Wednesday, August 8, 2012

අවුලක් නෑ......



මුලින් කියන්නේ කියෙව්වා                        කියලාය
ඒ මදිවට කොමෙන්ට් එහේම                       දමලාය
පිස්සුව හැදි එකක් පටන්                            ගත්තාය
අකුරක් ලියා නිය හපමින්                          උන්නාය

කොමෙන්ට් ටුවක් තාම අනේ වැටිලා                      නැතේ
අපි අලුත්නේ එකයි තව නැත්තේ                            අනේ
සිංඩියේ මෙක තාම පෙනුනේ නැද්ද                        අනේ
අපොයි ඉතිං කොහොම ආයේ ලියන්                      අනේ

ෆලො ගැජට් හයිකොලාට වැඩක් උනේ නෑනේ                         තවම
කොච්චර ලිව්වත් ෆලොලා එන්නේ නැත්තේ ඇයිද                   තවම
හිට්කට්ටත් උඩට උඩට නැහැනේ  අනේ යන්නේ                      තවම
කුනු කැම්පෙන් තුන හතරක් බුකියේ කොලේ නෑනේ                තවම            

පටන්ගත්තා වගේද බොල කොරන කොටනේ              තෙරෙන්නේ
ලියනව කියලා මොනාද මෙකෙ අනේ                             ලියන්නේ
අම්මා දැක්කොතින් අයියෝ කුනුහරුපත් ලියන්ට                       බෑ
කෙල්ල දැක්කොතින් අම්මෝ පරණ කෙස් ලියන්ට                    බෑ

හිට්කට්ටත් පැන්නනේ බොල ලක්ෂ පහයි අද            වෙනකොට
ෆලෝ ගැජට් ඉඩමදි වෙලා නවසීයත් ඉවරයි                           බං
පරණ කෙල්ල දාලා ගියෙත් හැමවෙලේම මෙකෙ              කියලා
අවුලක් නෑ ඒ උනාට දුක ලියනවා උඹලට                               මං


ප/ලි දැනුමැති සමාජයක් උදෙසා පොතක් පරිත්‍යාග කරමු..! මේ වැඩෙට සපොර්ට් එකක් දෙනව නේද..!!!

65 comments:

  1. අනිවා එකෙන්ම සපොර්ට් :)

    ReplyDelete
  2. අවුලක් නැත්නම් අවුලක් නෑ. රාජ්ට කවිත් ලියන්න පුළුවන්නේ. ආයෙත් ළඟදිම තව ටිකක් ලියමු.

    ආඃ ... ඔය කවිවලින් කියන්නෙ කවුරු ගැනද?

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලොකෙ වෙන විපිරියාස නෙව මේ

      Delete
    2. :D

      ඒ මිස කවුරුවත් ඉලක්කකරල ලිව්ව නෙවෙයිනේ.

      Delete
    3. බුදු අම්මෝ නෑ.....

      Delete
  3. අනේ හැබෑටම් ඔහොමම නේන්නම් හිතුනෙ...

    පොතක් කාටද ? කොහාටද පරිත්‍යාගකරන්ඩ ඕනා.. ?

    ReplyDelete
    Replies
    1. ඔව් මචං අම්පාර ගලහියා මහ විදුහලේ පුස්තකාලේට මෙ ලින්ක් එක බලන්න
      http://cyberfestival.blogspot.com/2012/08/2012.html

      Delete
    2. එළ මචන්... මාත් එනවා..

      Delete
  4. අනිවාර්රෙංම සපෝට් එක දෙනවා..
    ජයවේවා රාජ් අයියේ!!!!!

    ReplyDelete
  5. හොඳ තත්වයේ තියෙන පරණ නවකතා,කෙටිකතා බාර ගනීද?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම...

