Monday, July 2, 2012

ඔට්ටුයි බැරුවට බොලේ කලු කොරන්ට………..



  මෙයින් සියවස් කිහිපයකට පෙර ලොකය අදට වඩා නිල්පාටට තිබුනා කියල තමයි අපේ කිරි අත්තා නම් කියන්නේ.ඉන්දුනිම්න මෙසපොතෙමියානු මොහෙන්දජාරෝ වගේ දියුනු ශිෂ්ඨාචාර ආසියාව පුරා පැතිරිලා තිබුන බව ඉස්සර ඉස්කොලේ යන කාලේ අපේ සාමාජ අධ්‍යනය ඉතිහාසේ උගන්නපු සර් කියල දුන් හැටි යන්තමට වගේ මතකයි

   ඔන්න ඔහොම දින වක වානු ගෙවොගෙන යන කොට ලොකේ බටහිරට වෙන්ට කාර්මික විප්ලවය කියල එකක් ඇතිවෙලා නේව. බටහිර ඇත්තෝ අර විදිහේ එක එක වික්‍රම  සිද්ද කොරාගෙන යන අල්ලපනල්ලේ අච්චර දියුනු යුග පහු කොරාගෙන ආපු ආසියාතිකරේ ඈයො තමන්ගේ මුතුන් මිත්තො කරපුව කියපුව ගැන පම්පොරි ගැහුව මිසක්කා අනාගත සුබසිද්දියට කොරපු බක්කක් නෑලු.

   අරුම පුදුම එක එක එව්වා හදාගත්තට පස්සේ බටහිර ඇත්තන්ට ඔනැ උනා බොලයක් වුන ලොකේ වටේ සවාරි ගහන්ට. ඒවිතරක් නම් මදැ ඔහොම   සක්කොලන් ගහන කොට අහුවෙච්චි අහුවෙච්චි ගොඩබිම් කෑලි තමන්ගේ කොරාගන්ටත් මේ ඇත්තො අමතක කොලේ නෑලු අයිබොවන්ඩ. අන්තිමට ආසියාතිකරේ හිටපු ගොඩක් දෙනාට සිද්ද උනා ලූ තමන්ගේ රටවල් පර දෙසක්කරෙන් ආපු ඈයන්ට දන්දිලා උන්දැලටම දතනියවන්ට.

  අර කීව බටහිර ඇත්තෝ ආසියාකරේ ගොඩබිම් කැලි තමන්ගේ කොරගෙන නිකාටියේ නෑලූ, මුලින්ම කොලේ ආසියාකරෙ මුල් අයිතිකාරයන් අතර ජාතිබෙද වපුරවලා ඔවුන්ට ආදිකාලේ ශක්තියක් වෙලා තිබ්බ සමගිය නැතිකොරන එකයිලූ. පස්සෙන් පහු අර ශක්තිමත් පදනමක් වැටිලා තිබිච්චි ශිෂ්ඨාචාරයේ දැනුම හොරෙන්ම තමන්ගේ දෙශයට අරගෙන ගියාලූ නේව.. ඔය හොරෙන් කිව්වට කීප පොලක්ම දැනගෙන හිටියාලූ මේ වැඩේ නමුත් ඒ දැනගෙන හිටිය ඈයන්ව පරදේශක්කාර උන්දැල දැපනේ දාගෙන හිටිය නිසා වෙච්චි අකටයුතු කම්වලට විරුද්ධ වෙන්ට කවුරුත් උනන්දු උනේ නෑලූ.

   කොරමෙන් කොරමෙන් ඔය බටහිර උන්දල බලයෙන් දනයෙන් ශක්තිමත් වෙලා,  අන්තිමට එයාල ආසියා කරේ අත හැරල යනකොට ඉතුරු කොරල ගිය බොහොමයක් දේවල් හරියට අර... ගොයන් කැපුවට පස්සේ ඉතිරි වෙච්චි ඉපනැල්ල වගේලූ,  මොකැ බැලුවම ඈතට හරි ලස්සනයි හැබැ ලංවෙලා බැලුවොත් අහම්බෙන් ඉතිරිවෙච්චි වී කරලක් ඇරෙන්ට අනිත් ඔක්කොම පිදුරු නොවැ ඒකයි.   

