Tuesday, January 31, 2012

අපුරූ...සැඳැවක්...



  
  ඉලක්කම් පත් ඉරු අතර ගත කරන ජීවිතයේ..සරතැස නිවාගන්නට....


 ඇත්තේන්ම ඒ නම් සොඳුරුතම හොරා කිහිපයක්...ඉතුරුම් නිවහනේ අපේ පවුලේ සාමාජිකයන් එකතුවෙලා ගතකරපු අපූරු සැඳැවක්...මම හිතුවා ඔබත් එක්ක බෙදාගන්ට.....අපි ගෙවන මේ ජිවන ගමනේ බොහො පැරණී දෙවල් අලුත් වෙනව හැබැයි..ඔය අලුතෙන් ගොඩ නැගෙන දේවල් හොඳ විදිහට අලුත් වෙනව නම් තමයි එකට වටිනා කමක් ලැබෙන්නේ.....

  ඉතින් ඔය හොඳ විදිහට අලුත් වුන ඉතුරුම් පවුලේ  සමාජිකයා තමයි කලා කවය...මේහි තිබෙන තවත් විශේෂත්වයක් තමයි..ඉතුරුම් පවුලේ පැරණී සමාජිකයන්ගේන් අලුත් තරුණ පරපුරට ලැබුන සහයොගය.. මොකද ඉතුරුම් නිවස අවුරුදු 40 ක පමන ඉතිහාසය තිබෙන මුල්‍ය ආයතනයක්..

ඉතින් කලා කවය ඒතරම් පැරණී අතිතයකට උරුමකම් නොකීවට ඉතුරුම් පවුලේ ජේෂ්ඨයන් ඇතිදැඩිකරලා ගොඩනගාගෙන ඇවිදින් කාලයක් මකුලු දැල් බැඳිලයි තිබුනේ...ඉතින් ඉතුරුම් පවුලට අලුතින් එක්කාසු වුන සාමාජිකයන් කලා කවයට අලුතින් නැවුම් ආරම්භයක් දෙන්නට උත්සහ කල අවස්තාවේ පැරැන්නන්..කිසිම බාදාකිරිමකින් තොරව අලුත් පරපුරට වැඩේ කරගෙන යන්ඩ ඉඩ දුන්නා..

   ඇත්තේන්ම ඇතැම් රාජ්‍ය ආයතනවල නවකයන්ට බාල්දි දාන මේවැනි කාලේක මේවන් සහයොගයන් ලබාදිම පැසසිය යුත්තක්....

  දුරුත්තේ 24 වෙනිදා සවස ඉතුරුම් නිවසේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ අබියසදී කලා කවයේ සංවිධාන ශක්තියෙන්..සහ ඉහල කලමණාකාරිත්වයේ ලැබුන මුල්‍යය හයියේන් වැඩසටහන ක්‍රියාත්මක උනා..මේම කටයුත්තේ එක් පරමාර්ථයක් උනේ කලා කවයේ අලුත් උපතේ පනිවුඩය ඉතුරුම් පවුලේ සාමාජිකයන් අතරට ගෙනයාමයි..


    මේ සොඳුරු සැඳැව සංගිතවත් කරන්නට දායකත්වය සැපයූවේ මහානාම වික්‍රමසිංහයන්ගේ සංගීත මඩුල්ලයි..සොඳුරු සැඳැවේ ආරම්භය ජයලත් මනොරත්නයන්ගේ මඳුර ස්වරයේන් සනිටුහන් වෙද්දී...

          
            ඔහුගේ සරසවි දිවියේ සිටම අතිශ්‍ය කුලුපග මිතුරෙකු වූ නිශ්ශංක දිද්දෙනි‍ය්‍යන් ඒ හා එක්වුනා
  

එසේම මේවන් ප්‍රවිනයන් ඇසුරේ සැඳැව රසගන්වන්නට ඉතුරුම් පවුලේ නවකයන්ටත් අවස්ථාවක් ලැබිම තවත් විශේෂ සිදුවිමක් වුනා...


  සැඳැවේ අගභාගයේදී සතුට ත්‍රිවුර කරන්නට රොඩ්නී වර්ණකුලයන්ද ඒයට එක්වුනා...


