Tuesday, February 14, 2012

කාගේ හො හිසමතින් කිරුළ කරා....මේ ක්‍රිකොට් බොලව්...




   කවුරු හරි මගේන් ආසම ක්‍රිඩාව මොකද්ද කියල ඇහුවොත් මම බොක්කේම්ම දෙන උත්තරේ තමා ක්‍රිකොට් . හැබැ පොඩිම කාලේ ඔය පිත්ත අල්ලන විදිහ තාත්තා කියල දුන්නද කියල හරියට මතක නැති උනත්...දෙයියනේ කියල ඔන බොලේකට ඇට්ටි හැලෙන්ඩ පහර දෙන්ඩ නම් යස අගේට පුලුවං..

  අපේ ගම්වල කොල්ලො ඉස්කොල පිට්ටනිවල..ගොයං කැපුවම අර රොටියක් වෙන්ඩ වෙලිලා තියෙන කුඹුරුවල..පොල්වතු අස්සේ ..ඒ විතරක් යෑ..ගෙන්දගම් පොලොවේ එව්වො..පාලු පාරවල් වල..පාලුවට ගිය බස් ගාලවල් වල ..ගෙවල් අස්සට යන්ඩ තියෙන ලේන් වල ඔය මේකි නොකී හැම ඉඩකම කොරන්නේ ක්‍රිකොට් ගහන එක නොවැ..

  ක්‍රිකොට් කිවාට ඔක එක එක විදිහට ගහනව නොවැ..ඔය හයදෙනේක් විතර එක පිලකට සේට් වෙලා  අනිත් පැත්තේ එවුන්ට තඩිබාන ක්‍රමේ සික්සර් සයිඩ් ලුනේ..හැබැ  වැඩිය සෙල්ලන් දාන්ඩ බැරි පොඩි ඉඩකට සෙට් වෙලා කොරන්නේ වම්බම් ගහන එකලු...හතරේ සිමාවට උඩින් ගියහම අවුට් වෙන පුලුවන් තරම් බිම දිගේම ගහන්ට ඔන.. සීමාව පොඩි උනත් එකොලොස් දෙනේක්ම පන්දු රකින්නේ බඩි කිරිකට් වලලු...

  දැන් ඔය ඩබල් විකට් කියල එකකකුත් තියනව නොවැ..හැබැ මේකේ දෙන්නේක් පන්දුවට පහර දෙනකොට අනිත් පිලේ ඉන්නේ දෙන්නේක් විතරයි ඒ කිව්වේ කඩුලු රකින උන්දැයි..පන්දුයවන පොරයි විතරයි..හප්පේ අනිත් එව්වා වගේ නෙමේ මේ වැඩේ ඇයි වදේ බොල දාන ගමන් පන්දුත් රකින්ඩ එපෑ..හැබැ එළ බොලර් කෙනේක් නම් ඉතින් වැඩේ ගොඩ...

  දැන් එතකොට එකොලහ..එකොලහ පිල් දෙකටම සේට් වෙලා ඔය රට රටවල් වල එව්වො කිරිකොට් ගැහුවට මොකද..අපේ ගමේ නගරේ කොල්ලො නම් හවසට පිට්ටනියට සෙට් උනහම ඉන්න එවුන් ඔක්කොම දෙපැත්තට දාගෙන නොවැ ඔය කිරිකොට් ගැහිල්ල ගහන්නේ...

   අම්මපා ලංකාවේ කිරිකොට් ටිම් එකට තරං පිනා චාන්ස් සෙට්වෙන වෙන රටක් නැති තරං..ඇයි වදේ කී පාරක් නම් එහාට මෙහාට දොලනේ වෙලා ලොක කිරිකොට් කිරුල ලඟටම ගියාද...අර අතට ගත්ත දේ කටේ දාගන්ඩ පින නෑ කියන් නැහේ..අර ලඟට ගිය වේගෙන්ම ආපහු ඇදවැටෙන එකනම් රම්මෙපෙට පොරි හැලෙන්නැහේ වෙනවා...

   මොනව උනත් අර 1996 ගහපු ගැහිල්ල තමයි ගැහිල්ල....ඈ...ඔන්න ගහනව නම් ගැහිලි..
  
   අර කලින් කිව්ව වගේ කාගේ හරි කරෙන් කිරුළ කරා යන ගමනක් බලාගන්ඩ කට්ටියටම පුලුවන් මේදා පොටෙත් ඔස්ට්‍රෙලියාව දිහාට හැරුනොත්...

  අනේ ඉතින් එහේම වෙන්ටෑ හෙතුවාසනා ලැබේවා කියල ප්‍රර්ථනා කොරන්ට ඔං මේපැත්තේ ඇවිල යන ඔක්කොමල්ලා ඈ..ඈ...

  
  

Tuesday, February 7, 2012

ගමේ සෙල්ලම්..ඉන්ටර්නැෂනල් ඉස්කොල සහ ගමේ ඉස්කොලේ...



  මේ අවුරුද්දේ මුල්ම දිග නිවාඩුව බඩ පිරෙන්ඩ සමරපු ලංකාවේ උන්දැල හෙට ආපහු වැඩට යන්ඩ ලක ලැස්තිවෙනව ඇති නොවැ..ගෙන්දගම් පොලොවේ ඔට්ටු අල්ලන අපටත් මේ නිවාඩු දවස්වල ගමේ ගොඩේ ටිකක් වැඩිපුර කාලය ගතකොරන්ඩ ලැබුනා...

