Monday, June 25, 2012

බිංදු - 5




4 වන දිගහැරුම


" බන්ඩො අත්තත් එක්ක මං හේන් කොටන්ට යනවා බං....."

වැවු බන්ටෙක උඩ ඉඳගත් බිංදු ඇලපහරේ දෙපා හොවා, වතුර කැලතූවේ හිතේ බර දියකර හරින්නට මෙනි...

" එතකොට විභාගේ..."

ගලක් අතට ගත් බන්ඩා රළ නගන දොලපහරට විසිකලේය...

" විභාගේ කොරන ගමන් අත්තට උදව්වෙන්ට පුලුවන් නොවැ බං...."

" හෙම්...උඹේ උදව්වට මාත් එන්ඥාං....දැං හනිකට නාගෙන ගෙදර යමං ඇඳිරිවැටෙන්ට ලඟයි බං...."

බිංදුගේ කරට අතක් තැබු බන්ඩා වාරුදී හුන්තැනින් නැගිට්ටේය....

---------------------------------------------------------

" දුවේ දැං වත් ඔය වැලපිල්ල නවත්තගනිං...දැං ඉතින් ජිවත්වෙන්ට කරමයක් හදාගන්ට එපායැ බං.."

බුලත් හපය හක්කේ එක් පසකට තදකරගත් සියදොරිස් කුස්සි උළුවස්ස අතැරින් කෙලපිඩක් පිළිකන්නට විද්දේය.

" අනේ මන්දා තාත්තේ ඉස්කොලේ ඇරිලා ආවෙලේ හිටං කොලුවගේ කාරිය කල්පනාකරන එකමයි "

ඇඳි චිත්තපොටින් තෙත්වූ දැස පිසදාගත් බිසෝ කුස්සි උළුවස්සට හෙත්තුවිය

" උඹ ඔහොම අඬන්ට තියාගත්තාම ඌ කල්පනා කොරන එක අහන්ට දෙයක් යෑ බං...දැන් ඉතින් හිත හයිකොරා ගනින්..ඌ මෙදා සැරේ විභාගේ කොරන්ට ඉන්න එකේ කොලුවගේ හිත කලබොල කොරන වැඩ නොකර ඉඳිං..."

 " තාත්තා මට මොකෑ කොරන්ට කියන්නේ, අර ගහක් ගලක් වගේ හිටිය මනුස්සයා අපිව දාල ගියානේව...."

" උඹ කලබල නොවී ඉඳහං මට තාම හයිය හත්තිය තියෙනව ලොකු කොලුවගේ හේන මං කොටනවා..."

" අනේ තාත්තට පුලුවනෑ ඔවා කොරන්ට, මං ගඩොල් පොරනුවේ වැඩට යන්ට හිතාන ඉන්නේ..."

" අනේග් මගේ කට...උඹට වැඩකොරන්ට හොඳ තැනක්ය බං ඒ..මගේ ඉහට යස්සයා ආරුඩ කොරන් නැතුව...ගනිං මෙන්න මෙහාට ඔය වතුර පොල්කට්ට..."

බිසෝ දික්කල වතුර පොල්කටුවෙන් හැපූ බුලත් හපය සොදා හැරි සියදොරිස් පිළිකන්නේන් ගෙට ගොඩවිය...

---------------------------------

" අම්මේ උඹැ කොහේද බං........"

තෙත සරං කොටය මිරිකා වැලට දැමමින්ම බිංදු ගෙට ගොඩවිය....

" ආං....අත්තේ මයේ අම්මා කඳුලු හලන එක දැන්වත් නවත්තලා.....දැ..."

බිංදු මුනින් නවා තිබු ගල්  වංගෙඩියේ හිඳ ගත්තාය.

" අනේ අම්මාපල්ල මෙකා පැහිලා නේව වයසක උදවියට ඔහොමත් කතාකොරනවද මං අහන්නේ..."

සිතට නැගුන මහත්වූ සෙනෙහසින් සියදොරිස් තම මුනුපුරාගේ හිස අතගැවේය....

" අත්තේ මාත් එනව අත්තා එක්කං හේං කොටන්ට යන්ට..ඉස්කොලේ ගොහින් ඇවිත් හවහට මටත් පුලුවනි එන්ට.... බන්ඩෙත් මයෙත් එක්ක එඥාං කීවා..."

කුස්සි උළුවස්සට පිටදී හුන් බිසෝටත් හිරමං කොටය උඩ හුන් සියදොරිස්ටත් ඉබෙටම මුහුනින් මුහුන බැලිනි....



විරාමය...  





38 comments:

  1. ආයිත් බිංදු ඇවිත්.

    ReplyDelete
    Replies
    1. ඔව් සතියකට එක් වරක්..ඔබ ආවටත් ස්තුතී

      Delete
  2. අයියෝ..අදත් ඉක්මනටම නවත්තලානේ. පව් බිංදු කොලුවා!

