Thursday, February 21, 2013

බොක්කුව හදන දවස්වල.....




කරුණාවයි කරුණාවයි සමන්දෙවිඳු කරුණාවයි....!

සිරිපාදේ කාලේත් ආවනේව හැබැ මේ සතිඅන්තෙනම් පට්ට සෙනගක් ඉඳි  සඳුදා පොයනේව...

ඉස්කොලේ ඒලේවල් කාලේ අපේ යාලුවො සෙට් එකක් ගියා සිරිපාදේ ….

" මචං අපේ ෆැමිලිවල අය සිරිපාදේ යනව උඹල සෙට් එකත් වරෙන්ලා "

නිකං හම්බෙන අස්සයාගේ දත් ගයින්ඩ එපා කියන්නැහේ සෙට් එකම කැමතිවෙලා ට්‍රිප් එක යන්න..

ඔන්න කියාපු දවස ආවා කොල්ලො සෙට් එකෙන් ඉස්සෙලම නගින්න හිටපු එකා කබ කඩ කඩ පාරටවෙලා ඉන්නවලු වෑන් එක එනකං    

ටිකක් වෙලා යනකොට එනවලු දර හට්ටි මුට්ටි පටවගත්ත තඩි බස් එකක්. මූට හෙන අප්සෙට්ලු ඇයි ඉතින් යනව කිව්වේත් ෆැමිලිවල කස්ටියනේ බස් එකේ ඉස්සර ඉන්නවලු අච්චිලා සීයලා සෙට් එකක්ම.

"ඔය මල්ලි සිරිපාදේ යන්නනේද ඉන්නේ එහේනං නගින්න…"

ආපහු හැරිලා දුවන්ඩ කියලද අපෙ එකත් කටයි පු...වහගෙන නැගල බස් එකට. ඊටපස්සේ අනිත් කොල්ලො සෙට් එකත් මුනු ඇඹුල් කොරගෙන බස් එකට නැගල සිරිපාදේ යන්ඩ එපැ දෙයියනේ ඉතින්….

මගගෙවාගෙන ආපු කස්ටිය හැටන් නල්ලතන්නිය ඔස්සේ සිරිපාදේ කරුණාකරලා වරුගානක් ගෙවාගෙන උඩමළුවටම ඇවිත් මොකෑ වයසක උන්දලාත් එක්ක එපායැ හරිහරියට කරුණාකරන්න.

රැබොවෙලා ආපහු පහතට බැහැගෙන නල්ලතන්නිය හරියට එනකොට නඩේ පොඩි කලබලයක් ඇතිවෙලා එක පවුලක පොඩි එකෙක් නැතිවෙලා…….

මොකෑ කොරන්නේ කෙලින්ම ඇඟිල්ල දික්වෙන්නේ අපේ කොලුරැලටනේ ඔන්න ඉතින් අර අංකලුයි ඇන්ටියි එක්ක ආපහු උඩහට කරුණාකොරන්න පටං අරන්  කොල්ලොටික, ජපන් පංසල හරියටම ඇවිත්  එත් හොයාගන්ඩ බැරිවෙලා එතන තිබුන පොලිස් කුටියට පැමිනිල්ල කියලා…. හැබැයි වෙලාවට පොඩි එකාගාව සෙල්ෆොන් එකක් තිබිල තියෙනව

රාලහාමි : පුතාගේ වයස කියද…?

අංකල් :  අපේ ගේ ඉස්සරහා පාරේ බොක්කුව හදන දවස්වලනේ එකා ඉපදුනේ ..!

ඇන්ටි :  රාළහාමි, පොඩි පුතා ඉස්කොලේ හතවසරෙද කොහේද ඉන්නේ..!

රාලහමි :  පුතාගේ ෆොන් නම්බර් එක කියන්න…?

අංකල් : ඒක දන්නේ ලොකු එකා

රාළහාමි : එහේනම් ලොකු පුතාගේ ෆොන් නම්බර් එක කියන්න..?

අංකල් : එක දන්නේ ශෙඩ් එකේ නිමල්..!

රාලහාමි : එහේනම් නිමල්ගේ නම්බර් එක දෙන්න.?

අංකල් : එක දන්නේ එහාගෙදර උන්දැනේ..!

රාලහාමි : ඒ, නම්බරෙ කොහේන්ද හොයාගන්නේ …?

අංකල් : පොඩ්ඩක් ඉන්ඩ කොලකැල්ලක ලියලා තිබුනා...!

