Wednesday, August 21, 2013

තාම නැද්ද වෙනසක්...?





" මචං කේක් නොදිනම් මාරුවෙන්ඩ බෑ හරී...."

සෙට්වෙචි, සෙට් කොරපු තරුණ ජොඩුවකට කං අගුල් වැටෙනකං ඔය වචනේ නෑ සුනානම් ඔවුන් සුවර් එකටම බිහිරි වියයුතුමය. රැකියාවට ගියත්, නෑ ගෙදරක ගියත්, අරහේ මෙහේ කොහේ ගියත්, ඔය කතාව අහගන්ඩම වෙන්නේය.... ඇහිල්ලේ හැටියට වැඩ සිද්දවි.... කස්ටියටම කෙක් දී .....ලෝන් ගසා හෝ කෙසේ හෝ මගුලක් කන්නේය.

මාස 6ක් උපරිම අවුරුද්දක් ගිය තැන තැටිය වෙනස්වෙන්නේ නිරායාසයෙනි.

" තාම නැද්ද වෙනසක්......"

ඒ යාලුවො හිත මිත්‍රාදී නෑ යන්ය ...

" අපිට පුලුවන් කාලේ ඔව්වා ඉවරයක් කරගත්තනං ලේසි නේ.."

ඒ වෙන්ඩ ආච්චි සියලාගේ හඬයි........

හඩේ සැරටම...

 අලුත බැඳපු ජොඩුව අවුරුද්දක් දෙකක් ගතවූ පසු දෙයියනේ කියා දෙමාපියන් කියන ප්‍රොමොෂන් එක ගහන්නේමය...ඇස්වහක් කටවහක් නැතිය සියලු ලොවැසියන්ට දරුසම්පත අඩුවක් නැතිව ලැබේවායි ලියුම්කරු විසින් ප්‍රාර්ථනා වක්ද කරන්නට මේ අවස්ථාව කරගන්නේය. ප්‍රොමොෂන්  ගැසීම යනු වගකීම් බැලන්ස් කිරීම් අම්බානක සෙට්වෙනවා කියන එකය.

වගකිම් නම් කමකුත් නැතවැඩේ තියෙන්නේ බැලන්ස් කිරිම් වලය. හප්පේ හොක්ක බිම ඇනෙන එව්වා එමටය.

අලුත් දේමාපිය යුවලකගේ මවු පාර්ශවයේ අම්මා තාත්තා වැඩිය ග්‍රහ බලපෑම් පාරම්පරික ක්‍රම විධි පිලිනොගන්නා විට සහ පිය පාර්ශවයේ අම්මා තාත්තා ඊට සාපේෂව මතයන්හි එල්බ සිටීනම් බැලන්ස් කීරිම් ලේසි නැත.

පුතේ පොඩි දරුවගේ නලලේ මොට්ටුවක් තියන්න ඔනා.....

කාමරේ හාෆ්ශීට් කොලේකවත් ගහන්න බාලගිරි දොසේ අද නෙමේ හෙට කියලා ....

අප්පේ දරුවට සෙනසුරු එරාෂ්ඨකේ දැන් ගත වෙන්නේ,  නිල් ගලක් ඔබ්බපු පංචායුධයක් වත් දාන්න වෙයි....

එකි මෙකි නොකි උපදෙස්මාලා කං කුහර තුල දොංකාර දෙනු  නිමක් නැත…!!

කනට ඇසුන එකී සියල්ල අනේක් පාර්ශවයට අමුවෙන්ම අතැර දැමුවොත් කපොතිය. මෙහිදී අනතුරු ඇඟවිය යුතුම  වන්නේ ඔබ ජොකර් කෙනෙකු ලෙසට ප්‍රදර්ශණය වීමට ඇති අවස්තාව 99% සම්භාවිතාවකින් යුක්ත විය හැකි බැවිනි.

"  අපෝ පොට්ටු තියන්න බෑ ඔයාට ඔන්නං තියාගන්න "

" ඊයා කලු නූල් වලින් එහේම පංචායුධ දාන්න එපා..."

ඔය සැර බාලවි අනෙක් පසට ගිය ඇතැම් යොජනා වලට ලැබෙන ප්‍රතිචාරය.

