කරුණාවයි කරුණාවයි
සමන්දෙවිඳු කරුණාවයි....!
සිරිපාදේ
කාලේත් ආවනේව හැබැ මේ සතිඅන්තෙනම් පට්ට සෙනගක් ඉඳි සඳුදා පොයනේව...
ඉස්කොලේ ඒලේවල්
කාලේ අපේ යාලුවො සෙට් එකක් ගියා සිරිපාදේ ….
" මචං අපේ
ෆැමිලිවල අය සිරිපාදේ යනව උඹල සෙට් එකත් වරෙන්ලා "
නිකං හම්බෙන
අස්සයාගේ දත් ගයින්ඩ එපා
කියන්නැහේ සෙට් එකම කැමතිවෙලා ට්‍රිප් එක යන්න..
ඔන්න කියාපු
දවස ආවා කොල්ලො සෙට් එකෙන් ඉස්සෙලම නගින්න හිටපු එකා කබ කඩ
කඩ පාරටවෙලා ඉන්නවලු
වෑන් එක එනකං…
ටිකක් වෙලා
යනකොට එනවලු දර හට්ටි මුට්ටි පටවගත්ත තඩි බස් එකක්. මූට හෙන අප්සෙට්ලු ඇයි ඉතින් යනව කිව්වේත් ෆැමිලිවල
කස්ටියනේ බස් එකේ ඉස්සර ඉන්නවලු අච්චිලා සීයලා සෙට් එකක්ම.
"ඔය මල්ලි
සිරිපාදේ යන්නනේද ඉන්නේ එහේනං නගින්න…"
ආපහු හැරිලා
දුවන්ඩ කියලද අපෙ එකත් කටයි පු...වහගෙන නැගල බස් එකට. ඊටපස්සේ අනිත් කොල්ලො සෙට් එකත් මුනු ඇඹුල්
කොරගෙන බස් එකට නැගල සිරිපාදේ යන්ඩ එපැ දෙයියනේ ඉතින්….
මගගෙවාගෙන ආපු
කස්ටිය හැටන් නල්ලතන්නිය ඔස්සේ සිරිපාදේ කරුණාකරලා වරුගානක් ගෙවාගෙන උඩමළුවටම
ඇවිත් මොකෑ වයසක උන්දලාත් එක්ක එපායැ හරිහරියට කරුණාකරන්න.
රැබොවෙලා ආපහු
පහතට බැහැගෙන නල්ලතන්නිය හරියට එනකොට නඩේ පොඩි කලබලයක් ඇතිවෙලා එක පවුලක පොඩි
එකෙක් නැතිවෙලා…….
මොකෑ කොරන්නේ
කෙලින්ම ඇඟිල්ල දික්වෙන්නේ අපේ කොලුරැලටනේ ඔන්න ඉතින් අර අංකලුයි ඇන්ටියි එක්ක
ආපහු උඩහට කරුණාකොරන්න පටං අරන් කොල්ලොටික, ජපන් පංසල හරියටම ඇවිත්
එත් හොයාගන්ඩ බැරිවෙලා එතන තිබුන පොලිස් කුටියට පැමිනිල්ල
කියලා…. හැබැයි වෙලාවට පොඩි
එකාගාව සෙල්ෆොන් එකක් තිබිල තියෙනව
රාලහාමි :
පුතාගේ වයස කියද…?
අංකල් : අපේ ගේ ඉස්සරහා පාරේ බොක්කුව හදන දවස්වලනේ එකා
ඉපදුනේ ..!
ඇන්ටි : රාළහාමි, පොඩි පුතා ඉස්කොලේ හතවසරෙද කොහේද ඉන්නේ..!
රාලහමි : පුතාගේ ෆොන් නම්බර් එක කියන්න…?
අංකල් : ඒක දන්නේ ලොකු එකා…
රාළහාමි : එහේනම් ලොකු පුතාගේ ෆොන් නම්බර් එක
කියන්න..?
අංකල් : එක දන්නේ ශෙඩ් එකේ නිමල්..!
රාලහාමි : එහේනම් නිමල්ගේ නම්බර් එක දෙන්න.?
අංකල් : එක
දන්නේ එහාගෙදර උන්දැනේ..!
රාලහාමි : ඒ, නම්බරෙ කොහේන්ද හොයාගන්නේ …?
අංකල් :
පොඩ්ඩක් ඉන්ඩ කොලකැල්ලක ලියලා තිබුනා...!
අපේ එවුන්ගේ
වෙලාවට පොකැට් එකේ තිබුන කොලේක ඒ නම්බර් එක තිබිලා රාළහාමිට දිලා …
ජංජාලේ
කියන්නේ ඒපාර සිග්නල් නැතිලු… කොහොමහරි
පැයක් විතර කට්ටක් කාල කොල් එකක් අරං බලකොට පොඩි එකා පොලිසියේ එක්කේනෙක් එක්ක උඩ
මළුවටම ගිහින්
උඩටයන්න බෑ කියල අපේ උං කන්කෙඳිරි ගාපු නිසා අර
අංකලුයි ඇන්ටියි.. මළුවට ගිහින්
පොඩි එකාව අරගෙන ඇවිත් ..!
කොහොම් හරි
දවස් දෙකක් විතර ගෙවාගෙන අපේ උන්ටික ෆැමිලි ට්‍රිප් එක ගොහින් ඇවිල්ලා…!
සුපිරි ආතල් අංකල් කෙනෙක්නෙ....
