Tuesday, January 1, 2013

ඉහලින්.....පහලට....!




රන්තැඹිලි ගසේ අත්තකට වී මෙතෙක් කරච්චලයක් වූ කපූටු තෙමේ ක්ෂනයෙන් නික්ම ගියේය.. උදැසන සිට වහින්නද පායන්නදැයි සිතමින් දෙලොවක් අතර සිරවී සිටි අහස හඬා වැටෙන්නට පටන්ගෙනය.... වසරක් පමණ ඉහල පරිසරයක දිවීගෙවු අප නැවත පහල වටාපිටාවකින් අලුත් අවුරුද්ද අරඹන්නට සියල්ල සැලසුම් කර අවසන්නය. වසරක් පමණ තරප්පු පඩි නගිමින් බසිමින් ගෙවූ අවදියට සමුදෙන්නට කාලය එළඹ ඇත. විසල් ගස්වලින් හෙබි පහළ වටාපිටාව අප පිළිගන්නට සැරසෙමින් සිටිනා අයුරු ඊයේ උදැසන එහි ගිය මාහට දැකගත හැකිවිය.

  හරිත මඩුලු අතරින් උස්වී පෙනුන කොන්ක්‍රිට් කුළුනු, නෙත් මානයෙන් ඔබ්බට බොඳවී යන අයුරු... උදැසන ළහිරු රැසින් වර්ණ ගැන්වු නැගෙනහිර අහස..... වළා රහිත නීල අහසේ දුටු දිදුලන තරු රටා....නෙතට හුරුවී තිබු මේ සියල්ල නෙතින් ගිලිහෙන්නටත්.., නීල අහස්තලය වසාගත් හරීත ගොන්නක් තුල කිමිදෙන්නටත්.. ඇත්තේ අතැඟිලි වලටත් වඩා අඩු දින ගනනකි. විසල් තණ පිටිය පුරා දිවයන්නටත් රූස්ස තුරු වදුළු අතරින් පිය මනින්නටත් සුපුරුදු රටාවෙන් මදකට මිදෙන්නටත් අවැසි සියල්ල දැන් සැකසී හමාරය .

නව වසර ලබන්නට ඔන්න මෙන්න කියා.... ජිවන රටාව තරමක් වෙනස් වීමම, සිතගත නැවුම්ව උද්දාමයෙන් ඉපිල යාමට ඉවල්වී ඇත....තවත් රහසකි, ඒ කැදැල්ලට අලුත් අමුත්තලු පහල විමේ නිමිත්තයි……

නව වසරේ අභියොගයන් බොහෝ හමුවනු ඇත. ඒවා සැහැල්ලුවෙන් ජයගත යුතුය…. දිය බුබුලකින් හටගෙන මහ මුහුද හමුවන තෙක් නෙක කඩයිම් පසුකරමින් ගලායන ගඟක් මෙන් ... මුහුද නැමති නිර්වානය.. සැනසුම හමුවන තෙක් ගලා යායුතුය මනුස්ස ජිවිතයේ අපුර්‍යත්වය එයයි...නැවුම් වසරකට පාතැබු පසු ඊලඟ වසරට ද අරමුනු සකසා ගත යුතුම වන්නේය මන්ද පා තැබු සැනින් නව වසර ගෙවී යන්නට පටන්ගන්නා බැවිනි.

   2012ක් ගතවී 13ක් උපදින නව වසර.., සියලුම ලෝවාසින්ට මෙන්ම හිතමිත්‍ර ඔබ සැමට...,  

නැවුම් අරමුනු ඉපැදෙන.. පෑතු අරමුනු සපිරෙන සැනසුමෙන් සපිරි…. 

වාසනාවන්ත ජීවන රටාවක් උරුම වේවායි...  පතමි ...!!!

ප/ලි 

     ඔබ මේ ලිපිය කියවන මොහොතේ අප එහි ගොසින්ය....!



62 comments:

  1. Raj ට සහ පවුලේ සැමට, සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. ඔබ සහ ඔබේ පවුලේ සැමටත් සුබම වේවා....!

      Delete
  2. නිවසට එන අලුත් අමුත්තා පිලිගන්ට වටාපිටාවත් සැකසිලා ඉන්නවා වගේ. රාජ්, ඇතුලු පවුලේ හැමට (ඒ එන පුංචි අමුත්තා අතුලුව ) සුබම සුබ අලුත් අවුරුද්දක්!!!

