දාවිත්සිංඥො සීයලාගේ කාලේ සිටම තාත්තලාගේ
පරම්පරාව කිට්ටුවෙන් ඇසුරුකල පුද්ගලයෙකි. තාත්තලාගේ කුඩා අවදිය මෙන්ම තරුණ කල ඇතැම්
රසකතා පිළිබඳ මා හා දොඩමළු වන්නට තරම් ඔහු මාහටද සමීපය. තාත්තාගේ ලොකු අයියා මාගේ
මහප්පා ගේ ද තාත්තාගේ මෙන්ම මාගේ මගුල් උත්ස්වයේදී ද උත්සව කටයුතු සාර්ථක
කරගැනිමට ඔහු ඉතා යුහුසුළුව කටයුතු කලේය.
වර්ථමානයේ මෙන් නොව 80ව 90ව දශකයන්ට පෙර
ලාංකීය ගැමි ජන සමාජයේ මගුල් උත්සව ගැනිමට උත්සව ශාලා බහුල නොවීය ගැමි සමාජය
සංකීර්ණ නොවු යුගයක මගුලක් කෑම අද මෙන් බරපතල කාරණයක් වූයෙද නැත. කාසි පණම් වැඩි පුර වැයවූවා
නම් ඒ බොජන සංග්‍රහයට
හා ස්පීකර් ගස් බඳින්නටය
එකල මගුල්
මඩුව සැරසූවේ ගොක් කොල වලිනි වහල සෙවිලි වූයේ පොල් අතුවලිනි මේ හැම දෙයක්ම ගැමියන්
ගම අවටින්ම පහසුවෙන් සොයාගත් දෙවල්ය. මගුල් ෆොටොව ගැනිමට ෆොටො මහත්තයාව බක්කි
කරත්තයෙන් ද තරමක් කාසිබාගේ ඇති ගැමියන් කාරයෙන්ද ගෙදෙට්ට ගෙන්වා ගැනිම සිදුවිය. ඇතැමෙක් ඒ සඳහා ෆොටො ගෙදරටද ගියහ.
මාගේ මහප්පාගේ
මගුල් උත්සවය යෙදි තිබුනේ බක්මහේ දොහකය. සිංහල අවුරුද්ද උදාවන සමය ගං ගොඩේ බොහෝ
කෙලි කවට හඬ දසත පැතිරෙන්නේය. බොහෝ සූදු පොළවල් කල එළි බසින්නේත් මේ සමයේමය,
තරුණ මහලු බොහෝ දෙනා බූරු පිටි වල වරුගනං
තැප තම වාසනාව උරගා බලන කාලයකි මේ.
මහප්පාගේ
මගුල් උත්සවය සිදුවෙන මේ වකවානුවේ මහගේ කිට්ටුව පාත බූරු පොලක් කල එලි බැස තිබුනි.
මගුල් මඩුවේ ඉදිකිරිමේ කටයුතුත් සිදු වෙමින් පැවතුනේ මේ අල්ල පනල්ලේමය දැන් ඉතිරිව
තිබුනේ මගුල් මඩුව සෙවිල්ලීමේ කටයුත්තයි නමුත් ඒ කටයුත්ත ඇනහිට තිබින
මන්ද උදවු දිමට සිටි
පිරිසෙන් බොහොමයක් පිරිමින් ජයටම බූරු පොලේ බූරු ගසමින් සිටි
බැවිනි
මගුල් ගෙදර
සිටිය වුන් වැඩකටයුතු පමාවන හෙයින් දොම්නස් සහගතව සිටිනා විට සිදුව තිබුනේ අපූරු
දෙයකි මෙතෙක් වහල හෙවිල්ලීමට හොයාගත නොහැකිව සිටි පිරිමින් එකා දෙන්නා දඩි බිඩියේ
පැමින මෙතෙක් වියා පැත්තක අහුරා ඇති පොල් අතුත් රැගෙන වහලයට නැගීමයි.ටික වෙලාවක් ගතවන විට
මුලු බූරු පොළම මගුල් මඩු වහලේය ඉතා කෙටි වෙලාවකින් මුලු මගුල් මඩුවම සෙවිල්ලා
අහවරය.
