Monday, October 15, 2012

හඳුනා ගනු මැන....







තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද.....

රුවල් ඉරී ගිය නෞකාවේ..

පාළු හුදෙකලා සුළඟ පමණි උරුමේ.................

තනි තරු වේ.!

හඳුනා ගනු මැන....

රෑ පිපිලා කළු රොස මලක්...!!



64 comments:

  1. අඩේ මොකද්ද බං මේ.. තේරුම යටින් දාපන්කෝ

    ReplyDelete
    Replies
    1. විවිධ නිර්වචන දෙන්න පුලුවන් මචං කලු රොස මල දුර්ලබ දෙයක් විදිහට උපමා කරන්නත් පුලුවනි එතකොට රාත්‍රි ලඳුනට උපමා යොදන්නත් පුලුවනි කෙසේ වෙතත් මුල් පදවල පෙනෙන්නට තියෙන්නේ සිතෙහි ඇති නොසන්සුන් බාවයනේ උඹ නිදහසේ හිතපන් පාඨකයා එක් කොනයකට කොටු කරන්න මා කැමති නෑ ඒ ඔබට කරන අසාධාරණයක් වන නිසා

      Delete
  2. කලවං නිර්මාණයක්...

    ReplyDelete
    Replies
    1. නිර්මාණ ගොන්නකින් සැදු කවලං නිර්මාණයක් වැන්නකි ස්තුතී ඔබට

      Delete
  3. නිර්මාණ 6ක එකතුවක් නරකමත් නෑ 3 වෙනි පදයෙන් කියවද්දි පොඩ්ඩක් නවතිනව වගේ දැනුණා....

    ReplyDelete
    Replies
    1. ඕව් එතැනදි නැවතිලා තනි තරුව අමතනවා ස්තුතී

      Delete
  4. හොඳ අදහසක්... රෑ පිපිලා කළු රොස මලක්...!! මොකක් ද සිංදුව??

    ReplyDelete
    Replies
    1. මචං අමරසිරි පීරිස් මහත්තයාගේ චන්ද්‍රමඩුල්ලෙන් ගීතය ස්තුතී ඔබට

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ප්‍රේමකීර්ති සිහිවීදෝ ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔහුත් මෙහි ඉන්නව නේව

      Delete
  7. සිතමින්.................................... :)

    ReplyDelete
    Replies
    1. ම් සිතන්නට විරාමයක්....!

      Delete
  8. කළු පාට රෝස මලක් තිබ්බා අපේ වත්තේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. පරිස්සං කරපං එහේනම්...D

      Delete
  9. එකපාරටම උඩ ගිහින් බිමට වැටුන මේ මොකක්ද මේ කියල. පටන් ගත්ත ගමන් සෝමතිලක ජයමහ මහත්තයගෙ සිංදුවේ තාලෙට අනිත්ව කියවන්න ගියාම තමා තේරුනේ බොලේ ඒවත් සිංදුනේ කියල. මේක සිංදු කවියක් ද?

    ReplyDelete
    Replies
    1. සින්දු නිසඳැසක් වාගේ නේද මචං සමාවෙයන් ඔලුවට එන විකාර මෙකේ ලියලා උඹලගේ ඔලුව අවුල් කොලානං...

      Delete
    2. පිස්සුද යාළුව, එහෙමත් වෙනවද. එකපාරටම හිතාගන්න බැරි වුනා මේ මොකක්ද කියල. ඒ වුනාට අවුල් වෙන්න තරම් දෙයක් නෑ බං, ඒක නිර්මාණයක් නේ.

      Delete
    3. අඩේ මටත් එහෙම එකක් උනානෙ DDT....!(7.06ක්මෙන්ට් එකට)

      Delete
  10. මගේ හිතට ආවේ,ගනුදෙනු කරුවෙක් එනකම් පාරේ කොනක බලා ඉන්න සේව්වන්දියක්. මේවගේම කවියක් රාජ් අයියගෙන් කලිනුත් කියෙව්වා මතයි, රාජගේ නවාතනයි, රාජ් බ්ලොග් එකයි දෙකක් කියලා මම අදනේ අප්පා දන්නේ දෙකටම කමෙන්ට් කලාට,

    ReplyDelete
    Replies
    1. ඔව් කලිනුත් සිංදු නිසඳැසක් වගේ එකක් ලිව්වා ඇත්ත රාජ්ලා අපි නිවුන් සහෝදරයෝ නොවැ ඉතින් මල්ලි මේ නිර්මාණයේ එක කොනයක් අල්ලගන හරි ඒ මලය දකින විදිහ ස්තුතී ඔබට

      Delete
  11. කලු රෝස මලක් රයිට්???????????

