Tuesday, June 19, 2012

බොනස් එක සපත්තුවේ......




   ක්‍රිස්ටි බැංකු සේවකයේකි..තම රාජකාරි කටයුතු ඉතා හොඳින් ඉටුකිරිමට මොහු කිසි විටෙකත් මැලිවූයේ නැත.රාජකාරි ස්ථානය මොහුට එකම රස ගුලාවකි. දහවල් කෑම පැයේ මොහු දොඩන කතාන්දර ඇසීමට ඇතැම් විට මැනේජර් මහතාද පැමිනේ.

  සවස රාජකාරි අවසන්වූ පසුද කන්තොරු මිතුරන් සමගින් තරමක් වේලා සල්ලාපයේ යෙදී සිටීම, මොහුගේ දින චරියාවේ එක් අංගයකි.

  සුපුරුදු ලේස මෙවරත් වාර්ෂීක බොනස් පත ක්‍රිස්ටි ගෙදර ගෙනාවේය.ක්‍රිස්ටි ක්‍රිස්තියානි බක්තිකයෙකි,මෙවර බොනස් පතෙන් නත්තල ඉහලින්ම සෑමරීමට ක්‍රිස්ටී අදිටන්කරගෙන සිටියේය.

   අර කොහේදො ලියවී තිබෙන්නාක් මෙන් ගැහැනුන් මුදල් දුටුවොත් නැති උවමනාද ඇතිවෙන බවක් ක්‍රිස්ටි විස්වාස කලේය. බිරිඳටද නොකියා ලද බොනස් පත පරණ සපත්තුවක් තුල සැඟවූයේ වැඩි පරිස්සමටය.

 මුදල් සඟවා දවස් කිහිපයක් ගතවිය...... නත්තල ලඟ එන බැවින්, ගෙදර අලංකාර කිරිමට  ක්‍රිස්ටිට උවමනාවිය,  පෙන්ට් බකට් ගැනිමට මූදල් උවමනා බැවින් තමා සැඟවූ බොනස් මුදල ගැනිමට ක්‍රිස්ටි පරණ සපත්තු රාක්කය වෙත ගියේය.

  තමුන් දැනටමත් පාවිච්චියට ගන්නා සපත්තු හැරෙන්නට පරණ සපත්තු කිසිවක් එහි නැත, ක්‍රිස්ටිහේ හඬ අවදිවූයේ ඉබෙටමය..


" නොනා........ කෝ....... මෙතැන තිබ්බ මගේ පරණ සපත්තු..."

" ආ ඊයේ පරණ බඩු එකතුකරන මිනිහේක් ආව මම ඒවා දිලා දැම්මා...ඒව්වා ගෙදර ගොඩගහල තිබ්බට වැඩක් තියෙනවයෑ.... ඒ මිනිහා අලුත් බේසමකුත් දිලා ගියා ඒවට හිලව්වෙන්ඩ..."

" අනේ උබේ බෙසම....@@##$%% ගෑනියේ මේපාර මුලු බොනස් එකම මගේ පරණ සපත්තු කුට්ටමේ...බං කොහේටද ඌ ගියේ..."

එදින මුලු දවසම, ඔහුගේ නිවස පිහිටි ප්‍රදේශය පුරා පරණ බඩු කාරයා සේවූවත් ක්‍රිස්ටිට බොනස් එකනම් නැවත ලැබුනේ නැත.

 නමුත් විස්තරය දැනගත් බැංකුවේ මිතුරන්,  මුදලක් එක්කාසුකර පසුව ඔහුට ලබාදී තිබින.    

  

69 comments:

  1. හික්ස් .. වක්කඩේ හකුරු හංගල ......

    ReplyDelete
    Replies
    1. අම්මපා ඔව් මචො..

      Delete
  2. ගෑණු වැඩක් කලොත් ඔහොම තමයි..ක්‍රිස්ටියා කියලත් වෙනසක් නෑ ඉතිං

    ReplyDelete
    Replies
    1. ඇත්තට බලහංකො මලේ කොරල තියෙන හරිය

      Delete
  3. හැදි මිටේ නුවණ වත් නැති ගොයියෙක් වගේ....

