Tuesday, February 7, 2012

ගමේ සෙල්ලම්..ඉන්ටර්නැෂනල් ඉස්කොල සහ ගමේ ඉස්කොලේ...



  මේ අවුරුද්දේ මුල්ම දිග නිවාඩුව බඩ පිරෙන්ඩ සමරපු ලංකාවේ උන්දැල හෙට ආපහු වැඩට යන්ඩ ලක ලැස්තිවෙනව ඇති නොවැ..ගෙන්දගම් පොලොවේ ඔට්ටු අල්ලන අපටත් මේ නිවාඩු දවස්වල ගමේ ගොඩේ ටිකක් වැඩිපුර කාලය ගතකොරන්ඩ ලැබුනා...

  තිබ්බ කාස්ටක ගතිය ටික ටික මැකිලයන්ට වැහිඇල්ලක් දෙකක් වැටුන නිසා ගස් කොලන් හිටං පණගහල ඇවිත්...ගිය ටිකේ කුඹුරු වපුරපු අපේ උදවියගේ හිත්වලට සැනසිල්ල මොදුවෙන්ඩ ඔන්න කුබුරු යායවල් කොල පාටින් දිස්නේ දෙනවා...

   අපේ පොඩි අක්කගේ පුත්‍රයා යන්නේ ඔය ජාත්‍යන්තර පාසලකට..ඒ කාලේ කොළඹත් ගමක් උනාට දැන් එහේම නෑ නොවැ..ඉතින් දැන් ඉන්න පොඩි එවුන්ට ගමේ ජිවිතේ අත්දැකීම් හරියාකාරව ලැබෙන්නෑ...ඒ කාලේ වගේ වෙල් ඉපනැල්ලේ දුවපනින්ට බඩවැටි වල සමනල්ලු පස්සේ අබන්ට..ගමේ ලිඳේ නාන්ට..දොලේ ජබු ගහන්ට නගරේ ඉන්න පොඩි ඈයන්ට ලැබෙන්නෑ වගේම උන්ට ඒවා හුරුත් නෑ...

  හැබැයි වැඩිහිටියො විදිහට අපි දැනගන්ට ඔන...ගමේ සුවඳ ගමේ කම උන්ට කාවද්දන්ට...ඔය නගරවල් වල කලබලකාරි පරිසරේ කලබලේට උන් හැදුනට.. ඉංගිරිසි පන්නේට හසිරුනාට...අම්මාට තාත්තට  වැඩිහිටියේක් වගේ කතාකොලාට.... මොකද මං එහේම කියන්නේ මේ පොඩි ඇයො වෙලාවකට වැඩිහිටයන්ට කතා කරන්නේ..අර ඉංගිරිසි චිත්තර පටිවල පොඩි ඈයො වැඩිහිටියන්ට කතාකරන රලූ විදිහටමයි...ඔය ආභාශයට  තනිකරම ලමයින්  නැඹුරු වෙන්නේ ජාත්‍යන්තර පාසැල් වල තිබෙන උප සංස්කෘතියෙන් ලංකාව වැනි රටකට ඒවගේ දෙවල් නම් කිසිසේත්ම ගැලපෙන්නැ..මොකද අපේ මිනිස්සු හදවතින් මීට වැඩිය අම්මලා තාත්තලා එක්ක බැඳිලා නොවැ ඉන්නේ...ඒ බැම්ම ඔය රලූ දේවල් වලින් සුනුවිසුන් වෙලා යාවී.....

   අනිත් අක්කල පොඩි උන් එක්ක මහගෙදරට එන්ඩ කලින් පොඩි අක්කයි අපියි මහගෙදරට ආව..ඉතින් පොඩි මැන් ගේ අනිත් සෙනාව එන්ට තව වෙලා තියෙනව.... මේකාට කම්මැලිකම යන්ටත් එක්ක වෙලපැත්තට ගියා..මොකෑ මූ ජිවිතේට වෙලකට බැහැල නෑ නොවැ....වෙල් නියරෙ ඇවිදින්ට මුලින් මෙකා බය උනා..පස්සේන් පහු මිනිහට ආසාවේ මාවත් ඉස්සර කොරන් මෙකා දුවනව..වෙලේ එක් පැත්තක පොඩි දියපාරක් ගලනව..දිය පාරේ එක් ඉවුරක පුවක් ගස් පෙලියක් එක පුවක් ගහකින් කොළපොතත් එක්කම එක ඉත්තක් ගැලවිලා කුඹුරේ නියරට වැටිලා...