      Delete
    2. පාසැල් ලමුන්ට දෙන්ඩ හොඳයි කියල හිතෙන ඔන පොතක්

      Delete
  6. අවුලක් නෑ කිව්වම මට මතක් වුනේ වෙන කතාවක්. ඒක පස්සෙ කියන්නම්.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. හරි හරි හැබැ ඉක්මනටම ලියන්න Dude

      Delete
  7. හොද කවිකාරයෙක් නෙව.... // පරණ කෙල්ල දාලා ගියෙත් හැමවෙලේම මෙකෙ කියලා//. දැන් වුනත් වෙනසක් නෑ මං හිතන්නේ. සුබපැතුම් ඈ... ජය...

    ReplyDelete
  8. කවිටික මරු...
    …පුලුවන් සුප් එකක් දෙන්න බලන්නම්...අවුල මම තවම පොඩි එකානෙ....

    ReplyDelete
    Replies
    1. එළ පුංචි උනත් ගම්මිරිස් ඇටේ හරි සැරයි නේව

      Delete
  9. බලමු එන්න ලැබුනොත් අනිව දෙනව.

    ReplyDelete
    Replies
    1. රාජ් එන්න බැරි වුනත් අර account නම්බර් එකට මුදලක් දැම්මොත් හරි නේ.. ?

      අවම මුදල කීයක් වගේද දාන්න ඕනේ කියපං මචං..

      Delete
    2. එහේම සිමාවක් නෑ බං පොතක් ගන්න පුලුවන් ඔනම ගානක් දාපං

      Delete
  10. කවි හිත එල, පුළුවන් සපෝර්ට් එකක් දෙන්නම්

    ReplyDelete
  11. ලියන්න ඕන ඒව තිබුනත් වෙලාව මචං ප්‍රශ්ණෙ..!
    නගරෙන් අපි දුරනෙ..!
    බලමු පස්සෙවත් සම්භන්ධ වෙන්න.

    ReplyDelete
    Replies
    1. උඹලා ඉන්නේ සුන්දර පලාතකනේ මචං

      Delete
  12. දිගටම ලියන්න...
    හිට් බලාන ලියන්න එපා..

    ReplyDelete
    Replies
    1. අයියා හරි මමත් ඔය පාරේ....

      Delete
  13. අනිවා සපෝට් දෙනවා
    කවි නම් එල

    ReplyDelete
  14. පට්ට ඈ...ඕනි සප් එකක්....

    ReplyDelete
  15. නියමයි..:)
    කොහොමද පොත් බාර දෙන්න පුළුවන්..??

    ReplyDelete
    Replies
    1. ස්තුතී අර ලින්ක් එකේ තියෙන පොස්ටුවේ ඔනම නොම්මරෙකට කතා කරන්න නැත්තං 0773002262 මට කතා කරන්න කෝ

      Delete
  16. මම 1 නම් නෙවෙයි :P
    නියම කවි ටික. අපිත් ඉන්නවා සපෝට් එකට

    ReplyDelete
    Replies
    1. අනිවා දන්නව මචං ජය

      Delete
  17. අනේ වාසනාවන්... තව ඉදිරියටම යන්න ලැබේවා !

    ReplyDelete
  18. බ්ලොග් ලෝකේ සාමාන්‍ය සිද්දිය ලියනවා කියල මොනවා ලියන්නද?

    ReplyDelete
  19. මාත් ආපු අළුතම හිතට දැනුන දෙයක් තමයි ඉතින් මේ කවියෙන් ලියලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. අනිවා දිනෙෂ් මල්ලි...

      Delete
  20. නියමයි.ජය හ්ම්ම් :)

    ReplyDelete
  21. කවියක්ද කතාවක්ද බං :ඩී

    ReplyDelete
    Replies
    1. ඔය දෙකම නෙමෙද කොහේද බං

      Delete
  22. ප්‍රදර්ශනෙන්ම පොත් අරගෙන දෙන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රදර්ශනෙන් අරගෙන දුනත් කමක් නෑ ඉස්කොලේ ලමයින්ට කියවන්න සුදුසු ඔනම පොතක්

      Delete
  23. ශාහ්හ්හ්හ්හ්හ්හ්හ්... අයියා කවි ලියනවානෙ.. මරු!!