     ඔය බටහිර ඇත්තො සෙල්ලම් කොරන්ට හරිම කැමතී ලූ නෙව.  ඒයාලගේ අලූත්ම සෙල්ලම තමාලූ ඔං අපි කලුකොරඥං ඔයාල නිල්පාට කොරන්ට කියන සෙල්ලම. බටහිර ඇත්තො නිල්පාට ගොලේ කලුපාට කොරන්ට හරිම දස්සයි කියනව නේව.. ඉතින් උන්දැල කරන්නේ පුලුවන් තරම් කලු කොරන එකලූ... එහේව් කොරල රජ සැප විඳින්ටත් ඒයාල පසුබට වෙන්නේ නෑ කියනව නෙව. නමුත් ආසියාකරේ ඇයන්ට රජ සැප විඳින්ට අකැපයිලූ,  හැබෑ බොලේ පුලුවන් තරං නිල්පාට කොරන්ට වැඩ කොරන එක තමාලූ ඒයාලගේ රාජකාරිය.


අන්තෝ ජටා බහිජටා කිව්ව.................ලූ 


51 comments:

  1. අපිත් කලු කරමු..?

    ReplyDelete
    Replies
    1. ඔවු ඇයි උන්ට විතරැ පුලුවං...

      Delete
  2. කොහොම වුනත් අපි අතීතය ගැන කතා කරනවා අපිට හොද දියුණු අතීතයක් තිබුණා ඒවා හරියට චක්‍රයක් වගේ අපිට කලින් දියුණු ශිෂ්ටාචාර තිබුනේ ඊජිප්තුව මිසරය බබිලොනියව
    වගේ රට වලට එට කලින් මොහොන්දරජෝ හරප්පා ශිෂ්ටාචාරය එට පස්සේ ඕක රෝමය පැත්තටත් ආසියාව පැත්තටත් හැරෙනවා ඒ වන විට මුලින් තිබුණු දියුණු ශිෂ්ටාචාර බිඳ වෙටෙනවා ...
    ආසියාතික ශිටචර බිද වෙටෙනකොට යුර්පපයේ නැගීම සිදු වෙනවා ......... මේ ශිෂ්ටාචාරයත් බිද වෙටෙන්න ලගයි කියලයි මට නම් හිතෙන්නේ මන් කොච්ච්චර හරිද කියල නම් දැන් නැ

    ReplyDelete
    Replies
    1. හොඳ පිවිසුමක් මචං බලමු අනිත් අයගෙත් අදහස්...

      Delete
  3. ඕනේම දෙයක නැගීමක් හා බැසීමක් තියනවා. මේක තමා සම්පූර්ණ ඇත්ත. දැන් ආපහු ආසියාව නැගී එන කාලය හා බටහිර රටවල බිඳ වැටීමේ යුගය ආරම්භවෙලා. හැබැයි මේ ක්‍රියාවලිය සිදුවෙන්නේ ඉතා හෙමින්. :)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි කියන කතාව හරි..කොහොමත් අපිට වඩා බටහිර ගැන හොඳ අවබොදයක් පොඩ්ඩිට තියෙනව නේව

      Delete
  4. සහතික ඇත්ත අපේ එවුන් හැමදාම කළේ අපිට කලින් පරම්පරා වල මිනිස්සු කරපු දේවල් ගැන ආඩම්බර වේවි හිටියා මිසක් ඉස්සරහට දෙයක් කළේ නෑ.ඒ අතරේ අපේ ජාතියට කෙලවන්න වෙන එවුන්ට කත් ඇද්ද එවුනුත් හිටියා.

    ReplyDelete
  5. හ්ම් ..... මොකද රාජ්ට එකපාර බෝල කලු කරන එකක් මතක් වුනේ.