    ReplyDelete
  4. හක්ක හක්ක හක්ක...... ගෑනියෙක් වැදක් කලොත් විනාසයි.. මතකනෙ රට කොලා කාලයක්

    ReplyDelete
    Replies
    1. අම්මපා ඔව්මැයි

      Delete
  5. ගෑනු කෙනාගෙ නෙවෙයි වැ‍රැද්ද ! ක්‍රිස්ටිගේ .. ඕක හංගන්න වෙන තැනක් තිබ්බෙ නැද්ද !

    ReplyDelete
    Replies
    1. නෝනට හොරාට හංගන්න වෙන තැනක් තියෙන්න නැතුව ඇති.

      Delete
    2. මොකැට කියනවද ඒ ගැනනම්..

      Delete
  6. මදැ‍යි වැඩි හොදට ගියා.

    ReplyDelete
  7. මාත් දවසක් බඩු වගයක් බූට් එකක් අස්සෙ හැංඟුව...පස්සෙ අමතක උනා ඒව හැංඟුව තැන.. මම හිතුවෙ ඒවා මගෙ අතින් නැති උනා කියල..ඊට පස්සෙ මටම හම්බ උනා බූට් එක අස්සෙ තිබිල..බූට්ස් දාන්නෙ වින්ටර් එකට විතරනෙ,ඉතින් මාස ගානකට පස්සෙ තමා ආපහු හමු උනේ..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හොහ් .... බලාගෙන ගියාම මේව නිකං අරාබි නිසොල්ලාසෙ කතා වගේනේ. කොහොමද බූට් එක අස්සෙන් වටින-කියන බඩු හම්බෙනකොට.

      Delete
    2. ගෙදරට හොරෙන් ගත්ත පුන්චි ඒත් වටින බඩු ටිකක් අනේ...අම්මල බනිනවා කොච්චර තිබ්බත් මදි කියල..ඒ නිසයි එහෙම හැංඟුවෙ..:)

      Delete
    3. අම්මපා ඇත්තට ඔව අස්සේ හංගලා බල්ලෙක් පුසෙක් මියෙක් වගේ එකෙකුට අහු උනානම් සොරිම තමා

      අසව් අසව් කිරිල්ලිගේ ගෙදරට ගොඩ උනොතින් පරණ සපත්තු උස්සාගෙන එන්නට අමතක නොකරන්න හිකිස්...

      Delete
    4. අපේ ගෙදර බල්ලො..පූසො..මීයො..කැරපොත්තො....එකී මෙකී නොකී කිසිම සතෙක් සිව්පාවෙක් හෝ කෘමී සතුන් නැත....මදුරුවෙකුට වත් ගෙට ඇතුල් විය නොහැක.(ජනෙල් දොර කවුලු සියල්ල විශේෂ දැලකින් ආවරනය කර ඇත.)..
      මගේ කාමරයේ දොරේ ''කොටියාගෙන් ප්‍රවේශම් වෙනු'' දැන්වීමක් අලවා ඇත..!!

      Delete
    5. තව කොටි මොකටෑ..කිරිල්ලි ඉන්නකොට....D

      Delete
  8. යකෝ හංගනවා කියලා ඔහොම තැන්වල හංගනවද . . hikz

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැ අයියේ මොට්ට මොලේ නොවැ...

      Delete
  9. ඒ ගෑණිගේ ඇස් පේන්නේ නැතුව ඇති...

    ReplyDelete
    Replies
    1. වෙන්ඩැති බං..ඌටම හරියන ගෑනි

      Delete
  10. O.o මේක සිරා කතාවක්ද? හයියෝ.. :P මෙහෙමත් මිනිස්සු!

    ReplyDelete
    Replies
    1. ඔව් මලේ ඇත්තටම වෙච්චි දෙයක් හැබැ දැනට අවුරුදු 15ට විතර කලියෙන්

      Delete
  11. ඕකත් මචං ගෑනු..සාක්කු බලන්නෙ නැතිව කලිසම් හෝදනවාවගේ වැඩක්..! දෙන මගුලක් හොඳට හොයල බලල දෙන්න එපායැ.

    ReplyDelete
    Replies
    1. මම කැම්පස් එකේ ඉන්න කාලෙ ඒකෙ රෙකෝඩ් බුක් එක අම්ම කලිසමත් එක්ක හේදුව.