  අපි පොඩිකාලේ කරපු සෙල්ලමක් මතක් උන නිසා ආපහු කුඹුරෙන් එනකොට ඔය කොළපොත් ඉත්ත ගෙදර ගෙනාව...පොඩි එකාව කොළපොතේ ඉන්දවල අර ඉත්තේන් ඇදගෙන යනකොට මිනිහට හරි සතුටුයි...අපි පොඩි කාලේ කරපු ඔය සෙල්ලම් මෙයාලටත් වලන්ගුයි කියන එක මේවයින්ම පෙනව නේද...

  ඒ විතරක් යෑ..කුඹුර ගාව තියෙන ලිඳේ නාන්ඩ ලොකු අයියා මෙකව අරගෙන ගියා..බාතෘම් එකේ ශවර් එකට ඔලුව අල්ලං නාපු පොඩි එකාට හරියට අවුරුදු වගේ මුව ලිඳ ගාවින් අරගෙන එන්ඩ බලකරන තරමටම මූ ඒවට ආසකලා... හවස මහගෙදරට ආපු අනිත් පොඩි ඇයො එක්ක මුන්දැ හරි හරියට අර කොළපොත් ඉත්තත් එක්ක සෙල්ලම...ඒ විතරක් යෑ..කට්ටිය එක්කම අර ලිඳේ නාන්ඩ පොරේ...කම්පියුටර් සෙල්ලම් ගෙම් ඔක්කොම අමත වෙලා ... අර ගහකොල එක්ක මුන් හරි හරියට ඔට්ටු වෙනව... ඉතින් බලන්ඩ තරඟ කාරි ලොකේන් එලියට අරන් මේ පොඩි ඇයන්ටත් නිදහසේ හුස්මක් ගන්ඩ අපි පුරුදු කරොත් උනුත් උන්ගේ සිත් තුල හැංගිලා තියෙන සුන්දර ලමා ලොකේ ... කොම්පිටර් ගෙම් ජිවිතවලින් මිදිලා මොහොතකට හරි ගහකොල එක්ක ඉඳි නේද...

 අපේ ගමේ පාසල අපි ඔක්කොටම තාම මතකයි නොවැ..රබර් ගෙඩිවලින් කරත්ත හදපුවා..ඉස්කොලේ ඇරිල එනකොට දං පඳුරු තලපුවා..මදටිය ඇටවලින් සෙල්ලම් කරපු හැටි...හැබැයි ගමේ ඉස්කොලේ ටිචර්ට පොඩි ඈයො රලු විදිහට කතා කලාද..ඉස්කොලේ ලොකු මහත්තය එනකොට ඔක්කොමලා පන්තිය ඇතුලේ

ඒකාලේ අපි කිව්වද අපිව එක්ක යන්ඩ අම්මා පොඩක් පරක්කු උනොත්..

 " යු ආර් ෆිෆ්ටීන් මිනිට් ලෙට්..." කියලා ඔන්නං පොඩ්ඩක් අඬන්ට ඇති එච්චරයි නොවැ..

ඉතින් බලන්ඩකො ගමේ ඉස්කොලෙයි ඉන්ටර්නැෂනල් ඉස්කොලේ පොඩි ඇයො කතා බස් කරන රටාවේ වෙනස....මොකද හිතෙන්නේ...ම්






 
 

62 comments:

  1. පොඩි උන්ට නෙමෙයි අපිටත් කෙළ හැලෙන එව්ව නොලිය නරකද මඩක් ලෙඩක් ගැන ලිව්වනං :D

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් වලටමයි සෙට්කොරන්ඩ හදන්නේ ...D

      Delete
    2. සිරාවට ඉන්දිකයා.. වලවල් හාරන්නේ ඇයි බොල. ඇනෝලා ගැන පෝස්ට් දාන එවුන් වැහැ වැහැලා මේ වගේ පෝස්ටු තමා අපිට ඕ‍නේ..

      Delete
  2. ටයිම් ඩිෆරන්ස් , රාජ් බ්‍රදර්.. :D

    ReplyDelete
    Replies
    1. අප්පටසිරි..ගජ කිව්වලු..D

      Delete
  3. තව ටික දවසකින් පොඩි එවුන් එක්ක කතා කරන්න ලෝ ඩිග්‍රියකුත් ඕන කරයි මේ යාන විදියට!

