Monday, August 13, 2012

බිංදු 9



8 වන දිගහැරුම


"ගන්ඩ සැර්...ගන්ඩ මෙව්වා මම කොළඹ ගොහින් එනකොට ගෙනාපුවා...හොඳ බඩු...."

  මිකිරියාය පොලිස් වසමේ උප පොලිස් පරික්ෂක වරයකු වූ ජිනදාස, සුරාවට ලොල්වුවෙකි. රාජකාරියෙන් බැහැරවූ බොහෝ අවස්ථාවල සුරාවෙන් මත්විම ඔහුගේ දිනචරියාවේ සුපුරුදු අංගයකි.ජෙමිස් මුදලාලි නිතියේ රැහැන් අතරින් රිංගා තම කටයුතු සිදුකර ගැනිමට යොදාගන්නා සුපුරුදු ඉත්තා ජිනදාසය.ජිනදාසගේ සියලු ඔනෑ එපාකම් වලට කිසිදු පැකිලිමකින් තොරව මුදලාලි තම ධනය යොදවන්නේ ඒ නිසාමය.

    " මුදලාලි අර වයසක උන්දැ හිනේකින්වත් හිතන්ට නෑ මං උන්දැට කතාකරපු විදිහට ඔය කොලුව උස්සං ආවේ මුදලාලිගේ ඔනැකමකට කියලා. මුදලාලී............ මේවැඩේ ලේසි වෙන්නෑ අර අවලම් බල්ලො යකා නටන්ඩ පටන්ගත්තේ නැත්තං හුක් දේශප්‍රෙමි පර හැත්ත...දැන් ඉතින් කිසිකෙනෙක් සැක හිතන්නෑ මුදලාලිගේ ඔනෑ කමටයි කොලුව ඉස්සුවේ කියලා හේක්...හේක් "
 විදුරු කට පිරෙන්නට මත්පැන් වත්කොටගත් උප පොලිස් පරක්ෂක කෑදර කමින් එක හුස්මට විදුරුව හිස්කලේය..

 " හැක් මුදලාලී...ඒ ගැනි හරි හැඩ එකී නේව. දන් ඉතින් මුදලාලිගේ අතේයි ඉතුරු හරිය අපේ යුතුකං අපි කොරල තියෙන්නේ හරි...."

කලිසං සාක්කුවෙන් ලෙන්සුවක් අතට ගත් ජිනදාස දහදියෙන් පිරි මුහුන පිසදා ගත්තේය.


"අයියො සැර් මං එක දන්නවනේව සැර්ට දෙයක් කිව්ව්වොත් ආයි එකේ දෙකක් නෑ කියලා..."

අරක්කු ස්වල්පයක් සහ වැඩිපුර පැණි බීම තම විදුරුවට එක්කරගනිමින් ජෙමිස් මුදලාලි දෙඩමළු විය.

" හේක්..හේක් එහේනං ඔං අපි ගියා මුදලාලී....."

බමන මතින් පැමින තම මොටොසයිකලය පනගැන්වූ උප පොලිස් පරික්ෂක තැන අන්දකාරය පරයමින් රථය පැදවිය.

----------------------------------------------

බිම්කරුවල මැකෙන්නට මත්තෙන් ගෙදරින් පිටවු සියදොරිස් පොලිසිය පිහිටි භූමියට ඇතුලු වන විටත් තලතුනා වයසේ ගැමියන් කිහිප දෙනකුම තැනින් තැන රැස්වි රහස් කතිකාවන් හි නියුක්තව සිටියොය. අවට පරිසරයේ සිදුවන දෑ කිසිවක් නොතැකු සියදොරිස් එක එල්ලේම විමසීම් කවුළුව වෙතට පිවිසියේය.

" රාලහාමි මගේ මුනුපුරාව එක්කන යන්ට මං ආවේ..."

" මොකක් මුනුපුරාව එක්කං යන්ට.... ඇයි මෙක මොන්ටි සොරියක් කියලා හිතුවද..? කියනව බලන්ට කාරනාව.."

සියදොරිස්ගේ සර්වාංගයම සලිතවී ගියේය..වත පුරා විසිරි තිබු දහඩිය බිඳු උරෙහි වු සාලුවෙන් පිසදාගත් සියදොරිස් දොඩමළුවිය...

