Tuesday, November 13, 2012

නොවැම්බරෙන්.....උදුවප් වලට.




 කොළඹට වහිනවා කියනකොට මට ඇතිවෙන්නේ මහා කරදරකාරි සිතුවිලක්.....ඒකියන්නේ අනේ අපොයිවගේ එකක්. යකෝ කොළඹට වැස්සම උඹට ඇයි එහේම හිතෙන්නේ...එක මහ හු*** කතාවක්නේ ඈ.....යාලුවෙක් එහෙම අහන්ඩ පුලුවන් නැද්ද හා....

 හරි  වැස්ස මේ රටට ඔන තමයි අරහෙන් විදුලි බලාගාර මොරදෙනවා වතුර නෑ කියලා ගොවියන්ට කුඹුරු වපුරන්ඩ බෑලු......එත් හැබැයි තාම වහබිලා නම් නෑ.....

පලයං බං කෝ කොහේද එහේම කෑගහන්නේ මේ...විදුලි බලාගාර................හුග්..

ඉඳා මේ වතුර බොතලේ, බිපං වතුර ටිකක්....
  
ඈයි උඹ දැක්කේ නැද්ද....ම්..නෑ ඇහුනේ නැද්ද පාර්ලිමෙන්තුවේ බලාගාර අයිතිකාරයොයි ගොයි හාම්පුත්තුයි කෑගහනව උඹට ඇහිලාම නෑ...යකෝ මේරටේ ටිවි චැනල් කියක් තියෙනවද තෝ නිවුස් බලන්නැද්ද බං..?

කොළඹට වහින්න ගත්තාම වැස්ස තිත්ත වෙනකං වහිනවා එලිවෙනකං රෑ වෙනකං ආයි එලිවෙනකං...මොන මගුලක්ද මෙක............. ඊටපස්සේ ඔෆිස් යන්න එලියට බහින වෙලාවට වහිනවා හෙම්...ඇයි හවසට ඔෆිස් ඔෆ් වෙන්න ඔනන මෙන්න කියලා ආයිත් වහිනවා වහිනවා වහිනවා ඇති..අති..ඇති...
  
ඉතින් ගෙදර ගිහිං ඉවරයි කොළඹ කැම්පස් එක ගාව වතුර....තුම්මුල්ලේ වතුර....ටෙනිස්කොට් එක ගාව වතුර...වතුර  වතුර ………………..ගං වතුර…

හේක්...හේක්...හෙක්....

මොකෑ උඹ හරකෙක් වගේ තප්පුලන්නේ මෙක ජොක් එකක් නෙවෙයි යකෝ….

න්නෑ බං නගර වතුර,  කොළඹ කොහේද යකෝ ගං………. ඒව්වා තිබ්බෑ අපි ඉපදෙනකොට…!
   
නොවැම්බරේ මැදහරියේ කොළඹට එපාවෙන්න වැහල ඉවරයි....දැන්නම් පොඩි හීතලකුත් එක්ක පොඩි ගතියක් තියෙනවා ම්...අවුවත් පායලා

 අරුං මරාගන්න පටං අරන්….

කවුද බං....?

හාම්පුත්තු....

ඇයි යකෝ බලාගාර වලටයි වැව් උතුරන්ඩයි වහිනවනේ දැං මොන මගුලටද මරාගන්නේ...

ඇරගනිං තොගේ ලොඹු කං කුට්ටම හොඳට අහගෙන හිටිං ඩිංගිත්තක් ඇන තියාගෙන .....

යකෝ…

 හාම්පුත්තු මරාගන්නේ අපි වෙනුවෙන්….. අපේ පඩිය වෙනුවෙන්….. අපිට කන්න නැතිවෙයි කියල...වරුගනං බස්වල ලගින්නැතුව රෙසිං කාර් වල ඔෆිස් යයි කියල....

 මොන හු*** ඔයි මේ තෙරෙන සිංහලෙන් කියහං කෝ...........