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩිටත් අලුත් අවුරුද්ද සුබම වේවා

      Delete
  3. සුභනව වසරක් වෙවා....

    ReplyDelete
    Replies
    1. ඉන්ද්‍රජිත් ඔබටත් එසේම වේවා

      Delete
  4. සුභම සුභ වේවා රාජ්...

    අළුත් අවුරුද්දෙ අමුත්තෙක් එනව නේද ;0)

    රාජ් මාමා...

    ReplyDelete
    Replies
    1. සැම් මලේ සුබ නව වසරක්..ඔන්න උඹ තමයි මාමා වෙන්නේ

      Delete
  5. සුබ නව වසරක් වේවා..!

    බලාපොරොත්තු ඉ‍ටුවේවා...දරුවාට හා මවට නිදුක්,නිරෝගී සුව ලැබේවා..!

    ReplyDelete
    Replies
    1. වියා ස්තුතී කියන ගමන්ම ඔබටත් සුබ නව වසරක් පතනවා

      Delete
  6. සුභ නව වසරක් වේවා...

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා

      Delete
  7. අලේ.... අලුත් අමුත්තෙකුත් එනවලු...මොන තරම් සතුටක්ද... ලැබුවාවූ මේ අලුත් අවුරුද්ද හුඟාක් සුබවාදී වේවී.... ! ඒ බලාපොරොත්තුව එක්ක සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. ස්තුතී ළිහිණි ඔබටත් නව අවුරුද්ද සාර්ථක වෙන්න කියලා පතනවා

      Delete
  8. සියලු පැතුමන් මේ නව වසරේ ඉටුවේවා....

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා

      Delete
  9. සියළු පැතුමන් ඉටු වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතී වෙද මහත්තයා ඔබටත් අවුරුද්ද සුබ වෙන්න කියලා ප්‍රර්ථනා
      කරනවා

      Delete
  10. අලුත් අවුරුද්ද සුභ වේවා! සියළු බලාපොරොත්තු ඉටු වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් මචං

      Delete
  11. සුභ අළුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබම වෙන්න කියල පතනවා රූ

      Delete
  12. සුබම සුබ 13ක් වේවා !!!



    …මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. ලොකු ජොන් ඉතින් 13න ඔබටත් සුබ වෙන්න කියලා පතනවා

      Delete
  13. සියළුම පැතුම් ඒ අයුරින්ම ඉටු වේවා රාජ්.....!!!

    ReplyDelete
    Replies
    1. කරපු උපකාර වලට ස්තුතී කරන ගමන් ඔබගේ අරමුනු මේ අවුරුද්දේ ඉටුවේවා කියල ප්‍රර්ථනා කරනවා

      Delete
  14. රාජ්ටත් පවුලෙ සියළු දෙනාටත් මේ 2013 අවුරුද්ද සියළු පැතුම් ඉටුවන යස ඉසුරෙන් පිරුණු නිදුක් නිරෝගී සුව ලැබෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. නව වසර DDT ටත් සුබම වෙන්න කියලා ප්‍රර්ථනා කරමි..

      Delete
  15. සුභම සුභ නව වසරක් වේවා...!!! සියලු සිතුම් පැතුම් ඉටුවෙන වාසනාවන්ත වේවා !!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ නව වසරක් පැතුම්..සියලු අරමුනු ඉටුවේවා...

      Delete
  16. එහෙනම් 2013 ඒ අළුත් අමුත්තා එක්කම අපි හමු වෙමුකෝ !

    ReplyDelete
    Replies
    1. අනිවා වෙනි අයියේ ජය...

      Delete
  17. ස්තුතී ඔබටත් නව වසර සුබ වේවා

    ReplyDelete
  18. ඔයාටත් පවුලේ සියලුම දෙනාටත් සුභම සුභ නව වසරක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා......!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ නව වසරක් වේවා අග්නි

      Delete
  19. කැදැල්ල සතුටින් පිරී ඉතිරෙන අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. අරුනි අක්කටත් පවුලේ හැමොටමත් සුබ නව වසරක් වේවා...