    ReplyDelete
    Replies
    1. අපොයි තාම අත්හදා බලනව නංගියේ

      Delete
  24. අනිවා මචෝ...ලබන සතියේ දිහා මං එනවා උඹව හම්බෙන්න.....

    ReplyDelete
    Replies
    1. ඔන වෙලාවක වරෙන් කොල් එකක් දිපං මචං 0773002262

      Delete
  25. ලියන්න ඕනේ විදිහට, වදින්න ඕනේ තැනට වදින්නම සුපිරියට ලියල තියනවා. පට්ට කවි සෙට් එක

    ReplyDelete
    Replies
    1. හික්ස් ස්තුතී ලොක්කා

      Delete
  26. ම්ම්ම්ම් මරු කවි ටික...ලස්සනයි..

    ReplyDelete
  27. එකෙන් ම දෙනවා සපෝර්ට් එක අපි!

    ReplyDelete
  28. ලියන්නට දිරි දෙන්න
    බලන අය වැඩි වෙන්න
    ලැබෙනවානම් කමෙන්ට්
    හිතෙනවා තව තව ලියන්න

    ප්‍රදර්ශනේ පසුවෙලා
    නේද යන්නේ සිසු බලා
    ගන්න එතන පොරකාලා
    ඉන්නේ මං මග බලා

    අකුරු කරනා දරුවනට
    දුනහොත් පොත්-පත් යසට
    අත් වෙයිනෙ පිං හොඳට
    මතු ලැබෙයි ශිල්පෙ ඔබට

    ReplyDelete
    Replies
    1. එවු ඔබේ තුති කුසුම්
      පිළිගනිමි හිස නමා
      අනාගත පරපුරේ...
      නෙත් පහන් දල්වන්ට
      පිදු ඔබේ ශක්තියට
      හදවතින් තුති පුදමි..!!!

      Delete
  29. මමත් කාලයක් ලිව්වා හිට්, කමෙන්ට් බලාගෙන ඒත් මම අන්තිමට තේරුම්ගත්ත දේ තමයි අපි ලියන දේ කවදාහරි වැදගත් වෙන කෙනෙක් මේ ලෝකේ කොහේ හරි ඉන්නවා කියන එක. මටත් එහෙම කරකියා ගන්න බැරුව යම් යම් ගැටළු වල හිරවෙලා ඉන්නකොට උදව් ගත්ත බ්ලොග් තියෙනවා එහෙම උදව් ගත්ත සමහර බ්ලොග් වල තිබුන දේවල් නෙට් එකේ වෙන කිසිම තැනක හොයාගන්න බැරි තරම් වැදගත් දේවල්..උදාහරණයක් කිව්වොත් ලගදි දවසක මගේ GPS එකේ පොඩි සෙටිංස් ප්‍රශනෙක් හින්දා මම මුළු නෙට් එකම අනිත් පැත්ත පෙරලලා බැලුවත් මට විසදුමක් හොයාගන්න බැරි උනා..බැරිම තැන මම ගාමින් සමාගමටත් ලිව්වා..ඒකේ හිටපු විශේෂඥයත් හොල්මන් මම කියපු දේ අහලා..මිනිහත් තේරුනේ නැති ගානට වැඩේ මගහැරියා..ඔය අතරේ තවදුරටත් හොයද්දි හම්බුනා බ්ලොග් එකක් ඒත් ඒක බලන්න 10 දෙනෙක් වත් ඇවිත් තිබ්බේ නැති තරම්..ලියපු කෙනා එක පෝස්ට් එකෙන්ම ලිවිල්ල නවත්තලා..හැබැයි ඒ එක පෝස්ට් එකෙන් මගේ ගැටළුව 100% විසදුනා..පොත් පරිත්‍යාග කරන වැඩේ නම් සෑහෙන වටින කාලින අවශ්‍යතාවයක්..පුලුවන් විදිහට උදව් කරන්නම්...

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...