  තිබ්බ කාස්ටක ගතිය ටික ටික මැකිලයන්ට වැහිඇල්ලක් දෙකක් වැටුන නිසා ගස් කොලන් හිටං පණගහල ඇවිත්...ගිය ටිකේ කුඹුරු වපුරපු අපේ උදවියගේ හිත්වලට සැනසිල්ල මොදුවෙන්ඩ ඔන්න කුබුරු යායවල් කොල පාටින් දිස්නේ දෙනවා...

   අපේ පොඩි අක්කගේ පුත්‍රයා යන්නේ ඔය ජාත්‍යන්තර පාසලකට..ඒ කාලේ කොළඹත් ගමක් උනාට දැන් එහේම නෑ නොවැ..ඉතින් දැන් ඉන්න පොඩි එවුන්ට ගමේ ජිවිතේ අත්දැකීම් හරියාකාරව ලැබෙන්නෑ...ඒ කාලේ වගේ වෙල් ඉපනැල්ලේ දුවපනින්ට බඩවැටි වල සමනල්ලු පස්සේ අබන්ට..ගමේ ලිඳේ නාන්ට..දොලේ ජබු ගහන්ට නගරේ ඉන්න පොඩි ඈයන්ට ලැබෙන්නෑ වගේම උන්ට ඒවා හුරුත් නෑ...

  හැබැයි වැඩිහිටියො විදිහට අපි දැනගන්ට ඔන...ගමේ සුවඳ ගමේ කම උන්ට කාවද්දන්ට...ඔය නගරවල් වල කලබලකාරි පරිසරේ කලබලේට උන් හැදුනට.. ඉංගිරිසි පන්නේට හසිරුනාට...අම්මාට තාත්තට  වැඩිහිටියේක් වගේ කතාකොලාට.... මොකද මං එහේම කියන්නේ මේ පොඩි ඇයො වෙලාවකට වැඩිහිටයන්ට කතා කරන්නේ..අර ඉංගිරිසි චිත්තර පටිවල පොඩි ඈයො වැඩිහිටියන්ට කතාකරන රලූ විදිහටමයි...ඔය ආභාශයට  තනිකරම ලමයින්  නැඹුරු වෙන්නේ ජාත්‍යන්තර පාසැල් වල තිබෙන උප සංස්කෘතියෙන් ලංකාව වැනි රටකට ඒවගේ දෙවල් නම් කිසිසේත්ම ගැලපෙන්නැ..මොකද අපේ මිනිස්සු හදවතින් මීට වැඩිය අම්මලා තාත්තලා එක්ක බැඳිලා නොවැ ඉන්නේ...ඒ බැම්ම ඔය රලූ දේවල් වලින් සුනුවිසුන් වෙලා යාවී.....

   අනිත් අක්කල පොඩි උන් එක්ක මහගෙදරට එන්ඩ කලින් පොඩි අක්කයි අපියි මහගෙදරට ආව..ඉතින් පොඩි මැන් ගේ අනිත් සෙනාව එන්ට තව වෙලා තියෙනව.... මේකාට කම්මැලිකම යන්ටත් එක්ක වෙලපැත්තට ගියා..මොකෑ මූ ජිවිතේට වෙලකට බැහැල නෑ නොවැ....වෙල් නියරෙ ඇවිදින්ට මුලින් මෙකා බය උනා..පස්සේන් පහු මිනිහට ආසාවේ මාවත් ඉස්සර කොරන් මෙකා දුවනව..වෙලේ එක් පැත්තක පොඩි දියපාරක් ගලනව..දිය පාරේ එක් ඉවුරක පුවක් ගස් පෙලියක් එක පුවක් ගහකින් කොළපොතත් එක්කම එක ඉත්තක් ගැලවිලා කුඹුරේ නියරට වැටිලා...

  අපි පොඩිකාලේ කරපු සෙල්ලමක් මතක් උන නිසා ආපහු කුඹුරෙන් එනකොට ඔය කොළපොත් ඉත්ත ගෙදර ගෙනාව...පොඩි එකාව කොළපොතේ ඉන්දවල අර ඉත්තේන් ඇදගෙන යනකොට මිනිහට හරි සතුටුයි...අපි පොඩි කාලේ කරපු ඔය සෙල්ලම් මෙයාලටත් වලන්ගුයි කියන එක මේවයින්ම පෙනව නේද...

  ඒ විතරක් යෑ..කුඹුර ගාව තියෙන ලිඳේ නාන්ඩ ලොකු අයියා මෙකව අරගෙන ගියා..බාතෘම් එකේ ශවර් එකට ඔලුව අල්ලං නාපු පොඩි එකාට හරියට අවුරුදු වගේ මුව ලිඳ ගාවින් අරගෙන එන්ඩ බලකරන තරමටම මූ ඒවට ආසකලා... හවස මහගෙදරට ආපු අනිත් පොඩි ඇයො එක්ක මුන්දැ හරි හරියට අර කොළපොත් ඉත්තත් එක්ක සෙල්ලම...ඒ විතරක් යෑ..කට්ටිය එක්කම අර ලිඳේ නාන්ඩ පොරේ...කම්පියුටර් සෙල්ලම් ගෙම් ඔක්කොම අමත වෙලා ... අර ගහකොල එක්ක මුන් හරි හරියට ඔට්ටු වෙනව... ඉතින් බලන්ඩ තරඟ කාරි ලොකේන් එලියට අරන් මේ පොඩි ඇයන්ටත් නිදහසේ හුස්මක් ගන්ඩ අපි පුරුදු කරොත් උනුත් උන්ගේ සිත් තුල හැංගිලා තියෙන සුන්දර ලමා ලොකේ ... කොම්පිටර් ගෙම් ජිවිතවලින් මිදිලා මොහොතකට හරි ගහකොල එක්ක ඉඳි නේද...

