5 වන දිගහැරුම
ජෙමිස් සිංඥො පිටගං කාරයෙක් වුව මීකිරියාය අවට ගම්තුලානේ මුල් ගං කාරයන් ඔහුව ජෙමිස් මුදලාලි යනුවෙන් ඇමතිමට පුරුද්දක් කොටගත්තේ පසුව ඔහු ගඩොල් පොරනුවක අයිතිකාරයෙකු වූ බැවිනි.ජයටම ගඩොල් කරුමාණ්තය කරගෙන ගිය ජෙමිස් සිංඥො පසුව තම ලොරි මගින් කෙසෙල් එලවළු සිදාදියට පැටවිමෙන් ඉමහත් ලාබයක් ඉපැයීය. බිංදුගේ බාප්පා වන ගුනපාල ද ජෙමිස් මුදලාලිගේ ලොරියේ උපකාරයෙන් කෙසෙල් වෙලඳාම කරගෙන ගිය කිහිපදෙනා අතරින් එකේකි.
පනස් විය ඉක්මවා සිටි ජෙමිස් මුදලාලි ගැහැනු ලොලියෙකි, තම බිරිඳ අකාලයේ මියගිය පසුත් ඔහුගේ මෙම පුරුද්ද මගහැරුනේ නැත.තම එකම පුත්රයා සිදාදියේ බොඩිං කොලිජියක නවතා ඇති ජෙමිස් සිංඥො තුන් මසකට පමණ වරක් පුත්රයා බැලීමට සිදාදියට යයි.
ටක්...ටක්..ටොක්............
" බිසෝ මැනිකා...කොබං උඹලා...කෝ මේ ගෙදර කවුරුවත් නැතුවාවත්ද...........? "
එළවළු මල්ලේ බර වමතින් දැරු ජෙමිස් මුදලාලි දකුනතින් ගෙපැලේ ඉදිරි දොරට කිහිපවරක් තට්ටු කලේය
ක්.....කවුද තාත්ත ගෙදර නෑනොවැ...හේනට ගෙහුං..
ගෙයි ඉදිරි දොර
අගුල පැන්නු බිසෝ දොර මදක් විවරකලේය
ආ..එකට කාරිනෑ
උඹ ඉන්නවනේව බිසෝ.., මං මේ උඹව
මුනගැහෙන්ට ඔං ආවේ....මෙන්න මේ එළවළු මල්ල ගෙයිං තියහං....
අතැවූ මල්ල
බිසෝ වෙතට දික්කල ජෙමිස් මුදලාලි ආරාධනයක් නොලැබම ඉදිරි පිල්කඩෙහි වාඩිවිය.
" ඒත්
මුදලාලි අපට මොටැ මෙච්චර එලවළු මුදලාලි ඔව ගෙදර ඇන්න යන්ට..."
තැතිගැන්මෙන්
උස්පහත්වන ලය මඩලෙන් යුත් බිසෝ දොරපියස්සට බරදුන්නේය
" හා..හා
කාරිනෑ උඹලාට දැං වියපැහැදනුත් අමාරු එකේ
ඔන්න ඔව ටික තියා ගනිං බං..."
තැතිගැන්මෙන්
උස්පහත්වන බිසොගේ ලැම දෙසබලමින් ජෙමිස් සිංඥො කැදර සිනහවක් පැවේය
" අනේ
මුදලාලි මේ අවෙලාවේ අනික තාත්තත් ගෙදර නැති කොට ගමේ එකාල හේම දැක්කොතින් යායේ වසලා
හමාරයි. මු.......මුදලාලි දැන් යන්ට මං තාත්තා ආ හැටියේ කියඥා මුදලාලි ඇවිත්
ගියවග....."
දොරපියන තරයේ
අල්වාගත් බිසෝ තැතිගත් දෙනෙතින් යුක්තව ගේ ඉදිරියෙන් දිවෙන කරත්තපාර දෙස විපරමින්
බැලීය
" හේක්..හේක්.....හරි හරි බං කළබොල වෙන්ට කාරිනෑ සියදොරිස් උන්නැහෙට කියහං..මං කිව්වා කියලා,
උඹට ගඩොල් පොරනුවේ වැඩට එන්ට කියලා
එත් මං මේ අපේ ගුනපාලයාට තියෙන ලෙංගතු කොමට
උබට මේ චැන්ස් එක දුන්නේ..............ම් හෙට අනිද්දාට වැඩට වරෙංකෝ..එහේඥං මං
ගෙහුං එන්නා."
