Tuesday, November 20, 2012

නායකත්වය... එකට වැඩකිරිම සහ සාමුහිකත්වය....අපේ සිහින අවුරුදු උළෙල..........




  මිනිසා ශිෂ්ඨාචාර ක්‍රමයට අනුගත විමෙන් පසු ලොකය යම්කිසි රටාවකට ගමන්කරන්නට පටන් ගත් බව ඉතිහාසයෙන් අපි උගෙන ඇත්තෙමු. මිනිස් වර්ගයාගේ සිතුම් පැතුම් විවිධය අවශ්‍යතා අසීමිතය සිහින අනන්තය එනිසාම ලොකය නෙක වර්ණයන්ගෙන් අලංකෘතය.
     
නෙක අවශ්‍යතා අතර එකිනෙකාට පොදුවු අවශ‍යතා ද ඇතිවන්නේය එවන් මොහොතක එකිනෙකා එක්වී අවශ්‍යතා ඉටුකරගැනිමට පෙළඹෙන්නේය....එකමුතුකම වර්ණ අතර ඇති සුන්දර වර්ණයකි.. එවන් වර්ණ රැකගැනිම මිනිසාගේ යුතුකම වන්නේය.
   
අවශ‍යතා ඉටුකර ගැනිමට අරමුනු බෙහෙවින් ඉවහල් වන්නේය... නමුත් අරමුනු අතරින් පොදු අරමුන අනේකාට වඩා වර්ණවත්ය..අති සොඳුරුය 
   
වර්ණවත් වු පොදු අරමුන කරායැමෙදී අනේකුන් උදෙසා  කැපවීමට සව්‍යං වගකීමක් දරන්නන් බිහිවන්නේය සව්‍යං බිහිවිම උදාරතරය මන්ද ඔවුන් සාමුහිකත්වය අගයන වුන් බැවිනි. සාමුහිකත්වයෙන් තොරවු පොදු අරමුනක් කරා යෑම කලුනික සෙවිම තරම් පහසු නොවන්නේය 
  
ජවයකින් යුක්තව අරමුන කරා යැමට නායකත්වය බෙහෙවින් ඉවහල්වන්නේය..........පොදු අරමුන වල්මත් නොවන්නේ එවිටය සොඳුරු නායකයා සව්‍යං වගකීම් දරන්නන් එක මගකට යොමුකරයි...එවිට එකට වැඩකිරිම උපදින්නේය...පොදු අරමුන ඵල දරන්නේ මේ අපූර්වත්වයෙනි.
   
මාද අවශ්‍යතා සිහින අරමුනු තුල සැරිසරන්නෙක්මි. බ්ලොග් අඩවියක් අටවා ගැනෙන්නේද එවන්වු අවශ්‍යතාවක් හේතුවෙනි නමුත් අරමුනු සහ සිහින දැකිම් අවසන්ව නැත.......බ්ලොග් ලියන අප හැමොම යමක් අරභයා බ්ලොග් පතේ අකුරු කරන්නේය අපි හැමොම අරමුනු සිහින දකිමින් කාලයත් සමගින් අනාගතයට ගමන් කරමින් සිටියි...
  
තනි අරමුනකින් බ්ලොගක් ඇරඹු අපි කාලයත් සමග පොදු අරමුනක් වටා පෙලගැසුනෙමු ඒ බ්ලොග් අවකාශයේ මිතුරු පවුලයි.... අවුරුදු කිහිපයක් තුල වර්ණවත් වු පොදු අරමුනු ඉටුකරගැනිමට අපට හැකිවීම සන්තුස්ටිය දනවන කාරණයකි


පොදු අරමුනක් වටා එක් රොක්වු අප උද්දාමයට පත්වන එක් සුවිශේෂී අවස්ථාවකි සයිබර් සිහින උළෙල ඒ නම් විවිධවු වර්ණයන් එකට කැටිවු හරි අපූරු දෙයකි.

කාලයත් සමග නායකයන් සව්‍යං වගකීම් දරන්නන් වෙනස් වෙමින් අපගේ පොදු අරමුනෙහි හැඩයන් පැහැයන් වෙනස් වෙමින් වර්ණවත් වෙමින් පවති. අප ගතකරමින් සිටින්නේ එවන් අපූරු සංක්‍රාන්ති සමයකි ……..!
    



43 comments:

  1. Replies
    1. එළ වැඩේට සෙට් වෙයං

      Delete
  2. සාර්ථකවේවා..! ජය වේවා..!

    ReplyDelete
    Replies
    1. ඇවිල්ලා පලයන් කොහොමත් අප්‍රියෙල් වලනේ අවුරුදු උත්සවේ තියෙන්නේ

      Delete
  3. ජය වේවා.. !

