Tuesday, October 2, 2012

ෂික්..!










ඉර හැරුන වෙලාවක

දුහුවිලි වැකුන පේමට් පොලොවේ

කාක වසුරු කුයිලෙත් එක්ක

බොසාට හිතෙන් බැන බැන

විකල්වුන සිතිවිලි අතරේ

ලයිට් කනුවේ බොරපාට එලියෙන්

ඊලඟ බස් එක එනකං

බලන් සිටියෙමි !

ෂික් මැච් එක මිස් උනානේ අද............


67 comments:

  1. Replies
    1. මට වෙච්චි දෙයක් නෙමේ බං හිතුනා ලිව්වා

      Delete
  2. අය්යෝ වෙලා තියන දෙයක්.ආයෙ මෙහෙම නොවේවා.

    ReplyDelete
  3. අද විතරය... තව ඉස්සරහටත් මැච් තියෙයි...

    ReplyDelete
    Replies
    1. ඇත්ත නේව...හුඟ කාලෙකින් උඹ, ඉතින් කොහොමද..

      Delete
  4. මම වගේ සීරිස් එක ඉවර වුණාට පස්සේ කාගෙන් හරි අහල දැන ගනින් බන් .. එතකොට ඔය වගේ සීන් වෙන්නෙ නෑ.. හික්..

    ReplyDelete
  5. මෙන්න තවත් මැච් පිස්සෙක්...හි හි

    ReplyDelete
    Replies
    1. ක්‍රිකට් පිස්සුව නම් තියෙනව අනිවා

      Delete
  6. හරි හරි ඉතිං, හොටේ හොට්ම නැතිවුනාට ආයෙ බලන්න බැරියැ ඒක. :)

    ReplyDelete
    Replies
    1. කලින් එකේ අන්තිමට උඹ දාපු කොමෙන්ටුව තමයි ආපහු මාව ලියන්න පෙළඹෙව්වේ බොහොම ස්තුතී මචං ටිකක් ඇත් වුනහම අදහසුත් ගොලු වෙනව නේව ලොක් එක ඇරියට නැවතත් බොහෝම ස්තුතී

      Delete
  7. අපරාදෙ.... මොනවා කරන්නද?

    ReplyDelete
  8. ඔහොම තමයි පව්ල් වුනාම.....

    ReplyDelete
  9. මැච් මිස් වෙන එකමයි හොද :))))))))))))))))

    ReplyDelete
    Replies
    1. අප්පේ එහේම කියන්න එපා..:))))))

      Delete
  10. ඇත්තටම කී දෙනෙකුට එහෙම වෙන්න ඇති ද ?

    ReplyDelete
    Replies
    1. එකනෙන්නම් සුමිත් අයියා..

      Delete
  11. Replies
    1. අපලාදේ..අපලාදේ...

      Delete
  12. මටත් ක්‍රිකට් පිස්සුව ඉහටත් උඩින්.

    ReplyDelete
    Replies
    1. ඇයි මටත් එහේමයි...

      Delete
  13. උඹට වෙච්චි දෙයක් නෙමෙයි කිව්වනේ... ඒත් මරු...

    ReplyDelete
    Replies
    1. ස්තුතී ලොකු අයියේ

      Delete
  14. ෂික් නෙමේ..... හෝලි ෂිට්!!!!

    අපරාදේ ඈ... :(

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. යප් ෂිට්.....එකනේ !

      Delete
  15. මෙවුවා මිස් කරන්න හොදම නෑ.

    ReplyDelete
  16. ජාතික අපරාධයක්නොවැ වෙලා තියෙන්නෙ.. ඒකියන්නෙ ඌ තෙල් මිල වැඩි වුනා කියලා දන්නවා...

    ReplyDelete
  17. කාර්යබහුල ජිවිත පිටිපස්සේ තියෙන කතාව!

    ReplyDelete
  18. දුර බ්‍රාන්ච් වල වැඩ කරන්න ගිහිං කොළඹ ක්ලාස් එන්න ඇවිත් මට ඔය වගේ අත්දැකීම් ගොඩක් තියෙනවා. සමහැර දවස් වල පැය ගානක් බස් එනකං බලන් ඉඳල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් එහේම කාපු කටු වල මතකයන් තියෙනවා

      Delete
  19. කවුරු මොනා කීවත් මැච් එක අපරාදේ...:D

    ReplyDelete
  20. මැච් පිස්සියක් විදියට කියන්න තියෙන්නෙ අපරාදෙ මිස් වුනේ...දුක් නොවන් දිනන්න අපිට තව මැච් එකක් තියෙනවා ඒක බලමු....කාලෙකින් ආවෙ....

    ReplyDelete
    Replies
    1. අනිවා බලමු කාලෙකින් නෙන්නම්...

      Delete
  21. අපරාදේ මැච් එක අයේ හයිලයිට් බලද්දී ආතල් එකක් නෑ..:)http://anuharshi.blogspot.com/

    ReplyDelete
  22. හප්පා අවුලක් නෑ නිවාඩු දවසේ ෆයිනල් බලන්න......

    ReplyDelete
  23. හොඳ වැඩේ හැක හැක

    ReplyDelete
    Replies
    1. එහේම කියන්න හොඳද මං අහන්නේ බක බක

      Delete
  24. හොද වැඩේ බොට...හික්

    ReplyDelete
  25. හම්බේ ඔව්ව ඔහොම තමයි. මොන මැච් එක බලන්නත් බඩ ගොස්තරේ රැකගෙන ඉන්න එපැයි. හීනියට හෑන්ඩ්ස් ෆ්‍රී එකෙන් අහන්නවත් තිබ්බනම් ගොඩ.

    ReplyDelete
    Replies
    1. අනිවා ගොඩ එත් බලනව වගේ කොහේද මචං

      Delete
  26. චීනෙන් ගෙනා සැල් පෝනයෙන්
    …කන් යොමුව ගසාගත්කල
    …නොබැනමින් කිසිවෙකුහට
    …නිරතුරු ලබාගත්තා මැච් තොරතුරු
    …මාසෙටම රුපියල් 30ක් වැයකොට
    …ගත්තා ඇස් ඇම් ඇස් අප්ඩේටුවකුත් තව ..

    …සුපිරි ඕවරයේ
    ……අන්තිම පන්දුව දමනවිටම
    …නාද උනා පෝනය
    …"රෑට කන්න පාන් ගේන්න"

    …අපරාදෙ අන්තිම බෝලෙ අහන්න උනෙ නෑ නේ

    ReplyDelete
  27. ඔයවගේ සීන් අනන්තවත් වෙනව.

    ReplyDelete
  28. ඉදලා වැඩක් නෑනේ ඉතිං...

    ReplyDelete
  29. බස් එක පරක්කු වෙලා සම්ප්‍රාප්ත වීමෙන් මැච් එක නැරඹීම අහිමි වුනාද ? නරකද රෝද දෙකේ අස්සයෙක් ගත්තොත්...

    ReplyDelete
    Replies
    1. ගම්මු පුටු පුටුවක්

      Delete
  30. ඒ වාගේ වේළාවට රස්සාව එපා වෙනවා නේද

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...