සිදුවී තිබුනේ අනෙකකි බූරූ පොලක් ජයටම කෙරිගෙන
යන බව කන වැකුන පොලොසිය එතැනට කඩා පාත්වී ඇත පොලොසියේ ඉව වැටුන බූරු පොල ඇත්තං
කෙලින්ම පැමින ඇත්තේ මගුල් ගෙදර වහලයටයි පසුව සොයා බලන විට සරමින් බැනියමෙන්
සැරසුන පොලොසීයේ උන්දලා කිහිප දෙනකු ලවාද මහප්පලා පොල් අතු හෙවිල්ලා ගනය.
ප.ලී
සයිබරයේ බොහේ තැන්හි 20 යි 20 ස ගැන බොහෝ දේ ලිය වී තිබුනි. ජගත් කිරුල මෙවරත් අහිමි වීම මාද කම්පාවන සිදුවීමකි නමුත් වසර 4ක් අනු ශූරයන් වීම ලෙහෙසි කටයුත්කුදු නොවේ. ශාරිරික ජවය මෙන්ම මානසික ජවයද ක්‍රිකට් ක්‍රිඩාවට බොහෝ සේ බලපාන කරුනකි කෙසේ වෙතත් ලාංකීය ක්‍රිකට් උන්මාදය චමත්කාර ජනක හරි අපූරු දෙයකි එයට පෙම් කරන්නාවුන් අතර මාද එකේකි. ලාංකිකයකු ලෙස බටහිර කොදෙව්වන්ට සුබ පැතුම් එක්කරන අතරම හෙට දිනයේ ජගත් කිරුල ලැබගන්නට අපේ කොල්ලන්ට ශක්තිය පතමි
අපේ ගමෙත් බූරු පොලවල් වලට පොලිසියෙන් පැන්නහම හතී අතේ දුවන කට්ටිය අපේ ගෙවල් වලට පැනලා..ගෙවල් වල වැඩකරලා දෙනවා.. දැක්කනෙ මට බූරු තැපලා වෙච්ච දේ..
ReplyDeletehttp://www.liyanna-liyanna.blogspot.com/2011/10/blog-post_28.html
බුරුව ගහන වැඩෙත් නරකම නෑ අහල පහල ඉන්න උන්දැලට නේද වෙනි අයියා
Deleteඅපේ පැත්තේ ගොයම් කැපිල්ලකටත් ඔය දේම උනා
ReplyDeleteඅවසානෙට දෑකැති මදි වෙලා ගොයම් ගැලෙව්වා
මරු වැඩේ
Deleteනියමයි නියමයි බොහොම රසවත් ආකාරයට ලියලා තියනවා. ගැමි සුන්දරත්වය වගේම ගැමි අවලස්සනත් මෙයින් පේනවා.
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
ස්තුතී... ඔබ හරි
Deleteබූරු පොලවල් නේ....
ReplyDeleteවෙලාවක ගිහිං ඔළුව දාන්න ඕනේ....
බලාගන පුතෝ අහල පහල ගෙවල් වල වැඩත් කොරල දිලා එන්නයි වෙන්නේ
Deleteඅපේ ගමේ නම් ඔහොම බූරුව ගැහැල්ලක් නෑ. ඒ නිසා පොලිසියෙන් පැනපු රස කතාත් නෑ. දැන් බලන් ගියාම වැඩක් එහෙම කරගන්න ඕන නම් කිට්ටුවෙන් බූරු පොලක් දා ගන්න අනුග්‍රහය දීල, පස්සෙන් ගිහින් හෙමීට පොලිස් ! පොලිස් ! ගෑව නම් වැඩේ අහවරයි.
ReplyDeleteආං කොරනවනං වැඩේ..
Deleteකමක්නෑ ඉතින් පොලෝසියෙනුත් වැඩක් ගත්තනේ!
ReplyDeleteඅනිවා..අනිවා
Deleteඉස්සර මිනිස්සුන්ගේ සරලත්වයට මම ගොඩක් කැමතියි,
ReplyDeleteඅපේ කොල්ලන්ට සුභ පතනවා හදවතින්ම අනාගතේ දවසක කප් එක ගේන්න පුළුවන් වෙන්න කියලා.
ඇත්තටම අදවගේ සංකීර්ණ කලබල කාරි වාතාවරනයක් තියෙන්න නැතුව ඇති ඔව් කොල්ලන්ට ජය
Deleteමරු කතාව... ඉස්සර ගම කොච්චර සුන්දරද.. දැන් අපේ ගම නගරයක්.. ඉතින් ගමක් හොයාගෙන යන්න යන වියදම වැඩියි... ඒ ගියත් ඒ අව්‍යාජ ගම නෙමෙයි.. මොකෝ ඒක මගේ ගම නෙමෙයිනේ..