    ReplyDelete
  12. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....... කමෙන්ට්ස් වලට අන්තිමට උත්තර දුන්නානම් තවත් හොදයි. එතකොට එක එක්කෙනාට හිතෙන විදි බලන්න තිබ්බා..:)

    කොහොම වුනත් හුඟක් හිතන්න ප්ලුවන් නිර්මාණයක්.. ජය!!

    ReplyDelete
    Replies
    1. ස්තුතී අදහසට හිතූ...

      Delete
  13. රෑ මනමාලි නේද අවසානේ උපමේය උනේ?

    ReplyDelete
    Replies
    1. ඒ ඔබේ අදහස අදහස් විවිධයි නේව..ස්තුතී

      Delete
  14. රී මික්ස් එකක් ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තුතී ලොකු අයියේ...

      Delete
  15. භදුනා ගත්තොත් ඔබ මා ................

    ReplyDelete
  16. අහසේ ඈතට ..පාවී යනවා...........!

    ReplyDelete
  17. මේ ගී පෙළ අතරින් රුවල් ඉරී ගිය නෞකාවේ ගීතයේ රිද්මය මා ඉතාම ළදරු අවධියේ ඇසීමෙන්දෝ මගේ මතකයේ ගැඹුරේ තැන්පත් වී තිබුනා... මා ඉස්සෙල්ලාම මුහුද දැක්කෙ කළුතර යන ගමන් දුම්රියේදී... ඒ අවස්ථාවේ කෙටි රුවලක් සහිතව යාත්‍රා කල ධීවර යාත්‍රා දුටු විටම මට මේ ගීතයේ රුවල් ඉරී ගිය නෞකාවේ යන පදය පමණක් මතක් වුනා... ඒ වෙද්දි සිරාට වයස අවුරුදු 8 ක් විතර ඇති... යමක් තේරුම් ගත හැකි වයසට ආවට පස්සෙ තමා මේ ගීතය ගැන හෙව්වෙ... ඒත් FM නාලිකා වල මේ ගීතය ප්‍ර‍චාරය නොවන නිසා තවත් සෑහෙන කාලයක් ගිහිල්ලා තමයි කන් දෙක පිරෙන්න ගීතය ඇහුවෙ...

    ග්ලෝනන් ස්පීල් යනුවෙන් හදුන්වන නූතන සංගීත සංයෝජන වලදි ඉතාම අඩුවෙන් යොදාගන්නා වාද්‍ය භාණ්ඩයක් මෙම ගීතයේ වාදනයට යොදාගෙන තිබෙනවා..නන්දා මාලිනියගේ හඩ මාධූර්යය ගීතයේ අදහසට හොදින් ගැලපෙනවා.. ගීතය හොදින් අහලා චිත්ත රූපයක් මවාගෙන බලන්න... මෙන්න මේවා තමයි නියම සංගීත ප්‍ර‍කාශන....

    රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි,
    නොගිලී දළ රල පෙල අතරේ - මා හා යා නොහැකිය ගොඩ බිමකට
    රුවල් ඉරී ගිය නෞකාවේ.....

    දෝතට එක් කල වැසි දිය පොවමින්- පවසට
    ඉරුණ රුවල් රෙදි දවටා සදමින් - උනුසුම
    මා රැක ගත් ඔබ රැක ගතයුතු වේ අද දින
    දියඹේ නවතිමි යනු මැන පෙරමග තනිවම

    රුවල් ඉරී ගිය නෞකාවේ............

