Monday, December 17, 2012

නැත..නැත. සහ ඇත..ඇත...!




 පසුගිය සති අන්තය ලොක බලවතාටනම්.... එතරම් සුබ වූයේ නැත අසන්නට ලැබුන පුවත ඔවුනට මෙන්ම සසලවන සිත් ඇති අප කාටත් ඇතිකලේ ශොක බරිත සිතුවිලිය. කාරනා එසේ තිබියදි රට අභ්‍යන්තර මාධ්‍යන් ප්‍රශ්ණය පතුරු ගැහුවේ නැත...විපක්ෂය ආන්ඩු පෙරලන්නට පිකටින් කලේ නැත මඩ මාධ්‍ය ව්‍යාපාර ගෙන ගියෙද නැත... සීපද කවිකතා සිංදු හැදුනේද නැත විපක්ෂය ජිනිවා යන්න ගුවන් ටිකට් බුක්කලේද නැත...!   

නැත නැත නැත.....!

රටක් වශයෙන් බළලුත් ලවා කොස් ඇට බාවන්නට තැත්කලවූන් සිටියානම් ඒ එකෙකු හෝ දෙන්නකු පමනි....එසේ වූයේ ඇයි  මාධ්‍ය සදාචාරය හිනවී ගොස් තිබු නිසාද... මානව හිමිකම්  ඉබියතුරු දමා තිබු බැවින්ද කොටින්ම මාධ්‍ය නිදහස වලපල්ලට දමා තිබු බැවින්ද..

නැත නැත නැත........!

ගෙදර ප්‍රෂ්ණ තමන්ම විසඳා ගැනිමට තරම් හයියක් ඔවුනට තිබු බැවිනි තම මව් රටට අවැඩක් නොවන ආකාරයේ දෙශපාලන ප්‍රතිපත්තියක් මාධ්‍ය ප්‍රතිපත්තියක් ඔවුනට තිබු බැවිනි.

කවමදාකවත් එසේවන්නට නොපැතුවත් ඒවන් සිදුවීමක් මෙරට වූවානම් තත්වය කෙබඳු වේවීද... කීමට පුවත් සොයාගන්නට නොමැතිව සොදාපාලුවට ලක්වී ඇති අපේ සදාචාර සම්පන්න මධ්‍ය අහස් එලි ගැන තවත් කතා නොකරනු ඇත... රතු වැසි ගැන පුන පුනා නොකියවනු ඇත ලැබ්බො ගිනි කාර් පසුපස නොදුවනු ඇත...

 දේශපාලන වේදිකාවේ අලුත් සිංදු කියවෙනු ඇත දේශපාලු සුපස්ටාර්ලා අලුත් ට්‍රෙන්ඩ් එකකට ගී කියනු ඇත...

ඇත...ඇත.....ඇත…….!

තරඟය තවත් ත්‍රීවුර වනු ඇත බල්ටි විසිල් කරලියට එනු ඇත දෙමාපියන් මෙන්ම ගුරුවරුද නිතිඥයින්ගෙන් බැටන් එක උදුරා ගනු ඇත...

ඇත...ඇත.....ඇත…….!


ප\ලි 





44 comments:

  1. rate janathawa washayen api athal eke mokuth nodakka noasuna se nida sitinneda netha netha...

    ReplyDelete
  2. ප්‍රශ්ණ පත්‍රද පිටවීයැයි කියනු ඇත...ඇත..ඇත.

    ReplyDelete
    Replies
    1. තාම සටන් ඇවිලි නැත..නැත..නැත

      Delete
  3. පෙට්ට්‍රල් ටිකද නොදැනුවත්ම වැඩිවී ඇත....ඔහොම යන්..

    ReplyDelete
    Replies
    1. ඩිසොල් වැඩි උනානම් බලන්නට තිබුනි රඟ...

      Delete
  4. අර සුනිල්ගෙ එහෙම වෙන්නෙ ඇයි ? සින්දුවයි... තවත් කවුදෝ කියන ඒ රටේ මිනිස්සු කියන සින්දුවයි ඇහුවම ඇති. එතකොට තේරුම් ගන්න පුළුවන්..ඇත ඇත ඇත කියන එකට හේතු...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න ලිහිණි ... ඔයා දන්නෙ නෑ ඒක කියන්නෙ කවුද කියල. ජනාධිපතිත් දැනගෙන හිටිය ‘රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු‘ සිංදුව කියන්නෙ කවුද කියල, ඇයි එයා කිව්වෙ එහෙම සින්දු කියන්න එපා කියල. (එතුමට ගානට තොප්පිය හරිලු, ඒකයි එයා ඉල්ලගෙන දාගත්තෙ)

      Delete
    2. වැඩිකතා කුමට සුදු වැන් එනු ඇත..ඇත...ඇත..

      Delete
  5. ආඃ .... හුඟ දවසකින් රාජ්.

