Tuesday, October 9, 2012

මගුල් මඩුවේ හෙවිල්ලිල්ල.....




  දාවිත්සිංඥො සීයලාගේ කාලේ සිටම තාත්තලාගේ පරම්පරාව කිට්ටුවෙන් ඇසුරුකල පුද්ගලයෙකි. තාත්තලාගේ කුඩා අවදිය මෙන්ම තරුණ කල ඇතැම් රසකතා පිළිබඳ මා හා දොඩමළු වන්නට තරම් ඔහු මාහටද සමීපය. තාත්තාගේ ලොකු අයියා මාගේ මහප්පා ගේ ද තාත්තාගේ මෙන්ම මාගේ මගුල් උත්ස්වයේදී ද උත්සව කටයුතු සාර්ථක කරගැනිමට  ඔහු ඉතා යුහුසුළුව කටයුතු කලේය.
  
වර්ථමානයේ මෙන් නොව 8090ව දශකයන්ට පෙර ලාංකීය ගැමි ජන සමාජයේ මගුල් උත්සව ගැනිමට උත්සව ශාලා බහුල නොවීය ගැමි සමාජය සංකීර්ණ නොවු යුගයක මගුලක් කෑම අද මෙන් බරපතල කාරණයක් වූයෙද නැත. කාසි පණම් වැඩි පුර වැයවූවා නම් ඒ බොජන සංග්‍රහයට හා ස්පීකර් ගස් බඳින්නටය 

එකල මගුල් මඩුව සැරසූවේ ගොක් කොල වලිනි වහල සෙවිලි වූයේ පොල් අතුවලිනි මේ හැම දෙයක්ම ගැමියන් ගම අවටින්ම පහසුවෙන් සොයාගත් දෙවල්ය. මගුල් ෆොටොව ගැනිමට ෆොටො මහත්තයාව බක්කි කරත්තයෙන් ද තරමක් කාසිබාගේ ඇති ගැමියන් කාරයෙන්ද ගෙදෙට්ට ගෙන්වා ගැනිම සිදුවිය. ඇතැමෙක් ඒ සඳහා ෆොටො ගෙදරටද ගියහ.

මාගේ මහප්පාගේ මගුල් උත්සවය යෙදි තිබුනේ බක්මහේ දොහකය. සිංහල අවුරුද්ද උදාවන සමය ගං ගොඩේ බොහෝ කෙලි කවට හඬ දසත පැතිරෙන්නේය. බොහෝ සූදු පොළවල් කල එළි බසින්නේත් මේ සමයේමය, තරුණ මහලු බොහෝ දෙනා බූරු පිටි වල වරුගනං තැප තම වාසනාව උරගා බලන කාලයකි මේ. 

මහප්පාගේ මගුල් උත්සවය සිදුවෙන මේ වකවානුවේ මහගේ කිට්ටුව පාත බූරු පොලක් කල එලි බැස තිබුනි. මගුල් මඩුවේ ඉදිකිරිමේ කටයුතුත් සිදු වෙමින් පැවතුනේ මේ අල්ල පනල්ලේමය දැන් ඉතිරිව තිබුනේ මගුල් මඩුව සෙවිල්ලීමේ කටයුත්තයි නමුත් ඒ කටයුත්ත ඇනහිට තිබින මන්ද උදවු දිමට සිටි පිරිසෙන් බොහොමයක් පිරිමින් ජයටම බූරු පොලේ බූරු ගසමින් සිටි බැවිනි

මගුල් ගෙදර සිටිය වුන් වැඩකටයුතු පමාවන හෙයින් දොම්නස් සහගතව සිටිනා විට සිදුව තිබුනේ අපූරු දෙයකි මෙතෙක් වහල හෙවිල්ලීමට හොයාගත නොහැකිව සිටි පිරිමින් එකා දෙන්නා දඩි බිඩියේ පැමින මෙතෙක් වියා පැත්තක අහුරා ඇති පොල් අතුත් රැගෙන වහලයට නැගීමයි.ටික වෙලාවක් ගතවන විට මුලු බූරු පොළම මගුල් මඩු වහලේය ඉතා කෙටි වෙලාවකින් මුලු මගුල් මඩුවම සෙවිල්ලා අහවරය.
   