ගොරකා පැහැ දෙනෙතින් බිසෝ විනිවිදයන බැල්මක්
හෙලු ජෙමිස් සිංඥො පිල්කඩෙන් බැසගියේය.
------------------------------
"උක්කුවා මල්ලි රැ පංතියට තව දෙතුන් දෙනෙක් එක්කාසු කොරගන්ට ඔන නැත්නම් අපේ ඉදිරි වැඩ ටිකක් අමාරුවෙන්ට පුලුවනි.පංතියට ලමයි වැඩිවෙන තරමට අපි දිනුං බං
අනික නායකතුමත් මලයා ගැන පැහැදිලා ඉන්නේ ඔන්න ඉස්සරහට මේ කන්ඩායමේ නායකත්වය මලයට ලැබෙන්ඩ පුලුවන්"
කෙස්ස දිගට වවා අත්දිග කමිසයක් සහ දිගකලිසමක් හැඳසිටි තරුණයා උක්කුවාගේ පිටට තට්ටුවක් දමා මඳ සිනහවක් පැවේය
" ඔය ඇත්තේයි අයියේ අපේ බිංදුවාට වත් තාම මේගැන කියන්ට බැරිඋනා නේව හැබැ ඌ කැමතිනං අපිට තව කාන්ඩේ වැඩිකොර ගන්ට ඒහැටි අමාරුවෙන්නැ.."
උද්දාමයට පත් උක්කුවා තරුණයාගේ දේඅත් දැඩිව අල්ලා ගත්තේය
" ම්..හරි මලයා දැන් යන්ඩ කවුරුහරි දැක්කොත් අපි ගැන සැකහිතන්ට පුලුවන්..එහේනම් හරිවෙලාවට පංතියෙදි මුනගැහේමු..."
උක්කුවා තරයේ අල්ලාගෙන සිටි තම දැත් නිදහස් කොටගත් ජගත්...උක්කුවාට සමුදි වැකන්ඩිය දිගේ මදක් ඉදිරියට ඇවිද ඝනදුර සමග මුසුවිය
රටතුලැ නැවතත් තරුණ සංවිධානය ටිකෙන් ටික අතු ඉති ලියලා වැඩෙන්නට වූ සමයේ...තැනින් තැන මතුව ආ භිෂනයේ බළල් අත් මීකිරියාය දෙසටත් සෙමින් සෙමින් කාන්දුවන්නට පටන්ගත්තේය.
-------------------------
පාසැල ඇරි ගෙදර එන බිංදු තම අතිජාත මිත්රයා වන බන්ඩා සමගින් තම අත්තාට හරි හරියට උදවු වෙමින් හේන සරුකර ගැනිමට මහත් වෙහෙසක් ගත්තේය.
" ඒකයැ තාත්තේ අද ජෙමිස් මුදලාලි කඩාපාත් උනානේව...."
කුරහන් තලපය හොඳහැටි අනමින් තැටිය මත ඇතුරු බිසෝ හඬ අවදිකලේය
" ඈ..බං එහේනං උන්දැ මේ පැත්තටත් දක්කන්ටයි ඔය දඟලන්නේ ම්..මොකැ උන්දැ කියන්නේ ඒ ගමන"
උදැසන සිට විඩාපත්වු තම දෙපා තුලින් සියුම් වෙදනාවක් ගෙන දෙන්නට වූ බැවින් හිරමංකොටය උඩැ හිඳසිටි සියදොරිස් දැතින්ම දෙකකුල් පිරිමදින්නට වුවාය
" අප්පේ හරිම අමාරුවෙන් නොවැ උන්දැව පිටමං කොරගත්තේ...උන්දැගේ ගඩොල් පොරනුවේ වැඩට එන්ටලු...මං ගිනිපත්තුවෙලා උන්නේ යායේ එකෙක් දැක්කාඥං කියාලා..."
මැටිකොප්පයේ වතුරෙන් දැත දොවාගත් බිසෝ මෙතෙක් නලලේ දැවටි දැවටි දඟ දෙන කෙස් රොද කං පියත්තේ රුවාගත්තේය
" හෙම්..ඔකා නයා වගේ එකානෙව බං මගඇරල ඉන්න එකමයි කාරිය...මං හිතාන ඉන්නේ අම්මටත් මෙහේ ඇවිත් ඉන්ට කියන්ඩයි...ම් බලමුකො එනහැටියක්..කෝ අද මේ කොලුවත් සුනංගු නේව..."
සුසුමක් හෙලු සියදොරිස් බුලත් හෙප්පුවත් ගෙන ඉදිරි පිල්කඩ දෙසට පියනැගීය...
විරාමය...