    ඕක ටිකක් සංකීර්ණ මෙව්ව එකක් රාජ්. ඒ නිසා වැඩි දුර යන්න ඕන නෑ. ඔය යුරෝපීය අධිරාජ්‍යවාදය නිසා අපිට ලැබුණු තව ප්‍රධාන දෙයක් තමයි මානසික වහල්භාවය. නිදහසින් දශක ගණනාවකට පස්සෙත් කොච්චර නෑ කිව්වත් හිටී ගමන් ඒක මතුවෙනව. අනික අපේ දැනුම අරන් ගියේ එදා විතරක් නෙවෙයි. අදත් ඒක වෙන වෙන විදිවලට ක්‍රියාත්මක වෙනව. පොඩි උදාහරණයක් කියන්නම්, හිතන්න අපේ කෙනෙක් නව නිර්මාණයක් කරනව. ඒත් අපේ ආණ්ඩුව තියා රටේ මිනිස්සුවත් ඒ මනුස්සයවත් ඒ නිර්මාණෙවත් පිළිගන්නෙ නෑ. ඔක්කොම හිතන්නෙ අළුත් සොයා ගැනීම් කරන්නෙ, හොඳ විද්‍යාඥයො ඉන්නෙ යුරෝපෙ නැත්නම් ඇමරිකාවෙ විතරයි කියල. (මානසික වහල්භාවය) අන්තිමට ඔය රටක් හොර රහසෙම අර මනුස්සයගෙන් ඒ තාක්‍ෂණය සල්ලිවලට ගන්නව. ඊට පස්සෙ ඒක ටිකක් දියුණු කරල උන්ගෙ වගේ එළියට දානව. අපේ දේශපාළුවො විශාල මිලක් ගෙවල ඊට පස්සෙ ඒව රටට ගේනව.
    ඒ නැතත් දේශපාලනික කරුණුවලදි නම් ඔය වහල්භාවය හොඳට කැපිල පේනව.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය මානසික වහල්භාවය නිසා නොවෙන්නම් අපි තාමත් බොලේ නිල් කොරන්ට දඟලන්නෙත් උන්දැල ඇතිවෙනකම් බොලේ කලු කොර කොර රජසැප විඳින්නෙත්...සහෝ

      Delete
  6. මට නම් හොදින් තේරෙනවා ඔබ කියන දේ. ඇත්ත අපි තමයි අඩුම කාබන් ප්‍රතිශතයක් වාතයට මුදා හරින්නේ. ඒත් පරිසර දුෂනය වැඩිත් මේ වගේ රටවල. ඒ නිසා ඕසෝන් ස්ථරය දරුණු විදියට අපේ රටවල් ඉදිරියේදී නරක ප්‍රතිඵල බොහෝමයකට මුහුන දෙයි. ඒ වගේම කැනඩාව වගේ රටවලුත්, නවසීලන්තයත් දැන් දරුණු ඉරනමක් ඉදිරියේ ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. හරියට හරි වෙද මහත්තයෝ අතීතයේ කරුනු වර්ථමානයට වෙනස් වෙලා අනාගතේ විපිරියාසේ අතලඟයි නේද...තමන්ගේ වැරදි වහගන්ට දැන් බටහිර ඇත්තො තවත් දහං ගැටයක් අටවන්න නොවැ ඔය මාන බලන්නේ

      Delete
  7. කලු කරපුදෙන්.... අපි කොහොම හරි ඉදිරියට එමු...

    ReplyDelete
    Replies
    1. ම් ඉදිරියට යන්නට ඔන නමුත් මුන්ගේ ගැටවලට අහු නොවී හැබැ රට කොරන ඇත්තොයි ආසියාකරේ බලවත් උන්නැහැලයි එකමුතු නොවුනොත් නඩුව පරාදයි

      Delete
  8. කොහොමින් කොහොම හරි ඉක්මනටම බෝලෙ කළු වෙයි වගේ.. දැන් දැන් ආසියාවෙ උන්දැලත් හරි ඉක්මනට පිබිදීගෙන එනවනේ...

    ReplyDelete
    Replies
    1. බලමුද මොකැ වෙන්නේ කියලා

      Delete
  9. මීවනපලානෙ රාජපක්ස මහත්තය මෙතෙන්ට ආවනං හොඳවැයින් ටිකක් අහගන්න තිබුන.