 අපේ ගමේ පාසල අපි ඔක්කොටම තාම මතකයි නොවැ..රබර් ගෙඩිවලින් කරත්ත හදපුවා..ඉස්කොලේ ඇරිල එනකොට දං පඳුරු තලපුවා..මදටිය ඇටවලින් සෙල්ලම් කරපු හැටි...හැබැයි ගමේ ඉස්කොලේ ටිචර්ට පොඩි ඈයො රලු විදිහට කතා කලාද..ඉස්කොලේ ලොකු මහත්තය එනකොට ඔක්කොමලා පන්තිය ඇතුලේ

ඒකාලේ අපි කිව්වද අපිව එක්ක යන්ඩ අම්මා පොඩක් පරක්කු උනොත්..

 " යු ආර් ෆිෆ්ටීන් මිනිට් ලෙට්..." කියලා ඔන්නං පොඩ්ඩක් අඬන්ට ඇති එච්චරයි නොවැ..

ඉතින් බලන්ඩකො ගමේ ඉස්කොලෙයි ඉන්ටර්නැෂනල් ඉස්කොලේ පොඩි ඇයො කතා බස් කරන රටාවේ වෙනස....මොකද හිතෙන්නේ...ම්






 
 

Tuesday, January 31, 2012

අපුරූ...සැඳැවක්...



  
  ඉලක්කම් පත් ඉරු අතර ගත කරන ජීවිතයේ..සරතැස නිවාගන්නට....


 ඇත්තේන්ම ඒ නම් සොඳුරුතම හොරා කිහිපයක්...ඉතුරුම් නිවහනේ අපේ පවුලේ සාමාජිකයන් එකතුවෙලා ගතකරපු අපූරු සැඳැවක්...මම හිතුවා ඔබත් එක්ක බෙදාගන්ට.....අපි ගෙවන මේ ජිවන ගමනේ බොහො පැරණී දෙවල් අලුත් වෙනව හැබැයි..ඔය අලුතෙන් ගොඩ නැගෙන දේවල් හොඳ විදිහට අලුත් වෙනව නම් තමයි එකට වටිනා කමක් ලැබෙන්නේ.....

  ඉතින් ඔය හොඳ විදිහට අලුත් වුන ඉතුරුම් පවුලේ  සමාජිකයා තමයි කලා කවය...මේහි තිබෙන තවත් විශේෂත්වයක් තමයි..ඉතුරුම් පවුලේ පැරණී සමාජිකයන්ගේන් අලුත් තරුණ පරපුරට ලැබුන සහයොගය.. මොකද ඉතුරුම් නිවස අවුරුදු 40 ක පමන ඉතිහාසය තිබෙන මුල්‍ය ආයතනයක්..

ඉතින් කලා කවය ඒතරම් පැරණී අතිතයකට උරුමකම් නොකීවට ඉතුරුම් පවුලේ ජේෂ්ඨයන් ඇතිදැඩිකරලා ගොඩනගාගෙන ඇවිදින් කාලයක් මකුලු දැල් බැඳිලයි තිබුනේ...ඉතින් ඉතුරුම් පවුලට අලුතින් එක්කාසු වුන සාමාජිකයන් කලා කවයට අලුතින් නැවුම් ආරම්භයක් දෙන්නට උත්සහ කල අවස්තාවේ පැරැන්නන්..කිසිම බාදාකිරිමකින් තොරව අලුත් පරපුරට වැඩේ කරගෙන යන්ඩ ඉඩ දුන්නා..

   ඇත්තේන්ම ඇතැම් රාජ්‍ය ආයතනවල නවකයන්ට බාල්දි දාන මේවැනි කාලේක මේවන් සහයොගයන් ලබාදිම පැසසිය යුත්තක්....

  දුරුත්තේ 24 වෙනිදා සවස ඉතුරුම් නිවසේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ අබියසදී කලා කවයේ සංවිධාන ශක්තියෙන්..සහ ඉහල කලමණාකාරිත්වයේ ලැබුන මුල්‍යය හයියේන් වැඩසටහන ක්‍රියාත්මක උනා..මේම කටයුත්තේ එක් පරමාර්ථයක් උනේ කලා කවයේ අලුත් උපතේ පනිවුඩය ඉතුරුම් පවුලේ සාමාජිකයන් අතරට ගෙනයාමයි..


    මේ සොඳුරු සැඳැව සංගිතවත් කරන්නට දායකත්වය සැපයූවේ මහානාම වික්‍රමසිංහයන්ගේ සංගීත මඩුල්ලයි..සොඳුරු සැඳැවේ ආරම්භය ජයලත් මනොරත්නයන්ගේ මඳුර ස්වරයේන් සනිටුහන් වෙද්දී...