    ReplyDelete
  3. දිරිය දරුවෙක්. හොඳ දෙයක් සිද්ද වෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. බලමු මචං ඉස්සරහට....ජය

      Delete
  4. බිංදුගේ 5 ..... :-)

    නියමයි ඈ..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතී මචං...වැරදුනා රජ තුමනි....

      Delete
  5. කතාව ලස්සනට ඇදෙනව.....

    ReplyDelete
    Replies
    1. ස්තුතී ඉන්ද්‍ර

      Delete
  6. දවසේ කොටස දිග මදියි කියලා විරෝධය පලකරන්නත් බෑ,හැමෝම කාර්යබහුලයිනෙ

    ඒත් ඉතින් මීට වඩා ටිකක් වැඩිපුර ලියවුනොත් තමයි හොද, අද දිගහැරුමේ සිද්ධි විනාඩි අටකට අඩු කාලයකදී අවසන් වෙනවා. කතාව‍ හොදින් මතක තියා ගන්නනම් පැය කාලකවත් සිද්ධි දිගහැරුමක් අවශ්‍යයි.

    උත්සාහ කරලා බලන්න

    ReplyDelete
    Replies
    1. සුමිත් අයිය කියන නිසා බනින්නෙ නැහැ ඕං !

      Delete
    2. අප්පොච්චියේ දෙන්නටම සමාව බොවේවා..ඊගාව කොටස හෙන දිගට ලියනව අම්මපා.....

      Delete
  7. ලස්සනයි තව ඉස්සරහට කියවලාම බලන්න ඕන..!

    ReplyDelete
    Replies
    1. ස්තුතී සහෝ දිරිමත් කරනවට.....

      Delete
  8. තවත් එක ජීවිත සටනක ඇරඹුමක්.. බලමු මොකද වෙන්නේ කියලා..

    ReplyDelete
    Replies
    1. හේම්....ජිවිතේ වෙලාවකට ගලන ගඟක් වගේ ලු බලමු....

      Delete
  9. අපෝ පොඩි ලමයෙක් වගේ පොඩ්ඩක් ලියල......:(

    ReplyDelete
    Replies
    1. අප්පච්චියේ තරහ අවසර දිගට ලියන්ඥාං...

      Delete
  10. මමත් ආවා ඔන්න මේ පැත්තට...

    බිංදු කතාව නම් වෙනස්ම විදිහකට ගලාගෙන යනවා..හරිම ලස්සනයි..කියවද්දි නම් කතාව ඇතුලේ ලොකු සංවේදි බවක් තමයි දැනුනේ..ඒත් බලන්නම්කෝ කතාවේ ඉතිරි ටිකත් කියවලම....

    ReplyDelete
    Replies
    1. ස්තුතී මේපැත්තේ ආවට..ඉදිරියෙදිත් එන්න

      Delete
  11. මේ භාෂාවෙන් පෝස්ට් එකක් දැක්කමයි කථාව ලස්සනයි බලමු ඉතුරු ටිකත්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී ඉදිරියත් කියවන්න

      Delete
  12. අඩෙ මාරු බං....කාලෙකින් මේ වගේ එකක් කියෙව්වේ, ජය !!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතී ලොක්කා....වෙනසක් කරන්න පොඩි උත්සහයක යෙදුනා ඇත්තටම අත්හදා බැලිමක් මචං

      Delete
  13. ඇඩෙනවා තනි ඇහැට

    ReplyDelete
    Replies
    1. සචියා ආයිත් වරෙන්...ජය

      Delete
  14. අයියෝ,.,රාජ් අයියේ ,.පොඩි එක්ස්කියුස් එකක් දෙන්න මෙච්චර කලක් ගොඩ වැදුනෙ නැති උනාට,.,., නියමයි අයියේ ,., අද ඉදලා අනිවා එනවා

    ReplyDelete
  15. එළ දිගටම වරෙන් ස්තුතී...ජය

    ReplyDelete
  16. බිංදුට හොදක්ම වේවා !

    ReplyDelete
    Replies
    1. එහේම හිතමු මචං....

      Delete
  17. niyamayi. anith kotasa eelaga sathiyeda :/

    ReplyDelete
  18. මම කල්පනා කලේ රාජ් මේ ගැමි භාෂා ශෛලිය මෙච්චර හොඳට ලියන්න ඉගෙන ගත්තෙ කොහෙන්ද කියලයි...
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. කලින් කරපු රස්සාවෙදි රාජකාරි වැඩවලට ලංකාවේ බොහෝ තැන්වල යන්නට සිදු උනා එසේ ගමන්කිරිමෙදි උකහාගත් දැනුම උදවු උනා මෙසේ භාෂාව හසුරවන්නට

      Delete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...