" අනේ රාලහාමි ඊයේ හැන්දැකොරේ කට උත්තරයක් ගන්ටය කියාල කොලුවව පොලිසියෙන් ඇන්න ආවනේව.."

" හේම්..ලොකු උනැහේ මොකද්ද පුතාගේ නම..."

" බි...බිංදු..."

" බිංදු...එහේම කෙනෙක් මෙහාට ගෙනල්ලා නෑ ලොකු උන්නැහේ..එහේම ගෙනාවනං මේ පොතේ සටහන් වෙනවා...."

උගුර කට වියැලි පපුව හිරවෙන්නාක් මෙන් සියදොරිස්ට දැනෙන්නට විය...තම සැමියා නැතිවූ උනුසුම මැකෙන්නට මත්තෙන් ලේලියට…. මුනුපුරාද අතුරුදන්ව ඇති බවක් කෙසේ නම් කියන්දෝයි සියදොරිස්ට සිතාගත නොහැකි විය.

" අනේ මහත්තයෝ එහේම කියල හරි යනවැයි...මට ලොකු මහත්තයා මුනගැහෙන්ට ඔනෑ එහේඥං..."

" මොකක්...මෙහේට එන හැමොටම ලොකු මහත්තයා මුනගැහෙන්ට දුන්නොත් හොඳට හිටි. තමුසේ ඒපාර  මගේ රස්සාවත් නැති කොරන්ටද හදන්නේ....? "

විමසිම් කුටියේ සිටි පොලිස් නිලධාරියා දැඩි හඬින් සියදොරිස්ට කඩාපැන්නේය.

"අනේ මහත්තයෝ මගේ වයස ගැනවත් හිතාල උදව්වක් කොරන්ටකෝ. කොලුවගේ අම්මා පපුව පැලිලා මැරෙවී මං පයිංඩයක් නොගෙනිච්චොතිං..."

මෙතෙක් වෙලා කැමොර දුන් පොලිස් නිලදරුවා වයසක මනුස්සයා දෙස නිසොල්මන්ව බලා සිටියේය. සමහරවිට තම මහලු දෙමාපියන් ඔහුගේ මතකයට නැගෙන්නට ඇත..

" පොඩ්ඩක් ඉන්නව බලන්ඩ ..."

හිඳසිටි අසුනෙන් නැගි සිටි නිලධාරියා කඩිනමින් ගෘහ අභ‍යන්තරයට ඇතුලුවිය.

දහසක් බලාපොරොත්තු පිරි දැසින් පොලිසීය අභ්‍යන්තරය වෙත බැලුම් හෙලමින් සිටි සියදොරිස්ගේ සිතට සහනයක් දනවමින් නික්මගිය නිලධාරියා නැවත පැමිනියේය...

" අන්න ලොකු උන්නැහේ තමුන්ට ලොකු මහත්තයා කතාකලා...තමුන්ගේ වෙලාව හොඳයි..හේම් දැන්ම යනවා...........ආ..මේ.. අපි ගැනත් මතක තියාගන්නව හරිද...."

පොලිසියේ උසස් නිලධාරියාගේ කුටිය අසලට පැමිණි සියදොරිස්, අඩ කවාකාර දොර කවුළුවට උඩින් කුටිය අභ්‍යන්තරය දෙස...නිරුත්තරව බලා සිටියේය.

"ම්..එන්ඩ ඇතුලට..."

ක්ෂණයෙන් කුටිය අභ්‍යන්තරයට ඇතුළුවූ සියදොරිස් නිලධාරියාගේ ලියන මෙසය අබියස සිටගත්තේය.