          
            ඔහුගේ සරසවි දිවියේ සිටම අතිශ්‍ය කුලුපග මිතුරෙකු වූ නිශ්ශංක දිද්දෙනි‍ය්‍යන් ඒ හා එක්වුනා
  

එසේම මේවන් ප්‍රවිනයන් ඇසුරේ සැඳැව රසගන්වන්නට ඉතුරුම් පවුලේ නවකයන්ටත් අවස්ථාවක් ලැබිම තවත් විශේෂ සිදුවිමක් වුනා...


  සැඳැවේ අගභාගයේදී සතුට ත්‍රිවුර කරන්නට රොඩ්නී වර්ණකුලයන්ද ඒයට එක්වුනා...


රාත්‍රිය මොරාගෙන කොලොම්තොට වසාගනිද්දී සංගිතයෙන් අමන්දානයට පත්වු ඉතුරුම් පවුලේ සාමාජිකයන් 




ජීවිතයට එක්වරක් පමනක් ලැබියහැකී මිහිරිතම හොරා කිහිපයක් ගතකර කැදලිකරා නික්මගියා............
              

Monday, January 23, 2012

ජනේලයෙන් පනින්නද...විශ්වවිද්‍යාල....ජාතික නාට්‍ය උළෙල..සහ ජොන් ද සිල්වා තියටරය..



   හැමදාමත් වගේ අදත් ගෙන්දගම් පොලොව රත්වෙච්ච උදුනක් වගේ..ඒ මදිවට විටින් විට හමන සුළඟ... කර්කෂ බව තවත් වැඩිකලා..ඒ උනාට පුදුම වැඩේ කියන්නේ පිනි වැස්සක් අර රත්වෙච්චි කොන්ක්‍රිට් පොලොවට වැටෙමින් තිබුන එකයි...

   හැමදාමත් වගේ ඔය ගෙන්දගම් පොලොවත් එක්ක ඔට්ටුවෙන මිනිස්සුන්ගේ වෙනස් වෙන්නැති කාල සටහන...අර පිනිවැස්සට අහුවෙලා හේදිලා ගිහින්...පුරුදු කාල සටහනට අලුත් අංගයක් එක්කහු වෙලා...පිනි වැස්සේ පෙඟෙන්ඩ හවහට හවහට ජොන්ද සිල්වා එකට කට්ටියම එක්කාහුවෙලා...ආං උන් ඔක්කොම සැහැල්ලුවෙන් හුස්ම ගන්නව..දැන්.

   ගෙදෙට්ටම ඇවිත් විපිරියාස කොරන පුංචි තිරයයි..වෙලාවකට පණ අදින වෙලාවකට හුස්ම ගන්න  සිනමාවයි වගේ නෙමෙයි අපේ වෙදිකාව...ඔක හැම වෙලේම නැවුම් වෙන තැනක්නේ...කලා කාරයේකුට තමන්ට ලැබෙන ආත්මතෘප්තිය සහ ප්‍රතිචාර ඇස් ඉදිරිපිටම බලාගන්ඩ පුලුවන් සුපිරිම තැන වේදිකාව කියන එක ඔය හැමොම දන්න රහසක්....ඔන්න අපේ කොල්ලො කෙල්ලන්ගේ නැවුම් වැඩ කිඩ ..ඒවගෙම වෙදිකාව හොල්ලපු අපේ ප්‍රවිනයන් ගේ ඇසුර ලබන්න අර කීව්ව පිනි වැස්සට පෙඟෙන්ඩ යන්ඩ හවහට ජොන්ද සිල්වා එක පැත්තට...

   ධනුෂිකා නයනකුමාරි ගේ අලුත්ම වැඩක් විදිහට තමයි ජනේලයෙන් පනින්නද..වෙදිකාවට එන්නේ..හැබැයි මේ නාට්‍ය කලින් වතාවක සම්මාන දිනූවක්..නමුත් විශ්වවිද්‍යාල ජීවිතේ අත්දැකිම් ගොන්නේන් කිහිපයක් පාදක කරගෙනෙ දිවෙන මේ නාටකය...ඒකාකාරි නාට්‍ය රටාවෙන් ඔබ්බට දිවෙන්නක්..හරියට ඔබ ඔය කියන නාටකය බැලුවනම් ඔබට හැඟෙයි වෙලාවකට.... වෙදිකාව උඩ ඉන්නේ ඔබමද කියල..

   මේ නාට්‍ය පටන් ගන්නේ ගැහැනු ලමයි ගේ බොඩිං කාමරේක සිදුවෙන එක්තරා සිද්දියකින්...කැම්පස් ජීවිතේ ආදරේ...අනිකුන් උදෙසා කෙරෙන අරගල..ජෙෂ්ඨයන් හා නවක සම්ප්‍රදාය....හරහා දිගහැරෙන අපේ කාලේ කැම්පස් කතාව...අවසන් වන්නේ තමන්ගේම එකේකු හරහා සිදුවෙන පාවාදිමකින්...