    ReplyDelete
    Replies
    1. ෂ් කෑ ගහන්ට එපා සහෝ...ඇහුනොත් එහේම..:)

      Delete
  10. දෙගොල්ලෝම කලු කලොත් අන්තිමට මකබෑ වෙලාම යාවි

    ReplyDelete
    Replies
    1. හරියට හරි...හැබැ මෙහේ උදවිය විතරක් නිල් කොලාටත් හරියන්නැ නෙව

      Delete
  11. ආසියාවෙනම් නිල් කිරිල්ල බොහොම ජයට කෙරෙනවයි කියලයි ආරංචිය. විශේෂයෙන්ම වියට්නාමයේ,චීනයේ...ලංකාවෙත් නරකම නැහැල්ලු.

    ReplyDelete
    Replies
    1. ඇයි තායිලන්තයේ බැංකොක් පැත්තේ...ඒ වගේම හොංකොන් පැත්ත දැනටමත් ප්‍රතිඵල ලබමින් ඉන්නේ

      Delete
  12. ආසියාකරේ විතරක් නෙවෙයි බටහිර ඇත්තො අල්ලා ගත්තෙ. සියලුම මහාද්වීප. දැන් ඔය දකුණු අමෙරිකාවෙත් තිබ්බා නේද රාජ් ඔය වගේම ශිෂ්ඨාචාර වගයක්? ඇන්ටාක්ටිකාවත් ඔය ඇත්තො බෙදාගෙන තියෙන්නෙ.

    අර මානසික වහල් භාවය නම් එහෙමම තමයි. අපි කියන ඒවා පිළිගන්න කැමති නෑ අපේ හම කලු හන්දා. ඒ දේම සුද්දෙක් ඇවිත් කිව්වාම, ආං හරි! නමුත් සුද්දා පිළිගන්නවා අපි හරි කියලා.

    ඔය Kyoto Protocol කියන අහවල් එක සමහර ලෝකෙට ලොක්කො පයිසෙකට මායිං නොකර නැගිටලා ගියා කියලත් කියන්නෙ.

    හැබැයි රාජො මෙහෙමත් එකක් තියෙනවා. ඕක හමේ පාටම නෙවෙයි. ලොකුම පරිසර දූශකයො පිලිවෙලින්, චීනය. එ.ජ., යුරෝපීය සංගමය, ඉන්දුනීසියාව, ඉන්දියාව, රුසියාව, බ්‍රසීලය, ජපානය, කැනඩාව, ශම මෙක්සිකෝවෙයි කියන්නෙ.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත හැබැ ඔය ලොකු ලොක්කෝ වැරැද්ද කොරල නිකා ඉන්නැ අත් පිහදාන ගමන් අනික් අයට කියනව නේව ඇදෙට යන්නැතුව කෙලිං යන්ට කියලා

      Delete
  13. අයියෝ කළු කරන්න එපා අෆ්ෆා නිල් පාට උනාමනේ ලස්සන.......

    ReplyDelete
    Replies
    1. හලියට හලි අෆ්ෆා...

      Delete
  14. මට බරපතල් වැඩි අයයෝ, මේ වගේ මාත්තුකා... :(

    ReplyDelete
    Replies
    1. අප්පේ මෙන්න අපේ පොඩි බබා ඇවිල්ලා....:)

      Delete
  15. අතීත ශ්‍රී විභූතිය ගැන ආඩම්බරයක් තමයි අපට ඉතුරු වෙලා තියෙන්නෙ. ලෝවාමහාපායේ ගල්කණු, යෝධ ඇලේ බැස්ම වගේ දේවල් කියකියා වංසෙ කබල් ගෑම නම් අඩුවක් නැතුව ම තියෙනවා!

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම සහෝ.......

      Delete
  16. එයාලා කළු කරලා ඒකෙත් වරද අපිට දාලා තව නිල් කොරන්නලු.. මෙවට ඉතින් මොනා කියන්නද?