ලක් ජනසමාජයේ කාලයක් තිස්සේ පැවතගෙන ආ ඇවතුම් පැවතුම් බොහෝය. සිරිත්විරිත් විවිධාකාරය.පරපුරෙන් පරපුරට සිතුම් පැතුම්ද අලුත් වෙයි අලුත්වන ජනසමාජය තුල අතීත ගති සිරිත් වියැකි යන අයුරු අරුමයක් නොවේ. නමුත් අතීතය සහ වර්ථමාන අනාගත සමාජයේ සාධනීය වෙනස පුංචි කුටුම්බයකට කෙසේ බලපාන්නේද යන්න සිතා බැලිය යුතුමය.

වෙනස සිදුවිය යුත්තේ කෙසේද නොවෙනස්වීම වඩා සාධනිය ද ..............?

74 comments:

  1. අපොයි...... මුළු පෝස්ට් එකේම තියෙන ඒවා ගැන කියන්න ගියොත් යකා වැහෙනව... පහුගිය අවුරුද්ද තිස්සෙ ඇති වෙන්න ඕවා ඇහුවා.. ඒක නිසා මං නං මුකුත්ම කියන්නේ නැත... වෙලාවකට පරණ කට්ටිය හොඳයි කියලා හිතෙනවා හැබැයි... අලුත් අයගේ විකාර දැක්කම...

    ( සමහර පවුල් වල තියෙනවලු පරම්පරාවෙන් එන පංචායුධ එහෙමත්... තව ඉස්පිරිතාලෙන් ගේන කොට අන්දන ඇඳුමත් පරම්පරාවෙන් එන ඒවා තියෙනවලු... මං මේ සමහර වෙලාවට කල්පනා කරනවා බැරි වෙලා හරි අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම ඇඳුම් එහෙම තිබිලා, ආච්චි අම්මලා කෙහෙවලු පටලෝගන්න ඒවා එහෙම නැද්ද දන්නෑ කියලා.. හි හි)

    ReplyDelete
    Replies
    1. //සමහර පවුල් වල තියෙනවලු පරම්පරාවෙන් එන පංචායුධ එහෙමත්.//

      දත් නැති එව්වො හිටපු පරම්පරාවෙන්ටෝන. හැම පොඩි එකාම ඕක රඹ යන්න හපනවා. (විහිළුවට ඈ...)

      අපිත් එහෙම වෙන්න ඇති ඒ කාලෙ. දැන් අම්මල නම් රත්තරන්වල ගාන ගැන හිතලද කොහේද ඕක දාන්නෙ බෙල්ලෙ ගානටම නූලක. ඉතින් කොහෙ හපන්නද.

      Delete
    2. හපොයි තියෙනවා බං... මං මේ දැක්ක ඒවා කියන්නෙ.. හි හි...

      පංචායුධේ රත්තරන් ද.. මං නං දන්නෙ නෑ හරියට.. පොඩි උන්ගේ බෙල්ලට රත්තරන් දාන එක නං මං කොහෙත්ම කැමති නැති වැඩක්.. මහ එවුන්ගේ කරවල්වල තියෙන ඒවා වත් පරිස්සම් කරගන්න බැරි රටේ ළමයට නිකම්ම ලෙඩ වැටෙන වැඩක්...

      Delete
    3. වෙන ලෝහවලිනුත් ඒක හදනවද හිරූ, මම නම් දැකල තියෙන්නෙ රත්තරන්වලින් හදපුවා. පවුම් ගනන් දාන්නෙ නැති නිසා වෙන්න ඇති හුඟක් මම දැකල තියෙන ඒවා තුනීයට හදල තියෙන්නෙ. තරමක් ඝනකමටත් හදල තියෙනව දැකල තියෙනව, හැබැයි ගොඩක් බර වෙන්න හදන්නෙ නෑ මම හිතන්නෙ. අපි ඉතිං ඕව ගැන දන්නෙකක්යෑ ගෑනු දැරිවියො එපෑයැ දැනගන්න.

      Delete
    4. ඉස්සර පංචායුධ මොනවයින් හැදුවද කියන්න මාත් දන්නැ හැබැ දැන්නං එව්වා හදන්නේ රත්තරං වලින් ද කොහේද...ඇයි වදේ මේ කාලේ පංචායුධ චන්දෙත් ඉල්ලනව නේව

      Delete
    5. හිරු
      මගේ යාළුවෙක් ඔය විදියට කල්දදා ඉඳල අම්මලගෙ වදේට හැදුව. එකසැරේ තුනයි. ගෙදර ළමා නිවාසෙ වගේ තමයි. තුන්දෙනාගෙන් දෙන්නෙක් වත් එක සැරේක අඬන විදියටයි මහ බඹා ප්‍රෝග්‍රෑම් කරල තියෙන්නෙ. අන්න කරනව නං වැඩ.

