මුලු මීකිරි
යායටම තිබූ එකම සිල්ලර කඩය සුමනදාසගේය. මහවැලියේ මහත්තුරු ගමේ කුඹුරු යායට වැව්
වතුර හරවා හැදු බන්ට් එක,
ගම හරහා කරත්ත
පාර හරස්වන පාලං හන්දියේ සුමනදාස තම කඩය කරගෙන ගියේය.
උදැසන සිට එකදිගට ඇදවැටුන කාෂ්ඨක අවුරැල්ල
තුනීවි වැව්දිය තෙමා හමා එන සුලඟින් ගම්මානය තරමක් සිසිල්වි ඇත. යායේ තැනින් තැන
කුප්පි ලාම්පු එලි දැල්වෙන්නට පටන්ගෙන ඇති අයුරින් කියැවෙන්නේ රාත්‍රිය කෙමෙන්
කෙමෙන් ගම වෙලාගන්නට සැරසෙන බවකි.
කඩය වැසීමට තව හොරා කිහිපයක්ම තිබූ බැවින්
සුමනදාස පැට්‍රොමැක්ෂ් ලාම්පුවට හුලං ගැසීමට පටන්ගත්තේය. කරත්ත පාරට පිටුපා තම
වැඩෙහිම අවධානය යොදමින් සිටි සුමනදාසට ආගන්තුක තරුණයා තමන් අසලට පැමිනෙන තෙක් ම ඒ
බවක් නොදැනින.
"
සුමනදාස මහත්තයෝ.....වෙළඳාම එහෙම සරු ඇති නේද...."
කලිසන් සාක්කු දෙකෙහිම දේඅත් සිරකොටගෙන සිටි
තරුණයා සරදම් සිනහවක් පැවේය
"
හෙම්...එහේමටෙයි කියලා සරුවක් නෑ මහත්තයො....ම්..ඒත් මේ මහත්තයා ගැන මට එච්චරට නිච්චියක්
නෑ නේව...."
පැක්ට්‍රො
මැක්ෂ් ලාම්පුවට ගිනිහුලක් එක්කල සුමනදාස එළිය විහිදුවන ලාම්පුව කඩ පියස්සේ
සුපුරුදු කොක්කේ එල්ලීය.
" හෙක්..හෙක් මගෙන් වැඩක් නෑ
සුමනදාස උන්නැහේ, මෙන්න මේ කඩදාසියේ තියෙන විදිහට
වැඩ සිද්දවෙන්ඩ ඔනෑ..එච්චරයි."
කලිසන්
සාක්කුව තුල සිරවී තිබු එක් අතක් ඉන් නිදහස් කල තරුණයා කුඩා තුන්ඩුවක් සුමනදාසට
දිගුකලේය.
"
ම්හුක්....මගේ කඩකැල්ල වහන්ට.....ඔහේ කවුද මේ කොහේවත් ඉන්න එකාල කියන පදේට නටන්ට
අපි මොකා කියලැයි හිතේ..."
තරමක්
විස්මයටත් කොපයටත් පත් සුමනදාසගේ වතට රකුසු වෙසක් ආරුඩවීය
" මේ
සුමනදාස, තමුසෙට හොඳින් කිව්වේ වැඩිය දඟලන්ඩ ආවොත් වැඩ වරදී...තව විනාඩි 10ක් යන්ඩ
කලින් කඩේ වහන්ඩ ඔනේ පේනවනේ අතේ තියෙන බාන්ඩේ. තමුසෙට යහතින් ඉන්ඩ ඔනේ නම් අද ඉඳලා
අපි කියන විදිහට වැඩ කෙරෙන්ඩ ඔන.... ආයි කියන්ඩ එපා අපි කිව්වේ නෑ කියල
හරිද..."
මෙතෙක් කලිසන් සාක්කුවේ අනෙක් අතේහි සඟවාගෙන
සිටි අත්බොම්බයක් ඉන් ඉවතට ගත් තරුණයා
සුමනදාසට තර්ජනය කොට, විමසුම් දෙනෙතින්
කරත්ත පාර දෙපස බලා.... බන්ට් එක දිගේ ගොස් ලඳු කැලයට රිංගීය.
.........................................................
" බංඩෝ අර උක්කුවා
මොකද්ද බං ඒපාර අල්ලන්ට තනන්නේ..ඌ දැං ඉස්කොලේ වැඩ කොරන්නේත් නැදද කොහේදෝ. පාඩං
වැඩ කොරන්ට ඒකා පංසල පැත්තේ ආවෙත් නෑනේව.
වෙල් උදැල්ලෙන් වල් රහිමින් සිටි බිංදු තමන් හා
හරි හරියට පොලවත් සමග ඔට්ටුවන අතිජාත මිත්‍රයාගෙන් තෙපලාය.
"මයෙත් එක්කං එකා ඔය ගැන කුටු කුටු ගෑවා.... ඔං
එකාට ඔනැන්නේ උබවත් ඒ කාන්ඩෙට එක්කාසු කොරගන්ට නේව."
