Thursday, March 1, 2012

බොඩි කමල යාගේ ඇනිවසරිය...




දැනට වසරකට පෙර යහලුවන් පිරිසක් මංගල්ලයකට සහභාගී විම සඳහා කන්ද උඩරට බලා පිටත්වුහ.හැබැ කට්ටියම ගියේ මනමාලිගේ පාර්ෂවය පැත්තේන් උත්සවයට සහභාගි වෙන්ටයි.

උදැසන 10 විතර වෙනකොට මගුල් උත්සවය තිබුන උත්සව ශාලාවට යන්නට මේ කස්ටියට හැකි උනා. සුපුරුදු චාරිත්‍ර වලට අනුව කස්ටියම වෙල්කම් පැන් සංග්‍රහයත් බුක්ති වින්දහ.

නමුත් පැමිණි පිරිමි පාර්ශවය නොසන්සුන්ව ඇස් අයාගෙන මුඛ පියන් අතරින් නොදැනිම ඛේථය  පොපියවමින් බලාසිටියේ මල්පැන් සංග්‍රහය බුක්තිවිඳිමට ආරාධනා ලැබේනා තෙක්ය.

ඉවසිමේ සීමාවෙන් ඔබ්බට යැමට ප්‍රතම ලැබුන ආරාධනයෙන්....සිත්සේ මල්පැන් පහස ලැබුවද...මනාලිය පාර්ශවයෙන් ලැබුන විශේෂ ආරාධනයක්..මත  ශාලාවේ එක් කාමරයකට රහසේ ඇතුල්වුහ.

මහත් ආදරයෙන් හා බක්තියෙන් මනාලියගේ මලයා විසින් තවත් මල්පැන් බොතල දෙකක් අරකි පිරිසට පිළිගන්වනු ලෑබුවේ මේ අවස්තාවෙදිය

කවදාවත් මල්පැන් එපා නොකියන පිරිමි පාර්ශවය සිත්සේ අරකී බොතල් දෙකද හිස්කලේ රටක් රාජ්‍යක් දිනු යෝධයන් පිරිසක් සේය.

කස්ටිය යහමින් මල්පැන් තොලගාමින් සිටින අතරේ කමලයා පෙරටු කොටගත් තවත්  කිහිප දෙනෙක් කාමරයේ අහුමුලු පිරික්සන්නට පටන්ගත්තේය.

මුකුත්ම සොයාගන්නට බැරිවූ මේ පිරිසට එකවර ඇස ගැටුනේ කාමරයේ තිබු තඩි අල්මාරියයි... වෙලාවට අල්මාරිය අගුළු ලා නොතිබින.

 මොවුන් අල්මාරියේ දොර පියන් හැරළුයේ මහා මෙඝය සත්කඩකට පැලු යොධයන් මෙනි. අල්මාරිය ඇතුලේහි වුයේ වෙනකක් නොව කන්තාවකගේ ඇඳුම් ආයිත්තම් කිහිපයකි.ඇඳුම් කැඩුම් ඇවිස්සු කමලයාට අහුවූයේ කාන්තා තන පටයකි..

නිල් මාණික්‍යක් දුටු නාගයකු මෙන් තන පටය අතටගත් කමලයා..

මෙතෙක් මල්පැනි තොලගාමින් සිටි පිරිසගේ අවධානයට ලක්විය...
  
කමලයා සොයාගත් මේ මහර්ඝ වස්තුව වෙනකෙකුගේ නොව පෙරකී මනාලියගේ ඇඳුම් ආයිත්තම් වල කොටසකි.
  
නොයෙක් දෙනාගේ උල්පන්දම් වලින් උසිගැන්වුනු කමලයා තනපටය සැඟවුයේ මනාලිය උපහාසයට ලක්කොට නැවත දිමේ අදහසිනි.

නමුත් සිදුවූයේ වෙනකකි....
   
මුල් අවස්තාවේ කමලයාව උසිගන්වා..උඩගෙඩි දුන් පිරිසම පසුව ඌට "බොඩි කමලයා" ලෙස නම් පටබැඳ  උසුළු විසුළු වලට ලක්කිරිමයි
     
   
මෙම සිදුවිම අදින් වසරකට පෙර ලක්දිව කන්ද උඩරට එක්තරා හොටලයකදි සිදුවිය.

හැපි ඇනිවසරි.....!

ප.ලි
  අර සිහින බක්මහ උළෙලට තව දවස්.. පැය.. මිනිත්තු..... හික් බලනවනං ඔන්න මෙතනින් යන්ඩ ඈ...හික් එදාට හම්බවෙමු එහේනං




  
   

25 comments:

  1. හෆෝයි... නාගෙන වගේ!

    ReplyDelete
  2. තන්පොට .. තනපොට .. තනපට .. බොස්තොරැක්කෙ ...චෝළිය .. බ්‍රෙසියරය .. වගෙ අනන්තවත් ලස්සන නම් තියෙද්දි ..
    ඔය මඟුලට බොඩිය කියල නම දැම්මෙ මොකාද බං....?