අපේ එවුන්ගේ වෙලාවට පොකැට් එකේ තිබුන කොලේක ඒ නම්බර් එක තිබිලා රාළහාමිට දිලා
ජංජාලේ කියන්නේ ඒපාර සිග්නල් නැතිලු කොහොමහරි පැයක් විතර කට්ටක් කාල කොල් එකක් අරං බලකොට පොඩි එකා පොලිසියේ එක්කේනෙක් එක්ක උඩ මළුවටම ගිහින්

උඩටයන්න බෑ කියල අපේ උං කන්කෙඳිරි ගාපු නිසා අර අංකලුයි ඇන්ටියි.. මළුවට ගිහින් පොඩි එකාව අරගෙන ඇවිත් ..!

කොහොම් හරි දවස් දෙකක් විතර ගෙවාගෙන අපේ උන්ටික ෆැමිලි ට්‍රිප් එක ගොහින් ඇවිල්ලා…!





Thursday, January 17, 2013

ලියුමයි..! බූට් එකයි....




  දැනට අවුරුදු බරගානකට කලින් ඒ කියන්නේ 90 දශකයේ ඔය සෙල්ෆොන් පඳුරක් පඳුරක් ගානේ තිබ්බේ නැහැ නොවැ. ඉතින් ප්‍රෙම වන්තයෝ තමන්ගේ පෙම් පනිවුඩ හුවමාරු කොරගත්තේ කොපි පොත්වල කොලවලටයි බොල්පොයින් පැනටයි පින්සිද්ද වෙන්ටයි. හැබැ ඉතින් තමන්ගේ කුමාරිකාවට සුපිරි අකුරුවලින් කොලේ පිරෙන්ට ආදර වැහි වස්සවන්ට කොලුපැටව් ෆුල් ට්‍රයි එක දුන්නැ කිව්වොත් එක ගල්පැලෙන බොරුවක් වෙනවනේව..!

  ලංකාව පුරා ඔය විදිහේ පෙම් ජවනිකා ඇතිවි නැතිවි යන අල්ල පනල්ලේ අපේ කොඩියත් ඉස්කොලේ යනවා, දැනටත් කොඩියගේ අත් අකුරු සුපිරි ඉතින් ඒකාලේ සිද්ද වෙච්චි හරි අපූරු සිද්දියක් තමයි මේ දිගහැරෙන්නේ...

    කොඩියගේ පංතියේ හිටපු යාලුවො දෙන්නෙක් බාලිකා ඉස්කොල දෙකක ගැනුලමයි දෙන්නේක්ට පන ඇරල කාටුකාගෙන තියෙන ඔක්කොම ශිල්ප ක්‍රම යොදාන තමන්ගේ හිතේ කැකැරෙන ආදරේ පුදකොරන්ට දතකෑව.

  ප්‍රේම කතාවේ මේ කුමාරිකාවෝ දෙන්නගෙන් එක් කුමාරිකාවක් අපේ යාලුවොත් එක්කම එකම ටියුෂන් පන්තිවලටමයි ආවේ ගියේ. හැබැ අනිත් කුමාරිකාව අපේ කොලුගැටයන්ට ඇහැගැටෙන්නේ සීමිත දවස් ගානකදි තමයි.

  ඔන්න ඉතින් මේ කොලුගැටවු දෙන්නටම අපේ කොඩියා බොක්කෙන්ම සපොර්ට් එක දුන්නා කාපු කටුවලින් අරික්කාලක් විතර වැටුනෙත් කොඩියගේ සාක්කුවට.

  නිතරම මුනගැහෙන කුමාරිකාවට බෑල්මට් එක දාගෙන හිටපු කොලු ගැටය කල් යල් බලලා වැඩේ ගොඩයන බව දැනගෙන තමන්ගේ ප්‍රථම ප්‍රේම සංදේශේ කුමාරිකාවට දිලා දැම්මා. ඔන්න ඉතින් කිරිගහට උල්පිහියෙන් ඇන්නහේ වැඩේ සුපිරියට ගොඩ ගියා..

 හැබැ වැඩේ කියන්නේ  අර කුමාරිකාව නොදන්න එකදෙයක් තිබුනා... පෙම් කොලේ තිබ්බ කිරි කිරි අකුරු අපේ කොඩියගේ බව, මොන කුමාරයද කැමති තමන්ගේ කුමාරිට දීපු මුල්ම පෙම් හසුන ලිව්වේ තමුන් නෙවෙයි කියලා කියන්ඩ. 

කොහොම හරි ඉතින් ඒ වැඩේ අවුලක් නැතුව ගොඩගියා කියමුකෝ....,

   නමුත් ප්‍රෂ්ණේ පටන්ගත්තේත් එතනින්ම තමයි…. නිතර මුන නොගැහෙන කුමාරිට බැල්මට් එක දාපු අනිත් කුමාරයත් දැන් හොඳකාලේ කියල හිතලා බොක්කටම වැදිලා හිටපු කුමාරිට තමන්ගේ ප්‍රථම පෙම් හසුන දුන්නා...

