Tuesday, November 12, 2013

සෙම් කුනාටුව.......



උගුරු බඳේ පැටලෙමින්...

නාස් කුහරේ දැවටෙමින්..

කන් අඩි දෙක පහුරමින්..

මොල කුහරය තෙරපමින්..

හතරහන්දි අඹරමින්..

සිදුවුන මහ නස්පැත්තිය..

යන්තම්වත් ගොඩ ගන්නට...!

ගත්තෙමි සමහන් එකක්..

පස්පංගුවේ බාගයක්..

කොත්තමල්ලි හැඳි දෙකක්..

පේයාවෙන් ඇබිංදක්..

පිරිටන් ටැබ්ලට් එකක්..

පැනඩොල් පෙති දෙකතුනක්..

විටමින් සී කැබැල්ලක්...

පෙරදිගත්.. බටහිරත්....!

කලවම් වී.. කුරුවල් වී..


හම්මෝ.....!!!


51 comments:

  1. පස් පංගුව නම් ඉතා හොද ප්‍රතිකාරයක් නොවුනත් සෙම් තත්ත්වයට හොද පානයක්. අනෙක් එක ගැන නොදනිමි. නමුත් බටහිර පෙරදිග එසේ කලවම් කිරීම නම් වරදි බව පවසමි.

    ReplyDelete
    Replies
    1. එකනේව වෙදමහත්තයෝ බටහිර පෙරදිග කලවම් කොරත්තැයින් නේව මේ සංගෙදිය....

      Delete
  2. “ගල්“ සෙමට හොඳයිලු! සෙම හොඳ කරන්න නෙවේ. නොහැදී ඉන්න

    ReplyDelete
    Replies
    1. එහේමෙයි කලවම් නොකරම ගත්තොත් පට්ටය......!!!

      Delete
  3. Replies
    1. හෙම්...යම්..යම්...පට්ට....!!!

      Delete
  4. සේරම එකට අනා පත එක අටට සිඳවා ද මොකක්ද කරලාද ගැහුවේ? සීනි ටිකක් දා ගත්තොත් අවුලක් වෙයිද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. හපොයි එතකොට හඳට යතෑකි..හික්ස්

      Delete
  5. ඔය ඔක්කොගෙංම ටිකක් වැඩිපුර ගත්තනං ඉක්මනට ගොඩයන්න තිබුන.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් දිව්‍යලොකේ යතැකි....

      Delete
  6. මචං අර ලක් පේයාව පැකට් දෙකක් එක වතුර එකකට දාලා රස්නෙන්ම බීලා ඇඳට වෙලා රෙද්දක් පෙරවගෙන නිදාගනින්.පට ගාලා ප්‍රතිඵල.මංwww.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. අඩේ බොන්න කැමතියි අර පෙරෝගෙන නිදාගන්න වැඩේ තමා කොරන්න බැරි මචෝ

      Delete
  7. සමහන් ගත්තත් බටහිර ගත්තත් එකයි. සමහන් වලට පිරිටන් දාලා තියෙන්නේ ඇති වෙන්න. පස් පංගුව අරං හෙමිහිට බස්ස ගත්ත නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි සමහන් වල පිරිටන් කතාව දන්නේ අද මචං....

      Delete
    2. මචෝ සමහන් වලට ප්‍රෙඩ්නසිලන් කියන ටැබ්ලට් එක කුඩුකරලා දානවා කියලා කියනවා. ප්‍රෙඩ්නසිලන් දැන් බොහෝ කාලයක සිට දොස්තරලා දෙන්නේ නැහැ. ඒකේ භයානක අතුරු ආබාධ තියෙනවා කියලා. මේක ඇදුම රෝගයට දෙන බෙහෙතක්. ඉක්මන් සුවය,නමුත් නැතිවම බැරිවෙනවා. මගේ වයිෆ්ගේ අම්මාට මීට අවුරුදු 35 කට පෙර ඉංදියාවේ ඉන්න කාලේ ඔය බෙහෙත නිර්දේශ කරලා තියෙනවා. එයා ඒකට පුරුදු උනා. නැතිවම බැරි උනා. වෙන මොනවා දුන්නත් එයා ඒ බෙහෙතම ගන්නවා. අපේ ලංකාවේ දොස්තරලා පුදුම උනා මෙච්චර කාලයක් ඒ බෙහෙත ගත්තට. ඇටකටු දිරා යෑම, ඉතාම සුළු සීරීමකදි පවා නොදැනීම ලේ ගැලීම වගේ කේස් ගොඩයි. දන්න කෙනෙක් මේ ගැන ලියන්න.

      සමහන් වලට ඕක දානවා කියන එක ඔප්පුවෙලා නැහැ මගේ හිතේ..... ඒත් කියන්න බැහැ.

