Tuesday, November 6, 2012

අවාසනාවට ඇත්ත කතාවක්........


        



" අපෝ මැරෙනවනං හැන්ඩ් ෆොන් නැති තැනක මැරෙමු.."

   ලාංකීය ජනසමාජය විවිධ වූ ආගම් වලින්ද උප සංස්කෘතීන්ගෙන්ද පොෂණය වූවකි අතීතයේ සිටම සැම වර්ෂයකම විවිධ වූ වර්ණයන්ගෙන් සැදුම් ලත් ආගමික උත්සව අත්‍යලංකාරයෙන් යුක්තව දිවයින පුරා පවත්වනු ලබන්නේය.  එසේම ආගමික චින්තාවෙන් ඔදවැඩී තම තමන්ගේ ආගම්ක වැට කඩුලු පුළුල් කරගැනිමට සෑම විටම මාන බලමින් සින්නෝය...!
   
අතීතයේ කෙසෙවෙතත් වර්ථමානයේ ලාංකීය ජනසමාජයේ සිතුම් පැතුම් කල් ක්‍රියාවන් ක්‍රමිකව වෙනස් වීම් වලට ලක් කරවීමට ජනමාධ්‍යයෙන් ලැබෙන්නේ මහඟු දායකත්වයකි. පොදුවේ ජනමාධ්‍ය ලෙස හැඳින් වූවත් ඒය ඔවුනට කරන මහත් අසාධාරනයක් බැවින් අපි ඒය රූපවාහිනිය නැත හොත් කතා පෙට්ටිය යනුවෙන් නම් කරමු...!

කතාපෙට්ටිය විවිධ වු රුපන නාලිකාවන් ලක් ජනයාගේ නිවසට කැන්දාගෙන එන්නේය. මෙසේ පැමිණෙන නාලිකාවන් ලක්වැසි සිත්තුල විවිධ වූ මනෝසිතුවිලි උද්දීපනය කරන්නේය. මෙවන් සිතුවිලි අතර යහපත් සිතුවිලි ටික වෙන්නටත් අයහපත වර්ධනය කරන්නටත් ගන්නා වෑයම අගයකල යුත්තේමය, ඒ නම් රටේ පිනට පහල වූවක්ම වන්නේය...!

කුඩාකල අපගේ පාසැල් ගුරුවරුන් මෙන්ම අප දෙමාපියන්ද කතාපෙට්ටියේ ප්‍රධාන පුවත් නැරඹිමට අප යොමුකරවන්නේය. එමගින් ලද දැනුම අපගේ ඉගෙනිමේ කටයුතුවලට මෙන්ම පාසැල් බාහිර කටයුතු සඳහා මහඟු අත්වැලක් සැපයීය...වර්ථමානයේ නවීන රුපණ නාලිකාවන් වල ඉහල පුටුවල සිටිනා ලොක්කන්ට ඒබව අමතක වීම වර්ථමාන පරපුරේ පිනද පවද යන්න ප්‍රශ්නාර්තයකි....?
  
වර්තමාන නාලිකා පුවත් එලිදැක්වෙන්නේ නාට්‍යමය ස්වරූපයකිනි. පවතින ඛෙදජනකම තත්වය වන්නේ අවාසනාවන්ත සිදුවීම් උජාරුවට මහ ඉහලින් රසගන්වා සමාජයට පිළිගැන්වීමයි . කෙනෙකුගේ අවසාන මොහොත රසකර අලෙවිකිරිමට තරම් මොවුන් තම මානසිකත්වය සකස්කරගැනිම රටජාතිය ලත් මහා භාග්‍යයි....!
  
" වර්ථමානයට කිට්ටු අතීත සිදුවීම මීගමුව ප්‍රදේශයේ මවක් ටිපර් රථයකට යටවී අතිශය ඛෙදජනක අයුරින් මියයාම.වර්ථමාන නිමිත්ත ගිය සතියේ දිනක ගාල්ල නගරයේ පුද්ගලයකු කපාකොටා ඝාතනය කිරිම. "

ඉහතකී අවස්තා උදාහරණයට ගතහොත් ඔබට ඇතිවෙන්නේ කුමන සිතිවිල්ලක්ද...? මිනිසකුලෙස කුමන ආකාරයේ ක්‍රියාවන්හි නියුක්තව සිටියත් අසරනවු විටක පිහිට විය යුත්තේ මිනිසකුම නොවේද...? තම මව තම දැස් ඉදිරිපිට අවාසනාවන්ත ලෙස මියයාම ඇයට උරුමවු පලවිපාකයක් වියහැක නමුත් කුමන ආගමක දහමක හෝ අසණවුවකුට පිහිට නොවිය යුතුයැයිද.... එවන් දර්ශණයකින් උද්දාමයට පත්විය යුතුමැයිද කියා සඳහන්ව ඇද්ද....?