   කොලුගැටව් දෙන්නා නොදන්න කාරනාවකුත් ඔය අතරේ තිබුනා කුමාරියෝ දෙන්නා ගියේ පාසැල් දෙකකට උනාට ඒ කුමාරිකාවෝ දෙන්නම හොඳ යාලුවො බව

 දෙවැනියට හසුන ලබාගත්ත කුමාරිකාව තමන්ට ලැබුන මුල්ම පෙම් හසුනත් අරගෙන සිහිනෙන් වගේ ගියේ කලින් කිව්ව කුමාරිව මුලිච්චි වෙන්ට...හැබැයි වැඩේ පත්තු උනේත් මෙතෙන්දි තමයි..!  

දෙන්නත් එක්ක පෙම් හසුන කියවන්ට ගත්තා ලියුමේ අත් අකුරු දැක්ක ගමන් මුලින්ම සංදේශේ ලැබුන කුමාරි කියපි මගේ ලියුමෙත් තිබ්බේ මේ අත් අකුරුමයි කියලා... අර සිහින ලොකේ හිටපු කුමාරිකාව පියවිසිහියට ආවේ එතකොට,

  පුල් අප්සට් එකේ හිටපු කුමාරිකාව පහුවෙනිදම අපේ කොලු ගැටයව මුන ගැහුනා..

 "හාපුරාකියලා මම දෙයක් පටන්ගන්න ගියා නමුත් ඔයා පටන්ගන්න කොටම මට වංචා කලා කව්ද මේ ලියුම ලිව්වේ"

අසනිමහා වරුසාවක් කඩා වැටෙන්නැහේ තිබ්බ ආවේගෙට කුමාරිගේ ශ්‍රි මුවෙන් වචන කඩාපැන්නා

  ඉතින් කොලු ගැටය වෙච්චි සිද්දිය කියල දැම්මා නමුත් ඒ වැඩේ හරිගියේ නෑ ලියුමක් නැතුවම ආදර කතාව ජයගන්න තරමට වැඩේ සැට්වෙලා තිබ්බත් වෙච්චි සිදුවීමෙන් ඒ කතාව ලත්තැනම ලොප් උනා.!

හේම්....

නමුත් ......

කලින්ම සංදේශේ හුවමාරු කරගෙන නිතර මුන ගැහුන අනිත් කුමාරයයි කුමාරිගේයි පෙම් පලහිලව්වට නම් අවුලක් වුනේ නෑ කියල තමයි ආරංචී..!

හරි කතාව ඉවරයි…! එක හේයි කියමුකො.....

අපේ බ්ලොග් අයියල අක්කලා නංගිලා මල්ලිලා මාමලා නැන්දලා වෙන්ට තාත්තලා වෙන්ට අම්මලා ඔක්කොම මේ 27වෙනිදා ගම්පහ මල්වත්තට එන්ටලා ඇවිල්ලා ෆුල් ජොලියක් දාලා යන්ටලා….




   

Tuesday, January 1, 2013

ඉහලින්.....පහලට....!




රන්තැඹිලි ගසේ අත්තකට වී මෙතෙක් කරච්චලයක් වූ කපූටු තෙමේ ක්ෂනයෙන් නික්ම ගියේය.. උදැසන සිට වහින්නද පායන්නදැයි සිතමින් දෙලොවක් අතර සිරවී සිටි අහස හඬා වැටෙන්නට පටන්ගෙනය.... වසරක් පමණ ඉහල පරිසරයක දිවීගෙවු අප නැවත පහල වටාපිටාවකින් අලුත් අවුරුද්ද අරඹන්නට සියල්ල සැලසුම් කර අවසන්නය. වසරක් පමණ තරප්පු පඩි නගිමින් බසිමින් ගෙවූ අවදියට සමුදෙන්නට කාලය එළඹ ඇත. විසල් ගස්වලින් හෙබි පහළ වටාපිටාව අප පිළිගන්නට සැරසෙමින් සිටිනා අයුරු ඊයේ උදැසන එහි ගිය මාහට දැකගත හැකිවිය.

  හරිත මඩුලු අතරින් උස්වී පෙනුන කොන්ක්‍රිට් කුළුනු, නෙත් මානයෙන් ඔබ්බට බොඳවී යන අයුරු... උදැසන ළහිරු රැසින් වර්ණ ගැන්වු නැගෙනහිර අහස..... වළා රහිත නීල අහසේ දුටු දිදුලන තරු රටා....නෙතට හුරුවී තිබු මේ සියල්ල නෙතින් ගිලිහෙන්නටත්.., නීල අහස්තලය වසාගත් හරීත ගොන්නක් තුල කිමිදෙන්නටත්.. ඇත්තේ අතැඟිලි වලටත් වඩා අඩු දින ගනනකි. විසල් තණ පිටිය පුරා දිවයන්නටත් රූස්ස තුරු වදුළු අතරින් පිය මනින්නටත් සුපුරුදු රටාවෙන් මදකට මිදෙන්නටත් අවැසි සියල්ල දැන් සැකසී හමාරය .