    ReplyDelete
    Replies
    1. ම්...පෙනීයන විදිහටනම්...වැඩේ ඇත්ත වෙන පාටයි

      Delete
  4. //" යු ආර් ෆිෆ්ටීන් මිනිට් ලෙට්..."//

    මේට්.....වී ආ ලයිට් ඉයර්ස් ලේට්......

    ReplyDelete
    Replies
    1. ඔබා අයියේ ඈ...

      Delete
  5. මම ආස ජාත්‍යන්තර පාසැල් වලට...
    අපේ ඉස්කෝල ලමයි ටියුෂන් යනව...ඒත් ජාත්‍යන්තර පාසැල් වල ලමයි ටියුෂන් යවනව අඩුයි..

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳා....

      Delete
    2. මට නිකන් කිති කැවෙනවා වගේ..

      Delete
  6. කතාවනම් සම්පූර්ණ ඇත්ත.හැබැයි මචෝ ඔය වැරැද්ද පොඩි එව්වො පිට දාන්න බෑ.මමනම් කියන්නෙ ඕකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෙ දෙමවුපියො කියල.ළමයට ගමේ කමට හැදෙන්න දෙන එක දැන් කාලෙ අම්මල හිතාගෙන ඉන්නෙ ගොඩේ වැඩක් කියල.හැබැයි ඔයාගෙ කතාවෙන්ම පේනවනෙ පොඩි ළමයි ගමේ තියන ගස් කොලන් එක්ක ජීවත් වෙන්න කොච්චර ආසද කියල.ඉතින් දෙමවුපියන්ගෙ මොලේ වැලි පස් අයින් වුන දවසට ආයිත් ළමයින්ට ගමත් එක්ක බැඳිල ජීවත් වෙන්න පුළුවන් වෙයි කියල මම හිතනවා.....

    ReplyDelete
    Replies
    1. ඇත්ත ලමයිට හරි පාර කියල දීම දෙමාපියන්ගේ වගකීමක්...

      Delete
  7. ගොඩා..........ක් දේවල් හිතෙනවා! :)

    ReplyDelete
    Replies
    1. හිතෙන එකක් දෙකක් කියහං මලේ...

      Delete
  8. හ්ම්ම්..ගමේ සුවඳ ගමේ සිරිය නගරෙ ගොඩක් දෙනාට ගොඩේ කමක් විතරක් වෙලා..කාලයෙ අරුමය තමයි ඉතින්..

    ReplyDelete
    Replies
    1. ම්..එකනම් ඇත්ත තමා

      Delete
  9. අෆ්ෆා.... රාජ් බ්‍රදර් මිස් ප්ලේස් උනේ මේකයි එහෙමනම්...

    ඇ බන් අය්යේ අපි දැන් ලොකු මිනිස්සුද?

    කොහොම උනත් මේ කතාව ඇත්ත සහෝ... මේ පලාත් වලට තවම 100%ක් වලංගු නොවුනත් නගර බද වෙනකොට මේක ගොඩාක් දැනෙනවා...

    ඈත්ව යන අපේ උරුමයන් එහෙම අමතක වෙන්න දෙන්න හොද නෑ සහෝ

    ReplyDelete
  10. ගමේ ඔය කියන සුන්දරත්වය තව කොච්චර කාලයක් රැකිලා තියෙයිද අඩුගානේ ඊළඟ පරම්පරාවටවත් බලන්ට.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං ඉගාව පරම් පරාවට ඔව ඉතුරු කොරන එක නම් දැන් ඉන්න එවුන්ගේ වගකීමක්..ඒ කිව්වේ අපේ..ද...?

      Delete
  11. ගමක් කෝ බන් දැන්... ඔය සෙල්ලම් දාපු අවසන් පරම්පරාව අපි. පෝස්ට් එකක් ලියන්න තරම් දේවල් හිතෙනව බන්...

    ReplyDelete
    Replies
    1. අනිවා ලියහං...