      Delete
    3. Predni දෙනවා ලෙඩ්ඩුන්ට හැබැයි කෙටි කාලින ප්‍රතිකාරයක් විදියට. මොකද මේක ස්ටෙරොයිඩ් එකක්. ඒකෙන් ඉක්මන් සුවය ලැබෙනවා. අර මතකද රජාගේ බොරු වෙදා පවා ලෙඩ වලට දුන්නේ ප්‍රෙඩ්නි අධිමාත්‍රා. ළමයාගේ ඉදල වැඩිහිටියා දක්වාම ප්‍රෙඩිනි දෙනවා. ඒත් වැඩිම උනොත් සතියකට පමණයි.. ඒකෙන් ලොකු සුවයක් ලැබෙනවා. දිර්ඝ කාලීන භාවිතයේද් අතුරු ආබාධ තියෙනවා.

      වකුගඩු ආශ්‍රිත රෝග සදහාද ප්‍රෙඩිනි දෙනවා. ඒකෙන්

      1. ශරිර ස්ථුලතාවය වැඩිවීම
      2. උස නොයාම
      3. රෝම වර්ධනය වේගවත් වීම
      4. වකුගඩු ආසාදනයන් ඇති වීම

      වැනි අතුරු ආබාධ මතු වෙනවා..

      Delete
    4. අරූ සහ දෙශකට බෙහෙවින් ස්තුතී මොකද මෙවන් දැනුවත් සංවාදාත්මක සටහනක් තැබුවට ලිපිකරුගේ එක් අරමුනක් වුයේත් එයයි

      Delete
    5. දේශකයා ඖෂධවේදියෙක් වගේ...

      Delete
  8. ඔය සිංහල බෙහෙත් කඩවල කැස්සට විකුණන පැනියට,වීසින් වලට දෙන 'ප්‍රෙඩ්නිසිලාන්' පිල්ස් කුඩු කරලා දානවා කියල මම අහල තිබුන.

    ReplyDelete
    Replies
    1. කෙන්ජී ඔය පැනිනම් අප්පිරියම ජාතියක් බං අනික දැන් ලංකාවේ පැනි වසංගතේ නේව අපේ එකාල ආතල් එකට පැනිගහල එව්වා ඉවර වෙලා

      Delete
  9. සෙම නං මතක් කරන්න එපා... ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් දෙයියනේ.....උඹනම් කියයි සුබ වේවා නෙමෙ යකෝ මේ වෙලාවට සුව වේවා කියපන්....අර සිංදුවක් තියෙන්නේ නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා කියල

      Delete
  10. මටත් කැස්ස සහ උගුරේ අමාරුව සෑදී ඊයේ බෙහෙත් ගෙනාවෙමි..සෙම සෙම සෙම...!

    ReplyDelete
    Replies
    1. හපුච්චේ අයංවස්සාන කාලොනේව නේද

      Delete
  11. මාත් දැනට අවුරුදු 5 කට වගේ කලින් මික්ස් කරල බෙහෙත් බිව්වා.. තාම හොඳ උනේ නැහැ. සිංහල බෙහෙත් වලින් සෙම බුරුල් වෙනවා. ඉංග්‍රීසි බෙහෙත් වලින් සෙම වේලෙනවා .........

    ReplyDelete
    Replies
    1. අනිවා මගෙත් දැනිමේ හැටියට බටහිර වේලවන කොට නැගෙනහිර බුරුල්කරනව ලෙඩ්ඩු අපි තැලෙනව දෙයියනේ

      Delete
  12. හාපෝ... මතක් කරන්න එපා... ඉන්න බැරුව ඉන්නේ ඔලුව කැක්කුමේ....

    ReplyDelete
    Replies
    1. ඉරුවාරදය එහේම නේවෙයි නොවැ අෆෝ එකත් මහ අසික්කිත ලෙඩක්...

      Delete
  13. මාත් මේ දවස්වල විඳවනවා.. ඉන්ගිරිස් බෙහෙත් ගත්තම වේලනවා.. හින්ගල බේතට ඇවිස්සෙනවා..

    ඒ උනාට අනිත් බේත් නම් අඩුවක් නැතුව බොනවා..

    ReplyDelete
    Replies
    1. ඒවා ඉතින් පණු අමාරුවටනේ...

      Delete
    2. අනිත් බේතෙත් වර්ග තියෙනව නේව පෙලක් එව්වා කරකරනව පෙලක් එව්වා අවුස්සොනව අනිච්චේ

      Delete
  14. කියවත්දිම කටට තිත්ත ගති‍ය දැනුනා.