නව වසර ලබන්නට ඔන්න මෙන්න කියා.... ජිවන රටාව තරමක් වෙනස් වීමම, සිතගත නැවුම්ව උද්දාමයෙන් ඉපිල යාමට ඉවල්වී ඇත....තවත් රහසකි, ඒ කැදැල්ලට අලුත් අමුත්තලු පහල විමේ නිමිත්තයි……

නව වසරේ අභියොගයන් බොහෝ හමුවනු ඇත. ඒවා සැහැල්ලුවෙන් ජයගත යුතුය…. දිය බුබුලකින් හටගෙන මහ මුහුද හමුවන තෙක් නෙක කඩයිම් පසුකරමින් ගලායන ගඟක් මෙන් ... මුහුද නැමති නිර්වානය.. සැනසුම හමුවන තෙක් ගලා යායුතුය මනුස්ස ජිවිතයේ අපුර්‍යත්වය එයයි...නැවුම් වසරකට පාතැබු පසු ඊලඟ වසරට ද අරමුනු සකසා ගත යුතුම වන්නේය මන්ද පා තැබු සැනින් නව වසර ගෙවී යන්නට පටන්ගන්නා බැවිනි.

   2012ක් ගතවී 13ක් උපදින නව වසර.., සියලුම ලෝවාසින්ට මෙන්ම හිතමිත්‍ර ඔබ සැමට...,  

නැවුම් අරමුනු ඉපැදෙන.. පෑතු අරමුනු සපිරෙන සැනසුමෙන් සපිරි…. 

වාසනාවන්ත ජීවන රටාවක් උරුම වේවායි...  පතමි ...!!!

ප/ලි 

     ඔබ මේ ලිපිය කියවන මොහොතේ අප එහි ගොසින්ය....!



Monday, December 17, 2012

නැත..නැත. සහ ඇත..ඇත...!




 පසුගිය සති අන්තය ලොක බලවතාටනම්.... එතරම් සුබ වූයේ නැත අසන්නට ලැබුන පුවත ඔවුනට මෙන්ම සසලවන සිත් ඇති අප කාටත් ඇතිකලේ ශොක බරිත සිතුවිලිය. කාරනා එසේ තිබියදි රට අභ්‍යන්තර මාධ්‍යන් ප්‍රශ්ණය පතුරු ගැහුවේ නැත...විපක්ෂය ආන්ඩු පෙරලන්නට පිකටින් කලේ නැත මඩ මාධ්‍ය ව්‍යාපාර ගෙන ගියෙද නැත... සීපද කවිකතා සිංදු හැදුනේද නැත විපක්ෂය ජිනිවා යන්න ගුවන් ටිකට් බුක්කලේද නැත...!   

නැත නැත නැත.....!

රටක් වශයෙන් බළලුත් ලවා කොස් ඇට බාවන්නට තැත්කලවූන් සිටියානම් ඒ එකෙකු හෝ දෙන්නකු පමනි....එසේ වූයේ ඇයි  මාධ්‍ය සදාචාරය හිනවී ගොස් තිබු නිසාද... මානව හිමිකම්  ඉබියතුරු දමා තිබු බැවින්ද කොටින්ම මාධ්‍ය නිදහස වලපල්ලට දමා තිබු බැවින්ද..

නැත නැත නැත........!

ගෙදර ප්‍රෂ්ණ තමන්ම විසඳා ගැනිමට තරම් හයියක් ඔවුනට තිබු බැවිනි තම මව් රටට අවැඩක් නොවන ආකාරයේ දෙශපාලන ප්‍රතිපත්තියක් මාධ්‍ය ප්‍රතිපත්තියක් ඔවුනට තිබු බැවිනි.

කවමදාකවත් එසේවන්නට නොපැතුවත් ඒවන් සිදුවීමක් මෙරට වූවානම් තත්වය කෙබඳු වේවීද... කීමට පුවත් සොයාගන්නට නොමැතිව සොදාපාලුවට ලක්වී ඇති අපේ සදාචාර සම්පන්න මධ්‍ය අහස් එලි ගැන තවත් කතා නොකරනු ඇත... රතු වැසි ගැන පුන පුනා නොකියවනු ඇත ලැබ්බො ගිනි කාර් පසුපස නොදුවනු ඇත...

 දේශපාලන වේදිකාවේ අලුත් සිංදු කියවෙනු ඇත දේශපාලු සුපස්ටාර්ලා අලුත් ට්‍රෙන්ඩ් එකකට ගී කියනු ඇත...

