන්තරයට ඇතුලුවිය.

දහසක් බලාපොරොත්තු පිරි දැසින් පොලිසීය අභ්‍යන්තරය වෙත බැලුම් හෙලමින් සිටි සියදොරිස්ගේ සිතට සහනයක් දනවමින් නික්මගිය නිලධාරියා නැවත පැමිනියේය...

" අන්න ලොකු උන්නැහේ තමුන්ට ලොකු මහත්තයා කතාකලා...තමුන්ගේ වෙලාව හොඳයි..හේම් දැන්ම යනවා...........ආ..මේ.. අපි ගැනත් මතක තියාගන්නව හරිද...."

පොලිසියේ උසස් නිලධාරියාගේ කුටිය අසලට පැමිණි සියදොරිස්, අඩ කවාකාර දොර කවුළුවට උඩින් කුටිය අභ්‍යන්තරය දෙස...නිරුත්තරව බලා සිටියේය.

"ම්..එන්ඩ ඇතුලට..."

ක්ෂණයෙන් කුටිය අභ්‍යන්තරයට ඇතුළුවූ සියදොරිස් නිලධාරියාගේ ලියන මෙසය අබියස සිටගත්තේය.

මෙතෙක් තම අවධානය යොමුකොට සිටි ලොග් පොතෙන් ඇස ඉවතටගත් නිලධාරියා තමා අබියස සිටගෙන සිටි වයොවෘධ මිනිසා දෙසට නෙත් හෙලීය

" මොකද මුන්නැහේ මාවම මුනගැහෙන්ට ඔනෑය කියලා අපේ රාලහාමිට කරදර කලාය කියන්නේ...ම්"

" අනේ නෑ ලොකු මහත්තයෝ මං මිකිරි යායේ ඉඳලා එන්නේ, ඊයේ හවාහ මගේ මුනුපුරාව පොලිසියෙන් ඇන්න ආව කට උත්තරයක් ගන්ටය කියාලා. උදෙට ඒකාව එක්කාන යන්ට මටත් එන්ටය කිව්වා ඇවිත් බලාපුවාම එකා මෙහේ නෑ කියනවනේ මහත්තයෝ.....අපේ ලොකු හාමුදුරුවො මට කීවා මොනාහරි කරදරයක් උනොත් ඔබතුමාව මුන ගැහිලා කියන්ටය කියාලා...එකයි මං රාලහාමිට කිවේ..මහත්තයෝ...."

දෙබස අවසන්කරන්නට මත්තෙන් සියදොරිස්ගේ හඬ ඉකි බිඳුමක් බවට පෙරලින...

"ම්...මිකිරියායේ රතනසාර නායක හාමුදුරුවො,...උන්නාන්සේව මං හොඳට අඳුනනවා නේව, ඇරත් ලොකු උන්නාන්සේ ඊයේ රාත්‍රියේ මට ඔය ගැන කතාකලා...ලමයා වැරැද්දක් කොරලා නැත්නම් බයවෙන්ට දෙයක් නෑ...ලොකු උනැහේ පැමිණිලි පොතේ පැමිනිල්ලක් ලියලා යන්ටකෝ...."

"හොඳමයි ලොකු මහත්තයෝ....."

මම ලොකු උන්නාන්සෙට කතා කොරඥං ම්...අපි මුනුපුරාව හොයාගන්ට බලමුකෝ ලොකු උන්නැහේ...."


අවසාන කොටසින් යලි හමුවෙමු...


ප/ලි






Wednesday, August 8, 2012

අවුලක් නෑ......



මුලින් කියන්නේ කියෙව්වා                        කියලාය
ඒ මදිවට කොමෙන්ට් එහේම                       දමලාය
පිස්සුව හැදි එකක් පටන්                            ගත්තාය
අකුරක් ලියා නිය හපමින්                          උන්නාය

කොමෙන්ට් ටුවක් තාම අනේ වැටිලා                      නැතේ
අපි අලුත්නේ එකයි තව නැත්තේ                            අනේ
සිංඩියේ මෙක තාම පෙනුනේ නැද්ද                        අනේ
අපොයි ඉතිං කොහොම ආයේ ලියන්                      අනේ

ෆලො ගැජට් හයිකොලාට වැඩක් උනේ නෑනේ                         තවම
කොච්චර ලිව්වත් ෆලොලා එන්නේ නැත්තේ ඇයිද                   තවම
හිට්කට්ටත් උඩට උඩට නැහැනේ  අනේ යන්නේ                      තවම
කුනු කැම්පෙන් තුන හතරක් බුකියේ කොලේ නෑනේ                තවම            

පටන්ගත්තා වගේද බොල කොරන කොටනේ              තෙරෙන්නේ
ලියනව කියලා මොනාද මෙකෙ අනේ                             ලියන්නේ
අම්මා දැක්කොතින් අයියෝ කුනුහරුපත් ලියන්ට                       බෑ
කෙල්ල දැක්කොතින් අම්මෝ පරණ කෙස් ලියන්ට                    බෑ

හිට්කට්ටත් පැන්නනේ බොල ලක්ෂ පහයි අද            වෙනකොට
ෆලෝ ගැජට් ඉඩමදි වෙලා නවසීයත් ඉවරයි                           බං
පරණ කෙල්ල දාලා ගියෙත් හැමවෙලේම මෙකෙ              කියලා
අවුලක් නෑ ඒ උනාට දුක ලියනවා උඹලට                               මං


ප/ලි දැනුමැති සමාජයක් උදෙසා පොතක් පරිත්‍යාග කරමු..! මේ වැඩෙට සපොර්ට් එකක් දෙනව නේද..!!!