සිරිත්පරිදී ඒදිනය එලැඹී තිබින අරුණාලොකයත් සමග අප නැවතිසිටි අනුරපුරයෙන් පිටත්වූයේ වියාපෘතියේ තවත් දවසේක වැඩකොටස අවසන්කිරිම සඳහායි. 9 ම දෙනෙකුගෙන් සමන්විතවු අප රැගත් රථය මරදන්කඩවල හරහා හබරනට සෙන්දුවිය. හිම්දිරියේ ලා මිදුමද සමගින් වැඩි කලබලයක් නැති මන්සන්දිය උදැසන පිලිගන්නට සැරසේ.
උදැසන ආහාරය මෙහිදි බුක්තිවිඳි අප නැවතත් කන්තලේ දෙසට ගමන්කලේමු. වර්ථමානයේ මෙන් නොව එදවස "2004" මෙම ප්‍රදේශ එතරම් නාගරීකරනයට හසුවී නොතිබින. හතරැස් කොටුව පොලිස් මුරපොල පසුකර විශේෂිත වූ යාකාගේ වංගුව සමගින් කුඩා හමුදා කඳවුරු කිහිපයක් පසුකර නිරුපද්‍රිතව අප කන්තලේට සපැමිනුනෙමු. යුද්ධය තාවකාලික නැවතිල්ලකට භාජනය වී තිබූවද මාර්ගයේ එතරම් මිනිස් ඝහනයක් නොමැති තරම්ය.
තොප්පූර් හරහා මූත්තූර් වෙත යැම සඳහා කන්තලේ නගරයේන් වමට හැරි ගමන්කල යුතුවිය. යුද්ධ කාලවකවානුව තුල එක් විශේෂ ලක්ෂණයක් වූ මර්ගය දෙපස මිටර 50 පමන වූ ප්‍රදේශය ඩොසර්කර වනය තලාතිබිම මෙම මාර්ගයේද දක්නට ලැබුනි. මාර්ගය දෙපස තැනින් තැන තාවකාලික බංකර් සාදාතිබූ අතර මර්ගයේ හමුදා රථයක් හැරෙන්නට වාහන නොමැති තරම්ය.
දුරුකතර ගෙවා මහා දුක්කම් කටොලු ගොන්නක් තුරුලුකරන් ගලන මහවැලි ගඟ තම නොනිම් මෙහෙවර නිමවමින් මුහුදබලා ගමන්කරන මගෙහි අවසන් අදියර කිහිපය පසුකරමින් යන අයුරු කන්තලේ නගරය පසුකරමින් එන ගමනේදී අප දිටිමු. කන්තලේ පසුකර සැතපුම් 40 පමන ආ කල තරමක විශාලත්වයෙන් යුක්තවු ඇළක් සමුවේ, එදවස අලි ඔලුව මංසඳිය හරහා දිවෙන මාර්ගයේ ඇති පාලම කොටීන් විසින් විනාශ කර තිබූ බැවින් තොප්පූර් වෙත යාමට අරකී ඇළ ඉවුර අසලින් වැටිඇති මාර්ගයේ ගමන් කලයුතුවිය.
මඳ චකිතයකින් යුක්ත වුවත් අප එම මාර්ගය ඔස්සේ නැවත තොප්පූර් දෙසට ගමන් ගතිමු. සාරවත් ඇළ පහරක් වූ එය,.. අවට කුඹුරු සාරවත් කරමින් ගලා ගියේය. අවට ගැමි පරිසරයේ වූ අලංකෘතියෙන් අපගේ චකිතය වියැකිගියාක් මෙනි. අප ගමන්ගත් එම මාර්ගය කිසිඳු අයුරකින් තාරවල පහස නොලද්දකී. එම ප්‍රදෙශයේ ගෙවල් හි බොහො ගව ආදී සත්වයන්ගෙන් යුත් සත්ව කර්මාන්තය දක්නට ලැබින.
තරමක් සෙමින් ගමන්ගත් නිසාදො තොප්පුර් වෙත පැමිනෙන්නට අපට අඩ පැයක් පමණ ගතවිය. තොප්පුර් හී හමුදා මුරපොල පසුකර පැමිනි අප තොප්පූර් මහ විදුහල වෙත පැමිනීමු. අප සගයන්ගෙන් 4 දෙනකු එහි කර්තව්‍යන් සඳහා නතරකල පසු නැවත මූත්තුර් වෙත ගමන් ගතිමු. යන මගදෙපස විශාල කුඹුරු යායවල් දක්නට ලැබින ඇත්තේන්ම මඩකලපුව, අම්පාර ප්‍රදේශයන් හි මෙවන් විශාල කෙත්වතු සුලබ දසුන් වේ.