    ජොන්ද සිල්වා රඟහලට අලුත් අසල් වැසියෙක් එකතුවෙන්නේත් මේ කාල වකවානුවෙදිම තමයි...හබැයි අලුත් අසල්වැසිය තමුන්ගේ සරුව පිත්තල ආයිත්තම්වලින් පිම්බිලා..අර පැරනී ප්‍රවුඩ ඉතිහාසයක් තියෙන නිහතමානි හිතවතාව වසාගන්ඩ දත කෑවට ඒක කොරන්ඩ බෑ කියන කාරනේ තවම තෙරුම් නොගැනීම නම් කනගාටුවට කරුණක්...

   හැමදාමත් වගේ නාට්‍ය බලන්ඩ එන රසවතුන් තමන්ගේ සිතේ විඩාහව නාට්‍ය තුලින් නිවා ගන්නව වගේම කුසේ විඩහවට..පොඩි කතාබහක යෙදෙන්නට ගොඩවෙන රඟහල ආපනශාලාවත්...අපේ අලුතෙන් එක්කහුවුන අසල්වැසියට අකැපයි කියල කඩාබිඳ දමලා...

   රටේ සමුර්ධිය අතවශ්‍ය වූ පලියට පැරණි දේ තලා පෙලා ඒ මග යාම රටේ  ඉදිරියද  නැත්නම් ආපස්සට ද යන්න  සිතිය යුතුම කරණාවක්...

   කෙසේ වෙතත් ජොන් ද සිල්වා තියටරය ඒදාමෙන් අදත් සියල්ල දෙස උපෙක්ෂාත්මක නෙතින් බලා දැයට වියයුතු තම රාජකාරිය අකුරටම ඉටුකර මින් ඉන්න බව ඔය කාටත් රහසක් නොවෙයි .

 ජාතික නාට්‍ය උළෙල...තවමත් ජොන් ද සිල්වා රංඟ හලේම එලි දැක්වීම, ම එයට හොඳම උදාහරණයක් නොවෙයිද.....?
 

Monday, January 16, 2012

මුල අමතක නොවීම..හා. පෞද්ගලික විශ්වවිද්‍යාල.....


   රටේ ආන්දොලනයක් ඇතිකරවමින් උසස්පෙල ප්‍රතිඵල නිකුත් විය...කවුරුන් මොනදේ පැවසුවද..විභාහගය සමත්වු සිසුන් මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ද පස්වනක් ප්‍රිතියෙන් උද්දාමයට පත්වුවො වෙති..කාන්ති තම සැමියාගේ බේබදු හැසිරිම සමග ඔට්ටුවෙමින් ජිවිකාව ගෙන ගිය ගැහැනියකි.තමන් සහ තම එකම පුත්‍රයාගේ ජිවිකාව උදේසා ඇය පෞද්ගලික ආයතනයක තේ සැදීමේ ආදි සුලු සේවා කටයුත්තක නිරතවිය...

    මේවර උසස්පෙළ කඩ ඉම සඳහා ගණිතය අංශයෙන් මුහුන දුන් ශිෂ්‍යයින් අතර ඇගේ පුත්‍රයාද විය. කොතෙක් කම්කටොලු වින්දද මේ පුත්‍රයා ඒ කඩයිම ජය ගත්තේ ඒ සාමාර්ථ දෙකක් සහ බි සාමාර්ථයක් සමගිනි.වර්ථමාන ලාංකීය ජන සමාජයේ බොහො ලමුන්ට මෙන්... මොහුට සැපසම්පත් හිමිව තිබුනේ නැත.පඳුරකට තැලුවත් කොපියුටර එක දෙක විසිවෙන වර්ථමානයේ...කොපියුටරයක් නැති සොවින් පෙළුන ලමුන් අතර අරකී පුත්‍රයාද එකෙකි.

    තම පුත්‍රයාගේ ආශාවන් ගැන හොඳහැටි දැන උන්නද කාන්ති මහත්මියට ඒවා ඉටුකිරිමට වඩා ජිවිකාව ගෙනයැමේ මහා ගැටලුවට මුහුන දිමට සිදුවී තිබින. මේ හෙතු නිසා පුත්‍රයාගේ කම්පියුටර් සිහිනය දිනෙන් දින බොඳවෙමින් පැවතුනි.

   නමුත් මේ සිහිනය නැවත ඉස්මතුවන්නේ...පුත්‍රයා විශීෂ්ඨ ලේස උසස්පෙළ කඩයිම ජයගන්නවාත් සමගයි... තම අතැවු මුදල ඒ සඳහා ප්‍රමාණවත් නොවු හෙයින් කාන්ති මේ පිළිඹඳව තම ආයතන ප්‍රධානියාගේ ලේකම් වරිය සමග කතබහක යෙදෙන්නේ මේඅතර තුරය.

  " මිස් අපේ පුතා ඒ.ලෙවල්.හොඳට පාස් නේ...."

" මොනවද  රිසාල්ට් කාන්ති..."

" ඒ දෙකයි බි එකයි මිස්.."

" ෂා නියමයිනේ එහේනං කැම්පස් යන්ඩ පුලුවන් වෙයි..."

" ඔවු මිස්..ඒ උනාට ඌ කම්පියුටරේකට හරි ආසාවෙන් ඉන්නේ..."

" ඉතින්..."

" මිස් මං එකතුකරපු සල්ලි පොඩ්ඩක් තියෙනව ඒත් ඒටික මදිමිස්...අනේ මන්දා...."