මෙතෙක් තම අවධානය යොමුකොට සිටි ලොග් පොතෙන් ඇස ඉවතටගත් නිලධාරියා තමා අබියස සිටගෙන සිටි වයොවෘධ මිනිසා දෙසට නෙත් හෙලීය

" මොකද මුන්නැහේ මාවම මුනගැහෙන්ට ඔනෑය කියලා අපේ රාලහාමිට කරදර කලාය කියන්නේ...ම්"

" අනේ නෑ ලොකු මහත්තයෝ මං මිකිරි යායේ ඉඳලා එන්නේ, ඊයේ හවාහ මගේ මුනුපුරාව පොලිසියෙන් ඇන්න ආව කට උත්තරයක් ගන්ටය කියාලා. උදෙට ඒකාව එක්කාන යන්ට මටත් එන්ටය කිව්වා ඇවිත් බලාපුවාම එකා මෙහේ නෑ කියනවනේ මහත්තයෝ.....අපේ ලොකු හාමුදුරුවො මට කීවා මොනාහරි කරදරයක් උනොත් ඔබතුමාව මුන ගැහිලා කියන්ටය කියාලා...එකයි මං රාලහාමිට කිවේ..මහත්තයෝ...."

දෙබස අවසන්කරන්නට මත්තෙන් සියදොරිස්ගේ හඬ ඉකි බිඳුමක් බවට පෙරලින...

"ම්...මිකිරියායේ රතනසාර නායක හාමුදුරුවො,...උන්නාන්සේව මං හොඳට අඳුනනවා නේව, ඇරත් ලොකු උන්නාන්සේ ඊයේ රාත්‍රියේ මට ඔය ගැන කතාකලා...ලමයා වැරැද්දක් කොරලා නැත්නම් බයවෙන්ට දෙයක් නෑ...ලොකු උනැහේ පැමිණිලි පොතේ පැමිනිල්ලක් ලියලා යන්ටකෝ...."

"හොඳමයි ලොකු මහත්තයෝ....."

මම ලොකු උන්නාන්සෙට කතා කොරඥං ම්...අපි මුනුපුරාව හොයාගන්ට බලමුකෝ ලොකු උන්නැහේ...."


අවසාන කොටසින් යලි හමුවෙමු...


ප/ලි






47 comments:

  1. කොහෙ හරි කෑල්ලක් මිස් වෙලා මට :S , කතාව කොයිල් :S , ආයෙ මුල ඉදන් කියවන්න වෙනවා :D

    ReplyDelete
  2. අනේ බිංදු !
    කල දුටු කළ වල ඉහ ගන්න වලත්තයොත් ගම්වල ඉන්නව තමා. වැඩේ තියෙන්නෙ උන්ගෙ පවටමද කොහේද ඇති හැකි කම් බලපුළුවන්කාරකම් තියෙන්නෙත් උන්ටමයි.

    ReplyDelete
    Replies
    1. එකනම් එහේම තමයි සහෝ....

      Delete
  3. එදා තිබූ කතා දහස් ගණනකින් එක් කතාවක්....."බිංදු"

    ReplyDelete
    Replies
    1. සුමිත් අයියට මේව්වා අරුම යක් නොවෙයි නේ

      Delete
  4. මේ කොටසයි ඉස්සර වෙලාම බැලුවෙ... අනිත් කොටස් ටිකත් බලන්න ඕන... මට හීල්ලුනා කියවලා... මේ වගේ කතා කී සීයකට අපි ඇත්තටම මුහුණ දුන්නද... තාමත් කියවනකොට ඇඟ හිරිවැටිලා යනවා.....

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත අක්කේ මම උත්සහකලේ තාරුණ්‍යට යම් පනිවිඩයක් ගෙනියන්ට

      Delete
  5. මෙහෙම දේවලුත් වෙලා තියෙනවා නේද..?? :(

    ReplyDelete
  6. හ්ම්... අසුභවාදී අවසානයක්ද??

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉවසන්න බලමු ඉදිරිය

      Delete
  7. බිංදුවව පොලීසියට ගෙනැල්ලා නැද්ද...කඩේ මුදලාලියගේ ප්ලෑන බිංදුවට කරදරයක් කරයිද.....කවද්ද ඉතිරිය දාන්නේ මචෝ......

    ReplyDelete
    Replies
    1. ලබන සතිය වෙනකං පොඩි චාන්ස් එකක් දියන්

      Delete
  8. කොල්ලට මොකද වුනේ..? ඒකා අතුරුදන්ද? අවෙයිටිං...ජය..!