      Delete
    2. ඒවනං ගැනූ ඉපදෙනකොටම ගේන එව්වද කොහේද මචංලා

      Delete
    3. ඇයි එහෙම කියන්නෙ? ගෑනු ඉපදෙනකොටම ගේන ඒව කියල??
      අපේ අයියල දෙන්නගෙ කලිසම් හෝදන්න මැෂිමට දාන්න කලින් මම නොවරදවාම සාක්කු චෙක් කරනවා..අනිවාර්යයෙන්ම සල්ලි හම්බවෙනවා...ඒ විතරක්ද?..නැහ්..!! පස්සෙ එයාලව බ්ලැක්මේල් කරල සල්ලි හොයා ගන්නත් හෙන හෙන චාන්ස් ලැබෙනවා....හුහ්...මෙයාල දන්නෙ නැහැ ගෑනුන්ගෙ මොලේ..!!!!!!!:D:D:D:D

      Delete
    4. හිතාගත්තැකී අර අයියල දෙන්නා ගෙවන දුෂ්කර ජිවිත ගැන මේ නංගිගෙන් බෙරිලා...හිහි...

      Delete
  12. මු ගෑනිට පොත පෙරලන බව ගෑනි දන්නා නිසා සපත්තුව ඇතුලේ තිබ්බ සල්ලි ටික අරගෙන සපත්තු කුට්ටම දුන්නද කියලා කවුද දන්නේ. ගෑනු කියන සත්තු මොනවා හරි කාට හරි දෙනකොට අපි වගේ ගොඩ පිටින් දෙන්නේ නෑ නේ. එහෙට මෙහෙට අවුස්සලා බලලා තමා දෙන එකක් දෙන්නේ.

    ReplyDelete
    Replies
    1. උබේ කතාවෙත් ඇත්තක් තියෙනව... එක දන්නේ උගේ නෝනම තමා බං

      Delete
  13. ඔහොම හංගනවට වඩා හංගන්නෙ නැතුව හිටියනං හොදයි....

    ReplyDelete
    Replies
    1. ඔවු බං බලහංකො කොරගෙන තියෙන්නේ අපූරුවට

      Delete
  14. පරිස්සම ඈලියාවට ගියා වගේ ක්‍රිස්ටි ... (අපේත් හිටියා ක්‍රිස්ටියෙක් රස ලෝකයක්.)

    ReplyDelete
    Replies
    1. බැලුවොත් වෙදමහත්තයො ඔයවගේ නම් තියෙන එව්වො හැමතැනම එකවගේ වැඩ කොරන්නේ නේද

      Delete
  15. මාර සීන් එකනේ...වෙලාවට යාළුවෝ සෙට් එක උදව් කරේ..

    ReplyDelete
    Replies
    1. ඔව් මචං එකනම් හොඳ වැඩක්

      Delete
  16. උඹලගෙ බැංකුවෙ සිද්ධියක්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් මචං මේ ලඟදි අපේ ඩිවිෂන් එකට ඔය කියන මනුස්සය ආව දැන් උන්දැ ෆෙන්ෂන් ගොහින් ඉතින් අතීතය මතකේට ඇවිත්නේව

      Delete
  17. ඇලඩින්ගේ පුදුම පහනේ කතාවෙත් ඇලඩින්ගේ පහන මන්තරකාරයා අතට යන්නේ ඔය විදිහට තමා :D

    ReplyDelete
  18. පරණ බඩු එකතු කරපු එකාටනම් හොදට "නත්තල්" තියෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත සුමිත් අයියා ඌ පරන බඩු ටික ගඟට විසිකොරල මාරුවෙන්ඩ ඇති පට ගාලා

      Delete
  19. හපුච්චියේ...පව් අෆ්ෆා....

    ReplyDelete
    Replies
    1. එකනොවැ ෆව් අෆ්ෆා............

      Delete
  20. ඔව්වගේ කතාවක් ඉස්සර අයිටීඑන් එකේ "සත්සර රංගන" එකේ හරි "අන්දර වැට" හරි කියන කතා මාලාවක ගියා මට මතකයි. තවත් එකක්, අර සුනාමි දවස් වල ඇඳුම් එකතු කරන්න ගෙවල් වලට යන කාලේ පරණ ඇඳුම් පින් තකා දීපු නෝනා කෙනෙක්ගේ මහත්තය කෙනෙක්ටත් වැඩි පරිස්සමට හංගපු සල්ලි වගයක් නැති වුනා කියල කතාවක් ගියා. ඇත්තක් ද බොරුවක්ද කියල නම් දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔය පරණ මගුල් අස්සේ වටින කියන එව්වා හංගනවද බං මොලේ තියෙන එකෙක්