ඇත...ඇත.....ඇත…….!

තරඟය තවත් ත්‍රීවුර වනු ඇත බල්ටි විසිල් කරලියට එනු ඇත දෙමාපියන් මෙන්ම ගුරුවරුද නිතිඥයින්ගෙන් බැටන් එක උදුරා ගනු ඇත...

ඇත...ඇත.....ඇත…….!


ප\ලි 





Wednesday, November 28, 2012

හැමොටම කරදර තමයි ඉතින්........




   සඳුදා පත්තරවල පොඩියට දාලා තිබ්බට මොකද අද පාරට ආවම එක 138ක් වත් නෑ...............

ඔපාදුප කියනව ඇරෙන්න එක පිත්තල වාහිනියක් වත් වැදගත් ප්‍රවෘතීයක් කියන්නෑනේව ටිකක් කලින් පාරට ආව නිසා ලංගමයක් අල්ලගන්ඩ පුලුවන් උනා.........

හැබෑට හුඟක් ගෙවල්වල උදේට යම යුද්දේ තමයි ලමයිට කවන්නයි ඉස්කොලෙ යවන්න ලැස්තිවෙන්නයි අරකයි මෙකයි පොඩි පොඩි කරදර තමයි හැමොටම.... ඒත් පොඩියට හරි පෙර සැලසුමකින් වැඩ ටික ගොඩ දාගන්නවනම් ටිකක් කලින් පාරට ඇවිත් හිත සංතොසෙන් වෙලාවට වැඩට එන්න පුලුවන් වෙනව එතකොට බොසාගේ ආඳොනාවත් නවතිනව නේව......
  
හරි ඒකතාව පැත්තකින් තියමුකෝ......

 සුරංග ඉස්කොලේ යන කාලේ ඉඳන්ම හරි සෙල්ලක්කාරයා ඔය සෙල්ලක් කාරයයි සල්ලාලයයි දෙන්නේක් හරිය වැරදියට ගන්නව එහේම නෙවෙයි.....අපේ යාලුව කිතුනු බක්තිකයෙක්. මේදවස්වල බෙංගාල බොක්ක ආයිත් කැලඹිලා නිසා හැන්දැ කොරෙට ආපහු වහින්න පටන්ගෙන නේව...ඊයේ හැන්දැකොරේ වැස්සට කොටූඋන සුදෙශ් මාත් එක්ක ආගිය කතා කිය කිය ඉන්න කොට තමයි තැඹිලි කතා සෙට් එක කරලියට ආවේ......

සාමාන්‍ය පෙළටයි උසස් පෙළටයි පාඩං කරන කාලේ වගේම පංසලේ කටිනේ කාලේටත් ගමේ අපිට රජ මගුල් නේව...... රැබො වුනහම පාඩම පැත්තකින් තියල හොරෙන් තැඹිලි බොන්න පාන්දර බෙකරියේ මාලු පාන් කන්න එහේම ඒකාලේ අපේ කොල්ලො රුසියෝඅපිට කටිනේ දවස්වලට වගේම සුරංගලට පල්ලියේ මංගල්ලේ කාලේටත් ජොලීම තමයි...
  
වෙනද වගේම දවසක් කස්ටිය එකතුවෙලා පාඩං කරන්න ටික ටික රෑ වෙනකොට තැඹිලි බොන අදහස ඇවිත් සබේට...... හැබැ හතර වටේ තිබ්බ තැඹිලි ගස්වලට රස බලලා තිබුන නිසා තැඹිලි තිබ්බ ගහක් කස්ටියටම මීටරෙට ඇවිත්නැ,  යාලුවො ටික කල්පනා කර කර ඉන්න කොට සුරංග දැම්මා අයිඩියා එකක් ඔක්කොටම කතාකරගෙන මිනිහා තැඹිලි ගහ තියෙන ගෙදර ගාවට ඇවිදින්, මිනිහාම නැගලා තැඹිලි ගහට....

ටිකක් වෙලා යනකොට....  සද්දේට ගෙදර ඉන්න අයට ඇහැරිලා ලයිට් දාගන එලියට ඇවිත්. හතරවටේම ටොච් ගහල බලලා  ගෙදර හිටපු අය ආපහු ගේ ඇතුලට යනකොටම එක්කේනෙක්,  සද්දේ එන්නේ තැඹිලි ගහ පැත්තෙන් කියල..... අර ටොච් ගහපු මනුස්සයා තැඹිලි ගහට ටොච් එක ඇල්ලුව විතරයි..සුරංග ගහේ ඉඳං

ගොඩ්සි මාමේ මම සුරංග කිව්වලු….