" ඉතිං ලොකු සර්ට කියල බලන්ඩ සර් උදවුකරයි....ලියුමක් ලියල දෙන්ඩ...."

   මේ අදහස තරයේ හිතේ තබාගෙන දිනයේ ඉතිරි වැඩ කොටස අවසන් කරමින් සිටින කාන්තීට  ආයතනයේ විදුලි ඉංජිනේරු වරයා හමුවන්නේ අහම්බෙනි.....ලේකම් වරිය හා වු දෙබස ඇය ඉන්ජිනෙරුවරයා සමගද පවසයි....එවිට ඉංජිනෙරුවරයාද උත්සහ කර බලන  මෙන්  පවසා නික්ම යයි...
  නමුත් පසු දින කාන්ති තම පුරුදු සේවා කටයුත්ත සිදුකරමින් සිටින විට හදිසියේ එතැනට පැමිනේන විදුලි ඉංජීනෙරු වරයා රුපියල් 40 000 ක මුදලක් ඇය ඉදිරියේ තබා කාරනාව ඉටුකර ගන්නා ලේස පවසා නික්ම යයි

    සංතොෂය ඉහ වහා යන කාන්ති විදුලි ඉංජීනෙරු වරයා වෙත යන්නේ තම හද පත්ලෙන්ම ස්තුතීය පුදකිරිමටයි.....

 " අනේ මහත්තයා මේ කරපු උපකාරයට මහත්තයට පිං ..."

 " නෑ නෑ කාන්ති .., කාන්තිගේ පුතා දක්ෂයෙක් ඒ වගේ දක්ෂයන්ට උදවු කරන්ඩ ඔන... අද මමත් මේ තත්වේ ඉන්නේ ඔයවගේ මට ලැබුන උපකාර නිසා..."

කාන්ති මේ පිළිබඳ ආයතනය පුරාම තම සංතොෂය ජනක ආරංචිය  සහ ස්තුතිය පළකර තිබුනි...

  ඇත්තේන්ම මේ සත්‍ය සිදුවීමකී....ඒ විදුලි ඉංජීනෙරු වරයා නිදහස් අද්‍යාපනයේ සහ සමාජයේන් ලද උපකාරයේන් ජිවිතය සාර්ථක කරගත්තා සේම අසරණ පුද්ගලයන්ට තමාට හැකි අයුරින් උපකාර කීරිමට තරම් සිත් ඇත්තේකු විය ...ඔහුට තිබුනේ කාරුණික හදවතකි....
 
නමුත්..හිතන්න

  පුද්ගලික විශ්වවිද්‍යාල තුලින් බිහිවන පුද්ගලයින් වැඩිදෙනා තවෙකෙකුගේ දුක් ගැනවිල්ල අසනා අයවලුන් වේවිද..බොහොකොට ඔවුන් මිලක් මත තම සිතුම් පැතුම් තීරණය කරනා අය බවට පත්වීමට ඇති ඉඩකඩ සාපෙක්ෂව වැඩිය...

  ඒසේම අවධානය යොමුකල යුතු අනේත් කරුනක් වන්නේ..මේවන් ආයතන හරහා එලියට එන වෘතීකයන්ගේන් සමාජයට ලැබෙන සේවයේ ඇති ප්‍රමිතිය කෙතරම් ගුනාත්මකද යන්නයි...උදාහරනයක් ලෙස වෛද්‍ය වෘතිය ගතහොත්  යම් අතපසු වීමකින් ජීවිතයක් නැතිවිමේ තත්වයක් උද්ගත වියහැකිය

    එසේම මේහි තවත් පැත්තක් තිබේ මේවන් ආයතන ඔස්සේ එලියට එන සැම සියලු දෙනාටම රටේ රැකියා වෙලඳපලක් බිහිවෙද යන්න ගැටලුවට තුඩු දෙන්නකි...දේශීය ඥානය විදේශයන් කරා ඇදියාම නොවැලැක්විය හැකි කරුනක් විම, මින්..නැවැත්විය හැකි වේද.........

   මතවාදය සියල්ලන්ටම විවෘතය....කුමක් කෙසේ වියතුද.....?

 

Tuesday, January 10, 2012

බාධක ජය ගැනීම සහ සියල්ලන්ටම ස්තුතී........( ගාලු ගමනෙන් පසු...)



 "  අභියා අන්න අරුං ගාල්ලේ සේට්වෙන්ඩ යන්නේ..."

 " හරි උඹ කියපං අපි දෙන්නත් එනවා කියලා....."


එවන් දෙබසකින් ඇරඹි ගාලු ගමන " ඔය කිව්වට ගුගල් එකේ සර්ච් කොරනව එහේම නෙවී ඔං" ඇයි යකො කුනු හබ්බ නොවැ තියෙන්නේ..


සයිබරයේ මහා බක්මහ මංගල්ලය ගැන ඉඟි දලුලා වැඩෙන්නට පටන්ගෙන තිබු වංගියේ ගාල්ලේ කොල්ලන් කෙල්ලන් ගේ මේ අඬ් හැරය..සයිබර් මංගල්ලයේ මගුල් බෙර වැයුමක් සේ අපට හැඟුනි.. 
  