      Delete
  2. ඔන්න මේ වෙලාවට තමයි මට මෙහෙ ඉන්න චීන කල්ලකටම කර ගහන්න හිතෙන්නේ ...... එතකොට ඔය උන්ගේ කට්ටිය කියන දේවල් අපේ අයට තේරෙන් නෑ... අපේ අය කියන දේවල් උන්ට තේරෙන් නෑ .... හොදට තියෙයි නේද ????

    ReplyDelete
    Replies
    1. චීන කෙල්ලටම හිත ගියේ ඇයිද දන්නෑ ? මැලේ භාෂාවත් අපිට බෑ නේද ?

      Delete
    2. මලේ එවුන් දවසතිස්සෙම මුළු අගමැ වැහෙන්න ඇදගෙන ඉදලා .... හරියට හෝදන්නෙත් නැබන් .....ඒ මදිවට මර නීති .... ඔක්කොටම හපන් කසාද බදිනවානම් කොන කපන්නත් ඕනා .. එකටත් එක්ක චීන always full open mind & body.... තව එනි ටයිම් ටී ටයිම්

      Delete
    3. ඒ සිරාවට මැලේ???? :O :O

      Delete
    4. චීන කෑලි නොහිටියනම් මෙහෙ මෙලෝ රහක් නැතුව යනවා ... මැලේ උන්ගේ ෆිගර් එක හොඳ උනාට සියල්ල කවර් . චීන ළමයි 80% විතර එළියේ දාගෙන ඉන්නවා ඒ හැටි මොකුත් නැති උනත්.. :P

      Delete
    5. හෆොයි ඒ පාර මේවැඩේ ජාත්‍යන්තර ප්‍රොබ්ලම් එකක් වෙන්ටද යන්නේ හික්ස්

      Delete
    6. Pathum Herath
      නෝන බ්ලොග් කියවන්නෙ නැතුවැති?

      Delete
  3. අපි ඔය ස්ටේජස් පහු කරලා ඉන්නේ. ඔයිට ඉස්සරහටත් ඔය වගේම ඒවා තියෙනවා. නමුත් අපි නම් කලේ හැමෝම කියන ඒවා අහන් ඉඳලා අපිට ඕනේ දේ කරපු එකයි.

    ReplyDelete
    Replies
    1. @Henry Blogwalker මෙන්න මේකම තමයි අපිත් කලේ.කිසිම අවුලක්නම් උනේ නැහැ.ලමයත් දැන් සෙන්චරි කාලකට කිට්ටු වෙන්න එනවා.අකුරු කියවන එක විතරයි වෙලාවකට කරේ.ඒකත් එහෙම උනේ මම රටේ හිටපු නැති නිසා කියලා අපේ අම්මා කියනවා.

      Delete
    2. ළමයට සෙන්චරි කාලක්???

      ඒ කියන්නෙ අපි අරූ අරූ කිව්වට මූට සෙන්චරි බාගයක්වත් වෙනවනේ බං අයියෙ. :)

      Delete
    3. ඔන්න මම කියන්න හිටිය එක හෙන්රියා කියලා. කරන්න ඕනේ එකකදී දෙකකදී පිස්සෙක් වගේ තමන්ට ඕන විදියට හැසිරීම. එතකොට සේරම හරි.

      Delete
    4. අපේ ලොක්කිට අකුරු කියෙව්වේ කවුද , කවදද මන්දා , ඊයේ පෙරෙයිදා මං බලාගන අර කතා කරන්ඩත් හරියට බැරි පොඩි කෙල්ලට ලොක්කි අකුරු කියාදෙනවා

      Delete
    5. එක වල්ලේ පොල් කියන්නේ ඒකයි. උඹලව නැවත අඳුනාගන්න ලැබීමත් සතුටක්
      අටං, ඔය අකුරු කියාදීම හරියට හරි. මොකද හිතේ කහටක්, ඉරිසියාවක් නෑ. අකුරු කියාදෙන්නේ ආදරයත් සමඟ...