සිදුවී තිබුනේ අනෙකකි බූරූ පොලක් ජයටම කෙරිගෙන යන බව කන වැකුන පොලොසිය එතැනට කඩා පාත්වී ඇත පොලොසියේ ඉව වැටුන බූරු පොල ඇත්තං කෙලින්ම පැමින ඇත්තේ මගුල් ගෙදර වහලයටයි පසුව සොයා බලන විට සරමින් බැනියමෙන් සැරසුන පොලොසීයේ උන්දලා කිහිප දෙනකු ලවාද මහප්පලා පොල් අතු හෙවිල්ලා ගනය.

 ප.ලී

   සයිබරයේ බොහේ තැන්හි 20 යි 20 ස ගැන බොහෝ දේ ලිය වී තිබුනි. ජගත් කිරුල මෙවරත් අහිමි වීම මාද කම්පාවන සිදුවීමකි නමුත් වසර 4ක් අනු ශූරයන් වීම ලෙහෙසි කටයුත්කුදු නොවේ. ශාරිරික ජවය මෙන්ම මානසික ජවයද ක්‍රිකට් ක්‍රිඩාවට බොහෝ සේ බලපාන කරුනකි කෙසේ වෙතත් ලාංකීය ක්‍රිකට් උන්මාදය චමත්කාර ජනක හරි අපූරු දෙයකි එයට පෙම් කරන්නාවුන් අතර මාද එකේකි. ලාංකිකයකු ලෙස බටහිර කොදෙව්වන්ට සුබ පැතුම් එක්කරන අතරම හෙට දිනයේ ජගත් කිරුල ලැබගන්නට අපේ කොල්ලන්ට ශක්තිය පතමි




58 comments:

  1. අපේ ගමෙත් බූරු පොලවල් වලට පොලිසියෙන් පැන්නහම හතී අතේ දුවන කට්ටිය අපේ ගෙවල් වලට පැනලා..ගෙවල් වල වැඩකරලා දෙනවා.. දැක්කනෙ මට බූරු තැපලා වෙච්ච දේ..
    http://www.liyanna-liyanna.blogspot.com/2011/10/blog-post_28.html

    ReplyDelete
    Replies
    1. බුරුව ගහන වැඩෙත් නරකම නෑ අහල පහල ඉන්න උන්දැලට නේද වෙනි අයියා

      Delete
  2. අපේ පැත්තේ ගොයම් කැපිල්ලකටත් ඔය දේම උනා
    අවසානෙට දෑකැති මදි වෙලා ගොයම් ගැලෙව්වා

    ReplyDelete
  3. නියමයි නියමයි බොහොම රසවත් ආකාරයට ලියලා තියනවා. ගැමි සුන්දරත්වය වගේම ගැමි අවලස්සනත් මෙයින් පේනවා.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
  4. බූරු පොලවල් නේ....
    වෙලාවක ගිහිං ඔළුව දාන්න ඕනේ....

    ReplyDelete
    Replies
    1. බලාගන පුතෝ අහල පහල ගෙවල් වල වැඩත් කොරල දිලා එන්නයි වෙන්නේ

      Delete
  5. අපේ ගමේ නම් ඔහොම බූරුව ගැහැල්ලක් නෑ. ඒ නිසා පොලිසියෙන් පැනපු රස කතාත් නෑ. දැන් බලන් ගියාම වැඩක් එහෙම කරගන්න ඕන නම් කිට්ටුවෙන් බූරු පොලක් දා ගන්න අනුග්‍රහය දීල, පස්සෙන් ගිහින් හෙමීට පොලිස් ! පොලිස් ! ගෑව නම් වැඩේ අහවරයි.

    ReplyDelete
    Replies
    1. ආං කොරනවනං වැඩේ..

      Delete
  6. කමක්නෑ ඉතින් පොලෝසියෙනුත් වැඩක් ගත්තනේ!

    ReplyDelete
  7. ඉස්සර මිනිස්සුන්ගේ සරලත්වයට මම ගොඩක් කැමතියි,

    අපේ කොල්ලන්ට සුභ පතනවා හදවතින්ම අනාගතේ දවසක කප් එක ගේන්න පුළුවන් වෙන්න කියලා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අදවගේ සංකීර්ණ කලබල කාරි වාතාවරනයක් තියෙන්න නැතුව ඇති ඔව් කොල්ලන්ට ජය

      Delete
  8. මරු කතාව... ඉස්සර ගම කොච්චර සුන්දරද.. දැන් අපේ ගම නගරයක්.. ඉතින් ගමක් හොයාගෙන යන්න යන වියදම වැඩියි... ඒ ගියත් ඒ අව්‍යාජ ගම නෙමෙයි.. මොකෝ ඒක මගේ ගම නෙමෙයිනේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතී ලොකු අයියේ ඇත්ත අද ගම අඳුන ගන්න අමාරුයි

      Delete
  9. ආහා මේ බුරු පොළවල් නේ.... අවුරුදු කාලෙට ඉතින් බුරු පොළවල් විතරක් නෙමේ කැට පොළවල් වලත් ඔය කතාවම තමා.....