එකල මෙහි මාර්ගයන් අන්තිම අබලන් තත්වයේ පැවති හෙයින් තරමක කාලයක් ගෙවා අප මූතුර් අද්‍යාපන කන්තොරුව වෙත පැමිනිමු. අපහට සෙවය සැලසීමට තිබූ පාසැල කොටි පාලන ප්‍රදේශයක පැවති බැවින් එහි යාමට එම පැසලේ ගුරු බවතුන් දෙදෙනකුගේ පැමිනිම අත්‍යවශ්‍ය කාරනයක් බැවින් ටික වෙලාවක් අපහට එහි නැවතිමට සිදුවිය.
මඳ වෙලාවකින් ඔවුන්ගේ පැමිනිමත් සමග නැවත අපගේ ගමන ආරම්භවිය. මූතූර් හමුදා කඳවුර පසුකිරිමෙදී අපසමග පැමිනි අපගේ මුස්ලිම් සහුර්දයේකු අපට හමුදා මුරපොලේ රඳවා යැමට සීදුවූයේ,...පෙර දිනයේ දමිල කොටි සාමජිකයන් හා මුස්ලිම් වරුන් අතර ගැටුමක් පැනනැගි තිබුන බැවිනි. හමුදා කඳවුර පසුකර මිටර 500 පමන යුධ මුක්තකලාපය පසුකල අප කොටි අඩවියේ ඔවුන්ගේ කඳවුර වෙත සෙන්දුවිමු.
" ඔකේ මුස්ලිම් එවුන් ඉන්නවද....? "
ඒ ඔවුන්ගේ පලමු පැනයයි,.. අපසගයා හමුදා භාරයේ තබා පැමිනිම කෙතරම් සුබදායකදැයි පැවසිමට මිටවඩා කරුනු කිම.අප සමග පැමිනි ගුරුවරු දෙපලගේ කරුනු පැහැදිලි කිරිමෙන් පසු නැවත ඉදිරියට ඇදුනෙමු. මෙම අවස්ථාව අප හද ගැස්ම උච්චතම මට්ටමට පැමිනි මොහොතකී,......අප රැගත් රථය වටකොට එල් ට් ටී ඊ බට පීරිසක් යතුරු පැදිවලින් දෙපසින් ඉදිරිපසින් හා පසුපසින් අප සමගාමිව ගමන් කරනා ලදී.
මූතුර් විදුහල ඉදිරි පසදී කන්ඩායමෙන් පිරිසක් නැවතුන අතර අනෙක් පිරිස අප සමගින් විදුහල් භූමියට ඇතුලු විය. කෙසේ වුවත් විදුහලේ විදුහල්පති සිනාහවකින් අප පිලිගත් අතර අපසැම චකිතයකින් යුක්තව රථයෙන් බැසගතිමු. හාත් පස ගොඩනැගිලි සෙල් වෙඩි ප්‍රහාරයන්ට ලක්වී ඇතිඅයුරු කඩතොලු මගින් හඳුනා ගත හැකිවිය. පාසලෙහි විදුලි සැපයුම අක්‍රියව පැවතින. කෙසේහො අප ආ කාරනය කඩිනමින් අවසන්කිරිමට උත්සහ ගතිමු. අප වැඩෙහි යෙදෙමින් සිටින අතර තුර එම ප්‍රදේශයේ කොටී නායිකාව යැයි හැඳින් වූ තරුණ ගැහැනියක් ආයුධ සන්නද්ධව අප වැඩෙහි යෙදෙන ආකාරය සිනාමුසු මුහුනින් බලාසිටියේය.