    මම නම් වෙන මොකුත් කියන්නෙ නෑ ඔන්න, මෙච්චරයි කියන්නෙ, සංස්කෘතිය සදාචාරෙ සභ්‍යත්වෙ උතුරා පැතිරී යන අගමික භක්තිය උදේ හවා උඩදාන අපේ රටේ ලෝකෙ කොයි රටෙත් නැති තරමට අශිෂ්ඨ අශ්ශීල තක්කඩි මැරකම් දූෂණ වංචා අපරාධ ඕනවටත් වඩා ඇත ! ඇත !! ඇත !!!

    ReplyDelete
    Replies
    1. ඒකනම් හැබැව මචං....මෙව්වා කොහේන් කෙලවර වෙයිද දන්නේ නැත..නැත..නැත

      මේ අවුරුද්ද අවසන් වන කාලය නිසා වැඩ වැඩි මචන් නිදහස අඩුයි මේ ටිකේ

      Delete
  6. Replies
    1. ම්...විදේශ විනිමය ලැබෙනව කියලනම් කියනව රටට වැඩක් වෙනවනම් තමා ඉතින් හරි නේද මචං

      Delete
  7. මචන් දැන් චන්දෙ දීපු අය කෝ ?
    කව්රුත් දීල නැහැනේ..

    ReplyDelete
    Replies
    1. මටත් මෙන්න මේ ප්‍රශ්නෙම තමා.

      Delete
    2. මචං අමතක වෙලා චන්දේ තියල සති දෙකට වැඩී නේව....

      Delete
    3. එත් තව එකක් තිබ්බත් ගහනවනේ

      Delete
  8. ගම්පහ ගෙට්ටුවක් ජනවාරියේ ඇත ඇත ඇත
    ලගදි දවසක Raj කාමරයට ආවෙ නැත නැත නැත...

    ReplyDelete
  9. මොකට කියනවද ඒ හරිය...

    ඇමෙරිකාවෙ සිදුවෙන ප්‍රශ්ණ අරලිය ගහ මන්දීරයට රැගෙන එන තත්ත්වයට අපි ඒ රට පත් කරන්ඩ ඕනා..

    ReplyDelete
    Replies
    1. ආන්න සෙන්නාට වැටහින....වැඩේ පටාන් ගන්නයි තියෙන්නේ

      Delete
  10. ලැම්බොගිනි පස්සේ නම් අනිවා දුවනු ඇත
    ඒ අපේ රට සංවර්ධිතයි දැන් .හයිවේ එකේ හෙට අනිද්දා ලැම්බොගිනි

    ReplyDelete
    Replies
    1. වර්ධනය විය යුතුව ඇත..ඇත ඇත...

      Delete
  11. සිරා කතාව අපෙ ප්‍රශ්න අපි විසදගන්න ඔනෙ....

    ReplyDelete
  12. ඇත ඇත නැත නැත කියන කොට මට මතක් වුනේ අමරා වික්ඛේපවාදේ.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා වෙදමහත්තයෝ රටේ දැන් තියෙන වාදේ මොකද්ද කියලා දෙයියෝ තමා දන්නේ

      Delete
    2. වෙන මොකක්ද "බඩගෝස්තරවාදය" තමා

      Delete
  13. මට කොටන්නට යමක් සිතෙන්නේ නැත නැත !

    ReplyDelete
    Replies
    1. එහේම කියා හරියන්නේත් නැත නැත නැත

      Delete
  14. හොඳ හොඳ වැඩ තව ඉස්සරහට වෙනු ඇත ඇත ඇත..!!

    ReplyDelete
    Replies
    1. අපොයි බය සිතේනු ඇත ඇත ඇත

      Delete
  15. රාජ් ටික දවසක් ලිව්වේ නැති හින්දා කල්පනා කර කර හිටියේ. දැං තේරුනේ මුට පිස්සුය කියල.. නැත්නං ඔය අසරණයන්ට කතන්දර හදාවියැ.

    ReplyDelete
    Replies
    1. මං එත් බැලුවා උදේට බොන පෙතිටික ගෙදර දාල ගොහින් නේව

      Delete
  16. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු.

    ReplyDelete
    Replies
    1. එකනම් එහේම තමා කොරලේ මහත්තයෝ...

      Delete
  17. තෙල් වැඩි වුනාද බං?

    අපි දන්නෙත් නැහැ. රේස් එක බලන්න ගියා.

    ReplyDelete
    Replies
    1. කොහොමද රෙස් එක පට්ට නේව පටංගන්න කොට අර අර අර...හික්ස් ඉතිං තෙල් නැග්ගත් මොකැ

      Delete
  18. සෑහෙන බොන්න ඕන ප්‍රශ්ණයකි..

    ReplyDelete
    Replies
    1. අනිවා බොමු බොමු....

      Delete
  19. ඇස් පියාගෙන ඉන්නා තාක්කල් කිසි ප්‍රශ්නයක් අපිට නැත නැත නැත

    ReplyDelete
  20. තව ප්‍රශ්න ඕනෙද? ඔව් ඔව් ඔව්. දේශපාලකයාගේ පැවැත්ම තියෙන්නේ ප්‍රශ්නත් එක්ක..

    ReplyDelete
    Replies
    1. නැත්තං ලොක්කා එව්වා එහේම තමා....

      Delete
  21. අදයි ආවේ අයියේ...ජය වේවා...දිගට ලියන්න...

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...