    ReplyDelete
  3. තන්පොට .. තනපොට .. තනපට .. බොස්තොරැක්කෙ ...චෝළිය .. බ්‍රෙසියරය .. වගෙ අනන්තවත් ලස්සන නම් තියෙද්දි ..
    ඔය මඟුලට බොඩිය කියල නම දැම්මෙ මොකාද බං....?

    ReplyDelete
  4. කාන්තා යට ඇඳුම් වලට සමහර පිරිමි අයගේ තියෙන්නෙ පුදුම ආසාවක්. අපේ පැත්තෙත් හිටියා පොරක් මිනිහා කසාද කෙරුවාවට යනකල්ම කලේ රෙදිවැල් වලින් ගෑල්ලමයිගේ මෙව්වා උස්සන එකමයි. (සමහරු කියන විදියට මිනිහා ඒවගේ, අහවල් එකට ෆිට් වෙන තැන කනවලු).
    මිනිහගේ නමත් අමිල, ඒත් දැන් කියන්නෙ ජංගි මල්ලි කියලා.

    ReplyDelete
  5. මේ අපේ ප්‍රසිද්ධ නළුවද ඌත් බැඳලා අවුරුද්දක් වගේ නේද...?

    ReplyDelete
  6. බොඩි අනිවසරියත් නරක නෑ

    ReplyDelete
  7. ඔයා සමහර comment මකන්නේ මොකද අනේ ලැජ්ජයි කුජීතයි නේද.............???

    ReplyDelete
  8. හොඳ වැඩේ ඕන නෑති එව්ව කරනවට :D

    ReplyDelete
  9. පව්බං කොච්චර උනත් මේවගේ යාළුවො ආශ්‍රය කරන්න හොද නැහැ.

    ReplyDelete
    Replies
    1. තනිකරම ආලෝක පොල්ලක්....

      "මේවගේ යාළුවො"
      මේ කියන්නේ කමල්ද? නැත්තන් අනික් වුන්ද?

      Delete
    2. හරි හරි පත්තු වුනා...

      Delete
  10. අම්මෝ මමත් ඔහොම තමයි... නෑ .. නෑ.. මේ මම කිව්වේ යාළුවන්ව බයිට් කරන එක ගැන.. (වෙන දෙයක් ගැන හිතුව නම් සොරි..)
    ඒ ගැන ටිකක් දන්නවා අපේ ගෙදර ආපු "යැංකි"යි "රෙපා"යි දෙන්නාත්.. හැබැයි ඉතින් ඒවා තනිකරම විහිළු විතරයි.. "කාඩ්" ගහන්න මමත් එකෙන්ම.හැබැයි කාඩ් වදින වැඩ නම් කරල තියෙන්නේ ඉස්කෝලෙ යන කාලෙදි එකම එකක් විතරයි.. (මේ වගේ කාඩ් එකක් නෙමේ අරී..) හැබැයි ගමෙත් ටිකක් විතර රෙජිස්ටර් කාඩ් එකක් මටත් තියෙනවා.. ඇයි "බ්ලොග් ලෝකෙ" මම විහින්ම හදා ගත්ත එකකුත් තියෙනවනේ :)

    කාගෙද මේ ඇනිවසරි එක.. ? රාජ් අයියා ඉස්සර පදිංචි නුවර නෙමේනේ නේද?

    තව දෙයක් මටත් ඕනේ අර වෙලාව දාලා තියෙන ගැජමැටික් එක.. දෙන්න ඇහැක්දෝ..? නැත්තන් කණක්දෝ..?

    ReplyDelete
  11. පුදුම යාලුවො ටිකක්නෙ දෙන්න එපැයි කන පැලෙන්න.

    ReplyDelete
  12. හික්ස්..මොනා කියන්නද මන්ද.......

    ReplyDelete
  13. එහෙම යාළුවො ඉන්නකොට තරහකාරයො අවශ්‍ය නෑ...

    ReplyDelete
  14. හැපී ඇනිවසරියක්ම වේවා එහෙනම් !

    ReplyDelete
  15. මරු කාඩ් එක...

    ReplyDelete
  16. චෑ..හ් ඔහොම ඕන නැති වැඩ කරන අයට කාඩ් නොදාත් බෑ..

    ReplyDelete
  17. පව් බොල.. එත් සිරා නෙැවැ !

    ReplyDelete
  18. අහ්හ් කාගේද මේ ඇනිවසරිය.. හිතන්ඩ ඕනා පුරස්නයක්

    ReplyDelete
  19. අපොයි දෙයියනේ... හික්ස්...

    ReplyDelete
  20. උබට එහෙම නෙමෙයි නේ ඔය නම වැටුනේ

    ReplyDelete
  21. මටත් හිතෙන්නේ ඔය නම වැටුනේ ලියන කෙනාට කියලයි. :D

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...