   මනුස්සකම වනුයේ….. මහ මග මැරෙන්නට පණ අදිමින් අවසන් මොහොතේ සිටින මිනිසකු තම ජංගම දුරකථනයෙන් රූපගතකිරිම ද...? නැතිනම් ඔහුට වතුර උගුරක් දිමට හෝ මහ මගින් ඉවත් කිරිමට දායක විමද...? යන්න ප්‍රෂ්නාර්තයකි.........!

මොහොතක් සිතන්න රුප පෙට්ටියෙන් රසකරමින් උළුප්පා පෙන්වන අවාසනාවන්ත පූර්වාදර්ශය මෙවන් කාරනාවන්ට උඩගෙඩි  දීමක් නොවේද...........?


ප/ලි 





49 comments:

  1. ඔය ස්ටයිල් එකේ ගොන් වැඩේ කරන උණ තදින්ම තිබුනෙ අර පිත්තලවාහිනියට. මට නම් උන්ගෙ නිව්ස් බලනකොට වමනෙ යන්න එනව. කාලකණ්නි.

    මිනිසත්කමට නිගාකරන මිනිස්සු අද වැහිවැහැල, මොනාකරන්නද? කලියුගේනේ.

    දැන් රාජ් කම්මැලි වෙල, ලියන්නෙ අඩුවෙන්. මොකද කියන්නෙ, ආයෙත් ගමේ කතාවක් ලියමුද කොටස් විදියට, කම්මැලිකම ඇරෙන්නත් එක්ක.

    ReplyDelete
    Replies
    1. හරි ආපහු ලියනවේගේ වැඩිකරන්නම් ඇත්තටම ඔය පිත්තල වාහිනිය තමයි ඔය වැඩේ පටන්ගත්තේ කරන්නේම මිනිස්සුන්ගේ දුක විකුනං කන එකමයි ජරා යක්කු ඒ මදිවට ආගමත් විකුනං කනවා

      Delete
  2. ඇත්තටම රාජ් මීට ඉහත කීප තැනක මේ ගැන කොමන්‍ටු දමා ඇත්තෙමි.
    මේ සමාජය යන්නෙ කොයිබටදකියා...කාටවත් කිව නොහැකිය. බටහිරට බනින වාචාලයින්ට .....මේවා ගැන කිව හැක්කේ මොනවාද..?අපි ඔවුන්ටත් වඩා අන්ත නොවේද..?(බටහිරට වඩා)

    මගේ කුඩා දියනියට පාසලෙන් පවසා තිබුනේ ප්‍රවෘත්ති නරඹා ඉන් කොටසක් රචනාවක් ලෙස ලියාගෙන එන ලෙසයි...!
    මා හිතින් යම් කොටසක් ලියන්නට කියා දී පසුදින පාසලට ගොස් ගුරුතුමියට පැවසුවේ...ලම්යින්ට පෙන්විය හැකි ප්‍රවෘත්ති දැන් නැති බවයි..ඇය ඒ බව පිලිගත්තාය.සිලබස් එකේ ඇතිනිසා ..කලබව කීය.