    ReplyDelete
    Replies
    1. හැබැ අඩි ගහන කොට තිත්ත නෑ නේවද එව්වා රසයි නේව

      Delete
  15. දුවිල්ල තමයි ගොඩක් දෙනෙක්ට සෙමට හෙතුව.තව ජිර්නය නොවෙන කොටස් තියෙන ආහාර.විෂෙශයෙන් ආටිෆිශල්
    සමහන් ආයුවෙද බෙහෙතක් නෙමෙයි නේද

    ReplyDelete
    Replies
    1. ඔව් දුවිල්ල වැඩි කාලයට සෙම ඇවිස්සෙනව වැස්සට බාගෙට තෙමුනමත් ඔහොම වෙනව නේව කොහේද අපේ එකාල පරිසරයත් මඥං කොරල නේව තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව වල් වැදිලා හැම තැනකම

      Delete
  16. බ්‍රැන්ඩි, ලයිම් ජූස්, හනි, ඉඟුරු සහ උතුරන වතුර ඔන්න මගේ සෙමට බෙහෙත. මමනම් බ්‍රැන්ඩි මාත්‍රාව ඩබල් කරනවා. දෙහිත් ඉතා සැරට දානවා. සෙම අඩු වෙච්ච ගමන් ඉතුරු බ්‍රැන්ඩි ඩෝප් වෙන්නම ගහලා දානවා.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඇත්ත කතාවක්..

      Delete
    2. කෙන්ජි....මම දැනුයි දැක්කේ උඹත් ප්‍රෙඩ්නසිලන් ගැන ලියලා තියෙනවා..

      Delete
    3. උනුවතුර වලට මමත් බොහොම මනාපයි නේව

      Delete
  17. සැහෙන්න පිඩාකාරි වගේ :)

    ReplyDelete
    Replies
    1. ඇයි ඉතින් සීතල කාමර වලනේ දවල් දවස ගතවෙන්නේ හරිම චොක් නාස්පුඩු වලට දැනෙන සනීපේ :D

      Delete
  18. සිද්ධාලේප ටිකක් දාලා දුං අල්ලපු එක විතරයි කරලා නැත්තේ.. ඒක නැතුව නිකන් මදි මදි වගේ.. ඔන්න ඒකත් කරන්න..

    ReplyDelete
    Replies
    1. අඩේ ඒක අමතක උනානේව මල්ලියේ

      Delete
  19. මම මේක දැක්කේ 'පෙම් කුණාටුව' වගේ. දුවලා ඇවිත් බැලුවාම සෙම ගැන කතාවක්...:D

    ReplyDelete
    Replies
    1. හික්ස් පොඩ්ඩි පෙම් කුනාටුවත් සෙම් කුනාටුව වගේමයි නේව හා නැද්ද හොඳයි... :D

      Delete
  20. මගේ කමෙන්ට් එක ස්පෑම් ෆෝල්ඩර් එකේ බලාපංකෝ.
    මගේ කමෙන්ට් එක ස්පෑම් ෆෝල්ඩර් එකේ බලාපංකෝ. මම කිව්වේ පුලුවන්නම් බෙදා දීපංකෝ ගෙදර හැමෝටම සෙම අමාරුව කියලා.

    ReplyDelete
    Replies
    1. අනේ ස්පැම් එකේ කොමෙන්ටුව නැහැනේව මාත් පුල් ට්‍රයි එක දෙන්නේ උන්දැලව බෙරන්ට තමයි ඉතින්

      Delete
  21. ඔය අපේ වෙද ගෙදර මහවෙදන ගෙන් දුරකතනයෙන් බෙහෙතක් අහගත්තා පෙශර් චැක් කොරන්න්න ළගම දොස්තර හම්බවෙලා බලා ගන්න කියුවා ඒ වෙලාවේ දොස්තර මහත්තයා කියුවෙ මහවෙදනා කියපු දෙට ප්‍රතිවිරුද්ධ දේ . අන්තිමට මහවෙදනාගෙ අවසරය පිට ඉන්ගිරිසි වෙද මහතා දුන්න බෙහෙත් ගත්තා . ඔන්න දෙකේ වෙනස.

    ReplyDelete
    Replies
    1. ඒකනේව එක පැත්තකින් හරි යන්තම් ගොඩයන්ටයි අපට වෙලා තියෙන්නේ

      Delete
  22. ඕවා බීලා ලෙඩේ ඇරුනද ? ගහන්නකො නහය වහගෙන ගල් ෂොට් එකක්...ලෙඩේ කම්මුතුයි...

    ReplyDelete
    Replies
    1. මොකටද බං නහය වගන්නේ හික්ස් එව්වා රහයි නේව....

      Delete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...