 හෙම්...උඹට තෙරුන්නෑ මෙසැරේ බොනස් එකෙං ටිවි එකක් ගනිං.....අපේ හාම්පුත්තු මරාගන්නේ අයවැය වෙනුවෙන්....ඔව් දිවිහිමියෙන්, කො ගනිං ඔය වතුර බොතලේ මෙහාට ග්ලබ්................ග්ලබ්...............
   
නොවැම්බරේ අත්තිම හරිය ඒ කිව්වේ උදුවප් වලට ඔන්න මෙන්න දැන් සීතල වැඩියි...

ඇයි නත්තල ලඟයි ඔව් කොළඹ ගිහිං ඉවරයි....... අපේ හාම්පුතාලා එයාලගේ වැසියන්ට කන්න නෑ කියලා මැරෙන්න හැදුවට නුගෙගොඩට ඇවිත් බැලුවොත් එක මහ කෙප්පයක් කියලා පිට රට උන්ට හිතෙන්න ගන්නනවා

හෙක්...හෙක්  නුගේගොඩ විතරද බං දෙහිවල මහරගම කිරිබත්ගොඩ වත්තල ඔව් මේ හැම තැනම නන්තල සමරන්න හැමොම සාප්පු යනවා ....

එතකොට එතකොට..... අර වැස්සට වගේම පැයගනං බස්වල ලැගගෙන හිටියැකි...

ඒත් ඒත් උදුවප් වලට මං ආසයි මං ඉපදුනේ ඒ මාසේ ඇයි අපේ ඔෆිස් එකේ කිදෙනෙක් ඒ මාසේ ඉපදිලාද...මගේ ලොකු අම්මා.... පුංචිමගේ නැන්දා .... ඇයි මගේ වයිෆ් ගේ අක්කට ඉපදිච්ච කෙලි පොඩ්ඩ ඔක්කොම උඳුවප් මහේ ....

නත්තල.....

එක ආගමකට පටු වෙන්නැතුව නත්තලේ සතුටුවෙන්න පුලුවන් නොවැ ඔන කෙනෙකුට

ඇයි අන්තිම 31 රෑ  ජොලිම මාසේ….

ආපහු අලුත් අවුරුද්දක් ඔව් 2013....

හැබැයි මේ ඔක්කොම දෙසැම්බර් 21 ඉවර වෙයිද.....

මොන පිස්සුද......!


ප/ලි

අවුරුදු දෙකකටත් වැඩී මෙක අටවගෙන අදයි පොස්ට් 100 ලිව්වේ එකේත් හැටි







    

73 comments:

  1. මගේ සුබ පැතුම්!!!

    අද වගේ හොඳ දවසක මම එකද කොහෙද...:)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩියේ ඔව් අද පොඩ්ඩිනෙව එක...

      Delete
  2. 100 වැනි පෝස්ටුව.... දිගු ගමනකට ආසිරි

    ReplyDelete
    Replies
    1. ස්තුතී නලින් අයියේ

      Delete
  3. සීතල නරකම නෑ නේද බොලා වගේ බැදපු උන්ට... අපි නම් පවුය...
    100 ට බොක්කෙන් සුභ සතමි...

    ReplyDelete
    Replies
    1. මෙයා මේ මගුලක් කතා කරනව...
      බලපං එලෝලු ගනන්...%^&&*,හාල්...,කිරිපිටි..!
      ඒවත් බැඳපු එවුන්ට තමා වැඩිපුර දැනෙන්නෙ.

      Delete
    2. මට ඒවා කම්පනාවට ආවෙ නෑනෙ....ඒ කියන්නෙ කසාදෙ කියන්නෙ ඇඹුල් අඹයක්... කන එකා දන්නවා ඇඹුල් කියලා... පිටින් බලන එකා හිතන්නෙ පැණි අඹයක් රහට ඇති කියලා... එහෙමද...

      Delete
    3. ඔව් බං එකෙන්ම..! ඔය තියෙන්නෙ උදාහරන.

      Delete
    4. කාපං කාපන් කාලම බලපන්කෝ අඹේ මල්ලි...