ටොච් එක ගහපු මනුස්සයත්

…. සුරංග පරිස්සමෙන් බැහැල යනව කියලා

බලන කොට මේකා මමාගේ  තැඹිලි ගහට තමයි වැඩේ දිලා තියෙන්නේ……

ආයෙමත් දවසක කස්ටිය ගිහින් තැඹිලි බොන්න එදා සුරංගයා ගහ මුල සෙරෙප්පු දෙක තියල තමයි ගහට 
නැගල තියෙන්නේ...තැඹිලි ගහ තිබිල තියෙන්නේ ගෙදර තාප්පෙට කිට්ටුවෙන්ම එදත් ඇහුන සද්දේට ගෙදර අය ලයිට් දාලා දොරවල් ඇරගෙන එනකොට සුරංග තාප්පෙට බැහැල පැනගෙන...කස්ටිය නොන්ඩි නොවි ගෙවල්වලට ගිහින්
  
අනිත් දවසට එලි උනාලු..... මෙන්න උදේ පාන්දරම අර ගෙදර අයිති අංකල් සුරංගයගේ සෙරෙප්පු කුට්ටමත් අරං ගෙදරට එනවලු බලන කොට ඒ අංකල් සුරංගගේ තාත්තගේ යාලුවෙක් සුරංගයා තාප්පෙන් පනින කොට අඳුනගෙන ඇවිත් තාත්තට කියලා

සුරංග තැඹිලි ගහ මුල සෙරෙප්පු දෙක දාලනේ ඇවිත්තියෙන්නේ මෙන්න මං අරගෙන ආවා……..
  
පල්ලියේ මංගල්ලේ කාලේ රෑ වෙනකං පල්ලියේ හිටපු සුරංගයි යාලුවො ටිකයි ගෙවල්වලට යන්න එනකොට පාරේ තැඹිලි කොම්බයක් තිබිලා…. ඔකට පයිං ඇන ඇන ඉස්සරහට එනකොට පාර අයිනේ තිබ්බ හිස් ගල් අරක්කු බොතලෙකුත් හම්බ වෙලා දෙකම අතට ගත්ත යාලුවො ටික ලඟම තිබ්බ ගේ දොරකඩින් බොතලේ හිටවල නැඹිලි කොම්බේ බොතලේ උඩින් තියල වටේම වැලි විසුරවලා ගෙවල් වලට ගිහිං .........උදේ පාන්දර වැඩට යන්න  දොර ඇරපු ගෙදර ඈයෝ ගේ දොරකඩ තිබුන අමුතු දේට හුනියමක් කියල බයවෙලා ජනෙලෙන් පැනල තමයි එලියට ගිහින් තිබුනේ.
   
හැබැ වැඩේ කියන්නේ එදා රෑම වෙන කවුද පල්ලියේ තැඹිලි ගහක හොරෙන් තැඹිලි කඩලා අර ගෙදර සිද්දිය නිසා තැඹිලි හොරා කැඩිල්ලට අහුවෙලා තියෙන්නේ අපේ සුරංගයි යාලුවො ටිකයි..

තවත් දවසක පල්ලියේ පාදර් සුරංගලට කියල තැඹිලි ගහක තැඹිලි කපන්න කියල ඔන්න මිනිහා යාලුවෝ ටිකත් එක්ක ලනුවකුත් අරං වැඩේට බැහැල දැන් යාලුවො කඹෙත් අල්ලගන ගහයට ඉන්නව තැඹිලි බාන්න ටික වෙලාවකින් තැඹිලි ගෙඩි ටික සිසිකඩ වැඩිලා පුපුරලා ගිහිං 

මෙකා ගැට ගහපු ලනුවට යටින් තැඹිලි වල්ල කපලා.....


   

Tuesday, November 20, 2012

නායකත්වය... එකට වැඩකිරිම සහ සාමුහිකත්වය....අපේ සිහින අවුරුදු උළෙල..........




  මිනිසා ශිෂ්ඨාචාර ක්‍රමයට අනුගත විමෙන් පසු ලොකය යම්කිසි රටාවකට ගමන්කරන්නට පටන් ගත් බව ඉතිහාසයෙන් අපි උගෙන ඇත්තෙමු. මිනිස් වර්ගයාගේ සිතුම් පැතුම් විවිධය අවශ්‍යතා අසීමිතය සිහින අනන්තය එනිසාම ලොකය නෙක වර්ණයන්ගෙන් අලංකෘතය.
     
නෙක අවශ්‍යතා අතර එකිනෙකාට පොදුවු අවශ‍යතා ද ඇතිවන්නේය එවන් මොහොතක එකිනෙකා එක්වී අවශ්‍යතා ඉටුකරගැනිමට පෙළඹෙන්නේය....එකමුතුකම වර්ණ අතර ඇති සුන්දර වර්ණයකි.. එවන් වර්ණ රැකගැනිම මිනිසාගේ යුතුකම වන්නේය.
   