      Delete
  20. අලුත් ගේ තනි මහලෙ එකක් ද...? එහෙනම් නියමයි, තනි මහළේ නිවසක පවුලේ සමගිය - සහජීවනය රැක ගැනීමේ හැකියාව දෙමහල් නිවසකට වඩා වැඩියි....

    2013 සියලු පැතුම් ඒ අයුරින්ම ඉටුවන සුබ නව වසරක් වේවා....!

    ReplyDelete
    Replies
    1. සුමිත් අයියා ඔව් තනි මහලේ ගෙයක් තමයි අයියටයි පවුලේ සැමටයි සුබ නව වසරක් වේවා..!

      Delete
  21. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා රාජ් අයියේ !!!

    දිනේෂ් & මදාරා :)

    ReplyDelete
    Replies
    1. ඔබ දෙපලටත් අරමුනු ඉටුවෙන සතුට සපිරි සුබ නව වසරක් වේවා

      Delete
  22. හොදා. පොල් ගහේ කරටි දිහා බලන එක නවත්තල මුල තියෙන තැනට ආපු එකට. අනාගතය ගැන හිතා කරපු වැඩක්.. සතුටු නැත්ද රාජෝ අලුත් දෙයක් දැනගත්තම. එහෙනං හැමෝටම නිරෝගි සැප. පුංචි පැටියෙක් එන සුවද දැනෙන කොට තාත්ත කෙනෙක් විදියට මගේ හිතත් පිම්බෙනවා සතුටට. ජය වේවා රාජ්. ආයි අහන්න දෙයක් නෑ නෙව හොදම අවුරුද්දක් තමා මේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබතුමාටත් නව අවුරුද්ද සුබම වේවා..!

      Delete
  23. සුභ නව වසරක්ම වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ නව වසරක් වේවා...

      Delete
  24. සියලු සුභ ප්‍රාර්ථනාවන් ඉටු වේවා !

    ReplyDelete
    Replies
    1. මේ අලුත් අවුරුද්දේ සීරා මලයගේ අරමුනු ඉෂ්ඨ වෙන්න කියලා ප්‍රර්ථනා කරමි.

      Delete
  25. සුභ අළුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ලොක්කා සුබ අලුත් අවුරුද්දක් මචං

      Delete
  26. අඩේ එලනේ...සුබ අළුත් අවුරුද්දක් වේවා....

    ReplyDelete
    Replies
    1. තරුවා සුබ අලුත් අවුරුද්දක් මචං...

      Delete
  27. සුබ අලුත් අවුරුද්දක් වේවා මචං !!! පමා වුනාට සමා වෙයන්.

    ReplyDelete
    Replies
    1. මොන පමාවක්ද සුදික සුබ අලුත් අවුරුද්දක් ඔබේ පවුලේ හැමොටමත්

      Delete
  28. සුභ නව වසරක්ම වේවා

    ReplyDelete
    Replies
    1. සුබ නව වසරක් මචං...

      Delete
  29. තව සාමාජිකයෙක් මග එනවා කිව්වා? එලනෙ බං! ජය වේවා!
    උඹලගෙ මුළු පවුලටම වාසනාවන්ත නව වසරක්!
    මේ පාර උඹව දකින්න හිතා හිටියත් වෙලාව හොයාගන්න බැරිවුනා.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මටත් ගමේ එන්න බැරිඋනා... සර් ඇතුලු පවුලේ හැමොටම සුබ නව වසරක් වේවා

      Delete
  30. අනිවා හැපි 2013 ක් මලේ...

    ReplyDelete
  31. යහපත් චේතනා සියල්ල ඉ‍ටුවන සුබම සුබ නව වසරක් වේවා.....

    ReplyDelete
  32. පරක්කු උනාට සමාවෙන්න රාජ් අයියා! සුභ නව වසරක් වේවා!!

    ReplyDelete
    Replies
    1. මොන පරක්කුවක්ද ජයවේවා මල්ලි...

      Delete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...