      Delete
  21. ක්‍රිස්ටිගෙත් වැ‍රැද්ද මම නං කියන්නෙ. ඔය ඉතින් අපට ඉතිරි කිරීම උගන්නන බැංකු සේවකයෙක්. ඕක ගිණුමක දැම්මනම් මොකද වෙන්නෙ?
    නැත්නම් රාජ්ට දෙන තිබ්බනෙ.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. බුදු අම්මො මාව අල්ලගන්ඩ එපා ඔව්වට ඇත්තටම බැංකු ගිනුමේ තිබ්බනම් කිසි අවුලක් නෑ නේ

      Delete
    2. දැන් කොහොමෙයි පසුබිම් පැහැය කියවිමට අපහසු නෑ නොවෙද

      Delete
  22. මටත් ඒ වගේ වෙලා තියෙනවා.ඉස්කෝලේ යනකාලේ සල්ලි ගන්ගපු තැන් මතක නැහැ. විභාගේ කිට්ටු කරලා පාඩම් කරන්න යද්දී පොත් අස්සෙන් හංගපු සල්ලි මතු වෙනවා. එක දවසක් රුපියල් 70 ක් හම්බ වුනා. සල්ලි අරන් කල්පනා කර කර ගොඩාක් වෙලා හිටියා කොහොමද ඒ සල්ලි වියදම් කරන්නේ කියල.

    ReplyDelete
    Replies
    1. අම්මපා උබටනම් මේ හංගන්ඩ තැනක් නැන්නම් ගිනුමක් ඇරලා අපේ බැංකුවේ දාපං මචො

      Delete
  23. ගෑනිට දුන්නනම් මාසයක් කරදරයක් නැතුව හරි ඉන්න තිබ්බා..

    ReplyDelete
    Replies
    1. සතියක් දෙකක් නම් කරදරයක් නැතුව ඉඳි ඒත් මාසයක්...උබත් ඉක්මනට බැඳපං කො මල්ලි..හික්ස්..ජය

      Delete
  24. පරණ බඩු එකතු කරපු එකාට තමයි නියම නත්තල.. ගෑනිට දුන්නත් ඕක නැති වෙනවා.. හැබැයි හෙමීට.. :)

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත,මහන්සියෙන් හම්බකරපුව හරියට පරිස්සම් නොකිරිමෙන් හිත් වෙදනාවක් විතරයි ඉතුරු උනේ

      Delete
  25. මරු තැනක් තමා තෝරන් තියෙන්නෙ සල්ලි හංගන්න ! සාමාන්‍ය බිරින්දෑවරු හැම අහුමුල්ලක්ම චෙක් කරලා බලලා නේද ඕවා විසි කරන්නෙ..ආන්න ඒ පුරුද්දෙ වටිනාකම පේන්නෙ මේ වගේ වෙලාවකටයි..

    ReplyDelete
    Replies
    1. වෙනි අයියා හරි අපිට වඩා ඒගැන පට්ට එක්ස්පිරියන්ස් එකක් වෙනි අයියට තියෙනව නේ

      Delete
  26. පරිස්සමට තියපු දේ ඇලියාවට ගිහින් නොවැ ...

    ReplyDelete
    Replies
    1. එකැ නොවෙන්නම්....

      Delete
  27. අඩෝ මේක උඹට මේ ඊයේ පෙරේදා වෙච්ච සීන් එකක් එහෙම නෙවෙයි නේද? හික්.. අවිස්වාසෙකට නෙවෙයි නිකමට ඇහුවේ.. ;)

    ReplyDelete
    Replies
    1. හිකිස්..... අනේ නෑ බං උඹ දන්නවනේ බංඩලට එහේමත් වෙනවද බං

      Delete
  28. Replies
    1. එකනෙන්නම්...බලන්ඩකෝ...............

      Delete
  29. පරෙස්සමට තිබ්බ දේ ඈලියාවට ගිහින් නොවැ!

    ReplyDelete
  30. හෆ්ෆාඅ.... මදැයි පරිස්සමට තිබ්බා....:D

    ReplyDelete
    Replies
    1. බලන්ඩකො කොරගෙන තියෙන ව්නාසේ

      Delete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...