අවශ‍යතා ඉටුකර ගැනිමට අරමුනු බෙහෙවින් ඉවහල් වන්නේය... නමුත් අරමුනු අතරින් පොදු අරමුන අනේකාට වඩා වර්ණවත්ය..අති සොඳුරුය 
   
වර්ණවත් වු පොදු අරමුන කරායැමෙදී අනේකුන් උදෙසා  කැපවීමට සව්‍යං වගකීමක් දරන්නන් බිහිවන්නේය සව්‍යං බිහිවිම උදාරතරය මන්ද ඔවුන් සාමුහිකත්වය අගයන වුන් බැවිනි. සාමුහිකත්වයෙන් තොරවු පොදු අරමුනක් කරා යෑම කලුනික සෙවිම තරම් පහසු නොවන්නේය 
  
ජවයකින් යුක්තව අරමුන කරා යැමට නායකත්වය බෙහෙවින් ඉවහල්වන්නේය..........පොදු අරමුන වල්මත් නොවන්නේ එවිටය සොඳුරු නායකයා සව්‍යං වගකීම් දරන්නන් එක මගකට යොමුකරයි...එවිට එකට වැඩකිරිම උපදින්නේය...පොදු අරමුන ඵල දරන්නේ මේ අපූර්වත්වයෙනි.
   
මාද අවශ්‍යතා සිහින අරමුනු තුල සැරිසරන්නෙක්මි. බ්ලොග් අඩවියක් අටවා ගැනෙන්නේද එවන්වු අවශ්‍යතාවක් හේතුවෙනි නමුත් අරමුනු සහ සිහින දැකිම් අවසන්ව නැත.......බ්ලොග් ලියන අප හැමොම යමක් අරභයා බ්ලොග් පතේ අකුරු කරන්නේය අපි හැමොම අරමුනු සිහින දකිමින් කාලයත් සමගින් අනාගතයට ගමන් කරමින් සිටියි...
  
තනි අරමුනකින් බ්ලොගක් ඇරඹු අපි කාලයත් සමග පොදු අරමුනක් වටා පෙලගැසුනෙමු ඒ බ්ලොග් අවකාශයේ මිතුරු පවුලයි.... අවුරුදු කිහිපයක් තුල වර්ණවත් වු පොදු අරමුනු ඉටුකරගැනිමට අපට හැකිවීම සන්තුස්ටිය දනවන කාරණයකි


පොදු අරමුනක් වටා එක් රොක්වු අප උද්දාමයට පත්වන එක් සුවිශේෂී අවස්ථාවකි සයිබර් සිහින උළෙල ඒ නම් විවිධවු වර්ණයන් එකට කැටිවු හරි අපූරු දෙයකි.

කාලයත් සමග නායකයන් සව්‍යං වගකීම් දරන්නන් වෙනස් වෙමින් අපගේ පොදු අරමුනෙහි හැඩයන් පැහැයන් වෙනස් වෙමින් වර්ණවත් වෙමින් පවති. අප ගතකරමින් සිටින්නේ එවන් අපූරු සංක්‍රාන්ති සමයකි ……..!
    



Tuesday, November 13, 2012

නොවැම්බරෙන්.....උදුවප් වලට.




 කොළඹට වහිනවා කියනකොට මට ඇතිවෙන්නේ මහා කරදරකාරි සිතුවිලක්.....ඒකියන්නේ අනේ අපොයිවගේ එකක්. යකෝ කොළඹට වැස්සම උඹට ඇයි එහේම හිතෙන්නේ...එක මහ හු*** කතාවක්නේ ඈ.....යාලුවෙක් එහෙම අහන්ඩ පුලුවන් නැද්ද හා....

 හරි  වැස්ස මේ රටට ඔන තමයි අරහෙන් විදුලි බලාගාර මොරදෙනවා වතුර නෑ කියලා ගොවියන්ට කුඹුරු වපුරන්ඩ බෑලු......එත් හැබැයි තාම වහබිලා නම් නෑ.....

පලයං බං කෝ කොහේද එහේම කෑගහන්නේ මේ...විදුලි බලාගාර................හුග්..

ඉඳා මේ වතුර බොතලේ, බිපං වතුර ටිකක්....
  
ඈයි උඹ දැක්කේ නැද්ද....ම්..නෑ ඇහුනේ නැද්ද පාර්ලිමෙන්තුවේ බලාගාර අයිතිකාරයොයි ගොයි හාම්පුත්තුයි කෑගහනව උඹට ඇහිලාම නෑ...යකෝ මේරටේ ටිවි චැනල් කියක් තියෙනවද තෝ නිවුස් බලන්නැද්ද බං..?