      Delete
    6. ඔන්න සීනියර්ලගෙන් හොඳ ට්‍රික්ස්...අටමෝ ඒ වැඩේ ආදරනීයයි බං

      Delete
    7. මමත් කලේ හෙන්රිය කියපු විදිහට තමයි.

      Delete
  4. මොකද බං මේ තුන තුන දාලා. කලින් ඇවිත් බලද්දි පෝස්ට් එක අයින් කරගෙන.

    මම හිතුවෙ පිය පදවි ලැබීමේ සතුටට ලියපු එකක් කියල. කොහෙද මේ ... අනේ මන්දා කසාද බැඳිල්ලත් මහ පන යන වැඩක් බලන් ගියාම. මේ කුරුල්ල වගේ හිටපු එකා කී දෙනෙක්ගෙන් කතා අහන්නද, කී දෙනෙක්ගෙ හිත සතුටු කරන්නද. අයියෝ මොන වදයක්ද,. කරත්තෙ බැඳපු ගොනා වගේ. ඕන්නෑ ගෑනු... එතකොට ඔය එක ප්‍රශ්නයක්වත් නෑනේ, මොකෝ මට ළමයි හම්බවෙනවය කියලයැ. :)

    ReplyDelete
    Replies
    1. මචං මුලින් පබ්ලිස් කොරපු පොස්ටු අප්සෙට් වෙලා තිබ්බා ගුගල් දෙයියො කොප වෙලා ඒකයි උනේ..හික්ස් යකෝ පිස්සුකෙලින්ඩ එපා කොහොම හරි කසාදයක් බැඳපං කැවුම කාපු එකා නේව එකේ රහ දන්නේ හික්ස්...

      Delete
  5. මටනම් කියන්නට දෙයක් නැත. පෝස්ට් එකනම් හොදයි. ඊට වඩා මුකුත් කියන්ඩ මම තමා බැදල තියා කෙල්ලෙක් එක්ක යාළු වෙලාවත් නෑ. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ඔක්කොටම ඉස්සෙල්ල හොදට ඉගෙන ඉදාහන්.

      Delete
    2. එක හරි ඉස්සෙලාම කොරන්න තියෙන්නේ ඉගෙන ගන්න එක පස්සේ බැරියැ මහප්පරාන කොරන්ට ජය..!!!

      Delete
  6. රාජ් ඔබට මතක ඇති මේ ගැන ඔබයි මමයි නොයෙක් දේ කතාකර තිබෙනවා. මම මීට කාලෙකට කලින් බ්ලොග් ලෝකෙට ආව විගසම වගේ බොහොම විස්තර සහිත ලිපියක් ලිව්වා. නමුත් බ්ලොග් අයිතිකාර පොල්මඃකාරයෝ ඒ ලිපියට ගහපු මඩක්......රාජ් ඔබ ඇතුලු තව කීප දෙනෙක් නිසා තමයි මම අදත් බ්ලොග්වල ඉන්නෙ. ඒ ලිපිය අදටත් වටිනවා.

    මේ කියන කරුණ ඔබ කිසිවෙක් කිසිදාක වෙන අයෙක්ට කරන්න එපා. වෛද්‍යවරෙයෙක් ලෙස මම දන්නවා මේ නිසා අසරන යුවලවල් කොපමන නම් පීඩාවට පත් වෙනව ද කියලා. මම දන්න සමහර අය ඉන්නවා ජීවිතේ නැති කර ගන්න තරම් මානසික පීඩාවට පත් කළ අය.

    ඔබේ එක් වචනයක් සමහර විට වෙන කෙනෙක්ගේ මුළු ජීවිතේම විනාශ කරයි. එම නිසා කිසි දවසක යුවලක් විවාහ වූ විට දරුවෝ ගැන නම් අහන්න එපා. යම් උපදෙසක් දෙන්න තිබෙනවා නම් පෞද්ගලිකව දෙන්න. මිනිසුන් ඉදිරියේ කිසිවක් කියන්න එපා.