ReplyDeleteඔව් මචන් අංකල් කිව්වට අවුරුදු 70 විතර වයසලු
Deleteහිකිස්...මරු
ReplyDeleteහහ්හහ් හා.... යකෝ නොම්බරේ වටේ ගිහින්නේ :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඔව් බං මලේ....
Deleteයකෝ පරංගියා කෝට්ටේ ගියා වගේනේ නම්බර් එක හොයන් තියෙන්නේ.
ReplyDelete:)
එතන හිටපු පොලිසියේ උන්ටත් හිනාලු කෙස් එකට...
Deleteහරිම සුන්දරයි මචං අර නම්බර් එක හොයාගත්තු විදිය.
ReplyDeleteඔව් මචං ගමේ සුන්දර මිනිස්සුනේ..
Deleteඅද අමුතුම කතාවක්..
ReplyDeleteඔව් නලින් අයියා සමාජයේ අපූරු සිදුවීම් නේ වෙන්නේ
Deleteමාර වටයක් ගිහින් නෙ බං !
ReplyDeleteමුලින් මුලින් අපේ උන්ටත් ෆ්ලවර් ජම්ප් වෙලා පස්සේ හිනාලූ සීන් එකට..
Deleteඅන්න ට්‍රිප් ඈ...
ReplyDeleteආතල් කං දෙකෙංම බේරෙනවා දොරේ....
ආතල් කිතල් පොල්තෙල් තරියා...
Deleteඔහොම අය තාම ඉන්නවද බං..!
ReplyDeleteඔව් මචන් පරණ මිනිස්සු ගම්වල තාම ඉන්නවා..
Deleteෆෝන් නම්බර් එක හොයා ගත්තු හැටි නම් හරිම ලස්සනයි. :)
ReplyDeleteඔව් පොඩ්ඩියේ පරණ අහිංසක මිනිස්සුනේ ...
Deleteඅපේ තාත්තහ් ෆෝන් නම්බර් හොයාගන්නෙ එහෙමයි එයාට මගේ නම්බර් එකවත් මතක නෑ. මල්ලිගෙ එක විතරයි මතක. මට කතා කරන්න ඕන උනාම. ඉස්සෙල්ලම කතා කරන්නේ මල්ලිට. ඊට පස්සෙ ලියාගන්නවා. ලියාගත්ත තැන ඊට පස්සෙ මතක නෑ. වයස 85. ඒත් පාරේ යන්නෙ නම් කොල්ලා වගේ. ඇහෙනවත් අඩුයි. ඒත් කියන්නේ ඇහෙනවා කියලා...
ReplyDeleteඔහොම තමයි ලොකු අයියේ පරණ මිනිස්සු ඒයාලගේ හදවත් හරි හයියයි...
Deleteහොඳ වෙලාවට බෝක්කුව හැදුවෙ කොයි කාලෙද කියල ඇහුවෙ නැත්තෙ.
ReplyDeleteඑකනම් ඇත්ත තමා මචං
Deleteඑළ ඉස්ටෝරිය මචෝ....
ReplyDeleteස්තුතීයි මචං ...
Deleteවාසනාවට වගේ එහා ගෙදර උන්දැගේ නම්බර් එකනම් අංකල් ළග තිබුණා නේද....?
ReplyDeleteපට්ට සීන් එක සුමිත් අයියා...
Deleteඔය ඔක්කොම අහගෙන ඉන්න ඉවසීමක් තිබුනද ඔය පොලිස් කාරයට.. පුදුමයි ඌ ජාතිය ඇමතුවෙ නැතුව..
ReplyDeleteමාර ඩිරෙක්ටරි සේවාව ඒක...
එකාටත් අන්තිමට හිනාලු සෙන්නා වැඩේට...
Deleteෆෝන් නොම්බරයක් ගිය දුරක්..
ReplyDeleteෆොන්නොමර වලට කොච්චර දෙවල් කොරන්න පුලුවන්ද නේද මල්ලි...
Deleteහොද වෙලාවට ශෙඩ් එකේ නිමල් හිටියේ.. :D
ReplyDeleteවෙලාවදත් අහනව නැත්නම් තාම සිරිපාදේ හික්ස්...
Deleteබෝක්කුව හදන්න පටන් ගත්තේ කොයි කාලෙද එතකොට???
ReplyDeleteෂ් ඔව්වා ප්‍රසිද්දියේ අහන පුරස්නද හත්වලාමේ...
Deleteඑහා ගෙදර උන්දැගේ නම්බරේනම් මතකයි ඈ. එතැනදී ඇන්ටිගෙන් ගුටියක් එහෙම කෑවෙ නැතෙයි?
ReplyDeleteවෙලාවේ හැටියට ඇන්ටිට මීටර් වෙලා නැද්ද කොහේද...
Deleteතරහ ගන්න එපා මන් fake frofile එකෙන් අවට මේවගේ වටින ලිපියක් ඔබට මග හැරෙන්න පුළුවන් හින්දයි යොමු කරන්නේ, ඔයත් යම්දුරකට කොටස් කාරයෙක් නේද කියල මේ ලිපිය කියවල බලලා තෙරුන් ගන්න http://anonymousaya.blogspot.it/2013/03/blog-post_9.html
ReplyDeleteඔය ලිපිය බලන්න මට පර්මිෂන් නෑ මචං
Deleteලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.
ReplyDeleteජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.
ස්තූතියි,
මම ඔබේ හිතවත් අභීත