විටෙක මෙවැනි කාල වකවානුවක කොටි පාලනය අත්කරගත් ප්‍රදේශයකට රජය විසින් කුමට මෙවන් ව්‍යපෘතියක් ලාබදුන්නේදැයි අපට සිතුන වාර අනන්තය. ඒ කෙසේ උව විදුලිය නොමැති හෙයින් පරිඝනක ජාලය පනගැන්විය නොහැකි බව අප විසින් විදුහල්පති වරයාට දැනුම් දෙන ලදී. ඒ අවස්තාවේ කොටි සාමජිකයන් කුඩා විදුලිජනකයක් ගෙන එන ලදී. එවන් විදුලීජනකයකින් මෙම පද්දතිය ක්‍රියාත්මක නොකලහැකි බව අප පවසාසිටියද....ඔව්න් එය තෙරුම් නොගත් හෙයින් පද්දතිය පනගැනේවීමට උත්සහ ගැනිමෙදි එක් මොනිටරයක් පුපුරා ගියේය.
එතකින් එම ක්‍රියාව අවසන් වෙනලදී. ඒසමගම තවත් ප්‍රශ්ණයකට මුහුන දෙන්නට අපහට සිදුවිය,...එනම් විදුහල් පතිවරයා දහවල් කැම සඳහා අපට ආරාධනා කිරිමයි. අපට කොටින්ගේ කැම අවශ්‍යය නොමැතිබව අපගේ සිත් අපහට තරයේ පැවසුවද පැවති වාතාවරනය හමුවේ එයට මුහුන දීමට අපට සිදුවිය.
පාසැලේම එක් ගොඩනැගිල්ලක දිවා බොජනය සකසා තිබින. නමුත් අදාල ශාලාවට පිවිසි අපගේ මුහුනුවල තිබු විපිරියාසය හොදින් එදෙස බැලු කෙනෙකුට තෙරුම් නොයන්නෙනම් පුදුමයකි,..... මන්ද ශාලාවේ එක් පසෙක බිත්තියෙහි කොටිනායක ප්‍රබාකරන්ගේ පින්තුරයකි. අපොයි අපගේ දෛයිවයක මහත....අපවිසින් පිලිකෙවු කෙරු කොටි නායකයා ගේ මුහුන බලමින් ආහාර ගැනිමට අපට සිදුවිය.
හැකි ඉක්මනින් එතැනින් නැගිසිටි අප විදුහල්පතිවරයාට ස්තුති කොට එතැනින් සමුගතිමු. නමුත් කොටි පාලන ප්‍රදේශයෙන් පිටවනතෙක්ම කොටින් විසින් පෙරකී ලෙස අපව වටකොට පැමිනියේය. නැවත මූතූර් නගරය හරහා තොප්පූර් වෙත පැමින අපගේ අනෙක් සගයන් රථයට නන්වාගත් අප පුලුවත් තරම් ඉක්මනින් කන්තලේ වෙත පැමිනිමු. මෙතෙක් මහත් චකිතයකින් ගමන් ගත් අපහට මඳ අස්වැසිල්ලක් අත්වූයේ කන්තලේ නගරයට පැමිනිපසුය.
කෙසේහො රාත්‍රි 10 පමන වනවිට අනුරපුරයේ අපගේ නවාතැන්පලවෙත නැවත නිරුපද්‍රිතව පැමිනිමට අපහට හැකිවිය.
ඕහෝ.....එහෙනම් රාජ් LTTEස් ලගෙ කෑමත් කෑවා එහෙනම් :P
ReplyDeleteකොහොම නමුත් දුෂ්කර..තරමක් භයානක ගමනක් නේද ?
දිල්,..වීරක් ක්‍රියාවකට යන්ඩ තරම් ආයුෂ කෙටිවී නොතිබූ බැවින්....ඒ වෙලාවේ වෙන කරන්ඩ දෙයක් තිබ්බෙ නැ
ReplyDeletehahaaaa....
ඔබ ලියන විදිය හරි ලස්සනයි. ඒ වගේම අපට මතක නැති වී ගෙන යන යුධ මානසිකත්වය නැවත මතක් කරන්න මේ ලියමනට පුළුවන්. ඒ නිසා ආපසු දෙමළ මිනිස්සු අතර ත්‍රස්තවාදය ඇති නොවන විදියට ඒ මිනිස්සුන්ගේ වුවමනාවන් සැළකිල්ලට ගන්න ඕන කියල මිනිස්සුන්ට කියන්න මෙවැනි ලියමන් පුංචි හරි උත්සාහයක්.
ReplyDeleteස්තුතී ඔබගේ අදහස්වලට....
ReplyDelete