    ReplyDelete
    Replies
    1. ඔයාහරියටම හරි අපි කසාද බැදලා වහලයක් අටවගන්නකං ලොක්කිව ගේන්නේ නැතුව හිටියේ අවුරුදු තුනකට වඩා අප්පේ කට්ටියට තිබ්බ අමාරුවක්. මට නං මොකවත් කියන්න එන්නේ නැ අහගන්ඩ වෙන හන්දා සුද්ද සිංහලෙන්. ඒත අපේ උන්දැගෙන් එක එක්කෙනා අහලා තියන එව්වා

      Delete
    2. @මචං වෙදෝ.....බ්ලොග් පොල්මඃකාරයෝ තාම ඉන්නවද බං?ඇත්තනම් ඇත්ත කියපන් බොරු නම් බොරුයිය කියපන්

      Delete
    3. අටම්,
      ඔය තියන්නෙ උදාහරණ. ඇත්තෙන්ම කාපු එකාම තමයි ඒකෙ අමාරුව දන්නෙ.

      අරූ,
      මචෝ මෙහෙමනේ. අපි ඒකාලේ අලුතෙන් මේකට ආවා විතරයි. ඒත් ඒ ලිපිය ලිව්වෙ බොහොම මහන්සියෙන්. අදත් කියනවා ඒක වටිනා ලිපියක් බව. බොහොම ටික දෙනෙක් හැර අනෙක් අය උපහාසයකට ගත්තා. ඒත් ඉන් වැඩගත් කීප දෙනෙක්ම ඉන්නවා බ්ලොග් ලෝකෙ. මට ඔවුන් පුද්ගලිකව කියා තිබෙනවා. දැන් නම් ඔවා ගණන් ගන්නෙ නැහැ. අපි නොදන්න චෙස්!

      Delete
    4. දැන් තවත් අළුත් අයත් ඉන්නවනේ

      මොකද කියන්නේ රීපබ්ලිෂ් කරමුද , චන්දනයා තමයි ක්‍රමය කියුවේ

      ( post edit ගිහින් revert to draft කරල දකුණු පැත්තෙ තියන published on වලින් දිනයයි වෙලාවයි හදනව අද විදිහට. වෙලාව විනාඩි කීපයක් ඉස්සරහින් තියල දෙනව. ඊට පස්සෙ done > publish. ඔහොම කලාම පෝස්ට් එක ශෙඩුල් වෙලානෙ තියන්නෙ. දැන් ආයෙත් ඒ පෝස්ට් එකේ edit වලට යනවා.

      දැන පෝස්ට් එකේ දකුනෙන් තියන shedule ක්ලික් කරනව. ඒක ක්ලික් කලාම සිලෙක්ට් වෙලා තියනව නෙ set the time කියල. ඒක වෙනස් කරනව automatic වලට. එතනින් done. එතකොට කලින් නොතිබුනු publish බට්න් එක එනව.
      දැන් පබ්ලිශ් කලාම හරි. )

      Delete
    5. වෙදනා කියන කතාව නං ඇත්තම ඇත්ත... ගෙදර ඉන්නකම් බඳින්‌ෙන කවදද අහ අහ වද දෙනවා... බැන්දට පස්සෙ ළමයි හදන්නේ කවදද කියලා වද දෙනවා... මේ මිනිස්සුන්ට අනුන්ගෙ මඟුල් හොයනවට වඩා ඇති වැඩක් ඇත්තෙම නෑ...

      අපි දෙන්නට නං ඕවා කියන්න එන්නේ නෑ කවුරුවත්.. දන්නවනේ දෙන්නගෙ කටවල්වල හැටි... හි හි

      Delete
    6. ඔබ හරියටම හරි වෙද මහත්තයෝ මම මේ පොස්ටුව දාන්නත් එක හේතුවක් අන්න ඒක මෙව්වා කියවලවත් පොඩි මොටිවෙෂන් එකක් උනොත් ලොකු දෙයක් අනවශ්‍ය ලෙසට අනුන්ගේ ජිවිතවලට අතපොවන එක හොඳනෑ කියන්ට, ඇත්ත හැම ලොකේකම කකුලෙන් අදින්නෝ සහ ගල් පෙරලන්නො ඉන්නව නමුත් ඔබලා වගේ උදවිය සමාජය යහපත් තැනකට ඔසවා තබන්න අන්න ඒ ලෝකවල සිටිය යුතුමයි ජය..!!!!

      Delete
    7. අටමා
      අවශ්‍යම පෝස්ට් එකකට හැර ඔය මෙතඩ් එකට මම විරුද්ධයි. මෙහෙම හිතපං. මම අද ලියන පෝස්ටුව දවස් තුනක් විතර එක දිගට ඔය ක්‍රමේට පබ්ලිෂ් කරනව. සිංඩි බ්ලොග් රෝල් වල උඩට එනව. බැලින්නං කියවපු පෝස්ටුව. ඔය විදියට දිගින් දිගටම පබ්ලිෂ් කල බ්ලොග් එකක් මම රෝලෙන් අයින් කරල දැම්ම.