කොළඹට වහින්න ගත්තාම වැස්ස තිත්ත වෙනකං වහිනවා එලිවෙනකං රෑ වෙනකං ආයි එලිවෙනකං...මොන මගුලක්ද මෙක............. ඊටපස්සේ ඔෆිස් යන්න එලියට බහින වෙලාවට වහිනවා හෙම්...ඇයි හවසට ඔෆිස් ඔෆ් වෙන්න ඔනන මෙන්න කියලා ආයිත් වහිනවා වහිනවා වහිනවා ඇති..අති..ඇති...
  
ඉතින් ගෙදර ගිහිං ඉවරයි කොළඹ කැම්පස් එක ගාව වතුර....තුම්මුල්ලේ වතුර....ටෙනිස්කොට් එක ගාව වතුර...වතුර  වතුර ………………..ගං වතුර…

හේක්...හේක්...හෙක්....

මොකෑ උඹ හරකෙක් වගේ තප්පුලන්නේ මෙක ජොක් එකක් නෙවෙයි යකෝ….

න්නෑ බං නගර වතුර,  කොළඹ කොහේද යකෝ ගං………. ඒව්වා තිබ්බෑ අපි ඉපදෙනකොට…!
   
නොවැම්බරේ මැදහරියේ කොළඹට එපාවෙන්න වැහල ඉවරයි....දැන්නම් පොඩි හීතලකුත් එක්ක පොඩි ගතියක් තියෙනවා ම්...අවුවත් පායලා

 අරුං මරාගන්න පටං අරන්….

කවුද බං....?

හාම්පුත්තු....

ඇයි යකෝ බලාගාර වලටයි වැව් උතුරන්ඩයි වහිනවනේ දැං මොන මගුලටද මරාගන්නේ...

ඇරගනිං තොගේ ලොඹු කං කුට්ටම හොඳට අහගෙන හිටිං ඩිංගිත්තක් ඇන තියාගෙන .....

යකෝ…

 හාම්පුත්තු මරාගන්නේ අපි වෙනුවෙන්….. අපේ පඩිය වෙනුවෙන්….. අපිට කන්න නැතිවෙයි කියල...වරුගනං බස්වල ලගින්නැතුව රෙසිං කාර් වල ඔෆිස් යයි කියල....

 මොන හු*** ඔයි මේ තෙරෙන සිංහලෙන් කියහං කෝ...........

 හෙම්...උඹට තෙරුන්නෑ මෙසැරේ බොනස් එකෙං ටිවි එකක් ගනිං.....අපේ හාම්පුත්තු මරාගන්නේ අයවැය වෙනුවෙන්....ඔව් දිවිහිමියෙන්, කො ගනිං ඔය වතුර බොතලේ මෙහාට ග්ලබ්................ග්ලබ්...............
   
නොවැම්බරේ අත්තිම හරිය ඒ කිව්වේ උදුවප් වලට ඔන්න මෙන්න දැන් සීතල වැඩියි...

ඇයි නත්තල ලඟයි ඔව් කොළඹ ගිහිං ඉවරයි....... අපේ හාම්පුතාලා එයාලගේ වැසියන්ට කන්න නෑ කියලා මැරෙන්න හැදුවට නුගෙගොඩට ඇවිත් බැලුවොත් එක මහ කෙප්පයක් කියලා පිට රට උන්ට හිතෙන්න ගන්නනවා

හෙක්...හෙක්  නුගේගොඩ විතරද බං දෙහිවල මහරගම කිරිබත්ගොඩ වත්තල ඔව් මේ හැම තැනම නන්තල සමරන්න හැමොම සාප්පු යනවා ....

එතකොට එතකොට..... අර වැස්සට වගේම පැයගනං බස්වල ලැගගෙන හිටියැකි...

ඒත් ඒත් උදුවප් වලට මං ආසයි මං ඉපදුනේ ඒ මාසේ ඇයි අපේ ඔෆිස් එකේ කිදෙනෙක් ඒ මාසේ ඉපදිලාද...මගේ ලොකු අම්මා.... පුංචිමගේ නැන්දා .... ඇයි මගේ වයිෆ් ගේ අක්කට ඉපදිච්ච කෙලි පොඩ්ඩ ඔක්කොම උඳුවප් මහේ ....

නත්තල.....

එක ආගමකට පටු වෙන්නැතුව නත්තලේ සතුටුවෙන්න පුලුවන් නොවැ ඔන කෙනෙකුට

ඇයි අන්තිම 31 රෑ  ජොලිම මාසේ….

ආපහු අලුත් අවුරුද්දක් ඔව් 2013....

හැබැයි මේ ඔක්කොම දෙසැම්බර් 21 ඉවර වෙයිද.....

මොන පිස්සුද......!


ප/ලි

අවුරුදු දෙකකටත් වැඩී මෙක අටවගෙන අදයි පොස්ට් 100 ලිව්වේ එකේත් හැටි