      Delete
  12. උඩ රෑපේ දැක්කහම ආස හිතුනා ආයේ පුංචි කාලේ ගමට යන්න තිබුණනම් කියලා. අපිත් ඒ කාලේ කොලපොත් පදිනවා. සමහර දවසට එව්වා පැදලා පැදලා හම ගිහිල්ලත් තවත් පදිනවා. ඒතරම් විනෝද වුනා. ඒත් දැන් ළමයී ඕවා පදින්නෑ. අඩු ගානේ කුරුම්බැට්ටි මැෂිමක්වත් හදන්න දැන් ඉන්න ළමයි දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත..පුලුවන් වෙලාවට උන් එකේකුට හරි ඔවා උගන්නපන් සහොදරි....උබට දැනෙයි උබේ පුන්චිකාලේ..සතුට

      Delete
  13. පොඩි එවුන් හැඩ ගැහෙන්නේ මහ අමුතු රටාවකට දැන්... ඒකෙන් මුදවන්න නම් බැරි වෙයි මං හිතන්නේ...

    ReplyDelete
    Replies
    1. ම්..ඒ වගේ හැබැ..උන්ට යහ මග පෙන්වන එක වැඩිහිටියන්ගේ වගකිමක් බං

      Delete
  14. අපිත් දැන් වෙනස් වෙලා මචං. ඉස්සර වත්තෙ සෙල්ලම් කරපු අපි දැන් මේ හුචක්කුව ඉස්සරහ බ්ලොග් කියවනවා.. ලියනවා..

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්..හැබැ අපි පොඩිකාලේ මේ අට මගුල තිබ්බේ නෑ නොවැ..ඒ අතින් දැන් පොඩි එවුවො අප්ගෙර්ඩ්..

      Delete
  15. නගරෙ හැදුන ඕනම කෙනෙක් ගමේ සුවඳට ආස කරනව....

    ReplyDelete
    Replies
    1. ඒක සැබැයි...ඒ විතරක් යෑ ගමේ හැදිලා නගරේ ඉන්න ඒව්වොත්

      Delete
  16. මේ තියෙන්නේ මේ ගැන මම ලියපු එකක්.. ලමයි ගැන නෙවේ.. අපිට වෙලා තියෙන දේ....

    http://tikakhinawenna.blogspot.com/2011/02/blog-post_07.html

    ReplyDelete
    Replies
    1. එක නොවෙන්ඥං....

      Delete
  17. අපේ ගමේ නම් පුවක් කොළපොතක් හොයාගත්තත් ලිඳක් හොයාගන්න සෑහෙන දුර යන්න වෙයි. ඉස්සර තිබ්බ ළිං උඩ ගෙවල් හදලා.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. එකනං ඇත්ත බං දැන් හුඟක් වෙල් ගොඩකරල ගෙවල් ගහනව නොවැ

      Delete
  18. ස්ටයිල් එකට,ලොකුකමට, සල්ලි තියෙන හින්ද...හෝ වෙනත් ඕනෑම හේතුවක් හින්දා ඉන්ටර්නැෂනල් ස්කූල් වලට ළමයි යවනවා නම් ඒ ළමයින්ගෙ දෙමව්පියොත් ඊට ගැලපෙන විධියට Update වෙන්න ඕන.
    එහෙම නොවුනොත් ළමයි සහ දෙමව්පියන් අතර විශාල පරතරයක් ඇතිවෙනවා. පසුකාලයේ දී දෙමව්පියන්ට අනිවාර්යයෙන්ම හුදකලාවෙන්න (තනිවෙන්න) වෙනවා.
    එහෙම වෙන්නෙ ළමයි නරක්වෙන නිසාවත් දෙමව්පියෝ අහිංසක නිසාවත් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. අනිවා ලොක්කා

      Delete
  19. මම ලංකාවෙ ගමේ ඉස්කෝලෙටත් ඊට පස්සෙ මෙහෙ ඉන්ටර්නැශනල් ඉස්කෝලෙටත් දෙකටම ගියා...මේ ඔක්කෝම හරිම කෘතිම දේවල් වගේ හිතෙන්නෙ ගමේ උන්න කාලෙ මතක් වෙද්දි..තාමත් හිතින් විඳින්න පුලුවන් සතුටක් එහෙදි තිබුනෙ...මෙහෙ විඳින සතුට තියෙන්නෙ සල්ලි මත...ඒත් කරන්න දෙයක් නැහැ..මගේ ජීවිතේ තිබුන ලොකුම බලාපොරොත්තුව තමා ආපහු මගෙ ගමට ඇවිත් ජීවත් වෙන එක.............................