  පොඩියා..බනියා..කිඩො..ගේ සවියෙන්..ගොඩ නැගුන ගාල්ලේ ගෙට්ටුවට සෑමටම ඇරයුම් කිරීම සයිබර් සහොදරත්වයේ බැම්ම තව තවත් දෑඩී ලේස ගොඩ නැගිමට හේතූ වු බව සයිබර් මිතුරන්ටනම් රහසක් නොවේ 


  ගාල්ලේ මිතුරන් එසේ සංවිධානය වන විට කොළඹ හරහා ගාලුයන්නට සිටි මිතුරන් එක්ව එහි රැගෙන යාමට අපද උත්සහ ගත්තේමු..


  උත්සහය සාර්ථකය නමුත්...." කට්ටක් කෑවේ නැත්නම්..ගතියක් නෑ වාගේ..." පොඩි පොඩි බර බරනම් විඳින්නට සිදුවිය. 


  මේ ගාලුගමන යට සැඟවුනු රසකතා ඒමටය..


අපේ නාකියා ගාලු යන්නට එන්නේ අනුරපුරයේ සිටයි... කොට්ටාවට තිතට හතට එන්නට කලින්දා රැයේම පිටත් වෙන්නට අප මිතුරාට සිදුවේ...




  ටවුමට පැමිනි නාකියාට පරණ මිතුරෙකු හමුවන්නේ අහම්බෙනි...මිතුරා සමග බියර් අඩියක් ගැහිමට ගොස් කොච්චිය වරදින නාකියාට කොළඹ එන්නට සිදුවන්නේ බසයේනි.අපි කලින් අසා ඇති පරිදි නාකියාට බසයනම් වහ කදුරු මේන් තිත්තය..ඒ බසයේ ගියොත් ඌට පෙෂර් හැදෙනා බැවිනි.  




    අතීතය කියාපාන්නක් මෙන් අපේ පරිණත බ්ලොග් කරුවන් නවකයින්ට හොඳ ආදර්ශයක් විය.ඔවුන් ගේ කියුම් කෙරුම් හි ඇත්තේ දැඩි සහොදරත්වයකි...හරිම එකමුතු කමකි...ඔවුන් පරිණතයැයි කියා පුහු ආඩම්බරයකින් ඔලු ගේඩි පුම්බාගෙන සිටියේ නැත..නවකයන් පරිණතයන් කියා බේදයක් කොයි විටකවත් තිබුනේ නෑති බව ඒහි සිටි ඔබ සැම දන්නා කාරනයකි..ගල්ලේ හමුව වර්ණවත්  වූයේ පරිණතයන්ගේ පැමිණීමෙන් බව දන්නෝ දනිති...අපගේ පැරණි සයිබර් මිතුරණී මේ ආචාරය ඔබටයි...


    මේ හමුවෙදී අපට හමුවන තවත් සුවීශේෂී පාර්ශවයක් සිටි ඒ බ්ලොග් පාඨකයන්ය..බ්ලොග් ලියන අපම අපගේ පිට කසාගන්නවාට වඩා සීන් එකේන් පිට එකේකුගේ සප් එකෙන්... කික් එක... වැඩි වෙන බව ඔබ කවුරුත් දනී... මේ ප්‍රණාමය බ්ලොග් කරුවන්ගේ හමුවට සහභාගීවු ඒ ඔබටයි. 


  පෙර කීවාක් මෙන්ම සැඟව ගිය අපූරු අද්දැකීමක් මේහිදීද මා ලැබීය..


     අපගේ තවත් අපූරු පාඨකයේ වෙන Niriella ගාලු යන්නට පැමිනෙන්නේ ඉංගිරියේ සිටයි.. Niriella මුන ගැසුන මට මතකේට එන්නේ අපේ සයිබරයේ ඉලංදාරියාවයි..කොට්ටාවට හතට පැමිනිය යුතු උවත් Niriella පැමිනෙන්නේ 6ටයි...


  මා උදැසන කොට්ටාවට යාමට ප්‍රතම මාගේ ජංගම දුරකථනයට ආ කෙටි පනිවුඩයට ප්‍රරතිචාර දැක්විමට මා ඇමතුමක් ගත්තද ඇමතුම විසංදී වී නැවත මාහට කේටි පනිවිඩයක් ලැබිනි.


  " මචං මම අර බීරි පොර බං...."


 මේවන් වදනක් තෙපලිමට තරම් ඔහු නිහතමානි විය...ඔබවන් මිතුරන් සයිබර් යායට ශක්තියකි.


   කේසෙ නමුත් කිව යුතුම තව කරුණක් ඇත නාකියා වැන්නන් මහදුරක් ගේවා පැමිනේද්දී..Niriella වැන්නන් වෙලාවටත් කලින් පැමිනේද්දි..අප සැමගේ යුතුකම පොදුවේ යමක් සිදුවෙද්දී උපරිමෙන් එයට දායක විමය..


  කාල සටහනට අනුව කොට්ටාවට පැමිනි සියලුම මිතුරනී මේ උපහාරය ඔබටයි...


 නමුත් වගකිමක් ඉටුකිරිමේදි එකේකුගේ දෙන්නේකුගේ නොසැලකිල්ලෙන්..සියලු දෙනාටම ඒහි විපාක විඳින්නට සිදුවිම සුබදායක නොවේ.. නමුත් කණගාටුවට කරුණ නම් තමන් නිසා වටිනා කාලය කැපකල මිතුරන්ට කනගාටුව පල කිරිමටවත් අදාල පුද්ගලයින් උනන්දු නොවිමයි...


