පාන්දර පින්න හාත්පස වාතයත්..අවට තණ පඳුරුත් තෙත්බරි කොට ඇත. රාත්‍රි දුම්රියෙන් ත්‍රීකුනාමලය වෙත පැමිනි අප,පලමුව අපගේ මිතුරාගේ නිවස්නය වෙත පිය නැගුවෙමු.නගරය මධ්‍යයෙන් මඳක් ඉවතට වන්නට පිහිටා තිබු ඒය..පුරාන විජාතිය බලපැම් වලට ලක්ව නැගුන ගෘහ නිර්මණයන්ගෙන් යුක්තවූවක් විය.
මඳක් විඩාබර නෙත් ඇත්තන් වූ අපව ඔහු සාදරයෙන් පිලිගනු ලැබීය. උදැසන ආහාරයෙන් සන්තර්පව ටිකවෙලාවක් වීඩානිවූ අප, රැගෙනයාමට පැමින තිබු රියෙහි නැගුනේ ත්‍රීමළයේ පහස වීදීමටයි. දුහුවිලි වැකුන ගුරු පාරේ බොහො සුදු සමනළයින් පියැඹුහ...පලමුව කින්නියා උනුවතුර ළිං වෙත පැමිනි අප ඉට ළඟාවිමට මඳ දුරක් පයින් ගමන් කල යුතු විය.....
යුද්ධය හේතුවෙන් නටඹුන් වූ නිවෙස්නයන් මෙහිද දක්නට ලැබුන අතර කුඩා දෙවොලක් සහ බොධීයක් ද ඒතර තිබින....බොහො දමිල ජනයා එහි ගැවසුනේ ඔවුන්ගේ එදා වෙල සරිකර ගැනිමට, යම්යම් දැ මිල කිරිමටයි. ඒ අතර සාත්තර කියමින් එමේ අත ගමන් ගත් අහිකුන්ටික ජනයා ද විය....
එතැනින් නික්මුන අප ඒ ප්‍රදේශයේ තවත් සොඳුරු දසුනක්වු කින්නියා පාලම ද නැරඹීමට අමතක නොකලේමු. නැවත ත්‍රීමලේ නගරද්වාරය පසුකල අප, දමිල ජනයාගේ මෙන්ම සිංහල ජනයාගේ ද නිරන්තර පුදසත්කාරයන්ට බඳුන් වූ කොනෙෂ්වරම් දෙවොල වෙත පැමිනිමූ.
පෘතුග්‍රීසි,ලංදෙසී මෙන්ම ඉංග්‍රීසින්ගේ වරින් වර බලපැම් වලට යටත්ව චිරාත් කාලයක් පැවත ආ මෙම දෙවොල ඓතිහාසිකවද අතිමහත් වටිනාකමකින් යුක්තවූවකි.නිරන්තර මුහුදු රළ නගන ත්‍රීමළ ජැටිය ඔස්සේ පැමින කොටුපවුරේ පිවිසුම් දොරටුවෙන් ඇතුල්වී මඳ නැග්මක් සහිත මඟේහි ඉහලට ආ විට දෙවොල දිස්වේ.
වර්තමානයේ මෙහි කොටුව ඇතුලත හමුදා කඳවුරක් පවත්වාගන යනු ලබයි. ඔවුන් විසින් ඒ අවට පරිසරය ඉතා අලංකාර ලෙස සකසා ඇත.ඉහලට නැග යනවිට අවට මුහුදු බොක්ක මනස්කාන්ත දර්ශණයකි. දෙවොලේ එක් පසෙක මායිම සීඝ්‍ර බැවුමකින් යුක්ත වූ විශාල ගල් පර්වතයකි.ඒය මුහුදින් අවසන් වන අතර ගලේ පිහිටා ඇති ගසෙක බොහො පඬුරු ගැටගසා මල්මාලා එල්ලා ඇත…………………….
ඔය කෝනෙෂ්වරම් කෝවිල පිහිටා තියෙන්නෙ හරිම ලස්සන වට පිටාවක කියලා අහලා තිබුනත් යන්න වම ලැබිලා නම් නෑ.... රසවත් විදියට චාරිකාව ගැන ලියලා තියෙනවා රාජ්
ReplyDeleteස්තුතී දිල්......
ReplyDelete