ReplyDeleteස්තුතී ලොකු අයියේ ඇත්ත අද ගම අඳුන ගන්න අමාරුයි
Deleteආහා මේ බුරු පොළවල් නේ.... අවුරුදු කාලෙට ඉතින් බුරු පොළවල් විතරක් නෙමේ කැට පොළවල් වලත් ඔය කතාවම තමා.....
ReplyDeleteමල්ලි කැට ගහල අහුවෙන්ඩ එපා
Deleteඒකාලේ පොලෝසිය තමා පොලෝසිය...
ReplyDeleteඅම්මපා ඇත්තට
Deleteනියමයි රාජ්. මම හරි ආසයි මේ වගෙ ගමේ රස කතා අහන්න.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ස්තුතී ඔබට
Deleteමෙහේනම් තාමත් අවුරුදු කාලෙට බූරු ගැහිල්ල රහසිගතව හෝ කෙරෙනවා.
ReplyDeleteඉස්සර ඔය වගේ බූරු පොළකට පොලීසියෙන් පැනලා.කට්ටිය දුවන කොට කම්බි වැටක් හම්බවෙලා. උස අඩු අය කම්බි ඈත්කරලා යටින් පැනලා බේරිලා. ටිකක් උස පොරක් කම්බි යටින් රින්ගන්න වෙලාව මදි හින්දා උඩින් පනින්න ගිහින් අණ්ඩ කෝසෙ කම්බිවැටේ පටලවාගෙන, මොකුත් කරගන්න බැරුව දගලද්දි මිනිහව අහුවෙලා.
එහේත් එහේම තමා මල ගෙවල් වල යසරාමෙට වැඩේ යනව අපුච්චේ අරූගේ පහල කොටහා
Deleteඒ කාලේ මිනිස්සු වැඩ කලේ පුදුම සහයෝගයකින්. මගුල් මඩුවක් ගහනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. එය තාවකාලික මඩුවක් වුණත්, අලංකරණය කරන්න, කැටයම් කැපු කඩදාසි,කුකුල් සායමෙන් වර්ණ ගැන්වූ බඩල් වනස්ස රිකිලි, සරුව පිත්තල පටි මෙන්ම බැලුම් බෝලත් යොදාගත්තා. ඇතුලේ අසුන් ගන්න මේස පුටු නොතියා පුවක් ලී පටි වලින් හැදු මේසයක් සහ බංකු තිබුනා මතකයි.සුදු පිරුවට දමා තිබුන මේසය හා පුටු බොහොම ලස්සනයි. කැවිලි ජාති කියන්න බැරි තරම්. තේ මේසයක් වුණත්, කෑම මේසයක් වුණත් කෑම ජාති වලින් පිරිලා තිබුනා. පෙරැත්ත කර කර කැවීම සිදුවුනා. තව විස්තර තියනවා ලිපියක් ලියන්න තරම්.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ඉතින් ලියන්න අපිට කියවන්නත් එක්කලා
Deleteඅපේ පැත්තේ මේ වගේ රා බාන තැන වලට පුෂ් බයිසිකල් වලින් ඇවිත් රා බොන්න පුරුදු වෙලා හිටිය අය. පොලීසියෙන් එනකොට කිට්ටුවම තියෙන අපේ ග්‍රවුන්ඩ් එක ලඟට ඇවිත් අපි සෙල්ලම් කරන දිහා බලාගෙන ඉන්නවා. පොලීසිය නන්නත්තාරයි.
ReplyDeleteකොහොමද බෙබෙලගේ මොලේ
Deleteබූරු පොලවල් වල තව කට්ටියක් ඉන්නව....බඩු උගස් ගන්න අය..උන්ට තමා ලාබම...!
ReplyDeleteදවසට සීයට 5යි පොලිය.
ඉතිං උඹ අන්තිමට උකස් කරපුව 5% පොළිය ගෙවල බේරගත්තයි.
