Tuesday, July 5, 2011

කොච්චියෙන්..වලච්චෙනේට.....කඳවුරු ක්‍රීඩා...1 ක....


ඉක්මනට වැඩටික ඉවරයක් කරගත යුතුය......
කථිකා කරගත් පරිදි රාත්‍රී 7.20 කොච්චිය සඳහා කොටුව දුම් රිය ස්ථානය වෙත යායුතුය....නැතහොත් රසවත් අද්දැකිමක් මගහැරියනු ඇත.
මේ සුදානම වාලච්චෙනේ බලා යැමටයි.මන්ද එහි සිටින අපගේ දමිල සහුර්දයන්ගේ ඇරයුමක් මත කඳවුරු ක්‍රියාකාරකමක යෙදිමටයි.

දහවල් පරිචය අවසන්වී..රාත්‍රි රැඟුමට කොලොම්පුරය සැරසෙත්ම ...අපපිරිස කොටුව දුම් රිය පලට වන්හ. රාත්‍රි 7.00 පමන වනවිට මඩකලපුව බලා දිවෙන රාත්‍රි දුම් රිය 3න් වන වෙදිකාවට ලඟාවිය.කලින් ආසන වෙන්කරවාගන තිබු බැවින් කරදරයකින් තොරව ම, අප දෙවන පන්තියේ අප සඳහා වෙන්වු මැදිරියට ගොඩ වීමු.ඇත්තෙන්ම අපට පැය 10ක පමන කාලයක් දුම් රිය තුල ගතකිරිමට සිදුවේ..රාත්‍රී කාලය බැවින් මනාලෙස මග රූසිරි නැරඹිය නොහැක. ටික වෙලාවකින් දුම් රිය තම ගමන ඇරඹීය.

සඳුගේ කාන්තිය කැළණි ගංතලාව පුරා පැතිරුන මොහොතක අප රැගත් දුම් රිය කොලොංතොට සීමාව පසුකලේය. නිරන්තර දුම් රියෙන් නැගෙන හඬ ඇරුනුකොට, අප දෙවන පන්තියේ අසුන් ගෙන සිටි බැවින් හා රාත්‍රි කාලය උදාවි තිබු බැවින් දුම් රිය තුල ඝොසාකාරී බවින් තොරවිය. රාත්‍රි ආහරය දුම් රිය තුලදී අනුබවකිරිමෙන් පසු යමෙක් ආගියතොරතුරු හෙට දින වැඩ කටයුතු වල දොඩ මළු වු අතර..., තවෙකෙක් නින්දත් නොනින්දත් අතර සටනක යෙදෙනු දැකිය හැකිවිය.
දුම් රිය වේගය...නිරන්තර වෙනස්වීම් වලට තුඩු දෙමින් ඉදිරියටම ඇදෙයි..... යම් අවස්ථා වකදී.. විල්ලු අතරින් එය දිවයයි...... රැ මැද හෙයින් දො,.. වා කවුලු තුලින් තරමක සීත සුලඟක් හාමා එයි.... විටෙක එය ගතේ දැවටි හිරිඟඩු නංවයි......

පැය කිහිපයකට පසු දුම් රිය අප එක්... සන්දිස්තානයකට ගෙනෙන ලදී...ඒ මහව දුම් රිය ස්ථානයයි.මහව දුම් රිය ස්ථානයටම වෙන්වු අපුරු විශේෂත්වයක් ඇත ඒ...කොපි පානයයි...කොපි වලින් පිරවු උනුසුම් බොතල් රැගත් පුද්ගලයන් එමේ අත දිවයමින් එවා අලෙවිකරයි... දුම් රියේ නිදමින් සිටින බොහො මගීන් මෙම ස්ථානයේ දී.... අවදීවී කොපි පානය කරයි. " ඇත්තෙන්ම මහව හා කොපි එකට බැඳී ඇති සෙයකී...."

මහව ප්‍රධාන දුම් රිය මාර්ග දෙකක් වෙන්වන සන්ධිස්ථානයක් වේ. මද වෙලාවක් ගමන් වෙහෙස නිවු දුම් රිය ...නැවත තෙරක් නොපෙනෙන අදුර මැදින් මඩකලපුව බලා ගමනේ යෙදෙන්නට විය....

3 comments:

  1. මහව කෝපි එකට බැඳිල වගේම බදුල්ල සහ කෝපිත් එකට බැඳිලා නේද රාජ් ?

    බදුල්ලට ට්‍රේන් එකේ ගිහින් තිබුනත් මහව ට්‍රේන් එකේ ගිහින් තියෙන්නේ මහවට විතරයිද කොහෙද ...බලමුකො මේ ගමන කොහොමද කියලා....

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. දිල්......තිබෙන අවිවෙකී කාලය තුලත්, ඔබ බ්ලොග් එකට කමෙන්ට් කරන එකට බොහොම ස්තුතී.... ' ඉක්මනටම සතුට ඔබ සහ ඔබ ආදරෙ කරන සැමට ලඟාවෙවා කියලා ප්‍රාර්ථනා කරනව"
    ඇත්තෙන්ම බදුල්ලට කොච්චියෙන් යන එක අති සුන්දර අත්දැකිමක්....
    නමුත් මහවෙන් අනෙක් පැතිවලට දිවෙන දුම් රිය මාර්ග තරමක් කර්කෂයී..

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...