    ReplyDelete
    Replies
    1. ඉවසපං පපුව තව පොඩියක් ඉගාව එකෙන් ඔක්කොම විසඳෙයි

      Delete
  9. අපේ ජීවිතවල හොඳම කාලේ නැති කරපු කාලෙ කතාවක්!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඔබ තුමා හරි ඒ වගේම බොහෝ අත්දැකීම් ඇති නේව...

      Delete
  10. අනේ මන්ද සහෝ ..
    අවසාන කොටස ඉක්මනින්ම දෙන්න මොකද මට අමතක වෙනවා ඉක්මනටම ..:)

    ReplyDelete
  11. කතාව ලස්සනට ලියලා....

    ReplyDelete
    Replies
    1. ස්තුතී සහෝ කතාව එක්ක දිගටම හිටියට

      Delete
  12. අඩේ මුල ටික කියෙව්වේ නෑද මන්දා මංඥං වගේ..
    අනිත් ටිකත් කියවලම බලමු..

    ReplyDelete
  13. එහෙනං කොල්ලව අල්ලන් ගිය හේතුව අරකයි.. බලමුකෝ..

    ReplyDelete
  14. මචං කතාව යටින් පරන කතන්දර සෙට් එකේ ලිංක් ටික දාපං.

    මිස්වුන එක හොයා ගන්න ලේසී !

    ReplyDelete
  15. අරක්කු ස්වල්පයක් සහ වැඩිපුර පැණි බීම තම විදුරුවට එක්කරගනිමින් ජෙමිස් මුදලාලි දෙඩමළු විය.
    හැම මුදලාලියම ඔහොම තමා

    සෑම් කියපු ලින්ක් ටික දාන වැඩේ වටිනවා කැමති නං කරන්න

    ReplyDelete
    Replies
    1. මුදලාලි කියන්නේ එකනේ මචං

      Delete
  16. මේ කතාව මම කියවල නෑනේ... ලින්ක් දාන එක ගොඩක් හොඳයි....

    ReplyDelete
    Replies
    1. එහේනම් කියවන්න කෝ

      Delete
  17. ඔන්න පරණ කොටස් ටිකත් කියෙව්වා.. ඉදිරිපත් කිරීම ඉතා අගෙයි මිත්‍රයා..

    ReplyDelete
  18. කථාව ඉතාම ලස්සනයි... හැබෑටම බිංදු මොනා හරි සංවිධානෙකට වත් පැටලිලා ඉදලද ?

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් කතාව ඇතුලට එබිලා බලපන් මචං

      Delete
  19. අනිත් කතා ටිකත් කියවන්නටම වෙනවා නැත්තම් රුවිතෙට ගිහින් වගේ.

    ReplyDelete
    Replies
    1. කියවල වරෙන් මචං

      Delete
  20. මචං පොඩ්ඩක් පැටලිලි සහගතයි. මොකද මෙච්චර දෙයක් වෙලා කොහොමද ලබන සතියේ කතාව ඉවර කරන්නේ. මට මතක නැහැ කඩේ මුදලාලි බිංදුත් එක්ක තියෙන ප්‍රශ්නේ ගැන.

    ReplyDelete
    Replies
    1. බිංදුත් එක්ක නෙමේ බිංදුගේ අම්මත් එක්කයි ප්‍රෂ්ණේ පොඩ්ඩක් කතාව ඇතුලට එබිලා බලපන් මචං

      Delete
    2. මතකයි කොටස් සියල්ල කලින් කියෙවුවා. ඒත් එතැනදී එක සැරේම මතක වුනේ නැහැ මොකක්ද හේතුව කියල.

      Delete
    3. ස්තුතී මචන් මාගේ වචන වෙනුවෙන් උඹේ වෙලාව කැපකලාට

      Delete
  21. අපොයි....බිංදුවාට..මොනවද උනේ..?
    ඉතිරිය ඉක්මනට දාන්ඩ.......!!!

    ReplyDelete
    Replies
    1. ඉක්මනට දාන්නම් ස්තුතී කියෙව්වට

      Delete
  22. අය්යෝ මටත් එකක් මිස් වෙලා :/ ආයේ කියවපන්කෝ .. එල එල

    ReplyDelete
  23. අයියාට කතාව එපා වෙලා ද මන්දා ඉවර කරන්න හදන්නෙ?

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...