නලල් තලය දෙපසින් බේරෙන දාබිඳු අත්ලෙන් පිසදැමූ
බංඩා සරං කෙටියෙහි අත්ල පිසදැමීය .
"අපිට මේ වෙලා
තියෙන සංගෙදිය මදෑ බං.... අනික ඌ කතා කොරන්නේ රට අල්ලන්ට නේව..ඔව්වට උඩගෙඩි දෙන්ට
ගොහිල්ලා වෙන්නේ විභාගේ හරියට කොරගන්ට බැරිවෙන එක නොවැ බං....."
"ඔවු බිංදු, අපි කොහොමෙන් හරි විභාගේ පාස්වෙන්ට
ඔනෑ, ලොකු ඉස්කොලේ මහත්තයා.... එතකොට ලොකු හාමුදුරුවො උඹේ අම්මා හිට බලාන ඉන්නේ උඹ
ඉහලින්ම ඇස් ඇස් සීය පාස්වෙනකන් නේව බං"
" හේම්...මං දන්නවා බං මයේ තාත්තා කොහේ හරි
හිට අපි දිහා බලාන ඉන්න විත්තිය ...ම්..බංඩො කලුවර වැටිගෙන නෙව එන්නේ හනික යමං
නාගන්ට......'
.....................................................
"
හේක්..ගුනපාල ආරංචිද වැඩේ...."
කෙසෙල් කැන්
බැඳ තිබූ ලනු කැරැල්ල ඔතමින් සිටි ගුනපාල තම කාරිය නවතා මදකට හිස එසවීය
" ඈ
මුදලාලි ඒපාර මක්කෙයි වෙලා තියෙන්නේ.........."
" අද
හවහා අර සුමනදාසයගේ කඩ කැල්ල වහන්ටය කියාලා තුන්ඩු කැල්ලක් දිලානේව අර
ඉලංදාරි........"
" හෑ
හපොයි ඒ පොරිසාදයෝ අපේ යායටත් පැනලද මුදලාලි ඒපාර............"
" දෙසවන්
අදහා ගත නොහී ගුනපාල තුස්නීම් භූත විය...."
"
හේ...හේ උඹ මොකටැයි කල බොල වෙන්නේ ඔකූන් ආව එකෙන් අපිටමයි බොල වාසිය හිටහංකො
පොඩියක්........හේක්.............හෙක්..."
තම ලොරියටම
හෙත්තූවී සුරුට්ටුවක් දල්වාගත් ජෙමිස් මුදලාලිගේ කපටි දෙනෙත් තාරුකා මෙන් බැබලීය.
විරාමය.....
කතාව ලස්සනට යනවා...
ReplyDeleteස්තුතී ඔබගේ දිරිමත් කිරිමට සහෝ
Deleteහරි අපූරුයි. අතීත ගම නියමාකාරයෙන් ම චිත්‍රනය වෙලා තියෙනව. නාගරික ජීවිතයෙන් කරවුනු පාඨකයො විනාඩි කිහිපයකට ගමට අරගෙන යනව.
ReplyDelete෴" හෙක්..හෙක් මගෙන් වැඩක් නෑ ගුනදාස උන්නැහේ, මෙන්න මේ කඩදාසියේ තියෙන විදිහට වැඩ සිද්දවෙන්ඩ ඔනෑ..එච්චරයි."෴
මෙතන ගුනදාස කියන නම සුමනදාස කියල නිවැරදි වෙන්න ඕන නේද?
ඔබ හරි, වැරැද්ද නිවැරදි කලේමි අනෙක වාරයක් ස්තුතී ඔබට
Deleteමොකක්ද වෙන වාසිය. එ විමුක්තිකයෝ ආවම.
ReplyDeleteපොඩියක් ඉවසිමෙන් ඉතුරු ටිකත් බලන්න මචං
Deleteමුලදිම මේ ගම් ප්‍රදේශයේ දේශපාලන වටපිටාව පැහැදිලි වුනා මදි වගේ.
ReplyDeleteසුමිත් අයියා මම ඒ ගැනම නේමෙ ලියන්නේ වෙච්ච සිදුවිම් වලින් සමහර උදවිය ලාබ ප්‍රයොජන ගන්ඩ උත්සහ කලානේ අන්න ඒ ගැන පොඩි චාන්ස් එකක් දිපන් අන්තිම වෙද්දි පැහැදිලි වෙවී
Delete//" හේ...හේ උඹ මොකටැයි කල බොල වෙන්නේ ඔකූන් ආව එකෙන් අපිටමයි බොල වාසිය හිටහංකො පොඩියක්........හේක්.............හෙක්..."//
හරි හරි....OK
Deleteහොඳ කතාවක් වගේ දිගටම බලමු
ReplyDeleteමේපැත්තට සාදරෙන් පිලිගන්නව ස්තුතී ආවට නැවතත් එන්න
Deleteකොටස් කීපයක් මග ඇරුනා ඔක්කොම දැන් බැලුවා..හරිම අමුතු නිසංසල ගම් පලාතකට හිත යනවා මැවිලා පේනවා එක එක දර්ශන....