    ReplyDelete
    Replies
    1. " පසුදින පාසලට ගොස් ගුරුතුමියට පැවසුවේ...ලම්යින්ට පෙන්විය හැකි ප්‍රවෘත්ති දැන් නැති බවයි..."
      +++++++++++++++++++++++++++++++

      Delete
    2. ප්‍රවෘතී කියා දැන් තියෙන්නේ ඔපාදුප එව්වා පොඩි ළමුන්ට තියා අපිටත් බලන්න අප්පිරියයි නේ සහෝ

      Delete
  3. අනිවා රාජ් ඔය පික්චර් එක ෂෙයාර් කරන උන් මම බුකියෙන් ඉවත් කරනවා. සින්ඩියෙනුත් සමහර බ්ලොග් ඉවත් කලා, අප කළ යුත්තේ එයයි, එවිට එකෙක් හෝ හැදෙයි. මේ කරන්නේ කාළකන්නි වැඩක් බව තේරෙයි. එකෙක් නම් සමාව අරගෙන ඉවත්කලා. මට ඒ ඇති. මේ රට මේ තත්වෙට පත්වෙන්න වග කියන්න ඕන මාධ්‍යය. ඒ වගේම ඒක පාළනය කරන්න දාලා ඉන්න පාළකයෝ. මේ පින්තුරේ එල්ලන් ඉන්න උන් මිනීමරුවන්ට වඩා තිරිසන්නු. ඌ මැරුවා ගියා එච්චරයි. අනික් උන් ඌට අන්ත තිරිසන්නු. විලි ලැජ්ජාව කියන්නේ මහා ළොකු විකල්ප පත්තර කාරයෝ කියන චන්දන සිරිමල්වත්තලත් මේවා එල්ලන් ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ලොකු අයියේ අපිත් වක්‍රාකාරව මාධ්‍ය කියන ඒකකයට අයිති නේව අපිවත් අපේ යුතුකම ඉටුකරමු ස්තුතී

      Delete
    2. හොඳ අදහසක්. ඒවා ගැන සඳහන් කරන එකෙනුත් අයින් වෙලා ඉන්න පුළුවන් නම් වඩා හොඳයි. අර සිගරට් ගැන අවදානම් කියන වගන්තියෙන් ද සිගරට් බොන්න හිතෙනවා කියලා හොයා ගත්ත වගේ සම්පූර්ණයෙන් ම ignore කරන්න හැකිනම් හරියාවි.

      Delete
    3. මෙන්න මේ පොස්ට් එකෙන් මම කියන්න උත්සාහ කලෙත් ඔය ටිකමයි.

      http://awidda-paya.blogspot.com/2012/07/blog-post_11.html

      Delete
  4. කියන්න නං බොහෝ දේවල් තියනව බං. අපි-අපි කිව්වට ලෝකෙ හැම රටකම තත්වය මේක තමයි- පුරුදු වෙලා ඉන්නෙ තාක්ෂණය යහපත් දේවල් වලට යොදාගන්න නෙවේ අයහපතට යොදා ගන්න. ඔය හැම දෙයක්ම වෙන්නෙ ඒක තුලින් තමයි.
    මේවගේ නරක දේවල් විතරක් නෙවේ, දැන් බලන්න වැඩිදෙනෙක් කරන දෙයක් තමයි මොකක්හරි විශේෂ අවස්තාවකට ගියාම (නිකමට හිතන්න පෙරහැරක් බලන්න යනව කියල) කරන්නෙ ඒ ස්තානයේ තියන විනෝදය ලබාගන්නව වෙනුවට කැමරාවක් අරගෙන හතරවටේට පොටෝ ගැනීම. අන්තිමට පිංතූර විතරයි. මොකුත් විඳල නෑ. :)

    ReplyDelete
    Replies
    1. උඹත් එක්ක මම එකඟයි මචං දැන් ලොකේ විඳිනවට වඩා විඳවන පැත්තටයි නැඹුරු

      Delete
  5. මාධ්‍යය කියන්නේ මේ වගේ දේකට තමා රාජ්. මාධ්‍යය , තාක්ෂනය භාවිතා කරන්නේ එයාලගේ වාසියට. ඒවායින් ප්‍රීතිවෙන කොටසක් ඉන්න හන්දා තමා එහෙම වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් නමුත් කවුරුහරි විඳවනකොට එකදිහා බලාන ප්‍රිතිවෙන එවුන්ට විරුද්දව නැගිසිටිමට අපි එක්විය යුතුයි නේද

      Delete
  6. Replies
    1. ස්තුතීයි.... විඳවන මිනිසුන් දැක සතුටුවන නොමිනිසුන්ට එරෙහි වූවාට..!