      Delete
    8. අප්පට සිරි උඹ මාවත්අයින කරයිද දන්නැ

      Delete
  7. ඉහත කි කටු සියල්ලම අඩු වැඩි නැතිව කා ඇත්තෙමි. දැන් මගේ පැතුම මගෙන් එවන් දේ මතු නොවේවායි යන්නයි. ඉතා හොද සටහනක් රාජ්

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් ඉස්සරහට නොවේවා ස්තුතී නලීන් අයියා

      Delete
  8. හෙන් රිය කරපු දෙ තමයි මමත් කලෙ.

    ReplyDelete
  9. මටනම් වෙලා තියෙන්නේ ඔකේ අනිත් පැත්ත ඔක්කොම එකතුවෙලා මාත් එක්ක කොක්ක නැකතුත් නැ වෙලාවලුත් නැ පන්චායුදත් නැ කොටින්ම මොකුත් නැ. ඔන්න පොඩි එකාට කතා කරන්න බැ කියලා යන්තන් බෙරයක් එල්ලලා මම මෙහාට ආ අතරේ.

    ReplyDelete
    Replies
    1. හික්ස් උඹ බේරිලා මාරු උනා නේ....

      Delete
  10. බදින්න පෙර අපිට හිතන්න දෙයක්ද බං?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ නොහිතා බැඳපං බං ...........

      Delete
    2. නරකද බදින්න කලින් ළමයට පංචායුදේ දාලම බැන්දොත්....කබු නායක සෑමො....

      Delete
  11. කාලෙ වෙනස් තාලෙ වෙනස් දියුණුයි සේරම කිව්වත් ඔය වගේ දේවල් පරම්පරාවෙන් පරම්පරාවට යනවද මන්දා !

    ReplyDelete
    Replies
    1. මටත් පෙන්නේ ඒ වගේ වෙනි අයියා.......

      Delete
  12. අපිට නං තාම ඔය දරු මල්ලො ප්‍රශ්නේ ආවේ නෑ..මහත්තයා රට නිසා.. ඉදිරියේදී කන්න හම්බවෙයි වගේ ඔය ඔක්කොම...හි හි

    ReplyDelete
    Replies
    1. හෝ හෝ බලාන ඉන්න ඔන්න මම ප්‍රර්ථනා කරනව දරුසම්පත් ලැබේවා කියල

      Delete
  13. මම නම් තවම කනවා..ළමයි දෙන්නගෙම වැඩ මම මට ඕන විදියට කරනන් ගිහින් දැන් දැන් හිත අමනාපකම් ඇති වේගෙන එන්නේ.මම දාන එකම හේතුව මම මෙහෙ නිසා ලොකු වැඩ කරන්න වෙලාවක් නැහැ.එච්චරයි,..

    ReplyDelete
    Replies
    1. හපොයි පරිස්සමෙන් ගමන දුරයි මග කටුකයි උඩින් ගියොත් තිබොල් ඇනෙයි ..ජය

      Delete
  14. බැදල දෙන්නටම රට යන්න තියෙන වනම් ඔය කන්දොස් කිරියා මොකුත් නැහැ.

    ReplyDelete
    Replies
    1. යකෝ එහේම ගියොත් ලංකාවේ කවුරුවත් ඉතුරුවෙන එකක් නෑ හික්ස්

      Delete
  15. බැදලා ලමයි හදලා ඔක්කොම කරලා ඉවර අය ඇවිල්ලා කමෙන්ට් කරලා ගිහින්. අපිට කියන්න දේවලුත් නෑ. අපි දන්නෙත් නෑ...