    ReplyDelete
    Replies
    1. ප්‍රර්ථනාව ඉස්ථවෙන්ඩ ලැබේවා කියල මම සුබපතනවා

      Delete
  20. මට මේක කියවනකොට පහුගිය දෙසැම්බරයෙ ලංකාවට ගිය මගෙ නංගිගෙ දරුවො දෙන්නව මතක් උනා.... වාසනාවට එයාගෙ මහත්තයෙගෙ මහ ගෙදර තියෙන්නෙ ඔය වගේ සුන්දර වටාපිටාවක්.... පොඩි උන් අන්තිමට ඇල පාරවල්වල බැහැල වේලි බඳින්නත් පටන් අරන්... උන් දෙන්න ඒ ගෙදරින් දොට්ට බස්සවගෙන තියෙන්නෙ බොහෝම අමාරුවෙන්... මනුස්සයා කියන සතා ලෝකෙ කොහේ මොන විදියට හිටියත් මේ වගේ සොබාදහමට ලං උනාම ඒකට බැඳෙනවා කියලයි මට හිතෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. ඇත්තේන්ම අක්කේ...

      Delete
  21. කතාවනම් ඇත්ත.. දැන් ඉන්න පොඩි ළ්මයි මාර ලොක්කො හෆ්ෆා.. මටත් ඔය අපේ අක්කලාගෙ පොඩි එවුන් පාට් දාන්න එහෙම එනවා කඩ්ඩ වනාගෙන..!@##$(*&^#$%

    :D අර කිව්වත් වගේ ටයිම් ඩිෆරන්ස් තමා..:D

    ReplyDelete
  22. හෙම්..පරිසමෙන් සහොදරි...

    ReplyDelete
  23. ඔව්වනං නවත්තන්න බෑ.දැං තියන තරගකෘරී අධ්‍යාපන ක්‍රමයත් එක්ක. මම ඊයෙ බැලුව සීඑස්එන් එකේ ප්‍රෝග්‍රෑම් එකක්. ඒකෙ හිටියෙ නුවරයි කොළඹයි ජාත්‍යන්තර පාසල්වල ළමයි ටිකක්. පුදුමෙ කියන්නෙ හැම එකාම කියන්නෙ සිංහල බෑ ඉංග්‍රීසියෙන් කතා කරමු කියල. ටිකක් විතර සිංහලෙන් කතාකලේ මුස්ලිම් කොල්ලෙක්:)

    ReplyDelete
    Replies
    1. අනිච්චේ දුක්කේ...ඉංග්‍රීසි යෙන් කතාකොලාට කමක් නෑ..තමුන්ගේ මවුබස අමතක නොකර...අන්තිමට මුන්ට තමන්ගේ රටත් අමතක වෙලා යායි

      Delete
  24. අපේ ගම් ගොඩේ, වෙලේ ඕවිටේ...
    නෙළුම් කවි ඇසේ, මඟුල් දා වගේ..
    මගේ යාලුවේ, ඔහේ නිදහසේ..
    යමූ අපි එහේ, කුරුල්ලන් වගේ.. :D :D
    මටත් යන්න ආසයි..ඇති වෙලා මෙහේ ඉදලා.. :(

    ReplyDelete
    Replies
    1. මරු පැදි පෙළ...

      Delete
  25. කියපු සියලු දේවල් එක්ක එකඟයි සිරා ඇත්ත.

    ReplyDelete
    Replies
    1. ස්තුතී..ලොක්කා

      Delete
  26. දෙමව්පියන් විසින් දරුවන්ට මේ වගේ අත්දැකීම් ලබා දෙනවනම් ගොඩක් වටිනවා
    ඒ හරහා ටිකක් හරි මේ ඇතිවෙලා තියෙන පරතරය නැති කරගන්න වගේම නැතිවිගෙන යන අපේ හොඳ සිරිත් රැකගන්නත් අවස්ථාවක් ලැබේවි කියල මට හිතෙනවා
    කොහොම නමුත් පොඩි උන්ට ලබා දියයුතු වෙන්නේ මේ වගේ ස්වාභාවිකත්වයට කිට්ටු ජිවිතයක් කියල තමයි මම විශ්වාස කරන්නේ

    ReplyDelete
  27. මේ කොළවරි සීන් එක්ක හැම දෙයක්ම වෙනස් වෙලා....රබට් ඇට වලින් රූම් පෙතිහදන්න....දොඹ ගෙඩි හිල් කරලා රූම් පෙති හදන්න..පුවක් කොලේ පදින්න කොච්චර ආසද ඉස්සර.අනික් ආසම දේ කිරිල්ල දාලා බට තුවක්කුවෙන් වෙඩි තියන්න..