      Delete
  7. පණ අදින මනුස්සයෙකුට වතුර ටිකක් දීලා ඒ මනුස්සයාට සහනයක් වෙන එකට වඩා මිනිහෙක් මැරුණා කියන එකට ප්‍රවෘත්තිමය වටිනාකමක් තියෙනවා. ආදරයට කරුණාවට වඩා දුකට කදුලට මාකට් එකක් තියෙන තැනක මාධ්‍යයෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? ඉල්ලුමට අනුව තමා සැපයුම...........

    ReplyDelete
    Replies
    1. ඔව් බං අමුනුස්ස හැත්ත මෙව්වාට විරෝධය පලකල යුතුයි

      Delete
  8. හ්ම්ම්... මම නම් නිවුස් බලන්නෙම නෑ. දැන් යන්නෙ නිවුස් නෙමෙයි අනුන්ගේ කුනුකන්දල්. මධ්‍ය බල්ලාට ගිහින්. (හොද එවාත් නැතුවම නෙමෙයි)

    ReplyDelete
    Replies
    1. ඔවු... උං ඔක්කොටම ඔන මොනවහරි පෙන්නලා ෆස්ට් වෙන්න හැබැට ඔය ෆස්ට් විදිහට තොරන්නෙත් උංගෙම එවුන්නේ සක්කිලි ට්‍රෙන්ඩ් එකක් මෙක

      Delete
  9. සමාජයේ බහුතරයක් මිනිස්සු අද ගුණධර්ම අතින් පිරිහිලා. මේකට සම්පූර්ණයෙන් වගකියන්න ඕනෙ
    ජනමාධ්‍යය තමයි. ඒ අය ඒ වරද කරන්න නැඹුරු වෙලා තියෙන්නෙත් පවතින තරඟකාරීත්වය නිසා..මනස විකල් වෙලා හිටිය මීගමුවෙ කාන්තාවට ඒ මොහොතේ පිහිටක් හැටියට කාටවත් කරන්න දෙයක් ඉතුරුවෙලා තිබුනෙ නෑ...ප්‍රශ්නෙ තියෙන්නෙ බලාහිටිය අයට තමන්ගෙ පෝන් එකෙන් ඒක වීඩියෝ කරන විදිහෙ අමානුෂික හිතක් පහලවුනේ කොහොමද කියන එකයි...
    ඒ දුක්බර අනුවෙදනීය සිද්ධිය තමන්ගෙ පෝන් එකේ සටහන් කරගන්න එකෙන් වාසියක්,ලාබයක්,ප්‍රයෝජනයක් අත්වෙනවා කියන සිතුවිල්ල ඇතුලෙ මිනිස්කම ගෑවිලාවත් නෑනෙ.මෙවැනි තත්වයක් ඇතුලෙ අපට කරන්න ඉතුරු වෙලා තියෙන දේ තමයි මාතලන්ගේ කොමෙන්ටුවෙන් කියවෙන්නෙ.ඔය වීඩියෝ එක පෝන්වල තියාගෙන ඉන්න යාලුවෙක් හරි ඉන්නවනම් යාලුකමෙනුත් අයින් කරන්න ඕනෙ...කිව්ව වගේ එකෙක් හරි හැදෙයිනෙ.....

    ReplyDelete
    Replies
    1. ඔන්නැති මගුල්වලට විරොධය පලකරන්න දඟලන රටේ මේවගේ පිළිකුල් දේවල් වලට විරුධදව නැගිසිටින්න කවුරුත් නැහැ නේව නඩුත් උන්ගේ බඩුත් උන්ගේ

      Delete
  10. එකනේ මට හිතුනේ මලාලා ලංකාවේ හිටියනම් මෙලාකටත් මැරිලා කියලා.
    ඕකට වගකියන්න ඕනි අර අසූචිවාහිනිය තමා.කුණු ගොඩවල් රස කර කර කියවලා ඊට පස්සේ මේ වගේ වැදගත් සිදුවීම් අපිට එවන්න කියා කියා විකාර දාන්න ගත්තට පස්සේ මිනිස්සු ඔව්වට පුරුදු වුනේ...:(
    ඒත් ඉතින් මිනිස්සු තොත්ත බබාලා නෙවේනේ හරි වැරැද්ද නොතේරෙන්න.අනේ මන්දා...

