පැයකට ආසන්න
කාලයක් දෙවොලේ ගතකල අප නැවත ත්‍රිමළ නගරයෙන් ඇතට ගමන් කලේමු.මෙවර අපගේ නැරඹුම් පල
නිලාවෙලී මුහුදු වෙරළට ඔබ්බෙන් පිහිටි කොක් දුවයි. අඩ පැයකට ආසන්න කාලයක් ගමනේ
යෙදුන අප මඳක් ජනාකීර්නවූ පෙදෙසකට පැමීනිමු....ගමන අතරවාරයේ බඩඉරිඟු කරලක රස
බැලීමටද අමතක නොකලේමු.
නීලාවෙලි ලක්දිව පිහිටි වෙරළ අතරින් ප්‍රසිද්ධ
ස්ථානය් බැවින් සංචාරකයන්ගේ නිරන්තර පහස
ලද්දකී.....අප මෙහි පැමිනෙන විට ලාංකීයො
මෙන්ම විදේශීය පුද්ගලයන්ගෙන් ද සැදුම්ලත් බොහො පිරිස් දැකියහැකිවිය. පැමිනි රථයෙන්
බැසගත් අප වෙරළ දක්වා වු මාර්ගයේ ඇවිදගියෙමු. බැකො යත්‍රයකින් කපනාලද මාර්ගයක් වූ
එය මඳදුරක් ගියවිට අලංකාර නිලාවෙලි සංචාරක නිකේතනය හමුවේ. එය පසුකරත්ම,මාර්ගය වැලි සහ බොරලුවලින්
ඝහනවී....නිමෙෂයකින් වෙරළ දර්ශනයවේ
තෙරක් නොපෙනෙන මුහුදේ දිය රළ නිරන්තරව වෙරළ
සිප සුදු පෙනකැටි නන්වයි.......අප සංචාරය කිරිමට සැරසෙන කොක් දූව ඇත සිතිජය සමග යාවි
දිස්වේ. මොටර් බොට්ටු කිහිපයක් වෙරළ අද්දර වතුරේ පැද්දෙමින් රළ සමග ඔට්ටුවේ. කොක්
දුවට යැමටනම් මිලක් ගෙවා මෙම බොට්ටුවක්
වෙන්කර ගත යුතුය. මඳ වෙලාවක් වෙරලේ ගැවසුන අප වෙන්කරවා ගත් බොට්ටුවට නගුනෙමු.
බොට්ටුව හසුරවන තැනැත්තා විසින් දෙන ලද
ජිවිතාරක්ෂක උපකරන පැළඳගත් අප සැමතුල පැවති චකිතය මදක් හිනවිය.දෙදෙනකු විසින්
තල්ලුකරනු ලැබු බොට්ටුව මඳක් ගැඹුරු දියට වන්කල...මොටරය සැරදමා ඉදිරියට ඇදෙන්නට
විය..... ඇතැම් විට නැගුන දැඩි රළ කඳ මත බොට්ටුවේ වෙගය හින විය...දැන්දැන් කොක්
දුව දර්ශන පඨයේ විශාලවන අතර අපගේ දිවයින අපගේ දසුනෙන් කෙමෙන් ඇත්වියයි.
බොට්ටුව මඳ වටයක් ගසා දුපත් වෙරලට
පිවිසිය...හත්පස මුහුද ඉතා ශාන්තය මීට ප්‍රදානතම සාදකය විශාල කොරල් පරයක් දුපත වටා
පිහිටිමයි. ඇත්තෙන්ම ප්‍රවෙශම් නුනොත් දෙකකුල් තුවාල විම නැවැත්විය නොහැක.දුපත
බොහො කඩොලාන ශාඛයන්ගෙන් යුක්තය.....මුහුදු පරිසරයේ දක්නට ලැබෙන මිටි ගස් බොහො
තැන්හී වැවී ඇත. එසේම දුපත වටේ සහ අභ්‍යන්තරයේ බොහො ගල් පර්වත දක්නට ලැබේ.
අප පැයකිහිපයක් හොඳහැටි ලවන දියේ ගතකලේමු.
දැන්නම් අදික කුසගිනි දැනෙමින් පවති..... මෙවෙලේ තවත් පිරිසක් රැගෙන පැමිනි
බොට්ටුවක නැගුන අප දුපතට අයුබොවන් කියා අපගේ මවු දිවයින බලා නැවත ගමන් ඇරඹිමු.
ගැනියහැකි කාලයක් මුහුදත් සමග ඔට්ටුවු බොට්ටුව නිලාවෙලි වෙරලට සෙන්දුවිය.
අපව ප්‍රවෙශමෙන් නැවත අප දිවයින වෙත රැගෙන ආ
එම බොට්ටුවේ ක්‍රියා කරුට ස්තුතීකල අප නැවත ත්‍රිමලය බලා පිටත්විමු. අතරමග කුඩා
ගැමි බොජුන් හලකින් කුසගිනි නිවාගත් අතර,පෞරානික යුධ සොහොන්බිම නැරඹිමට ද අමතක නොකෙලෙමු.
මළ හිරුගේ රැස් මාලා ත්‍රීමල ජැටිය වෙලා
දිදුලද්දී.......නැවතත් අපසැම අප මිතුරාගේ නිවෙසබලා පැමිනිමු. මඳ වෙලාවක් අල්ලාප
සල්ලාපයේ යෙදී රාත්‍රි ආහාරයද බුක්තිවිඳ...නිදිවැදුනේ හෙටදින නැවත කොළඹ බලා
පැමිනිමේ අදිටනෙනි......................
යුද්ධය පවතිය කාලයේදී හමුදා නිළධාරියෙකු උන බාප්පා ගේ පවුලේ අය එක්ක ත්‍රීමලය නිලාවේලී පැත්තෙ ගිහින් තිබුනට යුද්ධය නිව උනාට පස්සෙ නම් තවමත් යන්න බැරි උනා...නිලාවේලි වෙරළනම් පුදුමාකාරයි...
ReplyDeleteගමන වගෙම පිතූර ටිකත් අපූරුයි රාජ්
ස්තුති දිල්..............
ReplyDeleteලස්සන ලිපියක් අයියේ. මම එකම එක පාරයි ඔය පැතිවල ගිහින් තියෙන්නේ. ආපහු සැරයක් යන්න ඕනෙ
ReplyDeleteස්තූති.... පුස් මලේ........
ReplyDeletephoto tiken hithaganna puluwan gamana gana nam..patta gamanak wage...
ReplyDeleteඇත්තෙන්ම...රොෂාන්...කොක් දුව කියන්නේ හරිම ලස්සන නිදහස් තැනක් ....මූදේ ගතකරන්න පුලුවං...හොඳම තැනක්.....
ReplyDeleteස්තුති... සහො.කොමෙන්ටුවට......