      Delete
  4. සුභ පැතුම් රාජ්...

    ReplyDelete
  5. මම නම් මේ සීතලට හෙන කැමතියි..උදේට ආතල් එකේ ඔලුවේ ඉඳන් පොරෝගෙන නිදාගන්න පුළුවන්..මමත් රේසින් කාර් එකක් ගන්න ඉන්නේ....වහිනකොට කෙලවෙන්නම වහිනවා පායනකොටත් කෙල වෙන්නම පායනවා.....100ට සුභ පැතුම් රාජ් අයියේ...

    ReplyDelete
    Replies
    1. ඔව් මමත් සීතලට කැමතී...ස්තුතී සුබපැතුමට

      Delete
  6. 100 සුබ පැතුම් !

    බෝ...න...ස්...කියද්දිත් ආසයි. මම නම් මගෙ බෝනස් එකට ගන්න හිතාගෙන ඉන්නෙ රේසිං කාර් එකක්. ඊට පස්සෙ ගං වතුර නෙමේ නගර වතුර ගැලුවත් මගෙ මොකෝ...මම යන්නෙ රේස් එකේනෙ...

    ReplyDelete
    Replies
    1. දෙසැම්බර් බොනස් කොච්චර අපූරුද... ස්තුතී සුබපැතුමට

      Delete
  7. හ්ම්...වැස්සට මඩත් ඇවිත්...
    සීය ට සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් හැම තැනම රොන් මඩ ස්තුතීයි...!

      Delete
  8. 100 සුභ පැතුම් මචන්....

    උදුවප්.. මත් උපන් මාසේ ඈ....

    ඒ මොනව උනත් උඹ මොකද්දෝ කියන්න හඩුවා කියලා තේරුනා,, ඒත් ඒක හරියටම මගේ මොලේට මෙව්වා උනේ නෑ බන්

    ReplyDelete
    Replies
    1. එල අපි ඔක්කොම දෙසැම්බර් කුලකයේ ස්තුතී මචං

      Delete
  9. කවදාවත් නැතුව අමුතුම ලිවිල්ලක් අද. ඒ ලිවිල්ල නම් මගේ සිත් ගත්තා. රාජ් උඹ බ්ලොග් ළෝකේ ඉන්න හිත හොඳ මනුස්සයෙක්. මමත් උඳුවප්. මගේ සුභ පැතුම්. දිගටම ලියන්න. අර පින්තූර දෙකත් ලස්සනයි. විශේෂයෙන් නුවර එක.

    දෙසැම්බර් 21 ඉවර උනොත්....? ඇයි අප්ෂෙට්ද...?

    ReplyDelete
    Replies
    1. රාජ් ඇත්තටම හිත හොද මනුස්සයෙක් තමා... මමත් සාක්ෂි... වැඩේ කියන්නෙ මමත් උදුවප්..

      Delete
    2. අඩේ අපි ඔක්කොම උදුවප් කොල්ලෝ ස්තුතී ලොකු අයියේ

      Delete
    3. ///අපි ඔක්කොම උදුවප් කොල්ලෝ/// කිව්වම මට එකපාරටම ඒක කියවුනේ “ කූඩැල්ලෝ” කියලා.. හි හි

      Delete
    4. හික්ස් ඔව් ඔව් කුඩැලෝ එක විදිහක @#$%

      Delete
  10. අඩෝ උඹට මාව අමතක උනා නේද?
    මොනව නැතත් රේසින් කාර් එකක් යනකොට විසිල් එකක්වත් ගහනව.
    21 ඉවරවෙන්නෙ නෑ බං. බය නැතුව හිටපං.

    ReplyDelete
    Replies
    1. 100ට සුභ පැතුම්!