    එත් අසාධාණයි, එදා ආපු මම මේ පොටෝ එකේ නැහැ :(

    ReplyDelete
    Replies
    1. ඊගාව එකට දාමු එකනෙමෙ වැඩේට සෙට්වෙලා ඔගනයිස් කරහන් අර ෆොර්ම් එක පුරවපං

      Delete
  4. Replies
    1. සතුටුවෙන්න ඇවිත් යන්න

      Delete
  5. අලුත් වැඩේට බොක්කෙන්ම සුභ පතනවා... ඡායාරූපෙ ඔබා මාමා දකිද්දි දුක හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. එල වැඩේට සෙට්වෙයන් කොහේ ඉඳලහරි

      Delete
  6. ජය වේවා....! ජය වේවා....!!


    ReplyDelete
    Replies
    1. ජය අප්‍රියෙල් වල සෙට්වෙන්න

      Delete
  7. ම්ම්ම්.......................................

    ReplyDelete
    Replies
    1. ම්..නෙමේ අප්‍රියෙල් වල ඇවිත් මිතුරන් සමග සතුටුවෙන්න

      Delete
  8. අනේ හරි ශෝක්. කවදා වගේද මේක තියෙන්නෙ. මාත් ආසයි එන්න. ඒත් මම ඉතින් අලුත්නෙ මාව කවුරුවත් දන්නෙත් නෑ :)

    ReplyDelete
    Replies
    1. ඒවා ප්‍ර‍ශ්න නෙමෙයි... මාව දන්නෙත් කීප දෙනයි...

      Delete
    2. මාත් අහල තිබුනට ඒ ගැන දැනුවත් නෑ. කව්රු හරි කියනවද මොනවද වෙන්නේ කියලා??

      Delete
    3. අපි හැමොම අලුත් නමුත් අවුරුදු උළෙල දාට මුනගැහිලා පරණ වෙන්න

      Delete
  9. Replies
    1. සුමිත් අයියා එනවනේ

      Delete
  10. සීයට දෙසියක්ම සාර්ථක වෙන්න ඕන.ඔය වගේ පට්ට ආතල් මම ඒක අත්දැකීමෙන් දැකලා තියෙනවා.ඒත් මට බ්ලොග් අවකාශේ එක ගෙට් එකකටවත් එන්න හම්බ වෙලා නැහැ.ඊළඟ එකට මටත් එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනා ඉටුවේවා....ඇවිත් යන්න

      Delete
  11. Replies
    1. ජය ඇවිත් සටුතු වෙන්න

      Delete
  12. ආ ලගදි තියනවද

    ReplyDelete
    Replies
    1. මචං ලබන අප්‍රියෙල් වල තියෙනව මේදවස් වල සංවිධායක මණ්ඩලය අලුත් කරනව

      Delete
  13. මටත් එන්න ආසයි. ඒත් බැරිවෙයි. කෝකටත් කවදද තියෙන්නෙ කියල කියන්නකෝ

    ReplyDelete
    Replies
    1. ලබන අප්‍රියෙල් මාසේ තමා වැඩි විස්තර ඉස්සරහට පළ වේවී

      Delete
  14. ගිය වතාවටත් වඩා මේ සැරේ සාර්ථක වේවා.

    මේ වතාවෙත් එන්න වෙන්නේ නැහැ නේ.

    ReplyDelete
    Replies
    1. හෙම් මොනා කරන්නද බං බඩගොස්තරේ හොයාන ඉන්න එපැ මොනා කරන්නත් වෙලාවක සෙට්වෙමු මචං ජය

      Delete
  15. ජය වේවා!! සාර්ථකම වේවා!!

    ReplyDelete
    Replies
    1. ගිහින් අර ෆොම් එක පුරවන්න වැඩේට සපොර්ට් එක දෙන්න

      Delete
  16. එළ එළ..ජයම වේවා. හැබැයි ගිය පාර නං එන්න බැරිවුණා...

    ReplyDelete
    Replies
    1. මෙපාර අනිවා අරෙන්

      Delete
  17. මේ පාරත් අපි එනවෝ... :D

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම...ඔයාල තමා වැඩේ කරට අරන් කටුකාල ගිය වර වැඩේ සාර්ථක කලේ...ස්තුතී

      Delete
  18. වැඩේට සුබ පැතුම්! ජයවේවා!!

    ReplyDelete
  19. උණුසුම් සුභ පැතුම්!! ගිය වතාවේ ‍වගේම මේපාරත් අනිවා සහභාගී වෙනවා..

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...