    ReplyDelete
    Replies
    1. ඔව් බං බට තුවක්කු වලට කිරිල්ල ගෙඩි දාල වෙඩිතියන කොට කොහොමද සද්දේ...

      Delete
  28. මට මේක මිස් වෙලානේ.....

    මාවත් චූටි කාලෙට එක්කන් ගියා මේ පෝස්ට් එකත් එක්ක.අපි පුංචිම කාලේ ඉඳන් අවුරුද්දකට සැරයක් ගමේ ගිහිල්ලා සතියක් විතර ඉඳලයි එන්නේ නෑදෑයෝ සේරම එක්ක අවුරුද්දට...ඒ කාලේ ගඟේ පැනලා නාන එක තේ ගස් අස්සේ රිංගන එක කඳු බඩගාන එක අපේ සිරිතක් දැන් අවුරුදු හයක හතක වෙලේ ඉඳන් ඒ සුන්දරත්වය විඳින්න ගමේ යන්න බැරිවුනා...මියුරු අක්කගේ අත්තම්මාගේ වීරකම ගැන කියෙව්වට පස්සේ ඇවිස්සුනු සිතුවිලි ආයෙමත් ඇවිස්සුනා.....

    ආසාවේ බෑ අප්පා දැං කූඩැල්ලෝ නැතුවත් ඇති ඒ පැත්තේ....අතීතෙට එක්කන් ගියාට බොහෝම ස්තූතියි අයියේ

    ReplyDelete
    Replies
    1. ගමේ ගිහින් වරෙන් මල්ලා...

      Delete
  29. හිකිස්...වට් ටු ඩූ ඉතින්...

    ReplyDelete
    Replies
    1. යූ කැන් ඩූ එනිතින්..හික්

      Delete
  30. මම හිතුවා මේ රාජ් අයියගේ පොඩි එකා කියලා

    ReplyDelete
  31. කතාව නම් ඇත්ත.... මමත් මගෙ පොඩි එකාව (එහෙම එකෙක් හැදුවොත්) හොඳට ඉංග්‍රීසි එහෙම කොම්පීටර එහෙමත් උගන්නල මගෙ විදියට ගමේ විදියට හදන්නයි හිතන් ඉන්නෙ... කෝ ඉතින් සපොර්ට් එකක් නෑ නෙ තවම..
    :D

    අපේ ගමේ නම් තවම ඔය වගේ ගමේ ගතිය තියේ... ඔය වගේ සෙල්ලම් කරන්න පහසුමකුත් ඉහලින්ම තියේ.. ඒත් ඉතින් දැන් ඉන්න පොඩි වුන් ඒවට ආස නෑ.. උන් ආස මම වගේ ලොකු එවුන් ඒ වගේ දේවල වලින් සෙල්ලම් කොරනකොට බලාගෙන හිනා වෙන්ටයි හූ කියන්ටයි විතරයි නෙවැ.... අනේ අපි නම් සැලෙයි ඒත් ඕවට..
    :D

    මලා... ඒ කියන්නෙ අපෙ උන්ගෙ තාම ගමේ කම තියෙනව නෙ!!
    ඒකනෙ උන් අපිට හූ කියල තියෙන්නෙ!!
    :D :D

    ReplyDelete
  32. රාජ්...
    මෙතන "International / National school" කියල වෙනස් වෙන්නේ නැහැ නේද?
    ඔතන වෙනස තියෙන්නේ ගමයි / ටවුමයි අතර.
    ටවුමේ මොන ඉස්කෝලෙට ගියත් ළමයි ඔයාගේ අක්කගේ වගේ.
    කඩ්ඩෙන් කොටන එක නුගේගොඩ lycium එකෙත් එකයි.. අනුලා එකෙත් එකයි..
    අනික තව කව්ද කියල තිබ්බ TV Program එකක හිටිය International School එකක
    කොල්ලෝ සෙට් එකකට sinhala බැහැ කියල
    තමන් ඉගෙන ගන්න language එක හැර වෙනත් language එකක් බැරි වීම ස්වාභාවිකයි නේද?
    හරියට අපිට English බැරි වුනා වගේ..
    අනික ටවුමේ තියෙන්නේ වෙනම සංස්කෘතියක්, ගමේ තියෙන්නේ වෙනම සංස්කෘතියක්..
    අපිට බැහැ මේ දෙකෙන් කොයිකද හොඳ කියල තීරණය කරන්න
    ඒක පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වෙනවා නේද?

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...