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ මල්ලිට බටහිර පැත්තේ උන්නැහැල ගැන අපට වඩා හොඳ අවබොධයක් ඇතිනේව

      Delete
  17. වචනත් හ්අරි අකුරුත් හරි ගැලත් පෙනවා ඒත් මට මෙලෝ දෙයක් තේරුනේ නෑනේ :(

    ReplyDelete
    Replies
    1. ගොලිය උනුසුම වායු දුෂණය කාබණ් ධහනය ගැන මලයාට මොනවගේ අදහසක් ද තියෙන්නේ

      Delete
  18. දැන් ඉන්න අපිත් අපේ හතර වරිගේත් අපේ මුත්තෝ ගැන කයිවාරු පුරාජේරු ගහගහ ඉන්නේ නැතුව අනාගතේට වැඩදායි යමක් කමක් කරන්න බැලුවනම් හරි මගේ හිතේ.

    ReplyDelete
    Replies
    1. හරියට හරි සහෝ ඔන්න ඔය විදිහට සමාජය හිතන්ට ගත්තොතින් හේට සුබ වෙවී

      Delete
  19. මොනවා නම් පවසන්නද?

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජතුමාල ඔහොම කියල හරියන්නැ නේව ක්‍රියාත්මක වියයුතුයි ...

      නැත්නම් රාජ සම්පත් හබක් හික්ස්...ජය

      Delete
  20. අර පැත්තෙන් විනාස කරගෙන එද්දී අපි කරගහගෙන ඉන්නේ ආසියාව අත අරිය ගමන ඔක්කොම ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ඇයි උඹලට මතක නැද්ද අර පාඨලී තුමා පරිසර ඇමති වෙල ඉද්දි ලංකාව පරිසර හිතකාමී රටක්ය අපි පරිසරය සුරකිනවය කියල පරිසර දූෂණය කරන බලවත් රටවල්වලින් අපිට ගෙවීමක් නැත්නම් වන්දියක් ලබාගන්න උත්සාහකරනව කියල පත්තරවලට කියල තිබුණෙ. (වන්දිනම් මන්ද, අපේ ෆෝන් බිලටත් ටැක්ස් එකක් දාල තමා මිනිහ මාරු වුනේ.)

      Delete
    2. ඇත්තටම ඒ වන්දි ලබා ගැනිමේ වැඩපිලිවෙල ක්‍රියාත්මක උනානම් ලොකයට හොඳ පනිවිඩයක් යන්න තිබුනා නමුත් කටින් බතල හිටවන එක නොවැ වැඩේ

      Delete
  21. මට නම් හිතාගන්න බෑ අර කොරියන් කොන්ටේනරෙන් ගෙනල්ලා බාපු බඩු කන්දරාව හප්පේ කොම්පීතරම කොච්චරද ? ඒ මදිවට TV ෆ්‍රිජ් .....

    ReplyDelete
    Replies
    1. එහේම තමා ලොක්කා කුනු ගොඩවල් එන්නේ මේපැත්තට නොවැ...

      Delete
  22. කොහොමත් ඉතින් අපිට තියෙන්නේ පෞඩ ඉතිහාසයක් විතරයි.අනාගතයක් නෑ.

    ReplyDelete
    Replies
    1. හරියට හරි...හැබැ හිතුවොත් කෙරුවොත් ඔය පාඨය වෙනස් කොලහැකි

      Delete
  23. මමනම් හිතන්නේ උන් කළු කරන පලියට අපි කළු කරන්න ඕනෙ නෑ කියලයි. තමුන්නාන්සේ ඕක නිල් කොරන හැටි ගැන ඉගෙනගත්තා නෙව. අපි නිල් කරන්න උත්සාහ කරමු. එතකොට අපි රැකෙයි. කළු කරන අයට ඒවගේ විපාක ලැබෙයි...

    ReplyDelete
    Replies
    1. උඹ වගේ හිතන උන් එක්කහු උනොතින් අනිවා හොඳ වැඩක් කලහැකි..ජය

      Delete
  24. ඔබේ කථාව ඇත්තකි... මම එයට තරයේ එකග වෙමි... එහෙත් නැතිවූ සමගිය මෙන්ම සමෘද්ධිමත් අවධියද නැවතත් පෙරදිග රටවල් කරා පැමිණෙනු ඇත... බලලෝභී රටවල් අතුගෑවෙනු ඇත....

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...