    හිත හදාගෙන මුළු පෝස්ට් එකයි කමෙන්ට් ටිකයි කියෝලා යනවා.
    ඒකත් මරු ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹට බිසවක් ගෙන්න තව කල් තියෙනව දැන් මාලිගාව හදල හිටහං

      Delete
  16. හෙහ් මම 2ක් ඉඳල මෙහෙ පැන්න .. දැන් තව 2ක් යනකම් ටිකක් සැනසිල්ලේ ඉන්න පුළුවන්....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සැනසිල්ලේ ඉඳල වරෙන්කෝ .....එතකොට සීයා කියල කියයි ඉපදෙන උං

      Delete
  17. පට්ටම ඇත්ත. ඔය කතා බදින්න කලින් දන්න කියන එවුහ්න් කිව්වත් එච්චර ගාණක් තිබ්බේ නෑ. දැන් තමා ඔක්කොම තේරෙන්නේ. මම නම් ඔය අනං මනං වලදී සමහර වෙලාවට තදින් මගේ මතයෙම හිටියා. සමහර වෙලාවට මා නොකෙරුවත් නොකෙලෙමි එය ගැරහීම කියල හ්ම්ම්...කිය කිය හිටියා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අන්න ඒ පදේනම් බැලන්සින්වලට ඉතා වටිනවා හික්ස්

      Delete
  18. වෙලාවකට පිස්සු හැදෙනවා බන් බැලන්ස් කරන්න ගියාම. අපිට අනිත් මිනිස්සු හිතන විදිහ දැනගන්න ක්‍රමයක් තිබුනනම් හොඳයි කියලා හිතෙනවා වෙලාවකට..සමහර වෙලාවට අපි තුන් හිතකින්වත් නොහිතපු චෝදනාවල් එනවා බන්..

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් මචං හෙනගෙඩි පාත්වෙන්නේ නොසිතු විරූ ලෙස හික්ස්...

      Delete
  19. විචාරක තුමා,හැලප තුමා සමග අලුත්ම තුමා අරූ තුමාගෙ,Aru-ge adaviya වියට පිවිස ජිවිතයේ ලැබූ සත්‍ය අත්දැකීම් කියවන්න කියල මා කාරුණිකව ඔබ සැමට ආරාධනා කරමි.

    ReplyDelete
    Replies
    1. ආරාධනාව සතුටින් බාරගතිමි

      Delete
  20. බොග් තුලින් හදුනාගත් ආදරණීය ලොකු අයියාට සුභ පතමි ! තවත් දුසිමක් පමණ දරුවන් ලැබෙන්නටද පතමි.

    ReplyDelete
    Replies
    1. උඹලා ඇවිල්ලා නොමිලේ ඩේකෙයා සහ හොඳ පාසැල් පහසුකම් සපයනව නම් හදන්නම්කෝ ඇතිවෙන්ට හික්ස්

      Delete
  21. සමහර දේවල් කොයි තරං... ඉතුරු ටික දන්න එකෙක් කියාපල්ලා...

    ReplyDelete
    Replies
    1. පට්ටද නෙද හික්ස්..!!!

      Delete
  22. මෑත කාලීන අත්දැකීම් වෙන්ටැ. ඔහොම තමයි රජෝ. මොනවා වුනත් සුබපැතුම් ඈ. පුංචි දෝනි මතක් කලා කියපං.

    ReplyDelete
    Replies
    1. ස්තුතී මල්ලි අද්දැකිම් අද්දැකිම්...:)

      Delete
  23. මම නං කිසිම කාන්තාවකගෙන් දරුවො ඉන්නවද කියල අහන්නේ නෑ,කෙනෙකුට මම ඉන්න තැන අහන්න දෙන්නෙත් නෑ.
    අහිංසක ගෑනු තමයි හැම අතින්ම තැලෙන්නේ,නොබැඳ ඉන්නකල් අහන්නේ බඳින්නේ කවදද කියල,බැන්දදා ඉඳල ළමයි නැද්ද කියල අහනව,එකෙක් ඉන්නවනං එච්චරද කියල අහනවා

    ReplyDelete
  24. කියලා වැඩක් නෑ එකමයි මෙහෙම ලිව්වේ ස්තුතී මේපැත්තේ ආවට

    ReplyDelete
  25. ඔය අවුල් මට නං තිබුනෙ නෑ. මොකද අම්ම තාත්තට උනත් කෙලින්ම කියනව මම අකමැති සහ අවැඩක් කියල හිතෙන දෙයක් නං. මොකුත් බලපෑමක් නැති දේවල් නං ඔන්න ඔහෙ කරන්න දෙනව.

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තට කෙලින්ම අතැරල දාන්න පුලුවන් නමුත් අනිත් පැත්තට එහේම්ම අතාරින්න බැරිවෙලාවල් එනව නේව මචං

      Delete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...