රාත්‍රිය මොරාගෙන කොලොම්තොට වසාගනිද්දී සංගිතයෙන් අමන්දානයට පත්වු ඉතුරුම් පවුලේ සාමාජිකයන් 




ජීවිතයට එක්වරක් පමනක් ලැබියහැකී මිහිරිතම හොරා කිහිපයක් ගතකර කැදලිකරා නික්මගියා............
              

35 comments:

  1. ලස්සන සැදෑවක් බව පේනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තේන්ම වෙද මහත්තයො

      Delete
  2. මටත් අපේ ඔෆිස් එකේ හමුවම් තරම් මිහිරි මතකයන් තවත් නෑ..

    ReplyDelete
  3. හොදා හොදා. මෙන්න මෙව්ව තමයි කරන්න ඕන ස්ට්‍රෙස් බහින්න.

    ReplyDelete
  4. නියමයි නියමයි..සොඳුරු සැඳැවක්.

    ReplyDelete
  5. ශික්... මේවගේ දේවල් අපිට මිස් වෙන හැටි.

    ReplyDelete
    Replies
    1. ලංකාවට අපු වෙලාවක දාමු පොඩි ජොලියක්

      Delete
  6. මේ වගේ දේවල් තියෙන්න ඕනනේ..එතකොට නේ ආතතිය එහෙම නැති වෙන්නේ

    ReplyDelete
  7. මචො ලංකාවට ආපුවෙලාවක ඔයවගේ වැඩකට සෙට්වෙමු

    ReplyDelete
  8. මොකද්ද මේ ඉතුරුම් නිවස කියන්නෙ ?

    ReplyDelete
    Replies
    1. ජාතික ඉතිරිකිරිමේ බැංකුව (NSB)

      Delete
  9. //ඇත්තේන්ම ඇතැම් රාජ්‍ය ආයතනවල නවකයන්ට බාල්දි දාන මේවැනි කාලේක මේවන් සහයොගයන් ලබාදිම පැසසිය යුත්තක්....//

    ඇත්ත!!! ලස්සන සැන්දාවක්නෙ..

    ReplyDelete
    Replies
    1. ඇත්තේනම් තෘප්තිමත් සැඳැවක්.....

      Delete
  10. Replies
    1. එළ..එළ..එළම කිරිය...

      Delete
  11. වැඩේ නියමෙට තියෙන්න ඇති නේද....ආසයි පැදුරු පාටියකටවත් සෙට් වෙන්න....

    ReplyDelete
    Replies
    1. වෙලාවක සෙට්වෙමු මචො...

      Delete
  12. අපිට ඉතින් පින්තූර විතරයි බලන්න වෙන්නෙ... සික්...

    ReplyDelete
  13. වේලාවක ලංකාව පැත්තේ ඇවිත් ගියොත් නරකය..නැත්තං ඔය පැත්තේ වැඩක් සෙට් කොරන්ඩ අපි සපෝට් එක දෙන්නම්...

    ReplyDelete
  14. පෙනුමෙන්ම ඇත්තටම මොන තරම් සුන්දර මොහොතක්ද කියල මවාගන්න පුලුවන්..

    ReplyDelete
  15. ලස්සන වැඩක් කියල බැලුවම පේනව...අනේ මේ වගේ අත්දැකීමක් ලබන්න මටත් වාසනාව ලැබේවා...දිගට මේ පැත්තෙ ඇවිත් යන්නම්...ජය වේවා...!!!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා ස්තුතී මේපැත්තේ ඇවිල්ල ගියාට..ඔවු මචො වැඩේ එලටම තිබුනා

      Delete
  16. ලස්සන සැන්දෑවක් කියල පේනව... ඇත්තටම මටත් ඉරිසියා හිතුන....

    ReplyDelete
    Replies
    1. වෙලාවක පැදුරක් දාමුද...?

      Delete
    2. හනේ ඉතින් අපි ලංකාවෙ නෑනෙ.... ඔයාල පැදුරු සාජ්ජ දානකොට අපි මෙහේ ඉඳන් ඒව බල බල හූල්ලනව..... :'(

      Delete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...