ReplyDeleteබොහොම ස්තුතී දෙන සපොර්ට් එකට
Deleteවාසිය මොකක්ද අප්පා.. හිත ගන්නනම් බෑ.. බලමු කියවලම..
ReplyDeleteමලේ සමහරක් එව්වො බලල්ලු ලවා කොස් ඇට බාවන්ඩ උත්සහ කරනවනේ බලමු ඉස්සරහට මං හිතන්නේ ටිකක් හිතුවොත් උඹ අල්ලාගත්ත තැනින්ම කතාව අවසානය උඹේ හිතේ ඇඳෙන්ඩ පුලුවන්
Deleteකතාව එන්න එන්නම උණුසුම් වෙන පාටයි..බලමුකෝ ඉතිරියත්....
ReplyDeleteඅවසානය ටිකක් උනුසුම් වෙවී කියල මටත් හිතෙනව ස්තුතී
Deleteනියමයි අයියේ..කතාව නියමෙට ගලාගෙන යනවා.. සුපිරි!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ස්තුතී සහෝ සපොර්ට් එකට...ජය
Deleteකතාව නියමයි ....
ReplyDeleteස්තුතී ඔබට...
Deleteගියවර කියපු කථාවම තමයි මට අදත් කියන්න තියෙන්නෙ... පොතක් විදියට මුද්‍රණය කරමු ! භාෂා භාවිතය විශිෂ්ඨයි...
ReplyDeleteඔබගේ දිරිගැන්වීමට බොහෝම ස්තුතී සහෝ මා ලිවිමට උනන්දු කරවිම ගැන අනේක වාරයක් ස්තුතී
Deleteඔය දේවල් ඇත්තටම වෙච්ච කාලෙ අපේ රාජ් ඇත්තටම අත දරුවෙක් වෙන්නැති නේ?
ReplyDeleteහපොයි එහෙම කාලයක්!
henryblogwalker the Dude
ඇත්ත මා ඉතා ලාබාලයි නමුත් මට අදවගේ මතකයි මාගේ පියාව සොයා මැරවරයන් ගමපීරු කාලය හැබැ ඉහලින් කතාකරන විමුක්තිකාමින් නොව අනෙක් පිරිසක්, රාත්‍රිය ගතකලේ තැනින් තැන සැඟවිලා
Deleteකතාව යන විදියට නම් ඊළඟට ගමේ මිනිස්සු අර තරුණයෝ පිටින් යන විදියට කඩේ මංකොල්ල කයි වගේ.... මමත් අහලා තියෙනවා ඒ කාලේ ඔව්වා උනා එහෙම වාසි ගන්න ගිය එවුන් ඔක්කොමල්ලට කලියෙන් හතරමං හන්දි වල එල්ලුනා කියලා... කතාව නියමයි අයියේ.... ජය පතනවා ඔයාට...
ReplyDeleteඉදිරියෙදි බලන්න ඔබ සිතන්නක් සිදුවෙද කියා ඔබගේ උනන්දුවට මා ගරුකරනවා ස්තුතී මලේ
Deleteඔවු,.,ඊලග කොටස්ටහ් ඉක්මනට දාන්න,., මට හ්ඉතෙන්නේ අනිවා මුදලාලි වෙඩි පාරක් කනවා ,.,., :D ,., ලොක්කා මගේ බ්ලොග් එක මම වෙනස් කරා මෙන්න අලුත් එක
ReplyDeletehttp://sudusm.blogspot.com/ එලස්
ඉස්සරහට බලමු සහෝ මොකෑ වෙන්නේ කියලා බ්ලොගේ බැලුව ජය...
Deleteඇත්ත ඕවගෙන් අනන්ත , වෙන ඈයෝ කපටි ප්‍රයෝජන ගත්තා මට හිතෙන්නෙ ඔයා ඒව ගැන ලියන්න වගේ යන්නෙ..!
ReplyDeleteබලමු සහෝ ඉදිරියට ස්තුතී අදහසට
Deleteකතාව ගලා ගෙන යන විදියට ඊළඟ කොටස එනකම් බලන් ඉන්නෙ නොඉවසිල්ලෙන්..
ReplyDeleteස්තුතී වෙනි අය්යා සපොර්ට් එකට
Deleteගැමි ගතිය රූප ජීවිත වල ස්වභාවය කථාව කියවද්දි මැවිල පෙනව වගේ...කොටස් කීපයක් මග ඇරුණා එක හුස්මට කියෙව්වේ ආසාවෙන් ඉතුරු ටිකත් ලියන්නකෝ...ඉක්මණින්ම
ReplyDelete