    ReplyDelete
    Replies
    1. මල්ලි කැට ගහල අහුවෙන්ඩ එපා

      Delete
  10. ඒකාලේ පොලෝසිය තමා පොලෝසිය...

    ReplyDelete
  11. නියමයි රාජ්. මම හරි ආසයි මේ වගෙ ගමේ රස කතා අහන්න.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  12. මෙහේනම් තාමත් අවුරුදු කාලෙට බූරු ගැහිල්ල රහසිගතව හෝ කෙරෙනවා.

    ඉස්සර ඔය වගේ බූරු පොළකට පොලීසියෙන් පැනලා.කට්ටිය දුවන කොට කම්බි වැටක් හම්බවෙලා. උස අඩු අය කම්බි ඈත්කරලා යටින් පැනලා බේරිලා. ටිකක් උස පොරක් කම්බි යටින් රින්ගන්න වෙලාව මදි හින්දා උඩින් පනින්න ගිහින් අණ්ඩ කෝසෙ කම්බිවැටේ පටලවාගෙන, මොකුත් කරගන්න බැරුව දගලද්දි මිනිහව අහුවෙලා.

    ReplyDelete
    Replies
    1. එහේත් එහේම තමා මල ගෙවල් වල යසරාමෙට වැඩේ යනව අපුච්චේ අරූගේ පහල කොටහා

      Delete
  13. ඒ කාලේ මිනිස්සු වැඩ කලේ පුදුම සහයෝගයකින්. මගුල් මඩුවක් ගහනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. එය තාවකාලික මඩුවක් වුණත්, අලංකරණය කරන්න, කැටයම් කැපු කඩදාසි,කුකුල් සායමෙන් වර්ණ ගැන්වූ බඩල් වනස්ස රිකිලි, සරුව පිත්තල පටි මෙන්ම බැලුම් බෝලත් යොදාගත්තා. ඇතුලේ අසුන් ගන්න මේස පුටු නොතියා පුවක් ලී පටි වලින් හැදු මේසයක් සහ බංකු තිබුනා මතකයි.සුදු පිරුවට දමා තිබුන මේසය හා පුටු බොහොම ලස්සනයි. කැවිලි ජාති කියන්න බැරි තරම්. තේ මේසයක් වුණත්, කෑම මේසයක් වුණත් කෑම ජාති වලින් පිරිලා තිබුනා. පෙරැත්ත කර කර කැවීම සිදුවුනා. තව විස්තර තියනවා ලිපියක් ලියන්න තරම්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඉතින් ලියන්න අපිට කියවන්නත් එක්කලා

      Delete
  14. අපේ පැත්තේ මේ වගේ රා බාන තැන වලට පුෂ් බයිසිකල් වලින් ඇවිත් රා බොන්න පුරුදු වෙලා හිටිය අය. පොලීසියෙන් එනකොට කිට්ටුවම තියෙන අපේ ග්‍රවුන්ඩ් එක ලඟට ඇවිත් අපි සෙල්ලම් කරන දිහා බලාගෙන ඉන්නවා. පොලීසිය නන්නත්තාරයි.

    ReplyDelete
    Replies
    1. කොහොමද බෙබෙලගේ මොලේ

      Delete
  15. බූරු පොලවල් වල තව කට්ටියක් ඉන්නව....බඩු උගස් ගන්න අය..උන්ට තමා ලාබම...!
    දවසට සීයට 5යි පොලිය.

    ReplyDelete
    Replies
    1. ඉතිං උඹ අන්තිමට උකස් කරපුව 5% පොළිය ගෙවල බේරගත්තයි.

      Delete
    2. පේනවනේ බූරු ගැහිල්ලත් එක්ක කොච්චර ව්‍යපෘතී සම්බන්දයිද කියලා හික්ස්

      Delete
  16. මේ කතාව හොඳයි ටෙලි ඩ්‍රාමා එකක කෑල්ලකට...:D

    ReplyDelete
    Replies
    1. කොරමුද ටෙලියක් පොඩ්ඩියේ

      Delete
  17. මාත් දානව පෝස්ටුවක්.