Deleteපේනවනේ බූරු ගැහිල්ලත් එක්ක කොච්චර ව්‍යපෘතී සම්බන්දයිද කියලා හික්ස්
Deleteමේ කතාව හොඳයි ටෙලි ඩ්‍රාමා එකක කෑල්ලකට...:D
ReplyDeleteකොරමුද ටෙලියක් පොඩ්ඩියේ
Deleteමාත් දානව පෝස්ටුවක්.
ReplyDeleteආං වෙන්ඩ ඔන දේ දාපං මචං
Deleteකාලය මැවු වෙනසක අරුමේ තමා.
ReplyDeleteඅනිවා අනිවා..
Deleteඉස්සර යාළුවෙක්ගේ ගඩොල් පෝරණුවක් පොල් අතු හොයන්න ගිහිල්ලා කුණ කට්ටෙක්ගෙන් බේරුනේ අනූ නමයෙන්...
ReplyDeleteඇත්තට ඔව්වා අස්සේ සරපයි විමාන මොකෑ සිසිල වැඩි නේව
Deleteහ්ම්ම් ලාංකවෙ පොලිසිය :D
ReplyDeleteඔන්න පොලොසී...D
Deleteකතාව කියවගන යද්දි මට හිතුනෙ, බූරු පොලේ ඇලිලා ඉන්න කට්ටියව ගෙන්න ගන්න මහප්පා කරපු උප්පරවැට්ටියක්දෝ කියලා.. බලද්දි ඇත්තටම පොලීසියෙන් ඇවිල්ලා නේද ?
ReplyDeleteඔව් මචං
Delete//හෙට දිනයේ ජගත් කිරුල ලැබගන්නට අපේ කොල්ලන්ට ශක්තිය පතමි//
ReplyDeleteමචං හෙටත් මැච් එකක්ද ?
එහෙනම් ජය වේවා !
:))
ඔව් උඹත් වරෙන් චියර් කොරන්න මලින්ද මාමත් එක්ක එකටම හික්ස්.....DD
Deleteහික්ස්..... පොලිස් මාමලත් පොල් අතු හෙවිල්ලලා ....
ReplyDeleteඔව් අනේ
Deleteඔබ ලිවීමට භාවිතා කරන භාෂාවේ හැඩතල ඉතාම අලංකාරයි... ඒ නිසාම කියවීමට ප්‍රියයි...
ReplyDeleteබූරු ගැන නම් මතක් කරන්න එපා
බූරු ගහලා අපිට වෙච්ච දේ
ස්තුතී මචං ඇයි කටු ගැහිල්ලත් ජයටම තිබුනනේව
Deleteබුරුවා ගැහිල්ලට මමත් ආසයි ඕන්,, සෙල්ලං කොරපු කාලයක් මතක නෑ.
ReplyDeleteපාටියකට ගිහින් වාත වෙනවට වඩා 304ක් ගහන එක කොච්චර ආතල්ද,,,
එකනේ කියන්නේ
Deleteබුරුවො ගැහිල්ල කියන ක්‍රීඩාව මට පිහිටලම නෑ නේ අප්පා.කිසිම වගතුවක් නෑ.හබැයි මම ඉස්කෝලේ කාලේ අපේ ගෙදර බුරු පිටියක් සඳහා ලබා දීමෙන් දවසේ ගතමන්ට් එක නම් හොයා ගත්තා.
ReplyDeleteඑකත් මරු වැඩේ මරු ආදායමක් එන පොටක් නේව
Deleteහික්ස්ස්... ඔය නගර මැද ප්‍රසිද්ධියෙම බූරු පොළවල් තියෙනවා මම දැකලා තියෙනවානෙ.. ත්‍රීවිල් කට්ටිය එකතුවෙලා.. ;)
ReplyDeleteනගරය මැද තිබෙන බුරු පොලවල මම පිට ඔට්ටු අල්ලලා තිබෙනවා ලෙස නිවැරදි විය යුතුය...
Deleteඅපොයි ඔව් ටුක් ටුක් අයියලා විවෙක තියෙන වෙලාවට ඔව්වා කොරනව තමා
Deleteලස්සන පරිසරයක් මැවෙනවා.කතාව කියාගෙන යද්දී. අපේ පැත්තෙත් තවම බුරුවො ගැහිල්ල තියෙනවා. එත් පොලිසියෙන් එන්නේ නැහැ..
ReplyDeleteබූරුවා ගැහිල්ල ලංකාවේ කොයි පලාතෙත් ටික ටික කෙරෙනවා මචන් ස්තුතී ඔබට
Delete