    සුන්බුන් නැව් බද දියඹත් වි යයි.
    හෙමිහිට අත්හල මැන දැන් මෙතුවක් මට බැදි සෙනෙහස
    දෑස පියා ගෙන මා බිලි දී දිය ගැබරට
    ගැලවි යනු මැන මේ විපතින් සිත දැඩි කොට.


    රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි,
    නොගිලී දළ රල පෙල අතරේ - මා හා යා නොහැකිය ගොඩ බිමකට
    රුවල් ඉරී ගිය නෞකාවේ

    පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
    සංගීතය - රෝහණ වීරසිංහ
    බලන්න මේ ගීයට දී ඇති අර්ථ කථනයන් තවත් බ්ලොග් සහෘදයෙක්

    සජීවී ගායනයක් මෙතැනින්

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහසින් මා නිහතමානී සතුටක් විදිනවා ස්තුතී

      Delete
  18. Amuthuyi...........

    ReplyDelete
  19. ම්ම්ම්ම් !

    අර වගේ කෙල්ලෙක් ගැනද කියන්නේ බං ??

    මොනව වුනත් මම ආස ගීතය ‘චන්ද්‍ර මඩුල්ලෙන් (රෑ පිපිලා කළු රොස මලක්.)‘ මෙතන තියෙන එක සතුටුයි :)

    ReplyDelete
    Replies
    1. ඔබ කැමති ගීයක් මෙහි අන්තරයේ ඇති බැව් ඇසීම සතුටක් ස්තුතී

      Delete
  20. ගොඩක් දේවල් හිතෙනවනේ....ඇයි මන්දා.... :O

    ReplyDelete
  21. හඳුනාගන්නට බෑ...:)))

    ReplyDelete
  22. ස්තුතිය.
    සිංදු ටික කාලෙකිං ආපහු ඇහුව.
    ජය වේවා.

    ReplyDelete
  23. නන්ස්ටොප් එකකම සින්දු තියෙනවා වගේ

    ReplyDelete
    Replies
    1. ප්‍රබුද්ධ නොන්ස්ටොප්...

      Delete
  24. කිසිවක් සිතා ගැනීමට නොහැක...

    ජය...

    ReplyDelete
    Replies
    1. අනේ අපොයි...ජයෙන් ජය

      Delete
  25. රෑ පිපිලා කළු රොස මලක්...!! මම අහලා නෑ

    ReplyDelete
    Replies
    1. චන්ද්‍ර මඩුල්ලෙන්....අමරසිරි පීරිස් මහත්මයා ගායනා කරන

      Delete
    2. ස්තුතියි මචො මම අහලා තිබුනෙ නෑ

      Delete
  26. රෑ පිපිලා කළු රෝස මලක් සිංදුව ලිව්වේ කවුද දන්නවනම් කියනවද?

    ReplyDelete
    Replies
    1. චන්ද්‍ර මඩුල්ලෙන්....අමරසිරි පීරිස් මහත්මයා ගායනා කරන

      Delete
  27. " රෑ පිපිලා කළු රෝස මලක්.."

    මේ පේලිය මාර ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ඔව් මචන් මමත් කැමති සිංදුවක්

      Delete
  28. Replies
    1. අපුච්චේ..මේ යොදයෝ එකනෙවී උඹ අගොස්තු මාසෙන් පස්සේ මෙලොදෙයක් ලියල නෑ නේව වහාම ලියන්න පටන් ගනින් අපි නරක මිනිස්සු නොකර හරිය....

      Delete
    2. මම මේ ලියන්න හිතාගෙන ඉන්නේ. තවම ලිවීමට ඔලුව හැදිලා නැහැ බං..

      Delete
  29. අනිත් අයගෙ කමෙන්ට් බලලා තමයි මේක මොකක්ද කියලා හිතා ගත්තෙ ඕං. :D
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. එච්චර ට අප්සැට්දැ...

      Delete
  30. හච්චප්පියෝ මේ මොකද්ද මේ?
    කවුද අනේ ඔයාගේ කලු රෝස මල? මම දන්න කෙනා නම් වෙන්න බෑ

    ReplyDelete
  31. තේරුනේ නැහැ තේරුම කවියක් විදියට මරු

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...