    ReplyDelete
    Replies
    1. ඔය පාහර සංස්කෘතිය ඇතිකලේ අසුචි පිත්තල වාහිනිය තමයි

      Delete
  11. ඉස්සර යුද්දෙන් අපේ කොල්ලෝ මැරෙද්දි ඒවා ප්‍රවුර්ති වල පෙන්නද්දී "අනේ අපොයි කියපු මිනිස්සුම" (සමහරු) මිනිස් ජීවිත වල අගය බල්ලෙක් පුසෙක් ගානට දාල, හැමදාම කාගේ හරි දුකක් / මරණයක් රඟපාලා රසකරලා පෙන්නන හින්දා නිතරම ඒවා දැකලා දැකලාම මිනිස්සුන්ට ඒවා සාමාන්‍ය දේවල් වෙලා. පාරේ මිනිහෙක් හැප්පිලා මැරෙන්න පන අදිනවානම් ලඟින් යන මිනිහට මතක් වෙන්නේ මැරෙන්න යන මිනිහට දෙන්න වතුර උගුරක් නෙමෙයි. එක වීඩියෝ කරගන්නේ කොහොමද කියලා. වීඩියෝ කරලා නෙට් එකට අප්ලෝඩ් කරන්නේ කොහොමද කියලා. අර ගාල්ලේ මනුස්සය (කපල මැරුවේ) වීඩියෝ කරන සීන් එකේ හොඳට බලන්න එක පින්තුරේක තියනවා ඒ මනුස්සය කැමරාව දිහා මහා පුදුම අසරණ විදිහට බලාගෙන ඉන්නවා. එවලේ ඒ මනුස්සයට මොනවා හිතෙන්න ඇත්ද ?,, අර ටිපර් එකට යටවෙච්ච අම්මගේ බෙල්ල අතේ තියාගෙන කෑ ගහන කෙල්ලව එතනින් අරගෙන යන්නවත් එකෙක් ඉඳලා නෑ....බැරි වෙලාවත් ඒ කෙල්ලත් කම්පනය දරාගන්න බැරුව යන වාහනේකට හෙම පැන්න නම් තවත් ජීවිතයක් එතනමනේ ... කියනවනම් ඕනේ තරම් රාජ් අයියේ....කොහෙන් කොහොම පටන් ගන්නද කියල හිත ගන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. මේ හිරිකිත වැඩ වලට විරුද්ධව කවුරු හෝ නැගිසිටිය යුතුමයි මල්ලි

      Delete
  12. අපේ ගෙදරනම් ටී වී එකක් නෑ. ප්‍රසිද්ධ වැසිකිළියක් ගේ අසසෙ තියාගන්න බෑනෙ.

    කොහොම වුනත් ඩිස්කවරි වගේ නැරඹිය යුතුම වැඩසටහන් බලන්න නැති එකනම් පාඩුවක්.
    ලංකාවෙයි ඉන්දියාවෙයි චැනල් මගහැරලා ටී වී බලන්න ක්‍රමයක් තිබුණානම් හොදයි.

    ReplyDelete
    Replies
    1. අර චනල් ටික ඔක්කොම ඩ් ඇක්ටිවෙට් කොරල ඔන චැනල්ටික විතරක් ගන්න වැඩේ ගොඩ

      Delete
  13. කතා කරලා වැඩක් නැහැ..

    ReplyDelete
    Replies
    1. නෑ කතාකල යුතුමයි...

      Delete
  14. සමාජයේ බහුතරයක් ආධ්‍යාත්මිකව පිරිහිලා..ඔබ අපි ඔහොම කිව්වට ඔය වගේ නිව්ස් වලට තියෙන ඉල්ලුම සෑහෙන්න ඉහලයි..මට සමාජ ස්ථර කීපයක්ම ළඟින්ම ආශ්‍රය කරන්න ලැබෙනවා..බහුතරයක් සාමාන්‍ය අය..ඒ අය මේ වගේ නිව්ස් ගැන කතා කරන්නෙ මහ ඉහලින්..ඒ අයගේ මානසික මට්ටම එක්ක වැරැද්දක් කියන්නත් බෑ..