      Delete
    2. 21ක ඉවර වෙලා කොහොමද උඹ ඉපදුනේ එදානේ අනේ සමාවෙයන් මචං ඔහේ ලියාගෙන ගියා එකයි උනේ ස්තුතී සුබපැතුමට

      Delete
  11. බැලුවාම මම රේසින් කාර් එකක ගියා වගේ. මම 100 පහු කරලා දවස් ගානක් වෙනවා. මේ රාජ් තිරික්කලෙන්ද මන්ද ආවේ?

    ReplyDelete
    Replies
    1. සිතිවිලි ගලන්නේ එක එක විදිහටනේ සහෝ එකත් හරියට තිරික්කල රෙසින් කාර් වගේ තමයි

      Delete
  12. සුභ පැතුම්..
    වැස්සට බනින එක ඇරුනම මට නම් වැඩිය දෙයක් තේරුනේ නෑ..


    ජය..

    ReplyDelete
    Replies
    1. හේ..හේ ස්තුතී...ජයෙන් ජය

      Delete
  13. දිනෙන් දින ජය ලැබේවා..!

    ReplyDelete
  14. හුටා ..මේකද 100 එල එල රාජ් අයියේ .. සුබ පැතුම්.. තවත් මේ වගේ 100 ලියන්න වාසනාව ශක්තිය දහිරිය මෙවුව මෙවුව එක ලැබේවා ඈ

    ReplyDelete
  15. 100ට සුභ පැතුම් අයියා මාත් උඳුවප් මාසේ ඉපදුන එකෙක්නේ.

    ReplyDelete
    Replies
    1. මෙන්න තවත් උඳුවප් කුලකයක් ජය ස්තුතී මල්ලි

      Delete
  16. ශතකේ ගැහුව එහෙනම්.. මට මතක් වුනා නිදහසේ ටෙස්ට් මැච් ගහන හෂාන් වගේ ක්‍රීඩකයෙක්.. ;)

    ජය සහෝ..

    //නොගිය අයට ආරාධනා//

    අපිට ගිහින්ද එතකොට?

    ReplyDelete
    Replies
    1. ඔව් බං නිදහසේ ජිවිතේ නොවැ.... ගිහිංද කියන එක ඉතින් උඹම තමා තීරනය කොරන්ට ඔන ජයෙන් ජය

      Delete
  17. සෙන්චරියට සුබ පැතුම්....!

    ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. ස්තුතී සුමිත් අයියා

      Delete
  18. සංවත්සරයට සුභ පැතුම් රාජ්! (වැස්සත් පෑව්වත්)
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ස්තුතී....ඔබට හෙම් අව්ව පායලා අව්ව පායලා... අර සිංදුවකුත් තියෙන්නේ

      Delete
  19. සියයට ශුභ පැතුම් සීයක් දයල් බතීගෙන් සීගිරියේ සිට!

    මට අමරදේව කොත්තුවක් දෙන්න
    http://dayal-bathee.blogspot.com.au/2012/11/blog-post_12.html#comment-form

    ReplyDelete
    Replies
    1. ස්තුතී ඔබට...අනිවා ලියන්නම්

      Delete
  20. මං පරක්කු වෙලා නෙව. ශතකෙට සුභ පැතුම් රාජ්. ටිකක් වැඩිපුර ලියන්නකෝ. එතකොට ද්විත්ව ශතකෙ ඉක්මනට ගහන්න පුළුවන්.

    රෑට වහිනකොටනම් හොඳට නින්ද යනවනේ. දවල්ට වහින එකනම් චාටර් තමා. අනෙක මේ සීතලත් මට ඔරොත්තු දෙන්නෙ නෑ, සෙම් අමාරු වැඩි වෙනව. ඒ වුනත් ඉතිං හැමදාම නත්තල් නැනේ.

    ReplyDelete
    Replies
    1. හැමදාමත් ඔබ මට ලියන්නට දිරි දෙනවා හදවතින්ම ස්තුතී හැමදාම නත්තල් නෑ නොවෙන්නම්

      Delete
  21. මගෙනුත් සුබ පැතුම් පැතුම් මල් පොකුරු පිටින් පුදින වසන්තයක්ම උදා වෙවා..