  ම්....මේ සියල්ල දැන් අතීතයට මුසුවී හමාරය...නමුත් අනාගතයේ මේවන් සිදුවීම් සිදු නොවිමට තරයේ සිත තබාගැනිමට කටයුතු කිරිම අගනා බව මගේ අදහසයි. 



    
   අපගේ ආචාරය පිදිය යුතු තවත් සුවිශේෂී පිරිසක් සිටි...ඒ අධීවෙගී මාර්ගයේ ආපදා සේවයේ යෙදි සිටින සේවක මහතුන්ය..ගාලු යන ගමනේදී අප ගමන් ගත් රථයේ කාර්මික දොෂය සිදුවු අවස්තාවේ..ඇමතුමක් දුන් සැනින් අපගේ සහයට පැමිණී ඔබටයි අපගේ උපහාරය..මේවන් සෙවක මහතුන් අපට පමනක් නොව රටටම ආඩම්බරයකි.
     
    එමෙන්ම සයිබරයේ මිතුරන් වෙත තොරතුරු සැපයිමට සහ සංවිධාන කටයුතු පහසු කරගැනිමෙදි..සිංහල බ්ලොග් කියවනය වේත සිදුකල ඉල්ලිමේදි ඒම කටයුත්ත ඉටුකර දුන් ඔවුනටත අපගේ උපහාරය පුදකරමු.





කොතේක් පාරම් බෑවද ඔබ සියලු දෙනා රුමස්සලට නොපැමිනියානම් අද මේ ලිපිය ලියැවෙන්නේද නැත...ප්‍රිතීමත් අත්දැකුමක් ලැබෙන්නේද නැත......එබැවින් ගාල්ලේ අපේ පුංචි ගේට්ටුවට පැමිණි ඔබ සියලු දෙනාටම බෙහෙවින් ස්තුතී වන්ත වෙමු.


යම් යම් හේතුන් මත ගාල්ලට පැමිනීමට නොහැකි වු නමුත් වචනයකින්  හෝ අපට දිරිදුන් මේතේරත් එතේරත් සිටින අපගේම සහුර්ධයනි අවසන මේ උපහාරය ඔබටයි 


  එසෙනම් සයිබර් මිතුරනේ..සයිබර් සිහින මංගල්ලයෙන් අපි ඔබ නැවත හමුවෙමු.........
    
 ප\ලි 
 පිංතුර බලන්න එන්න



Wednesday, January 4, 2012

වෙරළේ සිත්තම් කරන්නට පෙර.....රළ හඬ පරයා..ප්‍රිතී ඝොශා නැගෙන්නට පෙර..රුමස්සල...සියල්ලට සුදානම්.......



ජනවාරි 7 හත හිරු නැගෙනුයේ වෙනදාට වඩා මහා ජවයකිනි...
මන්ද මාරුතය වෙන්දාට වඩා නැවුම්ය ....
වෙනදාක් මෙන් නොව මුහුදු රළ..වෙරළ සිපගන්නට මැළිකමක් දක්වන්නේ..
මිතුරන්ගේ පාසටහන් මැකේ දොයි යන අනියත බියකිනි.
අහස් කුස නිල් පිත්තපටියකින් වැසුවාක් මෙනි...
   
මිතුරනි..ඔබ පිළිගන්නට....... මුලු පරිසරයම සුදානම්ය.

 ලක් රටට නැවුම් අද්දැකුමක් වු අධිවේගයේ..
චමත්කාරය විඳිමින් යන මිතුරු කැලක්..
බලාපොරොත්තු පිරුනු දැස්.....
සතුටින් උද්දාමයට පත්වු..සිතැත්තන්..
ඔවුනට මිතුරන් හමුවී ඇත..
තව බොහො මිතුරන් හමුවීමටද...ඇත.


 මේ වෙන කවුරුත් නොව ඔබමය..


අධී වෙගයට දැස් යොමන් සිටින මිතුරන් පිරිසක්...
විඩාවට පත්වූ ඇසිපිය...
බලාපොරොත්තුවෙන් ඔද්දල්වු සීතැත්තන්....


මේ කවුරුන්ද ඒ ඔබමය...


කොලොම් තොටින් ගාලු පුරයට එන මිතුරන් පිළිගැන්මට සැරසෙන අපේම සයිබර් මිතුරන්ය...
  
යමු එක්වෙමු හඳුනාගනිමු ..විනොද වෙමු...


ඔබත් එන්න...මේ හරහා එන්න..
ජනවාරි 7 උදැසන 7 ට කොට්ටාව ප්‍රධාන බස් නැවතුම් පළට පැමිනෙන්න ( පොළීසිය අසල )

සංවිදායක කටයුතු ශක්තිමත් කරන්න....


ඔන්න යාලුවො එක්කන් එන කට්ටිය යාලුවගේ බරපැනත් අරගෙනම එන්ඩ අමතක කරන්ඩ එපා


කොළොම් තොට මිතුරනේ...වැඩි විස්තර මේතැනින් ගන්න




පොඩිමැන් මෙහෙම ලියන කොට කිඩො මෙන්න මෙහෙම කියලා