    ReplyDelete
    Replies
    1. ඔබ වගේ දැණුමැති අය අන්න ඒ ආකල්ප වෙනස් කිරිමට කටයුතු කිරිමයි යුතුකම වෙන්නේ පොඩ්ඩක් හිතන්න

      Delete
  15. රූප පෙට්ටියෙ ඇසූ පිරූ ඇති තැන් ඇති රිචඩ් ලා, ධර්මසිරි ගමගේ ලා, ප්‍රේමකීර්තිලා, හිටපු කාලය දැන් ඉවරයි... අපිත් එක්ක ෆන් එකට සැට් වෙන්න කථා කරන කේප්ප වස්සො තමා දැන් ඉන්නෙ... උදාහරණයකට බලන්න සෝමා වාහිනිය.. මළගෙයක් දැක්කොත් කෙළ බේරෙනවා ප්‍ර‍වෘත්ති කර්තෘ ගෙ කටින්...

    ReplyDelete
    Replies
    1. ඔය සංස්කෘතියේ ආරම්භය ඔය පිත්තල මොහිනි වාහිනිය තමයි සිද්ද කලේ

      Delete
  16. අපෝ ඒකනම් ඇත්ත අපි උනත් පාරේදී ඇක්සිඩෙන්ට් වෙලා මළොත් එකත් වීඩියෝ කරලා ජංජාලේ පුරාම වනයි.

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට එහේම වෙයි වගේ...

      Delete
  17. මොනවද දැං විකිණෙන්නේ නැත්තේ.. මාත් කොහෙ හරි මේකට දිග කමෙන්ට් එකක් දැම්මා...

    ඕක දැක්කෙත් නෑ... දැක්කේ නෑ කියලා අවුලකුත් නෑ... කොහොමත් ඕක ටික ටික අපේ රටෙත් තිබ්බ දෙයක්... දැං තමයි කතා කරන්න පටං අරං තියෙන්‌ෙන්...

    ටීවී චැනල් ගැන, ඒවයේ ප්‍රවෘත්ති ගැන කතා කරන එක නිකම් කාලය කා දැමීමක් විතරයි..

    ReplyDelete
    Replies
    1. මේවාට විරුධවිය යුතුමයි නිකං ඉඳල හරියන්නෑ

      Delete
  18. ප්‍රවෘති ඡායාරූපකරණය අලුත් දෙයක් නෙවෙයිනෙ. ඔය යුද්දෙත් වීඩියෝ කලේ ඒකාලෙ ඉඳන්ම. මෙතන වෙලා තියෙන්නෙ දෙපැත්තෙන්ම සීමාව ඉක්මවා යාමයි.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඔව් සිමාව ඉක්මවා යනකොට එකට විරුද්ධව නැගිසිටිය යුතුයි

      Delete
  19. එකෙක් වතුරෙ ගිලෙනකොට, අනිත් උන් වට වෙලා කැමරා කරන සීන් එකක කාටුන් එකක මීට ගොඩ කාලෙකට කලින් බුකියේ ෂෙයාර් වුනා මට මතකයි. ඒක සැබැවක් වෙලා !

    හොදම පොටෝ එක ගහගන්න නේ බං දගලන්නේ !

    ReplyDelete
    Replies
    1. තිරිසං ආශාව සහ තුජ්ච මහත්මා මුදල් හම්බුකිරිල්ල

      Delete
  20. මේ ගැනනම් ඉතින් කියලා වැඩක් නෑ රාජ් අයියේ.. දැන් මිනිස්සු හැම දෙයක්ම දකින්නේ සල්ලි කර ගන්න පුළුවන් දේවල් විදිහට.. ඒකයි මේ හැමදේම..

    ReplyDelete
    Replies
    1. ඔව් ම්ලෙච්චත්වයට ශිෂ්ඨාචාරය ගමන් අරඹලා

      Delete
  21. මමත් ඒ වීඩියෝ නොබලා හිටිය විතරක් නොවෙයි මගේ වෝල් එකෙන් හයිඩ් කළා. ඒ වගේ තවත් බොහෝ දේ මම හයිඩ් කරනවා. මොකද මගේ වෝල් එකෙන් පෙන්වන්නේ මගේ ගති ලක්ෂණ නිසා. ඔය වීඩියෝ ගත්ත කෙනාට ගානක් දෙන්න ඇති රුපවාහිනී නාලිකාව.

    ReplyDelete
  22. tv චැනල් ගැන නම් කතා කරල වැඩක් නෑ....

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...