    ReplyDelete
  22. හෙමින් ගමන ගැනනම් නොතැවී ඉන්න
    බලපන් නුඹට ඉන්නා යාලුවො ගොන්න
    ඒ ගැන හිතලා තව තව ලිපි කරවන්න
    මෙන්න මගෙන් පැතුමක් ඇත පිලිගන්න
    ..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..

    ReplyDelete
    Replies
    1. හැමදාමත් ලොකු ජොන් ලොකු ශක්තියක් ස්තුතී

      Delete
  23. අවුරුදු 2කට 100ක් ලියන එක සෑහෙන ලොකු දෙයක් නෙ බන්.. මම අවුරුදු 6ටම ලියල තියෙන්නෙ 150ක් විතර.. ඔහොම යමන්.. සමාජ සත්කාරත් දිගටම කරපන්..එල.

    ReplyDelete
    Replies
    1. අනිවා මචන් හදිස්සියක් නැහැ නේව ජය

      Delete
  24. සුභ පැතුම් !!!!!

    ReplyDelete
  25. ශතකයට මගෙනුත් සුභ පැතුම් . තව තවත් ලස්සන නිර්මාණ කරන්නට ශක්තිය දිරිය ලැබේවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී ගිම්හානි....

      Delete
  26. පරක්කු වෙලා ඇවිත් මෙන්න මගෙනුත් සුභ පැතුම්....

    හැබෑට මෙහෙට කොහෙද ගං වතුර.. නගර වතුර තමා.... හි හි

    ReplyDelete
    Replies
    1. ස්තුතී... එකනේ ගං වතුර කියන එක හරි වැරදි නේව...

      Delete
  27. අයියෝ මං ප්‍රමාදයිනේ. සුබපැතුම් 100ට. සෙනසුරාදා කිව්වට මං හිතුවෙ නෑ 100 අද හෙටම ගහයි කියලා. මමත් නත්තල් කුලකයේ. 21 ඉවර වුනොත් මගෙ කේක් දෙන්නනම් වෙන්නෙ නෑ. ජය...!

    ReplyDelete
    Replies
    1. 21 ඉවර උනොත් මගේ නිවුන් සහෝදර රාජ් ටයි මටයි අපි ඔක්කොටම කෙක් දෙන්න වෙන්නැ ලොක්කා.... මොකෑ රාජ් 21 මං Raj 22 හික්ස්...

      අඩේ ස්තුතී ඈ

      Delete
  28. මල මගුලයි.. මෙලෝ මලදානයක් තේරුන්නෑ...

    100 ට සුබ පැතුම් !!!

    ReplyDelete
    Replies
    1. හුඟක් එව්වා අපි ඔක්කොටම තෙරෙන්නෑ මචං ස්තුතී සපොර්ට් එකට

      Delete
  29. දෙකටම සීයයි නේ.දිගටම ලියමු.

    මම හිතනවා කොළඹ පැත්තේ ජලාශයක් හැදුවනම් හොඳයි කියලා. ඒ වතුර වලින් කොලම්බටවත් විදුලිය දෙන්න පුළුවන් නේ.

    ReplyDelete
    Replies
    1. අම්මපා ඇත්තනේ බං බෙරෙ වැව හැරුවනං හරි..ස්තුතී මචං

      Delete
  30. අලුත් වැඩේ සුපිරි! සීයටත් මගෙන් සුබ පැතුම්. (දැන් අහන්න එපා ආච්චිට නැද්ද කියලා.. තියෙනව තියෙනව..)

    ReplyDelete
    Replies
    1. ස්තුතී අච්චියේ....

      Delete
  31. මාව නිකන් කරකෝල අත ඇරියා වගේ... :))) අපි ඉතින් සතියට දවසක් කොළඹ එන උදවියනේ... ග්ලබ්... ග්ලබ්... ග්ල්බ්...

    ReplyDelete
  32. හික්ස් ස්තුතී මෙ පැත්තේ ආවට

    ReplyDelete
  33. සීයට සුභපැතුම් මචං.

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...