    ReplyDelete
    Replies
    1. ආං වෙන්ඩ ඔන දේ දාපං මචං

      Delete
  18. කාලය මැවු වෙනසක අරුමේ තමා.

    ReplyDelete
  19. ඉස්සර යාළුවෙක්ගේ ගඩොල් පෝරණුවක් පොල් අතු හොයන්න ගිහිල්ලා කුණ කට්ටෙක්ගෙන් බේරුනේ අනූ නමයෙන්...

    ReplyDelete
    Replies
    1. ඇත්තට ඔව්වා අස්සේ සරපයි විමාන මොකෑ සිසිල වැඩි නේව

      Delete
  20. හ්ම්ම් ලාංකවෙ පොලිසිය :D

    ReplyDelete
  21. කතාව කියවගන යද්දි මට හිතුනෙ, බූරු පොලේ ඇලිලා ඉන්න කට්ටියව ගෙන්න ගන්න මහප්පා කරපු උප්පරවැට්ටියක්දෝ කියලා.. බලද්දි ඇත්තටම පොලීසියෙන් ඇවිල්ලා නේද ?

    ReplyDelete
  22. //හෙට දිනයේ ජගත් කිරුල ලැබගන්නට අපේ කොල්ලන්ට ශක්තිය පතමි//

    මචං හෙටත් මැච් එකක්ද ?

    එහෙනම් ජය වේවා !
    :))

    ReplyDelete
    Replies
    1. ඔව් උඹත් වරෙන් චියර් කොරන්න මලින්ද මාමත් එක්ක එකටම හික්ස්.....DD

      Delete
  23. හික්ස්..... පොලිස් මාමලත් පොල් අතු හෙවිල්ලලා ....

    ReplyDelete
  24. ඔබ ලිවීමට භාවිතා කරන භාෂාවේ හැඩතල ඉතාම අලංකාරයි... ඒ නිසාම කියවීමට ප්‍රියයි...

    බූරු ගැන නම් මතක් කරන්න එපා
    බූරු ගහලා අපිට වෙච්ච දේ

    ReplyDelete
    Replies
    1. ස්තුතී මචං ඇයි කටු ගැහිල්ලත් ජයටම තිබුනනේව

      Delete
  25. බුරුවා ගැහිල්ලට මමත් ආසයි ඕන්,, සෙල්ලං කොරපු කාලයක් මතක නෑ.
    පාටියකට ගිහින් වාත වෙනවට වඩා 304ක් ගහන එක කොච්චර ආතල්ද,,,

    ReplyDelete
  26. බුරුවො ගැහිල්ල කියන ක්‍රීඩාව මට පිහිටලම නෑ නේ අප්පා.කිසිම වගතුවක් නෑ.හබැයි මම ඉස්කෝලේ කාලේ අපේ ගෙදර බුරු පිටියක් සඳහා ලබා දීමෙන් දවසේ ගතමන්ට් එක නම් හොයා ගත්තා.

    ReplyDelete
    Replies
    1. එකත් මරු වැඩේ මරු ආදායමක් එන පොටක් නේව

      Delete
  27. හික්ස්ස්... ඔය නගර මැද ප්‍රසිද්ධියෙම බූරු පොළවල් තියෙනවා මම දැකලා තියෙනවානෙ.. ත්‍රීවිල් කට්ටිය එකතුවෙලා.. ;)

    ReplyDelete
    Replies
    1. නගරය මැද තිබෙන බුරු පොලවල මම පිට ඔට්ටු අල්ලලා තිබෙනවා ලෙස නිවැරදි විය යුතුය...

      Delete
    2. අපොයි ඔව් ටුක් ටුක් අයියලා විවෙක තියෙන වෙලාවට ඔව්වා කොරනව තමා

      Delete
  28. ලස්සන පරිසරයක් මැවෙනවා.කතාව කියාගෙන යද්දී. අපේ පැත්තෙත් තවම බුරුවො ගැහිල්ල තියෙනවා. එත් පොලිසියෙන් එන්නේ නැහැ..

    ReplyDelete
    Replies
    1. බූරුවා ගැහිල්ල ලංකාවේ කොයි පලාතෙත් ටික ටික කෙරෙනවා මචන් ස්තුතී ඔබට

      Delete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...